සුරක්ෂිත මධ්‍යස්ථාන වූ පාසල් 100 ක් හෙට (05) විවෘත නොවේ
(04.01.2026 – hirunews.lk)
2026 වර්ෂයේ පළමු (1) වාරය සඳහා රජයේ පාසැල්, රජයේ අනුමත පෞද්ගලික පාසැල් සහ පිරිවෙන් හෙට (05) ආරම්භ වීමට නියමිතයි.
කෙසේ වෙතත් ‘දිට්වා සුළි කුණාටුවේ’ බලපෑමෙන් හානි වී හෝ තවදුරටත් සුරක්ෂිත මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන පාසැල් 100 කට ආසන්න ප්‍රමාණයක් හෙට (05) විවෘත නොකරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව සඳහන් කළේ.
එම පාසැල්වල අධ්‍යන කටයුතු සිදුකරන සිසුන්ට අදාළ පාසැල් විවෘත කරන තෙක් ආසන්නයේ පිහිටා ඇති පාසැලට යා හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
එවැනි හැකියාවක් හෝ නොමැති පාසල් දරුවන් සිටින බවට වාර්තා වුවහොත් ඊට අදාළ විසදුම් මොනවාද යන්න සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව ප්‍රකාශ කළා.
මේ අතර, දිවයින පුරා හෙට (05) ආරම්භ වීමට නියමිත පාසැල් අද (04) දිනයේ පිරිසිදු කරන ආකාරය දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
එමෙන්ම, රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසැල් සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභහානි සලකා බලමින් පාසැල් පැවැත්වීමේ වේලාව දීර්ඝ කිරීමේ තීරණයද 2026 වර්ෂය තුළදී ක්‍රියාත්මක නොකරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළා ෴
බඩේ ගෙඩියක් අයින් කරන්න පුත්තලම රෝහලට ගිය කාන්තාවකගේ මුත්‍රා නාලය අත්වැරදීමකින් කැපිලා. බටයක් දාලා තියෙන්නේ. පුදුම දුකක් ඇය විඳින්නේ. පුත්තලමෙන් ඇහෙන සංවේදී කතාව !
දු.ක. අංක : 071 933 0292 සහ 077 789 0372
+
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරනවා කියලා අසභ්‍ය දේවල් පොත්වලට දැම්මේ ඇයි (04.01.2026)
+
ඇමෙරිකා ප්‍රහාරයෙන් ලෝකයම ගැස්සෙද්දී | ලංකාවටත් වැටුණේ මාර ගැටයක් | අනුරට හීන් දාඩිය දාන ආරංචියක් (04.01.2026)
+
රාජ්‍ය සේවකයෝ හරියට නීතියට වැඩ කරන්න – නැත්නම් අපේ ආණ්ඩුවකින් දඬුවම් දෙනවා (04.01.2026)
+
ආණ්ඩුව අද හොම්බ බිම ඇණගෙන ඉන්නේ – කිරි සප්පයන්ට ‘ගල් කෝස්’ උගන්නනවා (04.01.2026)
+
බිලියන ගණනින් මුදල් වැය කරලා මේවාද කරන්නේ ? අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ බරපතල වැරදි හෙළිදරව් වෙයි (04.01.2026)
+
හයේ පොතට සමලිංගික වෙබ් අඩවිය දාපු එක වැරදීමක් නෙවෙයි. සෞඛ්‍ය පොත තියෙද්දි ඉංග්‍රීසි පොතටම ආවෙ කොහොමද? (04.01.2026)
+
ඉන්ෂුවරන්ස් කොම්පැනි ක්ලේම් එකට පොල්ල තිබ්බා නම් අපිට කතා කරන්න. මුන් නොගෙව ඉන්න ගහන පට්ට ගේම මෙන්න. (02.01.2026)
+
පුලුවන් නම් අයින් කරන්න (04.01.2026)
+
හරිනිගේ අගමැතිකම ගලවන ප්ලෑන් එක එළියට! – නලින්ද සහ කාරිගේ බිලියනයේ ඩීල් එක (04.01.2026)
+
රජයටත් පෙර අලුත් මොඩියුල් පුද්ගලික වෙළඳුන් අතට.. මිල නියම කර විකුණන්න දැන්වීම් දමයි..
(05.01.2026 – lankacnews.com)
පවතින තත්ත්වය යටතේ පාසල් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම අවිධිමත් ක්‍රියාවලියක් බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව අවධාරණය කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දීමට නියමිත මොඩියුල පිටපත්, රජයේ නිල ප්‍රකාශනයටත් පෙර පෞද්ගලික අධ්‍යාපන ආයතන සතු වී ඇති බව උන්වහන්සේ මෙහිදී අනාවරණය කළහ.
පඤ්ඤාසේකර හිමියන් පෙන්වා දෙන්නේ අදාළ මොඩියුලවල පිටපත් මුද්‍රණය කර, ඒවායේ මිල ගණන් පවා පෞද්ගලික වෙළඳ ආයතන මගින් ප්‍රකාශයට පත් කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වූහ.
“සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙම මොඩියුල විකිණීමට ඇති බව පවසමින් දැන්වීම් පළ වෙමින් පවතිනවා. රජයේ නිල ප්‍රතිපත්ති සම්පාදකයන් හෝ සැලසුම්කරුවන් පවා නිසි ලෙස දැනුවත් නොමැති මෙම තොරතුරු, පෞද්ගලික උපකාරක පන්ති ක්ෂේත්‍රය වෙත කාන්දු වූයේ කෙසේද යන්න බරපතළ ප්‍රශ්නයක්.”
අධ්‍යාපන ක්ෂේත්‍රයේ සැලසුම්කරුවන් නොදන්නා කරුණු පෞද්ගලික පන්ති මෙහෙයවන්නන් දැනටමත් ප්‍රසිද්ධ කර තිබීම හරහා රජයේ අධ්‍යාපන සැලසුම්වල රහස්‍යභාවය සහ විධිමත්භාවය ගිලිහී ගොස් ඇති බව සංගමයේ ස්ථාවරයයි.
නිසි සූදානමකින් තොරව මෙලෙස පාසල් ආරම්භ කිරීම සහ අධ්‍යාපනය පෞද්ගලික වෙළඳාමක් බවට පත්වීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් රජය වගකිව යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ ෴
දේශපාලන හේතූන් මත මාධ්‍ය ආයතන බලපත්‍ර අහෝසි කරන්න බෑ : මහාචාර්ය ජී.එල්. පීරිස්
(05.01.2026 – hirunews.lk)
මාධ්‍ය ආයතනවල විකාශන බලපත්‍රවලට බලපෑම් කිරීමට හෝ අහෝසි කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශයට කිසිදු නෛතික තත්ත්වයක් නොමැති බව විරුද්ධ පක්‍ෂය අවධාරණය කරනවා.
මහා ජනහඬ නියෝජනය කරන කරන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් විසින් අද(09) දින කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විසින්.
මෙහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් කියා සිටියේ කොන්දේසි උල්ලංඝණය කරන බව පවසමින් ජනමාධ්‍ය ආයතනවලට බලපෑම් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශයට කිසිදු හැකියාවක් නොමැති බවයි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජී.එල්. පීරිස් හිටපු අමාත්‍යවරයා :
“රජයට අහිතකර ප්‍රවෘත්ති වාර්තා කරන නිසා කිසිදු මාධ්‍ය ආයතනයක් නිහඬ කිරීමේ අරමුණින් බලපත්‍ර අහෝසි කරන්න ජනමාධ්‍ය අමාත්‍යාංශයට හැකියාවක් නැහැ.
ජනමාධ්‍ය ආයතනවලට ඒ ආකාරයෙන් දඬුවම් දෙන්නත් බැහැ. ඒ ආකාරයෙන් බලපත්‍ර අහෝසි කිරීමේ බලයක් අමාත්‍යාංශයට නැහැ. ඒක නොවෙයි රටේ නීතිය. ඒ ආකාරයට අත්තනෝමතික බලයක් අමාත්‍යංශයට ලබා දීලා නැහැ.
වැරදි දෙයක් වාර්තාකර තිබෙනවා ඊට අදාළ පදනම ඉදිරිපත් කළ යුතුයි. එහෙම නැතුව බලපත්‍ර අහෝසි කරන්න බැහැ.
දේශපාලන හේතු නිසා රජයට අහිතකර දේවල් වාර්තා කරන නිසා බලපත්‍රයක් අහෝසි කරන්න කිසිදු ආකාරයක හැකියාවක් නැහැ.
ඒක මාධ්‍ය ආයතනයේ අයිතිවාසිකමක් නොවේ. ඒක රටේ පොදු මහ ජනතාවගේ අයිතිවාසිකමක්.
දේශපාලන හේතූන් මත යම් ආයතනයක බලපත්‍රය අහෝසි කළොත් ඒ බලපත්‍රය නැවත ලබා දෙන්න ආණ්ඩුවට සිදුවෙනවා.
එපමණක් නොවෙයි ඒ සඳහා වන්දියකුත් ගෙවන්න සිදුවෙනවා.
ඇත්ත කියන්න බයවෙන්න අවශ්‍ය නැහැ.”
+++
+
නාමපුවරුවක් සවි කිරීමට ගිය තිදෙනෙක් (3) විදුලිසර වැදී රෝහලේ
(05.01.2026 – hirunews.lk)
කොට්ටාව නගර මධ්‍යයේ පිහිටි ටයර් අලෙවිසලක නාම පුවරුවක් සවි කිරීමට යාමේදී එය පාලනය කර ගැනීමට නොහැකිව අධි බලැති විදුලි රැහැනක් මතට වැටී විදුලිසර වැදුණු සේවකයින් තිදෙනෙකු (3) ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කොට්ටාව පොලිසිය පවසයි.
මෙසේ පිළිස්සුම් තුවාල ලබා ඇත්තේ තුම්මෝදර උඩුවර සහ බුලත් කොහුපිටියේ පදිංචි 28 සහ 32 වයසේ පසුවන තිදෙනක් (3).
මෙම සේවකයින් තිදෙනා (3) එම වෙළඳසලෙහි නාම පුවරුව සවි කිරීම සදහා අද (05) දහවල් ගොඩනැගිල්ලෙහි තහඩු වහලය මතට නැඟ පුවරුව සවි කිරීමට යාමේදී අධික සුළග සහ සමබරතාවය බිදී යාමෙන් යාබද අධි බලැති විදුලි රැහැන මතට නාම පුවරුව වැටී අනතුර සිදුව තිබෙනවා.
එහිදී අධික ශබ්දයත් සමගම අධිබලැති විදුලිසර වැදුණු තිදෙනා (3) තහඩු වහලය මතට වැටී පිලිස්සුම් තුවාල සහිතව සිට ඇති අතර පසුව එම වෙළඳසලේ සෙසු සේවකයින් වහලය මතට නැඟ පිළිස්සුම් තුවාල සහිතව වහලය මත සිටි තිදෙනා (3) බිමට ගෙන ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය පවසන්නේ.
ඉන් එක් (1) පුද්ගලයකුගේ තත්ත්වය බරපතල බැවින් ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ඇති අතර අනෙත් දෙදෙනා (2) ද නේවාසිකව ප්‍රතිකාර ලබනවා ෴
කොළඹ කොටස් වෙළඳපොලේ නම ව්‍යාජව යොදාගත් වංචාවක් හෙළිවෙයි
(05.01.2026 – hirunews.lk)
කොළඹ කොටස් වෙළඳපොළේ නම සහ ලාංඡනය යොදා ගනිමින් රුපියල් මිලියන 17 කට වැඩි මුදලක් වංචා කළ ව්‍යාජ සමාගමක් පිළිබඳව කොළඹ කොටස් වෙළද පොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ව්‍යාජ සමාගමක නමකින් පෙනී සිටිමින් තැම්පත්කරුවන්ගෙන් මුදල් ලබාගෙන කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන බවටත් කොටස් වෙළඳ පොළේ ලියාපදිංචි මූල්‍ය සමාගමක් ලෙස මූල්‍ය උපදේශන සේවා සපයන බවටත් අඟවා මෙලෙස මුදල් වංචා කර ඇතැයි කොළඹ කොටස් වෙළඳපොලේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිරෝෂන් විජේසුන්දර සඳහන් කරනවා.
මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව රුපියල් මිලියන 17 කට වැඩි මුදලක් වංචා කර ඇති අතර එහිදී තැන්පත්කරුවන් කොපමණ පිරිසක් මෙම වංචාවට හසු වී ඇත්ද යන්න පිළිබඳව නිශ්චිත වශයෙන් සොයාගත නොහැකි බව ද ඔහු පවසනවා.
එම වංචනිකයින් ව්‍යාජ ජංගම යෙදුමක් හරහා තැන්පත්කරුවන්ගෙන් මූල්‍ය වංචා කර ඇති අතර මෙම වංචාව පසුගිය නොවැම්බර් මාසයේ සිට සිදුකර ඇති බවට ද තොරතුරු වාර්තා වෙනවා.
මෙම වංචාව සිදු කළ කිසිම පුද්ගලයකු මේ වන විටත් හඳුනාගෙන නොමැති අතර ඒ සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනටමත් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
කොළඹ කොටස් වෙළඳපොලේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ විධිමත් ක්‍රමවේදයකට අනුව කොටස් වෙළඳපොලේ මුදල් ආයෝජනය සඳහා යොමු වන ලෙසයි.
ඒ සඳහා අවශ්‍ය උපදෙස් හා ආයෝජනය කිරීම් සම්බන්ධව කොටස් වෙළඳපොළ හරහා ලබා ගන්නා ලෙසට ආයෝජනයන්ගෙන් ඉල්ලීමක් කරයි ෴
උසස් පෙළ විභාගය ජනවාරි 12 ඇරඹේ – උපකාරක පන්ති හෙට (06) මැදියම් රැයෙන් තහනම්
(05.01.2026 – 18:12 +0530 – sinhala.adaderana.lk)
2025 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ නොපැවැත්වූ විෂයයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම හෙට (06) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එම විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය හා බෙදාහැරීම විභාග ප්‍රශ්නපත්‍රවලට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර් හෝ අත් පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම මෙලෙස තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
යම් අයෙකු හෝ ආයතනයක් මෙම නියෝග නොසලකා කටයුතු කරන්නේ නම් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවකු වන බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.
2025 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ නොපැවැත්වූ විෂයයන් 2026 ජනවාරි මස 12 දින සිට 20 වන දින දක්වා විභාග මධ්‍යස්ථාන 2362 ක දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴