සූරියකන්ද පොලීසියේ වැඩ තහනම් කළ නිලධාරියාගේ ප්‍රකාශයට පොලීසියෙන් නිවේදනයක්
සූරියකන්ද පොලීසියේ වැඩ තහනම් කළ නිලධාරියාගේ ප්‍රකාශයට පොලීසියෙන් නිවේදනයක්
(27.12.2025 – 18:50 +0530 – sinhala.adaderana.lk)
සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු හා ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් වූ වැඩිදුර වාර්තාවක් පොලීසිය විසින් නිකුත් කර තිබේ.
එමගින් පොලීසිය පෙන්වා දෙනුයේ අදාළ සිදුවීමට අනුව වැඩතහනම් කරන ලද සූරියකන්ද පොලිස් සථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ බිරිඳ විසින් ශ්‍රී ලංකා පොලීසිය කෙරෙහි විවේචනාත්මක අදහස් පළ කරමින් විවිධ මාධ්‍යන් වෙත ප්‍රකාශ ලබා දී ඇති බවය.
එම ප්‍රකාශ මගින් අදාළ පොලිස් කොස්තාපල්වරයාට පහරදී යතුරුපැදිය පැහැරගෙන ගිය පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් එම නිලදාරියා විසින් කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් පොලීසිය විසින් කිසිදු විමර්ශනයක් සිදුකර නොමැති බවටත් සඳහන් වී ඇතැයිද පොලීසිය පවසයි.
කෙසේ නමුත් අදාළ සිදුවීම සම්බන්ධව මෙම පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ බිරිඳ විසින් කොළොන්න පොලීසියට සිදුකර ඇති පැමිණිලි සම්බන්ධයෙන් කොළොන්න පොලිස් ස්ථානය මගින් හා ඇඹිලිපිටිය අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලීසිය සිය නිවේදනය මගින් සඳහන් කර ඇත.
එමෙන්ම සිද්ධිය සිදුවූ පසුගිය 20 වැනි දින කොළොන්න පොලිස් ස්ථානයේ රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට ගොස් මෙම සිදුවීම සම්බන්ධයෙන් මූලික විමර්ශන ආරම්භ කර ඇති බවත් එහිදි නිලධාරියාගේ යතුරුපැදිය සිද්ධිය වූ ස්ථානයේ තිබී පොලිස් භාරයට ගත් බවත් සඳහන් කර ඇති පොලීසිය සිය නිවේදනය මගින් පෙන්වා දෙනුවේ මෙම නිලධාරියාගේ සහ ඔහුගේ බිරිඳගේ ප්‍රකාශ හා තවත් දෙදෙනෙකුගේ ප්‍රකාශද පොලීසිය විසින් සටහන් කර ගෙන ඇති බවත් නිලධාරියාට ඇඹිලිපිටිය රෝහල් පොලීසිය මගින් අධිකරණ වෛද්‍ය පෝරමයක්ද නිකුත් කළ බවය.
තවද ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව පහරදීම සිදුකළ බව පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිද්ධිය වූ බවට පැවසෙන ස්ථානය අසල පදිංචිකරුවන් තිදෙනෙකුගෙන් (3), නිලධාරියා රෝහලට රැගෙන ගිය පුද්ගලයා ඇතුළු 10 දෙනෙකුගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පොලීසිය මෙමගින් සඳහන් කර ඇත.
සිද්ධිය වූ බවට පැවසෙන ස්ථානය ආසන්නයේ නිවසක තිබූ ආරක්ෂක කැමරාවල වීඩියෝ දර්ශන ලබා ගැනීමට කටයුතු කර ඇති අතර එම නිවැසියාගේද ප්‍රකාශයක් සටහන් කර ඇතැයිද සිය නිවේදනය මගින් පෙන්වා දී ඇති පොලීසිය එමගින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුගිය 22 වැනි දින ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති බවත් ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ඉදිරි විමර්ශන කටයුතු සිදුකරගෙන යනු ලබන බවත්ය ෴
මගේ අම්මාගේ අවසන් මොහොතේ… ‘හෙඩ් නර්ස්’ ඇවිත් හරි සද්දෙට කෑ ගැහුවා (27.12.2025)
(අතිඋත්තම ‘හෙඩ් නර්ස්’ මහරැජිණට ‘ඔයා’ යනුවෙන් ඇමතීමේ මහා අපරාධය …!)
+
මෝටර් රථයක් දුම්රියේ ගැටී තිදෙනෙකු රෝහලට
(27.12.2025 – 21:50 +0530 – sinhala.adaderana.lk)
බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ කොස්ගම පියගම ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට අනාරක්ෂිත ලෙස ඇතුළු කළ මෝටර් රථයක් අද (27) පස්වරුවේ දුම්රියේ ගැටී තිබේ.
කොස්ගොඩ පොලීසිය පැවසුවේ අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු (3) බරපතළ තුවාල ලබා බලපිටිය සහ කරාපිටිය ශික්ෂණ රෝහළට ඇතුළත් කළ බවය.

මෙම දුම්රිය හරස් මාර්ගයේ වර්ණ සංඥා පද්ධතියක් ක්‍රියාත්මක වෙමින් තිබූ අතර ආරක්ෂිත සීනුවද නාද වෙමින් තිබියදී මෙම මෝටර් රථය දුම්රිය මාර්ගය තුළට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.
දුම්රියේ ගැටුණු මෝටර් රථය විසි වී ගොස් ඇති අතර මෝටර් රථයේ සිටි පියා, පුතා සහ ඥාති කාන්තාවක් මෙලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇත.
අනතුර සම්බන්ධව කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති ෴
හෙළයේ ගීත කෝකිලාවිය කලාශූරී ලතා වල්පොල දිවි ගමනට සමුදෙයි
(27.12.2025 – 20:12 +0530 – sinhala.adaderana.lk)
හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඇය 92 වන වියේ පසුවුණි.
වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු 12 ක පුංචි දැරියක් ලෙසය.
ඇය ගීත දස දහසකට (10,000) අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර, ඒ අතර විදෙස් භාෂා ගීත ද වේ.
සිනමාවේ සදාකාලික ‘ගී රාජිනිය’ ලෙසද ලතා වල්පොල මහත්මිය විරුධාවලි ලබා ඇත.
1953 වසරේ දී ‘එදා රෑ’ චිත්‍රපටයෙන් සිනමා පසුබිම් ගායනයට පිවිසි ඇය ගෙවුණු දශක කිහිපය තුළ චිත්‍රපටි 600 කට අධික ප්‍රමාණයකට තම හඬ දායකත්වය ලබාදී තිබේ ෴
+++
+++
+++
+++
+++
+++
+++
+
කුඩා මෝටර් රථ බදු අඩු කරන්නැයි වාහන ආනයනකරුවෝ ඉල්ලති
(27.12.2025 – hirunews.lk)
මෙරටට ආනයනය කරන ලද වාහන ලියාපදිංචිය ප්‍රමාද වීමේදී අය කරන 3% ක දඩ මුදල ඉවත් කරන ලෙස වාහන ආනයනකරුවන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම පැවති ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට වාහන අලෙවිය පහළ වැටීම සැලකිල්ලට ගෙන කුඩා මෝටර් රථ ආනයනයේදී අය කරන බදු ප්‍රතිශතයද අඩු කරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලනවා.
2025 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ අලුතින් වාහන 268,544 ක් ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ඔක්තෝබර් මාසය සඳහා වූ මාසික ආර්ථික දර්ශක වාර්තාවේ දැක්වෙනවා.
එය 2024 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 370.4% ක වර්ධනයක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.
මේ වසරේ ඔක්තෝබර් මාසයේදී පමණක් නව වාහන 48,006 ක් ලියාපදිංචි කර ඇති බවයි මහ බැංකු වාර්තාවේ දැක්වෙන්නේ.
එමෙන්ම 2025 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ මෙරටට රුපියල් මිලියන 89,052 ක පමණ වටිනාකමකින් යුත් වාහන හා යන්ත්‍ර සූතු කොටස් ද ආනයනය කර තිබෙනවා.
එය 2024 වසරේ මෙම කාලසීමාවට සාපේක්ෂව 21% ක වර්ධනයක්.
+
අම්බලන්ගොඩ කෝසල ඝාතනයට හිටපු පොලිස් ලොක්කෙකුගේ නමකුත් ඈඳෙයි
(27.12.2025 – 19:12 +0530 – sinhala.adaderana.lk)
අම්බලන්ගොඩ වෙළෙඳ ප්‍රදර්ශනාගාර කළමනාකරුගේ ඝාතනය සිදුකළ වෙඩික්කරු සහ යතුරුපැදිකරු හිටපු පොලිස් ප්‍රධානියෙකුට අයත් බවට පැවසෙන නිවසක රැඳීසිටිමින් ඝාතනය මෙහෙයවා ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.
එය මහනුවර අංකුඹුර ප්‍රදේශයේ පිහිටි නිවසක් බවද සඳහන් වේ.
පොලිස් කණ්ඩායම් එම නිවසට යන විටත් සැකකරුවන් පලාගොස් තිබූ බව ද වාර්තා වේ.
අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳ ප්‍රදර්ශනාගාරයක කළමනාකරුවෙකු පසුගිය දෙසැම්බර් 22 වනදා වෙඩි තබා ඝාතනය කෙරුණේ එම පරිශ්‍රය තුළදීය.
සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකළ අතර එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය කිරිබත්ගොඩදී සහ මාකොළදී පසුගියදා පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත්තේය.
එම සැකකරුවන් පවසා ඇත්තේ, වෙඩික්කරුවන්ට පලායාමට ප්‍රවාහන පහසුකම් ලබාදුන්නේ සහ ඔවුන් සම්බන්ධීකරණය කළේ තමන් බවය.
ඒ විදෙස්ගතව සැඟව සිටින ‘කරන්දෙණිය සුද්දා’ගේ උපදෙස් මත බවටත් හෙළි වී ඇත.
පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය හා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය එක්ව සිදුකළ විමර්ශනයේදී තවත් තිදෙනෙක් (3) අත්අඩංගුවට ගනුලැබූ අතර ඝාතනයට ගිනිඅවි ලබාදුන් කාන්තාව ද ඒ අතර වන බව සඳහන් වේ.
හික්කඩුව ප්‍රදේශයේදී ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනය සඳහා භාවිත කළ බව කියන පිස්තෝලය හා රිවෝල්වරය ද සමගිනි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී හෙළි වී ඇත්තේ වෙඩික්කරු සහ යතුරුපැදිකරු නුවර, අංකුඹුර පිහිටි අදාළ සුඛෝපභෝගී නිවසකට පසුගිය 07 වැනිදා පැමිණ 21 වැනිදා දක්වා එහි නවාතැන්ගෙන සිට ඇති බවය.
දෙසැම්බර් 22 වැනිදා අම්බලන්ගොඩට පැමිණ අපරාධය සිදුකොට නැවතත් ඔවුන් දෙදෙනා (2) පලාගොස් ඇත්තේද නුවර අංකුඹුර පිහිටි එම සුඛෝපභෝගී නිවසටම බව ද වාර්තා වේ.
එම නිවස සම්බන්ධයෙන් සෝදිසි මෙහෙයුම් කරන විටත් වෙඩික්කරු සහ යතුරුපැදිකරු නිවසින් පලාගොස් තිබුණි.
මෙම ඝාතනය ‘කොස්ගොඩ සුජී, ගොත අංසක, කරන්දෙණිය සුද්දා, ඔහුගේ මල්ලි වන කරන්දෙණිය රාජු, දොලා, දසුන් මානවඩු’ යන අපරාධකරුවන් සියලුදෙනා එක්ව සිදුකර ඇති බව සිදුකළ පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
කෙසේවෙතත් ඝාතනය වූ ‘කෝසල’ නමැත්තා ‘කොස්ගොඩ සුජී’ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන ‘ඌරගහ මයිකල්’ නැමැත්තා සමඟ සමීප සබඳතා පැවැත්වීම ඝාතනයට හේතුව බව පොලිසිය පවසයි ෴
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
