මොඩියුලයේ තිබෙන්නේ අසභ්‍ය අඩවියක් බව මාසෙකට කලින් මං දැන සිටියා.. කිවුවෙ නෑ… – ජනපතිගේ බෝඩිමේ යාළුවා.. තිස්ස ජනනායක

මොඩියුලයේ තිබෙන්නේ අසභ්‍ය අඩවියක් බව මාසෙකට කලින් මං දැන සිටියා.. කිවුවෙ නෑ… – ජනපතිගේ බෝඩිමේ යාළුවා.. තිස්ස ජනනායක


මොඩියුලයේ තිබෙන්නේ අසභ්‍ය අඩවියක් බව මාසෙකට කලින් මං දැන සිටියා.. කිවුවෙ නෑ… – ජනපතිගේ බෝඩිමේ යාළුවා.. තිස්ස ජනනායක

(06.01.2026 – lankacnews.com)

6 වසර පෙළ පොතක අඩංගු වූ වෙබ් අඩවි ලිපිනයක් සම්බන්ධයෙන් මතුව ඇති දැඩි මතභේදාත්මක තත්ත්වය පිළිබඳව ප්‍රවීණ දේශක තිස්ස ජනනායක මහතා සිය විවේචනය එල්ල කර තිබේ.

ඔහු පවසන්නේ අදාළ පෙළ පොතේ ක්‍රියාකාරකමක් සඳහා උදාහරණයක් ලෙස ලබා දී ඇති වෙබ් අඩවි නාමය අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කර බැලූ විට, එය පිරිමි සමලිංගික වෙබ් අඩවියක් ලෙස දිස්වන බවයි.

මෙය හුදු අත්වැරදීමකින් සිදු වූ දෙයක් නොවන බව ජනනායක මහතා අවධාරණය කරයි. ‘නැෂනල් ජියෝග්‍රැෆික්’ වැනි පිළිගත් වෙබ් අඩවියක ලිපිනයක් ඇතුළත් කිරීමට ඕනෑතරම් අවස්ථාව තිබියදී මෙවැනි අඩවියක් තෝරා ගැනීම පිටුපස කිසියම් ප්‍රතිලාභයක් බලාපොරොත්තු වූ සැලසුම් සහගත වැඩපිළිවෙළක් පවතින බවට ඔහු සැක පළ කරයි.

අහු නොවුණොත් සියල්ල සාමාන්‍ය පරිදි සිදුවන බවත්, අහු වුවහොත් එය අත්වැරදීමක් ලෙස හැඳින්වීම සාමාන්‍ය සිරිත වී ඇති බවත් ඔහු පවසයි.

තමන් මීට මාසයකට පමණ පෙර සිට දැනුවත්ව සිටියද, අදාළ වෙබ් අඩවියට ප්‍රසිද්ධියක් ලැබෙන බැවින් ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළ බව ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, මේ වන විට ප්‍රධාන ප්‍රවෘත්ති නාලිකා මගින් පවා මෙම වෙබ් අඩවියේ නම සහ QR කේත ප්‍රචාරය කිරීම හරහා එම අඩවියට ලංකාව පුරා නොමිලේ විශාල ප්‍රසිද්ධියක් ලැබී ඇති බව ඔහු පෙන්වා දෙයි.

ජනනායක මහතා පවසන්නේ දැන් එම කොටස පෙළ පොතෙන් ඉවත් කළද, අදාළ වෙබ් අඩවිය නිර්මාණය කළ පිරිසගේ අරමුණ දැනටමත් ඉටුවී ඇති බවයි.

තිස්ස ජනනායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සරසවි මිතුරෙක් බව පැවසෙන අතර ඔවුන් දෙදෙනා සරසවි සමයේ එක කාමරයක රැඳී සිටි බව ජනනායක මහතා අවස්ථා කිහිපයකදීම සඳහන් කර තිබේ.

+


පවුල් ආරවුලක් දුරදිග ගොස් නිවසකට තැබූ ගින්නෙන් පියා සහ දියණිය මරුට : මව ඇතුළු සිව්දෙනෙකු (4) රෝහලේ

(06.01.2026 – hirunews.lk)

අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ නිවසකට පියා විසින් සිදුකළ ගිනි තැබීමකින් ඔහු සහ එක් (1) දියණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළා.

එමෙන්ම මව සහ තවත් දරුවන් දෙදෙනෙකු (2) මෙන්ම මිත්තණිය ද බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මියගිය පියාගේ වයස අවුරුදු 43 ක් වන අතර, දියණිය 13 හැවිරිදි වියේ පසුවන බවයි.

එමෙන්ම 36 හැවිරිදි වියේ පසුවූ මව, 15 හැවිරිදි දියණියක සහ 20 හැවිරිදි පුත්‍රයා මෙන්ම 66 හැවිරිදි වියේ පසුවූ මිත්තණිය ද බරපතල තුවාල ලබා තිබෙනවා.

ඔවුන් අතර පවුල් ආරවුල් පවතින බවට ද මීට පෙර පොලිසියට පැමිණිලි ලැබී තිබුණා.

ඒ අනුව දෙදෙනා (2) පොලිසියට කැඳවා ගැටලුව සමථයකට පත් කිරීමට ද පියවර ගෙන තිබූ බවයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ෴

අනුරාධපුර – ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් නිවසකට ගිනිතැබීම හේතුවෙන් සිදුවු අනතුරින් බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටි එම පුද්ගලයාගේ බිරිඳ ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්වෙන විට ඇගේ වයස අවුරුදු 36 ක් ෴

+++

+


මදුරෝට මේ වසරේ වුණු දේ හැමෝටම කලින් අපි ගිය වසරේ කී හැටි (05.01.2026)

+


ජේවීපී යාළුවෝ ලොකු තනතුරුවලට – වැරදි වහගන්න ගහන ගේම් – හිටපු මන්ත්‍රීගෙන් ‍රටම කැලඹෙන ප්‍රකාශයක් (06.01.2026)

+


5 කට දිවි තොර කළ නීතිවිරෝධී මත්පැන් – තවත් දෙදෙනෙක් (2) රෝහලේ

(06.01.2026 – 12:19 +0530 – sinhala.adaderana.lk)

වෙන්නප්පුව වයික්කාල තඹරවිල ප්‍රදේශයේ පුද්ගලයින් පස්දෙනෙකු (5) අද (06) පෙරවරුවේ සැකකටයුතු ලෙස මියගොස් තිබූ අතර තවත් දෙදෙනෙකු (2) රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.

‘අද දෙරණ’ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඔවුන් දෙදෙනා (2) මීගමුව රෝහලේ වැඩිදුරටත් ප්‍රතිකාර ලබන බවය.

නීතිවිරෝධී මත්පැන් යැයි සැක කෙරෙන දියරයක් මෙම මරණවලට හේතු වී ඇති බවට දැනට සැක පළ කෙරේ.

වෙන්නප්පුව වයික්කාල තඹරවිල ප්‍රදේශයේ ඇඹරුම්හලක සේවකයන් පස්දෙනෙක් (5) සැකසහිත ලෙස මියයාමේ සිදුවීමක් වාර්තාවූයේ අද පෙරවරුවේය.

මීට දින දෙකකට (2) පෙර මෙම පිරිස යම් දියරයක් පානය කර ඇති බව වාර්තා වේ.

පසුව අවස්ථා කිහිපයකදී ඔවුන්ට යම් සංකූලතා මතුව ඇති බව පැවසේ.

ඒ අතරින් දෙදෙනෙක් (2) අද (06) පෙරවරුවේ එම ඇඹරුම්හලේ පිහිටි කුටියක් තුළ මියගොස් සිට ඇති අතර තවත් තිදෙනෙක් (3) අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබේ.

මේ අතර එම ඇඹරුම්හල ආසන්නයේම තවත් නිවසක පුද්ගලයෙකු (1) ද අද (06) පෙරවරුවේ අභිරහස් ලෙස මියගොස් ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

එසේම එම ප්‍රදේශයේම පිහිටි වාහන අලුත්වැඩියා කරන ස්ථානයක තවත් පුද්ගලයින් තිදෙනෙකු (3) අද පෙරවරුවේ අසාධ්‍ය රෝගී ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර පසුව ඉන් දෙදෙනෙකු (2) ද මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම මරණ සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතින අතර නීතිවිරෝධී මත්පැන් පානය කිරීමක් මීට හේතු වන්නට ඇති බවට දැනට සැක කෙරේ.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් කාන්තාවක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

+


පැය ගාණක් කට්ටකාලා ෆෝන් කඩේට රිංගන හැටි මෙන්න – සැකකරුව අල්ලන්න පොලිසිය සහය පතයි (06.01.2026)

+


ගංජා ලෙඩක් වැටුනු මාලිමා මන්ත‍්‍රී අත්හිටවූ සිරදඬුවම් ලැබූවෙක්.. නඩු වාර්තාව එලියට..

(06.01.2026 – lankacnews.com)

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා මෙරට නීතිය ඉදිරියේ අපරාධමය වරදකට වරදකරු වී දඬුවම් ලැබූ පුද්ගලයෙකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ අදාළ මන්ත්‍රීවරයාට එරෙහිව පනවා ඇති අත්හිටවූ සිර දඬුවම තවමත් බලාත්මක මට්ටමේ පවතින බවයි.

ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු වාර්තාවලට අනුව, ශාන්ත පත්ම කුමාර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට (3) එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුගේ රාජකාරියට බාධා කර, ඔහුට අඩත්තේට්ටම් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා වරදකරු වී ඇත.

එහිදී අධිකරණය විසින් ඔහුට මාස තුනක (3) සිර දඬුවමක් නියම කර ඇති අතර, එම සිර දඬුවම වසර පහක (5) කාලයකට අත්හිටුවීමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කර තිබේ.

මීට අමතරව රුපියල් 20,000 ක වන්දි මුදලක් ගෙවීමටද නියම කර ඇත.

අත්හිටවූ සිර දඬුවමේ කාලසීමාව මෙම දඬුවමට එරෙහිව මන්ත්‍රීවරයා විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබුණද, 2021 අගෝස්තු මස 03 වන දින ඔහු එම අභියාචනය ඉල්ලා අස්කරගෙන තිබේ.

ඒ අනුව, 2021 අගෝස්තු 03 වන දින සිට වසර පහක (5) කාලයක්, එනම් 2026 අගෝස්තු මස 03 වන දින දක්වා මෙම අත්හිටවූ සිර දඬුවම බලාත්මක බව සාගර කාරියවසම් මහතා පෙන්වා දුන්නේය.

යම් හෙයකින් ඔහු නීතිය උල්ලංඝනය කළහොත්, එම මාස තුනක (3) සිර දඬුවම අනිවාර්යයෙන්ම විඳීමට සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.

මන්ත්‍රීවරයා සම්බන්ධ කංසා වගාවක් වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිද්ධියක් පිළිබඳවද සිදුවීමේදී අදාළ පොලිස් නිලධාරියාට පහර දී ඇතැයි චෝදනා ඒල්ල වන අතර මේ වන විට පහර කෑමට ලක්වූ එම නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බවද කාරියවසම් මහතා පැවසීය.

විශේෂයෙන්ම, මෙම සිදුවීම වාර්තා කළ ‘හිරු’ නාලිකාව තහනම් කිරීමට පොලිස්පතිවරයා යටතේ පවතින මාධ්‍ය අංශය හරහා පැමිණිල්ලක් කරමින් උත්සාහ දැරීම මෙරට ඉතිහාසයේ නොවූ විරූ බරපතළ තත්ත්වයක් බව ඔහු පෙන්වා දුන්නේය. දඬුවම් ලැබූ අපරාධකරුවෙකු ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙලෙස මාධ්‍ය මර්දනය කිරීමට උත්සාහ කිරීම පිළිබඳව සාගර කාරියවසම් මහතා සිය දැඩි විරෝධය පළ කළේය.

+


රු. මිලියන 500 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයන් 03 ක් අත්අඩංගුවට

(06.01.2026 – hirunews.lk)

රුපියල් මිලියන 500 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50 ක් සමඟ ඉන්දීය ජාතිකයන් තිදෙනෙකු (3) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් බැංකොක් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 403 දරන යානයෙන් දිවයිනට පැමිණ ඇති බව සඳහන් ෴

+++

කටුනායක ගුවන්තොටේ උණුසුම් තත්ත්වයක් රු. කෝටි 50 ක් වටින ‘කුෂ්’ තොගයක් රේගු නිලධාරීන් වහාම අත්අඩංගුවට ගනියි (06.01.2026)

+


ලෝක සිතියමට අළුතෙන්ම එක්වන රටවල් දෙක (2) මෙන්න – චීන සැලසුම් ලංකවේ දී හෙලි වේ (06.01.2026)

+


හරෝ හරා ! කවුද හොරා ? (06.01.2025)

+


ජනපති අනුරට මා ගැන ඇත්තේ වෛරයක් | සිංහල අවුරුද්ද වෙද්දී සමාජයත්, JVP එකත්, මාලිමාවත් පුපුරන්න ගන්නවා (06.01.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *