ලබන 29 වැනිදා සිට පළාත් 5 කට තද වැසි : ආපදා කණ්ඩායම් සහ ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
ලබන 29 වැනිදා සිට පළාත් 5 කට තද වැසි : ආපදා කණ්ඩායම් සහ ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
(27.12.2025 – hirunews.lk)
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි දිනවලදී බලපෑ හැකි වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සහන කණ්ඩායම් සීරුවෙන් තබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ සඳහන් කළේ, දෙසැම්බර් මස 09 වැනිදා සිට ක්‍රියාත්මක වූ ඊශාන දිග මෝසම් තත්ත්වය මේ වන විට තවදුරටත් සක්‍රීය වී ඇති බවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ අනුව, නැගෙනහිර ප්‍රදේශයේ ඇති වී තිබෙන තරංගාකාර සුළං ප්‍රවාහයක් හේතුවෙන් දෙසැම්බර් 29 වැනිදා සිට වර්ෂාපතනය ඉහළ යා හැකි බව ඔහු පෙන්වා දෙනවා.
ඒ අනුව, උතුරු, උතුරු මැද, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලට වැසි ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවයි ඔහු සඳහන් කළේ.
පවතින තත්ත්වය හමුවේ සිදුවිය හැකි ආපදා අවම කරගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළ අතර, ඒ අනුව, හදිසි සහන සේවා සඳහා අමතර බලඇණි, ගුවන්යානා, නාවික බෝට්ටු කණ්ඩායම් යන සියල්ල සූදානම් කර තබන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.
+
මාධ්‍යට අත තිබ්බොත් ඒ තොපේ අවසානයයි ! – උඹලට සත පහකට බය නෑ යකෝ…. (27.12.2025)
+
රටම බියෙන් සලිත කරපු විෂ එන්නත් ගැන සිවිල් ක්‍රියාකාරීන් රටට කරපු භායනක හෙළිදරව්ව (27.12.2025)
+++
බාල බෙහෙත් ගැන වෛද්‍ය චමල් රටට හෙළිකරයි – සෞඛ්‍ය අංශවල ලොක්කන්ට වැඩ වරදින ලකුණු – CID ළඟ උණුසුම් තත්ත්වයක් (27.12.2025)
+
කැන්ටිමා vs කක්කි ශුදා ජනවාරි 07 වලියක් ? (28.12.2025)
+
හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ලබන බදාදා (31)
(28.12.2025 – 11:06 +0530 – sinhala.adaderana.lk)
‘හෙළයේ ගීත කෝකිලාවිය’ කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් 31 වන බදාදා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකිරීමට නියමිතය.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ ඒ මහත්මියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට රජය තීරණය කළ බවය.
දේහය අද (28) පස්වරු 03:00 සිට රාත්‍රී 10:00 දක්වා පුද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරෙන අතර එළැඹෙන 31 වනදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන යෑමෙන් අනතුරුව බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.
රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එතුමිය ඊයේ (27) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
මියයන විට ලතා වල්පොල මහත්මිය 91 වන වියේ පසුවුණි.
වර්ෂ 1934 දී උපත ලැබු ‘රීටා ජෙනවිට් ප්‍රනාන්දු’ පසුකාලීනව ‘ලතා වල්පොළ’ යන නමින් ජනාදරයට පාත්‍ර වුණි.
ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී එවක ‘රේඩියෝ සිලෝන්’ හි තම පළමු ගායනය ඉදිරිපත් කරනු ලබන්නේ වයස අවුරුදු 12 ක පුංචි දැරියක් ලෙසයි.
ඇය මේ වනවිට ගීත හයදහසකට (6000) අධික සංඛ්‍යාවක් ගායනා කර ඇති අතර ඒ අතර විදෙස් භාෂා ගීත ද ඇතුළත්ය.
සිනමාවේ සදාකාලික ‘ගී රාජිනිය’ යන අන්වර්ථ නාමයෙන් ද ලතා වල්පොල මහත්මිය හදුන්වනු ලැබීය.
1953 වසරේ දී එදා රෑ චිත්‍රපටයෙන් සිනමා පසුබිම් ගායනයට පිවිසි ඇය ගෙවුණු දශක කිහිපය තුළ චිත්‍රපටි 600 කට අධික ප්‍රමාණයකට තම හඬ දායකත්වය ලබා දී තිබේ.
සරසවි සම්මාන 5 ක්, ජනාධිපති සම්පාන 2 ක්, කලාශුරි සම්මානය ඇතුළු සම්මාන රැසකින් ලතා වල්පොල මහත්මිය පිදුම් ලැබුවේ ඇය සතු වූ ගායන කෞශල්‍යය හේතුවෙන්ය ෴
+++
+++
70Lankare | 70 ලංකාරේ | Latha Walpola | ලතා වල්පොල (07.11.2020)
+++
+
කීල්ස් – අනුරාධපුර : එයා අතේ තුවාලෙට දාපු ප්ලාස්ටර් එක අල්ල අල්ල එළවළු පලතුරු කස්ටමස්ලට දෙන්නේ කොහොමද ? (28.12.2025)
+
උඹලට බෑ මාධ්‍යයට අත තියන්න හරිද ?? – අපි ජනතාව පාරට බස්සන එක බස්සනවා (28.12.2025)
+
මිහින්තලේ කටු සෑය මල් ආසන කඩලා – මාලිමාවේ කයියෝ උඹලා මේවට වගකියන්න ඕනේ (28.12.2025)
+
“ඒ අක්කා වඳුරෙක් වගේ වෙච්ච මූණෙන් මගේ දිහා බලන් හිටියා” | Episode 97 | අසංග Live 10 යි 10 ය (26.12.2025)
+
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හරහා මාධ්‍ය මර්ධනයට සැලසුම් කරනවා | සරත් ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් (28.12.2025)
+
බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ඇතුළු පිරිසක් රටම කැලඹෙන අනාවරණ රැසක් කරයි (28.12.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴