ගාල්ල මහ නගර සභාවේ නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයට ජල ප්‍රහාර එල්ලකිරීම : විපක්ෂ මන්ත්‍රීවරු 05 ක් අත්අඩංගුවට

ගාල්ල මහ නගර සභාවේ නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයට ජල ප්‍රහාර එල්ලකිරීම : විපක්ෂ මන්ත්‍රීවරු 05 ක් අත්අඩංගුවට


ගාල්ල මහ නගර සභාවේ නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයට ජල ප්‍රහාර එල්ලකිරීම : විපක්ෂ මන්ත්‍රීවරු 05 ක් අත්අඩංගුවට

(31.12.2025 – hirunews.lk)

ගාල්ල මහ නගර සභාවේ නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයට ජල ප්‍රහාර එල්ල කර රජයේ සේවකයින්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මහ නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරියක් ඇතුළු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු (5) අද (31) ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

මෙම සිද්ධිය ගාල්ල මහ නගර සභාව පැවැත්වූ ඊයේ (30) ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධියේදී සිදුවූවක්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගාල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ජිලිත් නිශාන්ත (එක්සත් ජාතික පක්ෂය), නිමාලි චම්පිකා (පොදු ජන එක්සත් පෙරමුණ), ප්‍රභාත් සෙනවිරත්න (සමගි ජන බලවේගය), එම්.එම්.එම්.යෙසීර් (එක්සත් ජාතික පක්ෂය), කපිල කොහොබන් (සමගි ජන බලවේගය)යන මන්ත්‍රීවරුන්.

මෙම සිද්ධියට අදාළව මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශය සටහන් කරගැනිමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (31) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

+++

30-12-2025

+


ලංකාවේ ප්‍රදේශ දෙකක් පකිස්තානය ඉල්ලයි – කැලිෆෝනියාව මිලදී ගැනීමට ඩෙන්මාර්කය එයි (31.12.2025)

+


ලතා වල්පොල මියැසි රැජිණියගේ අවමංගල්‍ය උත්සවය (31.12.2025)

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *