අනුන්ගෙ ඉඩමක බලෙන් බස් නැවතුමක් හැදුවා කියා මෙට්රො සමාගමට තහනම් නියෝගයක්.. නඩු..
මහ සඝරුවන කොළඹට වඩී – ජනපති ටවුමෙන් පැන ගියාද? (15.10.2026)
සිංහල-බෞද්ධ බලය අවතක්සේරු කිරීමේ විපාකය… අනුරගේ ඊළඟ ගැටය මොකක්ද ? (15.10.2026)
සිවුර එහෙම ගළවන්ඩත් බෑ, අන්දන්ඩත් බෑ… උඹලා මේක සෙල්ලමකට ගත්තද ? (15.10.2026)
ඥානසාර හිමිට නිදහස ඉල්ලා ලේකම් කාර්යාලය ළඟ කඳවුරු බඳියී! සලිඳුගේ කුඩු කිලෝ 122 අල්ලයි! (15.10.2026)
පාගමනට ජනගගක්, සීමාකාරී මොහොත, අවසානය කුමක්ද? (15.10.2026)
ගෝල්ෆේස් යලි සටන් බිමක් වෙයි (15.10.2026)
පොලීසියෙන් එන රහස් පණිවිඩේ : අබීතව කුදලන්න සැලසුමක්? (15.10.2026)
අනුන්ගෙ ඉඩමක බලෙන් බස් නැවතුමක් හැදුවා කියා මෙට්රො සමාගමට තහනම් නියෝගයක්.. නඩු..
(16.10.2026 – lankacnews.com)
පසුගියදා විවෘත කරන ලද ‘අතුරුගිරිය මෙට්රෝ බස් නැවතුම්පොළ’ පිහිටි ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් පැනනැඟී ඇති නීතිමය ගැටලුවක් මුල්කරගෙන, එම පරිශ්රයට ඇතුළුවීම වළක්වා ඇති අතර ඊට අදාළව පාර්ලිමේන්තු මන්ත්රී ‘අසිත නිරෝෂණ’ සහ කඩුවෙල නගරාධිපති ‘රන්ජන් ජයලාල්’ යන මහත්වරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයකට කඩුවෙල මහේස්ත්රාත් අධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබේ.
මෙම නීතිමය පියවර ගෙන ඇත්තේ අදාළ භූමිය තමන් සතු පෞද්ගලික දේපළක් බව පවසන Millennium Housing Limited පෞද්ගලික සමාගම විසිනි. මේ සම්බන්ධයෙන් එම සමාගම විසින් මුලින්ම අතුරුගිරිය පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර, අනතුරුව කඩුවෙල මහේස්ත්රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමටද පියවර ගෙන තිබිණි.
අධිකරණ නියෝගය පරිදි එම පරිශ්රයට ඇතුළුවීම වළක්වමින් නිකුත් කළ සිතාසි පත්රිකා මේ වන විට බස් නැවතුම්පොළ පිවිසුමේ ප්රදර්ශනය කර ඇත.
අදාළ නඩුවේ චූදිතයන් ලෙස නම් කර සිටින ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අසිත නිරෝෂණ, කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මෙන්ම Lanka Metro Transit Pvt Ltd පෞද්ගලික සමාගම සහ එහි අධ්යක්ෂවරුන් වන ‘නලින් චන්දන පෙරේරා’, ‘සංජීව නන්දන කනකරත්න’ ඇතුළු පිරිසකට ලබන 19 වැනිදා කඩුවෙල මහේස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මෙලෙස සිතාසි නිකුත් කර ඇත.
බස් නැවතුම්පොළ භාවිත කිරීමට නොහැකි වීම හේතුවෙන් මාර්ගය දෙපස බස් රථ නවත්වා තැබීමට සිදුව ඇති බව ප්රවාහන සේවකයෝ පෙන්වා දෙති.
අතුරුගිරිය ‘මිලේනියම් සිටි’ නිවාස සංකීර්ණ ව්යාපෘතිය ආශ්රිත ඉඩම් කට්ටි භාවිතය සම්බන්ධයෙන් පෞද්ගලික සමාගම සහ ප්රාදේශීය පරිපාලන ආයතන අතර මීට පෙරද වරින් වර විවිධ මතභේදාත්මක තත්ත්වයන් වාර්තා විය ෴
මහ සඝරුවන කොළඹට වඩී – ජනපති ටවුමෙන් පැන ගියාද? (15.10.2026)
+
සිංහල-බෞද්ධ බලය අවතක්සේරු කිරීමේ විපාකය… අනුරගේ ඊළඟ ගැටය මොකක්ද ? (15.10.2026)
+
සිවුර එහෙම ගළවන්ඩත් බෑ, අන්දන්ඩත් බෑ… උඹලා මේක සෙල්ලමකට ගත්තද ? (15.10.2026)
+
ඥානසාර හිමිට නිදහස ඉල්ලා ලේකම් කාර්යාලය ළඟ කඳවුරු බඳියී! සලිඳුගේ කුඩු කිලෝ 122 අල්ලයි! (15.10.2026)
+
පාගමනට ජනගගක්, සීමාකාරී මොහොත, අවසානය කුමක්ද? (15.10.2026)
+
ගෝල්ෆේස් යලි සටන් බිමක් වෙයි (15.10.2026)
+
පොලීසියෙන් එන රහස් පණිවිඩේ : අබීතව කුදලන්න සැලසුමක්? (15.10.2026)
+
සඟරුවන වෙනුවෙන් ! කොළඹට (15.10.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴