ඊමේල් පණිවිඩ යවා ආයෝජන ලබාගත හැකි බව පවසා සිදු කළ රු. කෝටි තුනක (3) වංචාව ගැන විමර්ශන
ඊමේල් පණිවිඩ යවා ආයෝජන ලබාගත හැකි බව පවසා සිදු කළ රු. කෝටි තුනක (3) වංචාව ගැන විමර්ශන
(05.01.2026 – hirunews.lk)
අන්තර්ජාලය ඔස්සේ ඊමේල් පණිවිඩ යොමු කර ආයෝජන ලබාගත හැකි බව පවසා පුද්ගලයන් සතු රු. කෝටි තුනකට (3) ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකයට නියෝග කළා.
සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් කරනු ලැබූ කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ විමර්ශන නිලධාරින් සඳහන් කර සිටියේ අන්තර්ජාලය ඔස්සේ ඊමේල් පණිවිඩ යොමුකර ආයෝජන අවස්ථාවන් යොදවා මුදල් උපයා ගත හැකි බව පවසා මෙම වංචාව සිදු කර ඇති බවයි.
පුද්ගලයන් රවටා මේ වන විට රු. දෙකොටි හතළිස් දෙලක්ෂ පනස්දහක (2,42,50,000) මුදලක් වංචා කර ඇති බව පරිගණක විමර්ශනය ඒකකය අධිකරණයට දැන්වුවා.
සිද්ධියට අදාල වැඩිදුර විමර්ශනයක් සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වුවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වහාම විමර්ශනයක් පවත්වා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කළා ෴
අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයන් රවටා මුදල් වංචා කළ නයිජීරියානු ජාතිකයා යළි රිමාන්ඩ්
(05.01.2026 – hirunews.lk)
අන්තර්ජාලය හරහා රැවටීමට ලක් කර ත්‍යාග පාර්සල් ලබා දෙන බව පවසා රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂයකට (1,15,00,000) අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නයිජීරියානු ජාතිකයෙකු ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (5) නියෝග කළා.
මෙම සිද්ධියට අදාලව තවත් නයිජීරියානු ජාතිකයෙකු (1) සහ තවත් ලංකාවේ පුද්ගලයන් 3 න් දෙනෙකු ඇප මත මුදා හැර තිබුණා.
මෙම සැකකරු නයිජීරියානු ජාතිකයන් සමඟ එක්ව ලංකාවේ සිට මෙම ජාවාරම සිදු කරන බවත් වෙනත් නයිජීරියානු ජාතිකයෙකු විසින් මෙම ජාවාරම මෙහෙය වන බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දැන්වුවා.
ලංකාව තුළ සිටින වෛද්‍යවරුන් , විධායක පන්තිවල ඉහළ තනතුරුවල සිටින පුද්ගලයන්, වයස 35-40 ත් අතර කාන්තාවන් මෙම කූට ජාවාරමට හසු වී තිබෙන බවද විමර්ශන නිලධාරීහු වැඩිදුරටත් කරුණු දැක්වුවා.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කළා ෴
හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු සහ බාල පුතු ලබන ජනවාරි 09 දක්වා රිමාන්ඩ්
(05.01.2026 – hirunews.lk)
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අද (05) අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයා වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
වෙළඳ හා සමුපකාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී සතොසට අයත් වාහන හා රියදුරන් පෞද්ගලික සමාගමක එතනෝල් ප්‍රවාහනයට යොදවා රජයේ දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් කළ විමර්ශනයකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවටගත් ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුතු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඔවුන් වෙනුවෙන් සිදු කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළා.
සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 07 වනදා ලිඛිත දේශන ගොනු කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ලබන 09 වනදා ඇප සම්බන්ධ නියෝගය සිදු කරන බවද පැවසුවා.
මෙම චෝදනාවට අදාළව හිටපු අමාත්‍යවරයාගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනාන්දු සහ සතොස හිටපු ප්‍රවාහන කළමනාකරුවෙකු වන ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.
මේ සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනානාන්දු, සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් වූ මොහොමඩ් ෂකිර් සහ සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල ඇතුළු හත්දෙනෙකුට (7) එරෙහිව 2016 වසරේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා ගොනු කර ඇප මත මුදා හැර තිබෙනවා.
ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුතා ඊයේ (04) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ප්‍රකාශ සටහන්කරගෙන මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
සැකකරුවන් දෙදෙනා (2) අධිකරණයටඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර එතනෝල් ආනයනය කරන බවට 2015 වසරේ නොවැම්බර් 12 වෙනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකදී හෙළිවූ තොරතුරු මත සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව රුපියල් දෙලක්ෂ හතලිස් හතර දහසක් (2,44,000) වැය කරමින් පොදු දේපල පනත යටතේ වරදක් සිදු කර ඇති බව අධිකරණයට කියා සිටි පොලීසිය රජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහණය කිරිම සම්බන්ධයෙන් චෝදනා ගොනු කර ඇති බව අධිකරණයට දන්වා සිටියා.
ඔහුගේ බාල පුත්‍රයා එම සමාගමේ අධ්‍යක්ෂකවරයෙකුව සිටිමින් එම වරද සිදු කිරිමට ආධාර අනුබල දී ඇති බව පොලීසිය අධිකරණයට කියා සිටියා.
ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළඳ හා සමුපකාර අමාත්‍යවරයා ලෙස කටයුතු කල සමයේදී සතොසට අයත් වාහන හා රියදුරන් පුද්ගලික කටයුතු සඳහා යොදා ගනිමින් රාජ්‍ය දේපොල සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම, එතනෝල් ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා ගැනිමට රාජ්‍ය නිලධාරීන්ට සත්‍ය නොවන තොරතුරු ඉදිරිපත් කරමින් නිලධාරින් නොමඟ යවා වංචා කිරිම, කාර්මික නිෂ්පාදන සඳහා ලබා ගන්නා එතනොල් අදාල කාර්ය සඳහා යොදා නොගෙන මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගනිමින් රජයට අයවිය යුතු මුදල් අහිමිකර වංචා කිරීම හා මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් කරුණු විමර්ශනයේදී අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් විමර්ශන සිදු කිරීමට ඇති බව කියා සිටි පොලිසිය සැකකරුවන් ඇප මත මුදා හැරියහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කළ හැකි බව අධිකරණය හමුවේ කියා සිටියා.
මෙම සිද්ධියට අදාළ උදෘත 2017 වසරේ මැයි 18 වෙනිදා නිතිපතිවරයා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රාජ්‍ය දේපොල සාපරාධි සාවද්‍ය පරිහරණය, රාජ්‍ය මුදල් වැටුප් ලෙස ගෙවා අවභාවිතා කිරිම, කූඨ ලේඛන සෑදීම යන වරදවල් සැකකරුවන් විසින් සිදුකර ඇති බව ට නීතිපති උපදෙස් ලැබීඇති බවත් ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියා.
සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් කරුණු දක්වමින් නිතිඥ නිරන්ජන් මීරියගල්ල කියා සිටියේ තම සේවා දෙයකයා ඇමැතිවරයෙකු ලෙස කටයුතු කිරීම පමණක් සිදු කර ඇති බව අධිකරණයට දන්වා සිටියා.
අදාළ පශ්නගත ලොරි රථයේ රියදුරුවරයාට රැකියාව ලබා දීමේ පත්වීම් ලිපියට තම සේවා දායකයා අත්සන් කර ඇත්තේ ඇමැතිවරයා ලෙස කටයුතු කිරිමේදී ලිපි දහස් ගණනක් අත්සන් කිරිමේ කටයුතු සිදු කරන අතරතුර බවද නීතිඥවරයා කියා සිටියේ.
මේ සම්බන්ධ තම සේවා දායකයාගේ කිසිදු සම්බන්ධතාවයක් නැති බවද නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා.
ජොන්සටන් ප්‍රනාන්දු මහතාගේ බාලපුත්‍රයා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නිතිඥ සම්පත් මෙන්ඩිස් කියා සිටියේ තම සේවා දෙයකයා මේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට කිස්දු සාක්ෂියක් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර නැති බවයි.
මේ සිද්ධිය සම්බ්නධයෙන් චෝදනා ගොනු කර අත්අඩංගුවට ගත් අනෙකුත් සැකකරුවන් ඇප මත මුදා හැර ඇති බව කී ජනාධිපති නිතිඥවරයා ඇප මත මුදා හැරීමට පොලිසිය විරෝධය ප්‍රකාශ කර නැති බවත් පැවසුවා.
එසේම 2016 වසරේ සිට මේ දක්වා වසර ගණනාවක් ඉක්ම ගොස් ඇති සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දේශපලනික කරුණු මත බවද ජනාධිපති නිතිඤවරයා අධිකරණ්‍ය හමුවේ කියා සිටියා.
චෝදනාවකු ඉදිරිපත් කරන්නේ නම් නෛතික ප්‍රතිපාදන වලට අනුව මානසික සහ ශාරිරික අංගයක් ඒ තුළ තිබිය යුතු බව පෙන්වා දුන් ජනාධිපති නිතිඥවරයා ඒ කිසිදු සාක්ෂියක් පොලිසිය ඉදිරිපත් කර නැති බවද පැවසුවා.
ඒ අනුව තම සේවා දායකයාට ඇප ලබා දෙන ලෙසත් අපරාධ විධි විධාන සංග්‍රහයේ 186 වගන්තිය යටතේ මුදා හරින ලෙසත් ජනාධිපතිපනිතිඥවරයා අධීකරණයෙන් ඉල්ලා සිටියා.
දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප දීමට තරම් සුවිශේෂි කරුණු ඉදිරිපත් වී නැති බව කියමින් සැකකරුවන් ලබන 09 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා ෴
අල්ලස් ලබාගත් චෝදනාවට ඒ.එස්.පී. සහ කාන්තා සැරයන්වරියක අත්අඩංගුවට
(05.01.2026 – hirunews.lk)
වෙල්ලාවේලි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරන ලද අවිවාහක පොලිස් කොස්තාපල්වරයෙකුට නිවසේ සිට රාජකාරි පැමිණීමට අවශ්‍ය අවසරය ලබාගැනීමට නිර්දේශ සදහාජංගම දුරකතනයක් සහ රුපියල් 72,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියකට අදාලව සහකාර පොලිස් අධිකාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරියක අද (05) අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කරනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරිවරයෙක් සහ කල්මුණේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ කාන්තා පොලිස් සැරයන්වරියක්.
කොමිෂන් සභාවට ලද තොරතුරක් මත සිදු කරගෙන යනු ලබන විමර්ශනයකට අදාලව මෙම සැකකරුවන් අද (05) ඔවුන් රාජකාරි කළ පොලිස් ස්ථානවලදී අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කරනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබුණේ වෙල්ලාවේලි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරන පොලිස් කොස්තාපල්වරයෙක්.
මෙම පොලිස් කොස්තාපල්වරයාට නිවසේ සිට රාජකාරි පැමිණීමට මඩකලපුව කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාගේ අවසරය ලබා ගැනීම සඳහා වූ නිර්දේශ ලබාදීමට අවශ්‍ය අදාළ කටයුතු සිදුකර දීමට අවස්ථා කිහිපයක දී ජංගම දුරකථනයක් ඇතුළු ද්‍රව්‍ය හා රු. 72,000 (රුපියල් හැත්තෑ දෙදහස ) ක මුදල් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීම මෙම සැකකරුවන් දෙදෙනාට (2) එරෙහි චෝදනා බව එම කොමිසම සඳහන් කරනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට සහ කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම නියමිතයි ෴
‘ඔක්ටේන් 92 පෙට්‍රල්’ හැර අනෙකුත් ඉන්ධන මිල ඉහළට
(05.01.2026 – hirunews.lk)
මාසික මිල සූත්‍රයට අදාලව අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ජනවාරි මාසයට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබෙනවා. ඒ අනුව,
• ‘ඔක්ටේන් 92 පෙට්‍රල්’ ලීටරයක මිල සංශෝධනය කර නොමැති අතර, ඒ අනුව පැවති මිල ලෙසින් ලීටරයක මිල රුපියල් 294 ක් ලෙස පවතිනු ඇති.
• ‘ඔක්ටේන් 95 පෙට්‍රල්’ ලීටරයක මිල රුපියල් 05 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 340 ක්.
• ‘සුදු ඩීසල්’ ලීටරයක මිල රුපියල් 02 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 279 ක්.
• ‘ලංකා සුපර් ඩීසල්’ ලීටරයක මිල රුපියල් 05 කින් ඉහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 323 ක්.
• භූමිතෙල් ලීටරයක මිල රුපියල් 02 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 182 ක් ලෙස සටහන්ව තිබුණා.
එමෙන්ම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සංශෝධිත ඉන්ධන මිල ගණන්වලට සමගාමීව ලංකා අයි.ඕ.සී. මිල ගණන්ද සංශෝධනය කර තිබෙනවා ෴
සිතුවමට රැවටුණු පොලිසිය තමන්ට පහර දුන් බවට තරුණයෙකුගෙන් චෝදනා
(05.01.2026 – hirunews.lk)
කොහුවල ප්‍රදේශයේ පසුගිය දා සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු හඳුනාගැනීම සඳහා පොලිස් මාධ්‍ය කොට්ඨාසය සැකකරුගේ රුව දැක්වෙන සිතුවමක් මාධ්‍ය වෙත නිකුත්කර තිබු අතර එම රුවට සමාන තරුණයෙකු පසුගිය පළමුවැනිදා (01) බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී අදාළ සිතුවමේ සිටින්තේ තමන් ලෙස පිළිගන්නා ලෙස පවසමින් පොලිසිය තමන්ට දැඩි ලෙස පහර දුන් බවයි එම තරුණයා චෝදනා කරන්නේ.
මෙසේ චෝදනා කරන්නේ දැරණියගල කුඩා අවන්හලක හිමිකරුවෙක්.
ඔහු පවසන්නේ, ඔහු පසුගිය දින එනම් 01 වැනිදා තම ව්‍යාපාරයට අවශ්‍ය මාලු සහ භාණ්ඩ රැගෙන එමට දැරණියගල සිට කොළඹ බලා තම සහෝදරයෙකු සමග පිටත්ව ගිය බවයි.
පසුව ඔහු භාණ්ඩ රැගෙන එම රාත්‍රියේ අපහසු නිසාවෙන් බොරැල්ලේ තම බිරිඳගේ නිවසේ රැදි සිටින අවස්ථාවේ බොරැල්ල පොලිසිය මගින් ඔහුව රැගෙන ගොස් මිනිමැරුමක් කළ බවට වරද පිළිගන්නා ලෙසටත් පසුගිය දින සමාජ මාධ්‍ය සහ මාධ්‍යවල පලවු සැකකාරයකුගේ අඳින ලද ඡායාරූපක සිටින්නේ තමන් ලෙස පිළිගන්නා ලෙසටත් බල කරමින් ඔහුට අමානුෂික ලෙස පහර දුන් බවයි.
එම පසුව දින දෙකකට (2) ආසන්න කාලයක් තරුණයා රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදා හැර “සොරි මල්ලි” කියා නිවස වෙත පිටත් කළ බවයි ඔහු පවසන්නේ.
+
මිතුරා බේරා ගැනීමට කිඹුලකු සමග සටන් කළ පුද්ගලයෙක්ව කිඹුලා ඩැහැගනී
(05.01.2026 – hirunews.lk)
අක්කරපත්තුව පොලිස් වසමේ පෙරියපල්ලකාඩු ප්‍රදේශයේ ගල්ඔය ගඟේදී කිඹුලෙකු විසින් පුද්ගලයෙකු ඩැහැගෙන ගොස් ඇති බව සමන්තුරේ වනජීවි නිළධාරින් පවසනවා.
මෙම ස්ථානයේ ගඟේ එගොඩ නවතා තිබු ඔරුවක් ගෙන ඒමට පුද්ගලයන් දෙදෙනෙකු (2) පිහිනා යන අවස්ථාවේදි කිඹුලකු එක් (1) පුද්ගලයෙකු සපා කා ඇති අතර අනිත් පුද්ගලයා විසින් කිඹුලාට උණ ලීයකින් පහරදි ඔහුව බේරා ගෙන තිබෙනවා.
පසුව කිඹුලා උණ ලීයෙන් පහරදුන් පුද්ගලයා ඩැහැගෙන ගොස් ඇති අතර ඔහු පිළිබඳව සොයා පොලිසිය සහ නාවික හමුදාව මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.
අතුරුදන් අය වයස අවුරුදු 37 ක් වූ ඔළුවිල් 01 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඒ.කේ. රමිස් නමැත්තායි.
නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිතිඥ වරුණ ජයසුන්දරගේ නියමය පරිදි අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ලගේ උපදෙස් පරිදි අම්පාර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත බණ්ඩාරගේ අධික්ෂණය යටතේ අක්කරපත්තුව සහකාර පොලිස් අධිකාරි නුවන් දන්තනාරායනගේ අධික්ෂණය යටතේ අක්කරපත්තුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුනිල් ගමගේ ඇතුලු නිලධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴
‘හෙලගෝ’ ශ්‍රී ලංකා ටැක්සි වෙළඳපොලේ දැවැන්ත පෙරළියක් සිදුකරමින් ඔබ හමුවට (05.01.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴