අලුත් විෂය නිර්දේශයෙන් හය වසරේ (6) සිසුන්ට සමලිංගික සහකරුවන් සොයාගන්න යොමුවක්.. මුද්‍රණය කර අවසන්.. බෙදාහැරීම අත්හිටවයි .. පරීක්ෂණයක් අරඹයි
(30.12.2025 – lankacnews.com)
අධ්‍යාපනික සංශෝධන ඔස්සේ පාසල් දරුවන් අතර සමලිංගිකත්වය ප්‍රචලිත කිරීමේ ප්‍රයත්නයක් පවතින බවට වර්තමානයේ විවේචන එල්ල වෙමින් පවතී.
හයවන (6) ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය ඉගෙනුම් කට්ටලයක අඩංගු වූ යොමුවක් (Link) හරහා සමලිංගික සහකරුවන් සොයා දෙන අන්තර්ජාල අඩවියක් වෙත යොමු කර ඇති බවට කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී අනාවරණය විය.
අදාළ වෙබ් අඩවිය නිරීක්ෂණය කිරීමේදී එය සමලිංගික සබඳතා සඳහා පුද්ගලයින් සම්බන්ධ කර දෙන වේදිකාවක් බව තහවුරු වී තිබේ.
මෙම සිදුවීමත් සමඟ අදාළ ඉගෙනුම් ද්‍රව්‍ය පාසල් වෙත ලබා දීම නතර කිරීමට රජය වහාම පියවර ගෙන ඇති අතර, මෙම බරපතළ වරද සිදු වූ ආකාරය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ද මේ වන විට ආරම්භ කර ඇත.
මේ අතර ‘අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව’ පවසන්නේ ‘ජාතික අධ්‍යාපන ආයතනය’ විසින් පිළියෙළ කළ, මේ වන විට මුද්‍රණය අවසන් කර ඇති, 6 ශ්‍රේණිය ඉංග්‍රිසි භාෂාවට අදාළ මොඩියුලයක යම් නුසුදුසු වෙබ් අඩවියක නාමය සඳහන්කර ඇති බවට ලද පැමිණිල්ලක් පිළිබඳ ව සොයා බැලූ අතර එම පැමිණිල්ල නිවැරදි බවට තහවුරු වී ඇති බවය.
එබැවින් වහාම එම මොඩියුලය බෙදාහැරීම අත්හිටවනු ලැබූ අතර මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද පැමිණිලි කිරීමට අපේක්ෂිත බවත් හෙතෙම පවසයි.
+++
+++
(31.12.2025 – lankacnews.com)
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය නිර්දේශයට ඇතුළත් කර තිබූ ආන්දෝලනාත්මක වෙබ් අඩවිය වෙත පිවිසීම මේ වන විට අවහිර කර ඇති බව වාර්තා වේ.
ඊයේ (30) දින දක්වා විවෘතව පැවති මෙම වෙබ් අඩවියට පිවිසීමට මේ වන විට බාධා එල්ල වී ඇති අතර, එය රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගයක් විය හැකි බව සැක පළ කරති.
නව විෂය නිර්දේශයේ කොටසක් ලෙස හඳුන්වා දී තිබූ මෙම වෙබ් අඩවිය හරහා, පාසල් දරුවන්ට සමලිංගික සහකරුවන් සොයා ගැනීමට ඉඩකඩ සලසා දී ඇති බවට පසුගිය දින කිහිපය පුරා සමාජය තුළ දැඩි විවේචනයක් එල්ල විය. දරුවන්ගේ සදාචාරයට සහ මානසික වර්ධනයට මෙවැනි අන්තර්ගතයන් අහිතකර ලෙස බලපාන බවට දෙමාපියන් සහ විවිධ සංවිධාන චෝදනා කළහ ෴
කළුතර රෝහල ඇතුළේදී රැකවල් මැද සිටි මත්ද්‍රව්‍ය රැඳවියෙකුට වෙඩි
(31.12.2025 – hirunews.lk)
කළුතර නාගොඩ මහ රෝහලට කඩා වැදුණු නාඳුනන තුවක්කුකරුවකු විසින් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.
ඔහු වාට්ටු අංක 14 රඳවා සිටියදීයි එම වෙඩි තැබීම සිදු කර ඇත්තේ.
රිවොල්වර වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
+++
+
කොහුවල සරණංකර පාරේ සිදුකල වෙඩි තැබීමකින් තරුණියකට තුවාල
(30.12.2025 – hirunews.lk)
කොහුවල බෝධියවත්ත සරණංකර පාර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩි වැදීමෙන් 16 හැවිරිදි ලාබාල තරුණියක තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ.
කෙසේ වෙතත් එම දැරියගේ යාබද නිවෙස ප්‍රහාරකයින්ගේ ඉලක්කය වී ඇති බවයි පොලිසිය වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
+++
+
‘දිට්වා’ අවම කර ගැනීමට අවශ්‍ය පියවර නොගත්තැයි නිතීඥයකුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අයිතිවාසිකම් පෙත්සමක්
(30.12.2025 – hirunews.lk)
දිවයිනට බල පෑ ‘දිට්වා’ සුලි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය අවම කර ගැනීමට අවශ්‍ය පියවර නොගැනීමෙන් සහ නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් ජනාධිපති, කැබිනට් මණ්ඩලය ඇතුළු බලධාරීන් විසින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණයවී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ඒ, මහනුවර ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයෙකු වන ‘කීර්ති බණ්ඩාර කිරිදෙන’ විසින්.
පැමිණිලිකරු පෙත්සම මගින් චෝදනා කරන්නේ මෙම සුළි කුණාටුව සම්බන්ධයෙන් බලධාරීන් නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම හේතුවෙන් දැඩි විනාශයක් සිදු වූ බවයි.
මෙම පෙත්සමෙහි උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය, ජාතික ආපදා කළමනාකරණ කමිටුවේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
පසුගිය දා ඇති වූ සුළි කුණාටු හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයට මහනුවර අධිකරණ සංකීර්ණය සහ අවට ප්‍රදේශය ද ගොදුරු වූ බව පෙත්සම්කරු පෙන්වා දී තිබෙනවා.
මහනුවර අධිකරණ සංකීර්ණයට යාබදව පිහිටා තිබූ සිය නීතිඥ කාර්යාලය ද ගංවතුරට ගොදුරු වූ අතර ඒ හේතුවෙන් එම කාර්යාලයේ තිබූ පරිගණක පද්ධතියේ තිබූ වැදගත් දත්ත රැසක් විනාශයට පත් වී ඇති බව පෙත්සම්කරු සඳහන් කර සිටිනවා.
නීතිඥවරයකු වූ තමන්ගේ වෘත්තිය කටයුතුවලට දැඩි බලපෑමක් මේ නිසා සිදුවී ඇති බව පවසන පෙත්සම්කරු පෙන්වා දෙන්නේ මේ තත්ත්වය සම්බන්ධයෙන් පෙර දැනුම් දීමක් කර තිබුණේ නම් සිදුවූ හානිය අවම කර ගැනීමට හැකියාව තිබූ බවයි.
ඇති වූ දැඩි වර්ෂාව නිසා කොත්මලේ ජලාශය වාන් දොරටු විවෘත කිරීමට පෙර දැනුම් දීමක් කර තිබුණේ නම් ගම්පොළ, මහනුවර ඇතුළු ප්‍රදේශවල ඇති වූ ආපදාවන් අවම කර ගැනීමට හැකියාව තිබූ බව ද පෙත්සම්කරු පෙන්වා දෙනවා.
මෙවැනි සුළි කුණාටු තත්ත්වයකදී ආපදාවන් ඇතිවීමට පෙර ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් වග උත්තරකරුවන් නොසැලකිලීමත් ලෙස කටයුතු කර ඇති බවටයි පෙත්සම්කරු සිය පෙත්සමනේ චෝදනා කරන්නේ.
පෙර සූදානමින් කටයුතු කර තිබුණේ නම් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට හැකියාව තිබූ බව පෙන්වා දෙන පෙත්සම්කරු වගඋත්තර කරුවන් නොසැලකිලිමත් ලෙස සහ රාජකාරිය පැහැර හරිමින් කටයුතු කිරීම හේතුවෙන් විශාල විනාශයක් සිදුවූ බව පෙත්සම්කාර නීතිඥවරයා තවදුරටත් සඳහන් කර සිටිනවා.
එබැවින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නා ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කරනවා.
වගඋත්තරකරුවන් ගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන්ගේ සහ මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී බවට මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි ඔහු සිය පෙත්සම මගින් ඉල්ලා සිටින්නේ ෴
යකඩ පාලමක කොටස් විකුණූ ආර්.ඩී.ඒ. තිදෙනෙක් (3)අත්අඩංගුවට
(30.12.2025 – hirunews.lk)
ගලවා ඉවත්කරන ලද යකඩ පාලමක ටොන් දෙකකට වඩා බැරැති කොටස් කඩුගන්නාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ 04 කට අළෙවි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ‘පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ’ කාර්මික නිලධාරියෙකු, වැඩ පරික්ෂකවරයෙකු හා රියැදුරෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් වසරකට පමණ ඉහතදී හඟුරන්කෙත පේරවංගුවේ තිබූ මෙම පාලමේ කොටස් පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ලොරි රථයකින්ම කඩුගන්නාවට රැගෙන ගොස් රුපියල් ලක්ෂ 04 ක පමණ මුදලකට විකුණා තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබුණා.
ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ අදාළ ස්ථානයේ නව පාලමක් ඉදි කිරීමේදී මොවුන් පැරණි පාලමේ කොටස් මෙලෙස අළෙවි කර තිබෙන බව ‘පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය’ පවසනවා.
පාලමේ යකඩවලින් කොටසක් පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට භාරදී ඉතිරි කොටස් අළෙවි කර තිබෙන බව මූලික විමර්ශන මගින් හෙළිව තිබෙනවා.
මෙම සේවකයින් තිදෙනා (3) සම්බන්ධයෙන් මූලීක විමර්ශනය සිදුකර මේ වනවිට විධිමත් විනය පරීක්ෂණය සිදු කරමින් පවතින බවත් එම අවස්ථාවේ සේවයේ සිටි වැඩ පරීක්ෂකවරයා මේ වනවිට විශ්‍රාම ගොස් සිටින බවත් වාර්තා වෙනවා.
සැකකරුවන් වලපනේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි මස 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලිසිය පරීක්ෂණ පවත්වනවා ෴
සරසවි ඇදුරන් වර්ජනයක
(30.12.2025 – hirunews.lk)
සියලූම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද (30) උදෑසන සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
යෝජිත විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට පෙර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විශ්වවිද්‍යාලවලට නව පීඨාධිපතිවරුන් සහ අංශාධිපතිවරුන් පත්කිරීම තාවකාලිකව අත්හිටුවීමට එරෙහිව මෙය ක්‍රියාත්මක බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ කියා සිටියේ.
මේ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන මුවාවෙන් සමලිංගිකත්වය ප්‍රවර්ධනයට රජය උත්සහ කරන බවට අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් චෝදනා කළා.
ඒ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ගැටළු සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කොළඹ ඊයේ (29) කැඳවා තිබු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ෴
ආපදාවට පත් ව්‍යවසායකයින්ට රු. මිලියන 25 දක්වා සහන ණය
(30.12.2025 – hirunews.lk)
ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ‘RE- MSME – ආපදා සහන ‘ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ ව්‍යවසායයන්ට මාස හයක (6) සහන කාලයක් සහිතව වසර තුනකින් (3) ගෙවීම සඳහා ක්ෂුද්‍ර ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් 250,000 ක් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් මිලියන 01 ක් දක්වා වාර්ෂිකව 3% ක පොලි අනුපාතයක් යටතේ ලංකා බැංකුව, මහජන බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකු මගින් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා එකී ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙන්නේ.
ආපදාවෙන් බලපෑමට ලක් වී ඇති මහා පරිමාණ ව්‍යවසායයන් ඇතුළු සියලුම ව්‍යවසායයන් වෙත ප්‍රතිලාභ ලබා දීමට හැකි වන පරිදි සහ පෞද්ගලික බැංකු ද දායක කර ගනිමින් එකී ණය යෝජනා ක්‍රමය වැඩි දුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව, ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ සියලු ව්‍යවසායයන්ට මාස 06 ක සහන කාලයක් සහිතව වසර 03 කින් ගෙවීම සඳහා ක්ෂුද්‍ර ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් 250,000 ක්, සුළු පරිමාණ ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් මිලියන 01 ක් සහ මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් මිලියන 25 ක් දක්වා වාර්ෂිකව 3% ක පොලී අනුපාතයක් යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු මගින් කාරක ප්‍රාග්ධන ණය පහසුකම් ලබා ගැනීමට හැකි වන පරිදි ‘විස්තීරණ ආපදා සහන ණය යෝජනා ක්‍රමය’ නමින් ණය යෝජනා ක්‍රමයක් සැලසුම් කර තිබෙනවා.
ඒ සඳහා රුපියල් බිලියන 5 ක ප්‍රතිපාදන වෙන් කිරීමටයි අපේක්ෂා කෙරෙන්නේ ෴
Apple විසින් iPhone පරිශීලකයින්ට හදිසි ආරක්ෂක අනතුරු ඇඟවීමක්
(30.12.2025 – hirunews.lk)
Apple සමාගම විසින් iPhone භාවිතාකරුවන්ට සිය උපාංග වහාම යාවත්කාලීන කරන ලෙස හදිසි ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
Apple සමාගම පවසන්නේ, ‘ඉතා සංකීර්ණ’ ලෙස විස්තර කළ සයිබර් ප්‍රහාරයන්හිදී සිදුවිය හැකි බරපතළ මෘදුකාංග දුර්වලතා දෙකක් (2) හඳුනාගෙන ඇති බවයි.
මෙම සතියේ නිකුත් කළ ආරක්ෂක නිවේදනයකට අනුව, මෙම දෝෂය Safari විසින් භාවිතා කරන බ්‍රව්සර් එන්ජිම වන WebKit බ්‍රව්සර් එන්ජිම සහ iOS හි සියලුම තෙවන පාර්ශවීය බ්‍රව්සර් වලට මෙය බලපා ඇති බවයි.
මෙම දුර්වලතා හේතුවෙන්, පරිශීලකයෙකු අනිෂ්ට වෙබ් අඩවියක් නැරඹීමෙන් පමණක්, උපාංගයට හානිදායක code ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බවයි Apple සමාගම පෙන්වා දෙන්නේ.
මෙම ගැටලු නිරාකරණය කිරීම සඳහා Apple විසින් iPhone, iPad සහ අනෙකුත් Apple උපාංග සඳහා හදිසි යාවාත්කාලීන (emergency software update) කිරීමක් නිකුත් කර ඇති අතර, ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා එම යාවත්කාලීනය වහාම ස්ථාපනය කරන ලෙස පරිශීලකයින්ට දැඩි ලෙස උපදෙස් ලබා දී ඇති බව සඳහන්.
Apple සමාගමේ iPhone පරිශීලකයින් ගණන බිලියන 1.8 කට ආසන්න වුවද, මෙම අනතුරු ඇඟවීම මගින් ඒ සියලුම උපාංග විශාල බිඳ වැටීමකට ලක්ව ඇති බවක් අර්ථ නොකෙරෙන බව සහ මෙම updates ස්ථාපනය නොකළහොත් ඇතිවිය හැකි අවදානම පිළිබඳ අවධානය යොමුකළ යුතු බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.
මෙම ප්‍රහාරයන් පිටුපස සිටින පාර්ශවය හෝ ඉලක්ක වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු Apple විසින් ආරක්ෂක හේතු මත අනාවරණය කර නොමැති අතර Apple සමාගම පවසන්නේ, මෙම සිදුවීම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතින අතර, සියලුම පරිශීලකයින් තම උපාංග නවතම ආරක්ෂක updates සමඟ නිතරම යාවත්කාලීන කර තබා ගැනීම අත්‍යවශ්‍ය බවයි ෴
වටගල – නලින්ද – බිමල් – හඳුන් -වසන්ත මාලිමා ඇමතිලාට වැඩ වරදින හැටි මෙන්න (30.12.2025)
+
ක්‍රීඩා අමාත්‍යංශය බාල මෙට්ට ගෙන්නලා – මාලිමාවේ ජඩවැඩ ගැන ක්‍රීඩකයෙක් හෙළි කරයි (30.12.2025)
+
උඹල අපේ රටේ දියුණුවට සත පහක් දීලා නෑ Pickme ආයතනයේ හෙළුව රටට දිග අරියි (30.12.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴