ගාල්ල මහ නගර සභාවේ නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයට ජල ප්‍රහාර එල්ලකිරීම : විපක්ෂ මන්ත්‍රීවරු 05 ක් අත්අඩංගුවට
(31.12.2025 – hirunews.lk)
ගාල්ල මහ නගර සභාවේ නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයට ජල ප්‍රහාර එල්ල කර රජයේ සේවකයින්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මහ නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරියක් ඇතුළු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු (5) අද (31) ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
මෙම සිද්ධිය ගාල්ල මහ නගර සභාව පැවැත්වූ ඊයේ (30) ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධියේදී සිදුවූවක්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගාල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ජිලිත් නිශාන්ත (එක්සත් ජාතික පක්ෂය), නිමාලි චම්පිකා (පොදු ජන එක්සත් පෙරමුණ), ප්‍රභාත් සෙනවිරත්න (සමගි ජන බලවේගය), එම්.එම්.එම්.යෙසීර් (එක්සත් ජාතික පක්ෂය), කපිල කොහොබන් (සමගි ජන බලවේගය)යන මන්ත්‍රීවරුන්.
මෙම සිද්ධියට අදාළව මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශය සටහන් කරගැනිමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (31) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
+++
ගාල්ල මහ නගර සභාවේ නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයට ජල ප්‍රහාර එල්ල කර රජයේ සේවකයින්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ගාල්ල මහ නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරියක් ඇතුළු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු (5) ඇප මත මුදාහැර තිබෙනවා ෴
ලංකාවේ ප්‍රදේශ දෙකක් පකිස්තානය ඉල්ලයි – කැලිෆෝනියාව මිලදී ගැනීමට ඩෙන්මාර්කය එයි (31.12.2025)
+
ලතා වල්පොල මියැසි රැජිණියගේ අවමංගල්‍ය උත්සවය (31.12.2025)
+++
+++
+
ආණ්ඩුවේ හෙංචයියෙක් විගණකාධිපති වීම වලකන ව්‍යවස්ථා ගැටයක් – සජිත් වැඩේට ලෑස්තිද ? (31.12.2025)
+
PickMe, Uber ගැටලුව සරල නෑ. මෙන්න තිත්ත කතාව (31.12.2025)
+
බැහැපන් හරිනි එළියට… බැහැපන් හරිනි එළියට… විමල් වීරවංශ අද හොඳම එකෙන් පටන් ගනියි (31.12.2025)
+
රටට මාට්ටු වූ හරිනිගේ අමුතු අධ්‍යාපනය! – පාසල් දරුවන්ට යැවූ ලින්ක් එකේ ඇත්ත කතාව (31.12.2025)
+
හරිණි ඉල්ලා අස්වෙනු , පනත තිබ්බ නම් හිරේ (31.12.2025)
+
ජේවීපී ආණ්ඩුවෙන් ලංකා පොලිසිය ඉගෙන ගත්තු පාඩම්… ගංජා ඇල්ලීම සහ රන්වල නොඇල්ලීම (30.12.2025)
+
ව්‍යවස්ථා සභාව පැලවත්තෙ රබර් සීල් එකක් වෙන්නට පෙර… විපක්ෂනායකට ගම්මන්පිලගෙන් අපූරු අදහසක් (31.12.2025)
+
අවතැන් වූ ජනතාව මානව හිමිකම් වෙත යයි… සුළිකුණාටුවට මාසයයි, තවමත් මුකුත් නෑ (30.12.2025)
+
ජවිපෙ ප්‍රාන්ත මැරයෝ ත්‍රස්ත වැඩ අරඹයි… නගර සභා / ප්‍රා සභා රත්වෙයි (31.12.2025)
+
මිනිස් ජීවිතවලට මොනවා වුණත්, වැඩකරමින් ඉගෙන ගැනීම… මේවා ගැන කියද්දී නලින්ද ඇයි කලබල වෙලා? (30.12.2025)
+
පාර්ලිමේන්තුව 2032ට දික් වෙයි! (30.12.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴