ජීවිත ආරක්ෂාව ඉල්ලා සූරියකන්දේ පොලිස් කොස්තාපල් ගෙන් පැමිණිල්ලක්
ජීවිත ආරක්ෂාව ඉල්ලා සූරියකන්දේ පොලිස් කොස්තාපල් ගෙන් පැමිණිල්ලක්
(28.12.2025 – 16:54 +0530 – sinhala.adaderana.lk)
පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම කුමාර සමග ඇති වූ සිද්ධියෙන් පසු වැඩතහනමට ලක්ව සිටින සූරියකන්ද පොලීසියට අනියුක්තව සේවය කළ කොස්තාපල්වරයා ප්‍රකාශයක් ලබාදීමට සඳහා කොලොන්න පොලීසිය වෙත අද (28) පැමිණියේය.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් රත්නපුර නියෝජ්‍ය පොලිස්පති වෙත පෙරේදා (26) කරන ලද ලිඛිත පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස පැමිණි බවය.

තමාට පහරදුන් සැකකරුවන් කිසිවෙකුත් මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත්, ඔවුන් නිදැල්ලේ සිටීම තමාගේ සහ සිය පවුලේ අයගේ ජීවිතවලට තර්ජනයක් බවත් ඔහු සඳහන් කළේය.
ඒ හේතුවෙන් තමා පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලූ බවද පොලිස් කොස්තාපල්වරයා මාධ්‍ය වෙත පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන තෙක් ඔහුට සාධාරණයක් ඉටු වී නොමැති බවය.
+++
+
අභාවප්‍රාප්ත ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය ගැන නිවේදනයක්
(28.12.2025 – 20:33 +0530 – sinhala.adaderana.lk)
කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (28) නිවේදනයක් නිකුත් කළේය.
දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව,
- දේහය 2025 දෙසැම්බර් මස 31 වන දින පෙ.ව. 10:00 සිට ප.ව. 02:00 දක්වා කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරේ.
- එදින පස්වරු 02:00 ට ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය බොරැල්ල පොදු සුසාන භූමියට රැගෙන ගොස් එහිදී අවසන් කටයුතු සිදු කෙරේ.
- එසේම 2025.12.28 රාත්‍රී 11:00 දක්වා ද, 2025.12.29 සහ 2025.12.30 දෙදින පෙරවරු 09:00 සිට රාත්‍රී 10:00 දක්වා ද බොරැල්ල ‘ජයරත්න රෙස්පෙක්ට්’ ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරේ.
+++
+++
+++
+++
+
ජනමාධ්‍ය මර්දනය ඇරඹෙන්නේ ආණ්ඩුවක අවසාන කාලයේදීයි… ජේවීපී එන්පීපී ආණ්ඩුව දැන් ඉන්නේ එතැනයි (28.12.2025)
+
මේ පාණ්ඩුව පෙරළන්න දෙයක් නෑ, පෙරළිලා තියෙන්නෙ… ජේවීපීකාරයින්ගේ සුපුරුදු මර්දනය ඇරඹෙයි (28.12.2025)
+
අනුරට වඩා බැසිල් හොඳට කළා – චරිත් අබේසිංහගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය (27.12.2025)
+
මාලිමාවේ ‘ඩෝබි බලකායට’ කෑම වේලක් දෙන්න දානපතියෙක් ඕන! (28.12.2025)
+
අනුර සිරි ලංකා පොලීසිය සම්පූර්ණයෙන්ම (ස්වා)ධීන කරයි! (28.12.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴