සූරියකන්ද පොලීසියේ වැඩ තහනම් කළ නිලධාරියාගේ ප්‍රකාශයට පොලීසියෙන් නිවේදනයක්

සූරියකන්ද පොලීසියේ වැඩ තහනම් කළ නිලධාරියාගේ ප්‍රකාශයට පොලීසියෙන් නිවේදනයක්


සූරියකන්ද පොලීසියේ වැඩ තහනම් කළ නිලධාරියාගේ ප්‍රකාශයට පොලීසියෙන් නිවේදනයක්

(27.12.2025 – 18:50 +0530 – sinhala.adaderana.lk)

සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු හා ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් වූ වැඩිදුර වාර්තාවක් පොලීසිය විසින් නිකුත් කර තිබේ.

එමගින් පොලීසිය පෙන්වා දෙනුයේ අදාළ සිදුවීමට අනුව වැඩතහනම් කරන ලද සූරියකන්ද පොලිස් සථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ බිරිඳ විසින් ශ්‍රී ලංකා පොලීසිය කෙරෙහි විවේචනාත්මක අදහස් පළ කරමින් විවිධ මාධ්‍යන් වෙත ප්‍රකාශ ලබා දී ඇති බවය.

එම ප්‍රකාශ මගින් අදාළ පොලිස් කොස්තාපල්වරයාට පහරදී යතුරුපැදිය පැහැරගෙන ගිය පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් එම නිලදාරියා විසින් කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් පොලීසිය විසින් කිසිදු විමර්ශනයක් සිදුකර නොමැති බවටත් සඳහන් වී ඇතැයිද පොලීසිය පවසයි.

කෙසේ නමුත් අදාළ සිදුවීම සම්බන්ධව මෙම පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ බිරිඳ විසින් කොළොන්න පොලීසියට සිදුකර ඇති පැමිණිලි සම්බන්ධයෙන් කොළොන්න පොලිස් ස්ථානය මගින් හා ඇඹිලිපිටිය අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලීසිය සිය නිවේදනය මගින් සඳහන් කර ඇත.

එමෙන්ම සිද්ධිය සිදුවූ පසුගිය 20 වැනි දින කොළොන්න පොලිස් ස්ථානයේ රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට ගොස් මෙම සිදුවීම සම්බන්ධයෙන් මූලික විමර්ශන ආරම්භ කර ඇති බවත් එහිදි නිලධාරියාගේ යතුරුපැදිය සිද්ධිය වූ ස්ථානයේ තිබී පොලිස් භාරයට ගත් බවත් සඳහන් කර ඇති පොලීසිය සිය නිවේදනය මගින් පෙන්වා දෙනුවේ මෙම නිලධාරියාගේ සහ ඔහුගේ බිරිඳගේ ප්‍රකාශ හා තවත් දෙදෙනෙකුගේ ප්‍රකාශද පොලීසිය විසින් සටහන් කර ගෙන ඇති බවත් නිලධාරියාට ඇඹිලිපිටිය රෝහල් පොලීසිය මගින් අධිකරණ වෛද්‍ය පෝරමයක්ද නිකුත් කළ බවය.

තවද ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව පහරදීම සිදුකළ බව පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිද්ධිය වූ බවට පැවසෙන ස්ථානය අසල පදිංචිකරුවන් තිදෙනෙකුගෙන් (3), නිලධාරියා රෝහලට රැගෙන ගිය පුද්ගලයා ඇතුළු 10 දෙනෙකුගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පොලීසිය මෙමගින් සඳහන් කර ඇත.

සිද්ධිය වූ බවට පැවසෙන ස්ථානය ආසන්නයේ නිවසක තිබූ ආරක්ෂක කැමරාවල වීඩියෝ දර්ශන ලබා ගැනීමට කටයුතු කර ඇති අතර එම නිවැසියාගේද ප්‍රකාශයක් සටහන් කර ඇතැයිද සිය නිවේදනය මගින් පෙන්වා දී ඇති පොලීසිය එමගින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුගිය 22 වැනි දින ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති බවත් ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ඉදිරි විමර්ශන කටයුතු සිදුකරගෙන යනු ලබන බවත්ය ෴


මගේ අම්මාගේ අවසන් මොහොතේ… ‘හෙඩ් නර්ස්’ ඇවිත් හරි සද්දෙට කෑ ගැහුවා (27.12.2025)

(අතිඋත්තම ‘හෙඩ් නර්ස්’ මහරැජිණට ‘ඔයා’ යනුවෙන් ඇමතීමේ මහා අපරාධය …!)

මානසික රෝගීන් හෙද සේවයට බඳවාගන්න එපා !

+


මෝටර් රථයක් දුම්රියේ ගැටී තිදෙනෙකු රෝහලට

(27.12.2025 – 21:50 +0530 – sinhala.adaderana.lk)

බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ කොස්ගම පියගම ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට අනාරක්ෂිත ලෙස ඇතුළු කළ මෝටර් රථයක් අද (27) පස්වරුවේ දුම්රියේ ගැටී තිබේ.

කොස්ගොඩ පොලීසිය පැවසුවේ අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු (3) බරපතළ තුවාල ලබා බලපිටිය සහ කරාපිටිය ශික්ෂණ රෝහළට ඇතුළත් කළ බවය.

මෙම දුම්රිය හරස් මාර්ගයේ වර්ණ සංඥා පද්ධතියක් ක්‍රියාත්මක වෙමින් තිබූ අතර ආරක්ෂිත සීනුවද නාද වෙමින් තිබියදී මෙම මෝටර් රථය දුම්රිය මාර්ගය තුළට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.

දුම්රියේ ගැටුණු මෝටර් රථය විසි වී ගොස් ඇති අතර මෝටර් රථයේ සිටි පියා, පුතා සහ ඥාති කාන්තාවක් මෙලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇත.

අනතුර සම්බන්ධව කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති ෴


හෙළයේ ගීත කෝකිලාවිය කලාශූරී ලතා වල්පොල දිවි ගමනට සමුදෙයි

(27.12.2025 – 20:12 +0530 – sinhala.adaderana.lk)

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඇය 92 වන වියේ පසුවුණි.

වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු 12 ක පුංචි දැරියක් ලෙසය.

ඇය ගීත දස දහසකට (10,000) අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර, ඒ අතර විදෙස් භාෂා ගීත ද වේ.

සිනමාවේ සදාකාලික ‘ගී රාජිනිය’ ලෙසද ලතා වල්පොල මහත්මිය විරුධාවලි ලබා ඇත.

1953 වසරේ දී ‘එදා රෑ’ චිත්‍රපටයෙන් සිනමා පසුබිම් ගායනයට පිවිසි ඇය ගෙවුණු දශක කිහිපය තුළ චිත්‍රපටි 600 කට අධික ප්‍රමාණයකට තම හඬ දායකත්වය ලබාදී තිබේ ෴

+++

+++

+++

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *