ලබන 29 වැනිදා සිට පළාත් 5 කට තද වැසි : ආපදා කණ්ඩායම් සහ ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
ලබන 29 වැනිදා සිට පළාත් 5 කට තද වැසි : ආපදා කණ්ඩායම් සහ ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
(27.12.2025 – hirunews.lk)
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි දිනවලදී බලපෑ හැකි වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සහන කණ්ඩායම් සීරුවෙන් තබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ සඳහන් කළේ, දෙසැම්බර් මස 09 වැනිදා සිට ක්‍රියාත්මක වූ ඊශාන දිග මෝසම් තත්ත්වය මේ වන විට තවදුරටත් සක්‍රීය වී ඇති බවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ අනුව, නැගෙනහිර ප්‍රදේශයේ ඇති වී තිබෙන තරංගාකාර සුළං ප්‍රවාහයක් හේතුවෙන් දෙසැම්බර් 29 වැනිදා සිට වර්ෂාපතනය ඉහළ යා හැකි බව ඔහු පෙන්වා දෙනවා.
ඒ අනුව, උතුරු, උතුරු මැද, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලට වැසි ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවයි ඔහු සඳහන් කළේ.
පවතින තත්ත්වය හමුවේ සිදුවිය හැකි ආපදා අවම කරගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළ අතර, ඒ අනුව, හදිසි සහන සේවා සඳහා අමතර බලඇණි, ගුවන්යානා, නාවික බෝට්ටු කණ්ඩායම් යන සියල්ල සූදානම් කර තබන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴