කතරගම බැතිමතුන්ගේ තුටු පඬුරෙන් අපේක්ෂා රෝහලේ නව මුළුතැන් ගෙය විවෘත කෙරේ
කතරගම බැතිමතුන්ගේ තුටු පඬුරෙන් අපේක්ෂා රෝහලේ නව මුළුතැන් ගෙය විවෘත කෙරේ
(06.01.2026 – hirunews.lk)
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට බැතිමතුන්ගෙන් සහ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන පඬුරු මුදල් සහ ආධාරවලින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදි කළ නව මුළුතැන්ගෙය අද (06) විවෘත කෙරුණා.
රෝහලේ ප්‍රතිකාර ලබන සියලු රෝගීන්ගේ ආහාර අවශ්‍යතාව පෝෂදායිව නොමිලේ සපයා දීම පිණිස රජයේ රෝහලක ඉදිකළ ප්‍රථම නවීන මුළුතැන් කාමරය මෙය ලෙස හැඳින්විය හැකියි.
පසුගිය (2025) වසරේ ආරම්භ කළ මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 40 වැය කර ඇති අතර ඊට ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රමදායකත්වය ලැබී තිබුණා.
රුහුණු මහා කතරගම දේවාලයේ ධන පරිත්‍යාගයන් සහිතව ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් රුපියල් ලක්ෂ 100 කට ආසන්න මුදලක් වැයකර ඉදිකළ එකවර 2000 කට ආහාර පාන සැකසීම සදහා අංග සම්පූර්ණ නවීන පහසුකම්වලින් සමන්විතව මෙම මුළුතැන්ගෙය සකස් කර තිබෙනවා.

එම මුළුතැන්ගෙය, කුස්සිය හෙවත් ‘kitchen’ යන නාමය වෙනුවට ආහාරපාන දෙපාර්තමේන්තුව (Food and Beverages Department) ලෙස මෙහි පරිවර්තනය කර ඇති අතර නවීන ආකාරයට ආහාර පාන සැකසීම සහ පිළිගැන්වීමට ඒ සදහා අනුයුක්ත කර ඇති කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක් ද ලබා දී තිබෙනවා.
මෙහි දී ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සම්පාදිත පෝෂණ මාර්ගෝපදේශ කිහිපයක්ද එළිදක්වන ලැබුවා.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය මෙන්ම සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි, පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර, මහරගම නගර සභාවේ සභාපති සමන් සමරකෝන්, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිලිණ මදුසංක, හිටපු බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර, මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ.අයි.කුලකුලසුරිය, ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජයනි තෙන්නකෝන්, රෝහල් කමිටු සභාපති බිනර ජයවර්ධන යන අය සහ පරිත්‍යාගශීලීන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරු, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ද එක්ව සිටියා ෴
පෙම්වතුන් වීඩියෝ ගත කළ හෝටල් කළමනාකරු රිමාන්ඩ්
(06.01.2026 – hirunews.lk)
සපුගස්කන්ද පොලිස් බල ප්‍රදේශයේ කාමර පහසුකම් සපයන හෝටලයක කාමරයක් වෙන් කරවා ගෙන පෙම් යුවලක් නැවති සිටියදී හොර රහසේ ඔවුන්ව විඩියෝ කිරීම සම්බන්ධව අත් අඩංගුවට ගත් එහි කළමනාකරු මේ මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ නියම කළා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙහිදි සපුගස්කන්ද පොලිසියේ අපරාධ මර්දන විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කියා සිටියා.
“ඉකුත් 31 වැනිදා එම පෙම් යුවලේ පෙම්වතා විසින් මාර්ග ගත ක්‍රමයක් ඔස්සේ මේ හෝටලයේ කාමරයක් වෙන් කරවා ගෙන තිබෙනවා. පසුව මෙදින සවස 4 ට පමණ එම යුවල හෝටලයට පැමිණ තිබෙනවා. පසුව රාත්‍රී කාලයේ ඔවුන් කාමරය තුළ සිටිනවිට එහි කුඩා සිදුරකින් එළියක් දැක තිබෙනවා. පසුව ඔවුන් මෙය සොයා බැලීමේදී සැකකරු විසින් ජංගම දුරකථනයකින් ඔවුන් විඩියෝ කළ බවට තහවුරු වී තිබෙනවා. පසුව ඔවුන් මේ සිද්ධිය පොලිසියට දැනුම් දුන්නා.
මේ අනුව පොලිස් නිලධාරීන් එහි ගොස් සැකකරු ළඟ තිබු ඔහුගේ ඇපල් වර්ගයේ ජංගම දුරකථන දෙක (2) පරීක්ෂා කිරීමේදී එහි අසභ්‍ය විඩියෝ දර්ශන අන්තර්ගත වී තිබුණා. පසුව ඔහු අත් අඩංගුවට ගත්තා. මෙහි විමර්ශන අවසන් නැහැ. සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලා සිටිනවා.”
ඉදිරිපත්වු කරුණු කෙරෙහි අවධානය යොමු කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙළේය ෴
පොලිස් කොස්තාපල්ට සහන දෙන්න අල්ලස් ගත්තැයි ඒ.එස්.පී. සහ සැරයන්වරිය රිමාන්ඩ්
(06.01.2026 – hirunews.lk)
වෙල්ලාවේලි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරන ලද අවිවාහක පොලිස් කොස්තාපල්වරයෙකුට නිවසේ සිට රාජකාරි පැමිණීමට අවශ්‍ය අවසරය ලබාගැනීමට නිර්දේශ සදහා රුපියල් ලක්ෂයක් වටිනා ජංගම දුරකතනයක් සහ රුපියල් 72,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියකට අදාලව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් සහකාර පොලිස් අධිකාරිවරයා සහ පොලිස් සැරයන්වරිය ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ නුවරඑළිය සහ කල්මුණේ යන මහේස්ත්‍රාත් අධිකරණ මගින්.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ, නුවරඑළිය දිස්ත්‍රික් (02) සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරිවරයෙක් සහ කල්මුණේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ කාන්තා පොලිස් සැරයන්වරියක්.
කොමිෂන් සභාවට ලද තොරතුරක් මත සිදු කරගෙන යනු ලබන විමර්ශනයකට අදාලව මෙම සැකකරුවන් ඊයේ (05) ඔවුන් රාජකාරි කළ පොලිස් ස්ථානවලදී අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කර තිබුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබුණේ වෙල්ලාවේලි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරන පොලිස් කොස්තාපල්වරයෙක්.
මෙම පොලිස් කොස්තාපල්වරයාට නිවසේ සිට රාජකාරි පැමිණීමට මඩකලපුව කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාගේ අවසරය ලබා ගැනීම සඳහා වූ නිර්දේශ ලබාදීමට අවශ්‍ය අදාළ කටයුතු සිදුකර දීමට අවස්ථා කිහිපයක දී ජංගම දුරකථනයක්, මයික්‍රෆෝනයක්, යතුරුපැදියක අමතර කොටස් ඇතුළු ද්‍රව්‍ය හා රුපියල් 72,000 (රුපියල් හැත්තෑ දෙදහස) ක මුදල් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීම සහ තුටුපඬුරක් ලෙස අයැදීම මෙම සැකකරුවන් දෙදෙනාට (2) එරෙහි චෝදනා බව එම කොමිසම සඳහන් කර තිබුණා.
සැකකරුවන් ලබන 09 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට ද අධිකරණ මගින් බන්ධනාගාරයට නියෝග කර තිබෙනවා ෴
පොලිස් වාර්තාවක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් දසදහසක (10,000) අල්ලසක් ලබාගත් බව කියන නිලාවේලි ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකු ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(6) නියෝග කළා ෴
බීමත්ව රිය පැදවූ පුද්ගලයෙකුගෙන් ආදායම් බලපත්‍රය ලබාගෙන නීතිමය පියවර නොගෙන සිටීම සඳහා රුපියල් 5000 ක අල්ලසක් ලබා ගත් බව කියන පොලිස් නිලධාරීන් දෙදෙනකු (2) ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(6) නියෝග කළා.
සැකකරුවන් දෙදෙනාට (2) රු. ලක්‍ෂ පහ (5) බැගින් වු ශරීර ඇප නියම වූ අතර විදෙස් ගමන් තහනම් කරන ලෙසට ද නියෝග කළා.
දිය බෙදුම පොලිසි ස්ථානයේ සේවය කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකු සහ සාජන්වරයෙකු මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවා ෴
පෝලන්ත සිහිනය කටුනායකදී බොඳවෙයි – සිව්දෙනෙක් (4) අත්අඩංගුවට
(06.01.2026 – 21:42 +0530 – sinhala.adaderana.lk)
පෝලන්තය වෙත යාම සඳහා අවශ්‍ය වීසා ලබා ගැනීමේ අරමුණින් ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ගොස් නැවත පැමිණෙමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු (4), කූඨ ලෙස සකස් කළ ව්‍යාජ වීසා බලපත්‍ර සමඟ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුනන් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද (06) උදෑසන අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර මීගමුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි වියේ පසුවන අඹුසැමි යුවළක්ද, කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු සහ යාපනය කරෙව්ති ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකුද ඇතුළත් වේ.
පෝලන්තය වෙත නීත්‍යානුකූලව පිටත්ව යාම සඳහා වීසා ලබාගැනීමට, මෙම පුද්ගලයින් විසින් තැරැව්කරුවන්ට රුපියල් ලක්ෂ 64 ක මුදලක් ගෙවා ඇති බවත්, ඒ අනුව වීසා බලපත්‍ර ලබාගැනීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි පෝලන්ත තානාපති කාර්යාලය වෙත ගොස් ඇගිලි සළකුණු ලබා දී ඇති බවත් වාර්තා වේ.
ඉන් අනතුරුව, ඔවුන් අද (06) උදෑසන 06:00 ට නවදිල්ලි නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
එහිදී ආගමන නිෂ්කාශන කටයුතු සඳහා ඔවුන් ඉදිරිපත් කළ වීසා බලපත්‍ර සම්බන්ධයෙන් සැකයක් ඇතිවීම හේතුවෙන්, එම ලියකියවිලි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත යොමු කර ඇති අතර, සිදු කළ තාක්ෂණික පරීක්ෂණවලදී එම වීසා බලපත්‍ර කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ලේඛන බව තහවුරු වී ඇත.
මෙම වීසා බලපත්‍ර ව්‍යාජ බව පිළිබඳව ගුවන් මගීන් එතෙක් කිසිදු දැනුවත්කමක් නොතිබූ අතර, මෙරටට පැමිණීමෙන් අනතුරුව ඒ සඳහා තවත් විශාල මුදලක් ගෙවීමටද ඔවුන් සූදානම්ව සිටි බව අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින බව සඳහන් වේ ෴
හරිනිට සීලරතන හාමුදුරුවො කියාපු දේ තමයි කියන්න තියෙන්නෙ (06.01.2026)
+
මේ ආණ්ඩුවේ අනුරගේ කන චූන් කරන්නේ කවුද ? ආණ්ඩු විනාස කරන්නේ උන් තමයි (06.01.2026)
+
හරිණි , විජිත හංගපු වාර්තාව මේකද ? (06.01.2026)
+
මාලිමා ආණ්ඩුව වලපල්ලට යන ප්‍රධාන හේතු 3 මෙන්න (06.01.2026)
+
මුළු මාලිමාවම ආතල් එකක් ගන්නවා හරිනි මැඩම්ගේ ලිංගික ජීවිතයේ එල්ලිලා – ආයෙමත් JVP එක සීයට තුනට වැටෙනවා (06.01.2026)
+
හරිණි මගේ යාළුවෙක්! වෙබ් සයිට් කතාවේ පරම්පරාවටම අජන්තා ලුණු ඇඹුල් ඇතුව අමතයි! (06.01.2026)
+
දැන් ජෙප්පන්ට කියන්නේ ඩෝබිලා නෙමේ බඩී ඩොට් කොම් (06.01.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴