නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සඟ සමුළුවේ දැඩි විරෝධය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සඟ සමුළුවේ දැඩි විරෝධය


නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සඟ සමුළුවේ දැඩි විරෝධය

(29.12.2025 – 22:30 +0530 – sinhala.adaderana.lk)

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම හරහා රටේ දරු පරපුරත්, වත්මන් ආණ්ඩුවත් යන දෙකම විනාශ වන බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ අද (29) පැවති සඟ සමුළුවකට එක්වෙමින්ය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණු පිළිබඳ පැහැදිලි කිරීම සඳහා සංවිධාන කළ සඟ සමුළුවක් කොළඹ පදනම් ආයතනයේදී අද (29) පස්වරුවේ පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ :

“ජේ.ආර්. ජයවර්ධන කියලා කියන්නේ අපේ කාලයේ අපි දැක්ක ආඥාදායකයා. කවුරු කොහොම කිව්වත් මේක ක්‍රියාත්මක කරනවා කරනවාමයි කියලා ජේ.ආර්.වත් කිව්වේ නැහැ. ජේ.ආර්. ගේ බෑණ වන රනිල් වික්‍රමසිංහ මහත්තයාවත් එහෙම කිව්වේ නැහැ. දැන් මෙම අවස්ථාවේදී කිසිම කෙනෙකුට කුමන ආකාරයක හෝ අදහස් ඉදිරිපත් කිරීමක් කරන්න අවස්ථාවක් නෑ. ඒවා දැන් ගුරු පුහුණු ආරම්භ කිරීම් කරලා තියෙනවා. පුහුණු වෙන ගුරුවරුන්ගේ අදහස්වත් සලකා බලන්නේ නැහැ. උඩින් ඇවිත් තියෙන යෝජනාව අනිවාර්යෙන්ම පිළිපැදිය යුතුයි කියලා කියන තැනකට ඇවිදිල්ලා තමයි තියෙන්නේ.”

“ඒ හින්දා තමයි අපි මේක කියන්නේ මේ දීර්ඝ සාකච්ඡාවක් අවශ්‍යයි. විෂය ප්‍රවීණයන්ගේ අදහස් අවශ්‍යයි. අත්දැකීම් බර ප්‍රජාවකගේ අදහස් අවශ්‍යයි. අනිත් එක මේ රට අද වෙනකොට මුහුණ දෙමින් සිටින්න දැවැන්තම අර්බුදය මේ අධ්‍යාපනයේ විෂය නිර්දේශය වෙනස් කිරීමද? වෙනස් කරනවා නම් වෙනස් කරන්න ඕන කරන්නේ මේ විදියටද? ඒ හින්දා ප්‍රශ්න ගොන්නක්. තේරෙන සිංහලෙන් කිව්වොත් ‘අතීසාරයට අමඩේ ගහනවා’ වගේ. රවුම් මූඩියක් ගහන්න හදන්නේ හතරැස් බෝතලයකට. මේක හරියට ක්‍රියාත්මක වෙන්න ගියොත් අනාගත දරුවා විනාශ වෙනවා. දෙක මේ ආණ්ඩුව විනාශ වෙනවා. අගමැතිතුමිය කරන්න හදන්නේ. ආන් ඒක.”

+++

හය (6) වසරේ අධ්‍යාපනය මොඩියුලේට සමලිංගික Web එකක් දාලා – මේවා බඩේ ඉන්න ළමයගේ ඉඳන් බලපාන ප්‍රශ්න (29.12.2025)

+++

තව සතියයි තියෙන්නේ… හයේ ළමයි ලොකු අවුලක ? බරපතල ප්‍රශ්න ගොඩක් විදුහල්පතිවරු ඇදල ගනී… (29.12.2025)

+++

ඉස්කෝල ප්‍රශ්නේ ආයෙත් උඩ එයි | මුස්ලිම් ඉස්කෝලවලට දාපු අමුතු නීතියත් ස්ටාර්ලින් පත්තු කරයි… (29.12.2025)

+


කවුද ඩුබායි හැදුවේ, කවුද ලංකාවට කෙලියේ ? (29.12.2025)

+


ජේවීපීකාරයො දන්නා එකම භාෂාව තමයි ත්‍රස්තවාදය… හැබැයි ප්‍රැක්ටිස් කරනකොට බලාගෙන (29.12.2025)

+

නන්දන ගුණතිලක දැන් සද්දයක් නෑ නේද ? කෝල් එකක් දීලා සමාදාන වෙලාද දන්නෑ (29.12.2025)

+


රු. ලක්ෂ 50 දෙනවා කියා රු. ලක්ෂ 5 ක් දෙන ආණ්ඩුවේ රෙදි ගැලවෙයි! (29.12.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *