නුවරඑළිය, ග්‍රෙගරිවැවට ගොඩබැස්වීමේදී සී-ප්ලේන් යානය කඩා වැටේ

නුවරඑළිය, ග්‍රෙගරිවැවට ගොඩබැස්වීමේදී සී-ප්ලේන් යානය කඩා වැටේ


නුවරඑළිය, ග්‍රෙගරිවැවට ගොඩබැස්වීමේදී සී-ප්ලේන් යානය කඩා වැටේ

(07.01.2026 – 12:47 +0530 – sinhala.adaderana.lk)

නුවරඑළිය, ග්‍රෙගරිවැවේ ගොඩබැස්වීමට සුදානම් වූ සී ප්ලේන් එකක් අද (07) දින දහවල් 12:30ට පමණ කඩා වැටී තිබේ.

‘අද දෙරණ වාර්තාකරු’ පැවසුවේ ගුවන් යානය කඩා වැටීමෙන් එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනා (2) තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ බවය.

ගුවන් යානයේ නුවරඑළියට පැමිණ සිටින සංචාරකයින් පිරිසක් රැගෙන යෑමට පැමිණි අවස්ථාවේ දී මෙලෙසෙ අනතුරට ලක්ව ඇතැයි පොලීසිය පැවසීය.

ගුවන් යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා (2) ජලාශයේ බෝට්ටු සංචාරයේ යෙදෙන පිරිස් විසින් මුදාගෙන තිබුණි.

+++

+++

+++

+


ගම්මන්පිළ අදත් (07) හෙළිදරව්වක් කරයි – මේක ශ්‍රී ලංකා රාජ්‍ය විනාශ කරන කුමන්ත්‍රණයක් (07.01.2026)

+


ලංසි පැපොල් හරිනිව අපි ගෙදර යවනවා – විමල් සුද්ද සිංහලෙන් ආණ්ඩුවට අමතයි (07.01.2026)

+


රෙද්ද කඩලා මූණ වහගත්තට වැඩක් නෑ – පොතේ වැරදි හදන්නේ නැතුව අපේ වැරදි හොයනවා (07.01.2026)

+


පොලිස්පතිගේ අවධානය පිණිසයි, කිව්වට වැඩක් වෙයිද බ්‍රෝ ? (07.01.2026)

+

හඳුන්නෙත්තිට කප්පම් කියන වචනය කියන්න බෑ… හැමදේටම විරුද්ධ වෙලා, දැන් තමන්ගේම උගුලේ හිරවෙලා (07.01.2026)

+


රනිල් දඩයමේ දඩයක්කරු සහ ගොදුර (07.01.2026)

+


ග්‍රාම සේවක නෝනත් මගේ අඹුව කරලා මුන් – ඩෝබිලා කියනවා ඇඳුම් ගලවලා මම හෝටලේ හිටියලු (07.01.2026)

+


සම ලිංගික බයි තක්සලාව ලීක් වුන වීඩියෝ සහිතයි ! (07.01.2026)

+


අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට බඩු බනිස්? | ආණ්ඩුවේ තුන් ඈවරේ සෙල්ලම මෙන්න (07.01.2026)

+


දිට්වා ඛේදවාචකය අතුරුදහන් කල මිට්ටාගේ සුපිරි ගේම (07.01.2026)

+


ආපදා කළමනාකරණයෙන් විශේෂ නිවේදනයක්

(08.01.2026 – 09:04 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.

කාලගුණ පුරෝකථන උපුටා දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, අධ්‍යක්ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසා සිටියේ ඉදිරි පැය 24 තුළ දී මෙම පීඩන අවපාතය නැගෙනහිර වෙරළට ළඟාවෙනු ඇතැයි අපේක්ෂා කරන බවය.

එවැනි තත්ත්වයක් ඇති වුවහොත් උතුර, උතුරුමැද, නැගෙනහිර, සබරගමුව, බස්නාහිර, දකුණ, ඌව, වයඹ සහ මධ්‍යම යන ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බවද ඒ මහතා පැවසීය.

ඒ අනුව උතුරු පළාතේ මුලතිව්, යාපනය, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය යන ප්‍රදේශවලට මි.මී. 75 – 100 ත් අතර, වැසි ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උපකල්පනය කර ඇත.

එසේම උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව ප්‍රදේශවලට මි.මී. 50 – 75 ත් අතර වර්ෂාපතනයක් බලාපොරොත්තු වේ.

නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, අම්පාර සහ මඩකලපුව යන ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි හෝ මි.මී. 100 ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවට නිරීක්ෂණය කර ඇත.

එසේම සබරගමුව පළාතේ රත්නපුර සහ කෑගල්ල ප්‍රදේශවලට රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ යන ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දකුණු පළාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලටත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඌව පළාතේ මොනරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලට විටින් විට ගිගුරුම් සහිත වැසි සහ මි.මී. 100 ක පමණ වැසි ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇත.

මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ දිස්ත්‍රික්කවලට මි.මී. 75 – 100 ත් අතර වැස්සක් අද (08), හෙට (09) සහ අනිද්දා (10) යන තෙදින තුළම බලාපොරොත්තු විය හැකි බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පැවසීය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කළමනාකරණය කරනු ලබන වැව් සහ ජලාශවල ජලය 80% ක් – 90% ක් අතර ප්‍රමාණයක් පිරී ඇති බවත් ඒ අනුව අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව හා යාපනය දිස්ත්‍රික්කවල පිහිටි ගංගා ද්‍රෝණිවල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවත් ඒ මහතා කියා සිටියේය.

මේ අතර ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති ස්ථානවල ජීවත්වන ජනතාව ආරක්ෂිත ස්ථානවෙත ගමන් කරන ලෙසත් අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටී.

මෙම තත්ත්වය තුළ යම් ආපදාවක් ඇති වුවහොත් යුද හමුදා කණ්ඩායම් 80 ක්, නාවික හමුදා බෝට්ටු සහ ගුවන් හමුදාව විසින් වීරවිල, පලාවි, රත්මලාන, හිඟුරක්ගොඩ, අනුරාධපුර යන ස්ථානවල හෙළිකොප්ටර් යානා ස්ථානගත කර ඇතැයි ද පැවසු සම්පත් කොටුවේගොඩ මහතා මීට අමතරව ශ්‍රී ලංකා පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ද හදිසි අවස්ථාවක් සඳහා සුදානමින් සිටින බවද පැවසීය.

+


කන්ටේනර් 323 අලුත්ම තත්වය – තොරතුරු කොමිසමේ නියෝගයටත් රේගුව ‍කොළේ වහයි | බිලියනයේ එන්තරවාසිය (08.01.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *