ෆෝන් එකෙන් පොකට්ටුවට විදින ‘ෆේක් පොලිස්’

ෆෝන් එකෙන් පොකට්ටුවට විදින ‘ෆේක් පොලිස්’


ෆෝන් එකෙන් පොකට්ටුවට විදින ‘ෆේක් පොලිස්’

(15.12.2025 – hirunews.lk)

නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සහ බැංකු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදු කරනු ලබන වංචනික ක්‍රියාවන් පිළිබඳ සුපරීක්ෂාකාරීව සිටින ලෙස පොලිසිය අනතුරු අඟවනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID), මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ (FCID) නිලධාරීන් ලෙස හෝ බැංකු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සංවිධානාත්මක කල්ලි විසින් ජනතාව බිය ගන්වා මුදල් වංචාවන් සිදුකර ඇති බවට පැමිණිලි රැසක් ලැබී ඇති බව පොලිසිය පවසනවා.

මුදල් විශුද්ධිකරණය හෝ මූල්‍ය අපරාධ වැනි බරපතල වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කරන බව හඟවමින් දුරකථන ඇමතුම් ලබාදී බිය ගන්වා බැංකු තොරතුරු වැනි පුද්ගලික තොරතුරු ලබා ගැනීමට එම සංවිධානාත්මක අපරාධකරුවන් කටයුතු කරන බවද පොලිසිය සඳහන් කළා.

ඉලක්ක කරගත් පුද්ගලයින්ට වීඩියෝ ඇමතුම් ලබා දෙමින් සැක නොසිතෙන ආකාරයට ව්‍යාජ ආරක්ෂක නිල ඇඳුම් භාවිත කරමින් බිය ගැන්වීම් සිදුකරන බව පොලිසිය පවසනවා.

පුද්ගලික තොරතුරු ලබාගත් පසු බැංකු ගිණුම්වල ඇති මුදල් ඉතා සූක්ෂමව සහ වංචනිකව අපරධකරුවන් විසින් කොල්ලකෑම සිදු කරන බව පොලිසිය සඳහන් කළා.

කිසිදු පොලිස් නිලධාරියෙකු හෝ රජයේ ආයතනයක් කිසි විටෙකත් දුරකථනයෙන් මුදල්, බැංකු තොරතුරු හෝ රහසිගත පෞද්ගලික තොරතුරු ඉල්ලා නොසිටින බවයි පොලිසිය අවධාරණය කරන්නේ.

අත්අඩංගුවට ගැනීම්, සිතාසි හෝ නීතිමය දැනුම්දීම් කිසි විටෙකත් දුරකථන ඇමතුම් හරහා සන්නිවේදනය නොකරන බවත්, නිල නිවේදන හෝ අධිකරණ සිතාසි වැනි නිසි නීතිමය ක්‍රියා පටිපාටි හරහා පමණක් බවත් පොලිසිය සඳහන් කළා.

එවැනි සැක සහිත දුරකථන ඇමතුම් පැමිණියහොත් කිසිඳු පෞද්ගලික විස්තරයක් ලබා නොදී ළඟම පොලිසිය වෙත දැනුම්දෙන ලෙසද පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ෴


දින 18 කට පසු නාවලපිටිය – මහනුවර ප්‍රධාන මාර්ගය විවෘත වේ

(15.12.2025 – hirunews.lk)

දිට්වා සුළි කුණාටුවෙන් නායයෑමට ලක් වූ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගය දින 18 කට පසු රථවාහන ගමනාගමනයට අද (15) උදෑසන සිට විවෘත කර තිබෙනවා.

කෙසේ වෙතත්, මාර්ගයට ඉහළින් ඇති පස්කන්ද නායයාමේ අවදානමක් පවතින බැවින් ඒ සඳහා ස්ථිර විසඳුම් ලබා දෙනතුරු සුපරීක්ෂාකාරී ලෙස මාර්ගයේ රිය ධාවනය කරන ලෙසයි මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මාර්ගයේ අලු‍ත්වැඩියා කිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය, නාවලපිටිය හා ඇත්ගාල පොලිස් නිලධාරින් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණා ෴


ගැබිනි කතුන්ට පෝෂණ දීමනාවක්

(15.12.2025 – hirunews.lk)

ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදෙන රු 5,000 ක පෝෂණ දීමනාව හෙට (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ බව සංකේතවත් කරමින් එම දීමනාව ලබාදීම හෙට උදෑසන 09:30 ට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී සිදුකිරීමට නියමිතයි.

පසුගිය නොවැම්බර් 30 වැනිදා තෙක් මාතෘ සායනයන්හි ලියාපදිංචි වූ ගර්භණී කාන්තාවන් සඳහා මේ දීමනාව ලබා දෙනු ඇති ෴


පුද්ගලික රක්‍ෂණ සමාගමක CEO අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට..

(12.12.2025 – lankacnews.com)

Continental Insurance Lanka Limited නැමැති පුද්ගලික රක්ෂන සමාගමට අයුතු සහගත ලාභයක් සලසා ගැනීම සඳහා ආණ්ඩුවේ රස පරීක්ෂක කාර්යාලයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂක ඩී.එච්.එල්.ඩබ්. ජයමාන්න නැමැති නිලධාරියාට රු.6,415,050.00 (රුපියල් හැටහතර ලක්ෂ පහළොස්දහස් පනහක) අල්ලස් මුදලක් නියම වශයෙන් හෝ අනියම් වශයෙන් ලබාදීමෙන් අල්ලස් ලබාදීම යන වරද සිදු කිරීම සහ රජයේ නිලධාරියෙකු වශයෙන් එම ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂකට දූෂණය නැමැති වරද සිදු කිරීමට අනුබල දීම යන චෝදනාව මත Continental Insurance Lanka Limited ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ‘මයිලන්ආරච්චිගේ දොන් වෙන්න්සස්ලාවුස් ජෙරල්ඩ් ලාසරස් ගුණදාස’ යන අය 2025.12.12 වන දින පෙ.ව. 09:25 ට පමණ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියම වූ අතර නව්ඩ යළි ලබන 22 වනදා කැඳවීමට අධිකරණය නියම කළේය ෴


දුම්රියේ ගමන් කරන පාසල් ළමුන්ට සහනයක්

(15.12.2025 – 17:23 +0530 – sinhala.adaderana.lk)

නොවැම්බර් මාසයට අදාළ දුම්රිය පාසල් වාර ප්‍රවේශපත භාවිතා කොට දෙසැම්බර් මාසයේ පාසල් පැවැත්වෙන දිනවල දුම්රියෙන් ගමන් කිරීමේ අවස්ථාව පාසල් සිසුන් හට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ලබාදී තිබේ.

ගමනාගමන අපහසුතා හේතුවෙන් ඇතැම් ප්‍රදේශයවල පාසල් සිසුන්ට 2025 දෙසැම්බර් මාසයේ පාසල් වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ දුෂ්කරතා මතුව ඇති බැවින් එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි ෴


මහර සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(15.12.2025 – 17:09 +0530 – sinhala.adaderana.lk)

මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්ට පැය 15 ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජල නළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළැඹෙන බදාදා (17) දින ප.ව. 4 සිට දෙසැම්බර් මස 18 වන දින පෙ.ව. 7 දක්වා මෙම ජල සැපයුම අත්හිටුවන් ලැබේ ෴


ආපදාවට ලක්වූ දරුවන් ගැන පොලීසියෙන් බය හිතෙන අනාවරණයක්

(15.12.2025 – 14:09 +0530 – sinhala.adaderana.lk)

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දෙමාපියන් අහිමිව අනාරක්ෂිතභාවයට පත් වූ දරුවන් පිළිබඳ විවිධ පුද්ගලයින් විසින් එම දරුවන් රැකබලා ගැනීම හා ඔවුන්ගේ ඉදිරි ජීවන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා දරුවන් ඔවුන් භාරයට පත් කරන ලෙස ඉල්ලීම් කරමින් විවිධ දුරකථන අංක පළකරමින් ඒවාට දරුවන්ගේ තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල පණිවුඩ සංසරණය වන බවට ශ්‍රී ලංකා පොලීසියට නිරීක්ෂණය වී තිබේ.

මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ දුරකථන අංක පළ කරනු ලබන ඇතැම් නොහඳුනන පුද්ගලයින් විසින් අනාරක්ෂිතභාවයට පත් වු දරුවන් පිළිබඳ තොරතුරු ඉල්ලා ලබා ගැනීමෙන් පසු එම දරුවන්ගේ භාරකරුවන් ලෙස පෙනී සිටිමින් සහන සපයන මුවාවෙන් විවිධ නීතිවිරෝධී කටයුතු සඳහා යොමු කර ගැනීමේ ප්‍රවණතාවයක් ඇති බවද පොලීසිය නිවේදනය කරයි.

එසේම දරුවන් ලිංගික අපයෝජන, ළමා අපචාර, මෙහෙකාර සේවයේ යෙදවීම හා ළමුන් කෲරත්වයට පත්කිරීම් ඇතුළු අපරාධ සඳහා මෙම අනාරක්ෂිත දරුවන් ලක්වීමද සිදුවිය හැකි බව පොලීසිය සඳහන් කරයි.

එම දරුවන් නිසි භාරකාරත්වයට ගෙන ඔවුන් සුරක්ෂිතව පෝෂණය කිරීමේ හෝ දරුකමට හදාවඩා ගැනීමට යම් තැනැත්තෙකුට සද්භාවයෙන්ම අවශ්‍යතාවයක් තිබේනම් ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන සාමාන්‍ය පොදු නීතිය යටතේ දිසා අධිකරණයේ නඩු කටයුත්තක් ආරම්භ කිරීමෙන් පසු එම කටයුතු ඉටුකර ගත හැකි වනු ඇතැයි ද පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඒ අනුව, සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස දුරකථන අංක පළ කරමින්, අනාරක්ෂිත භාවයට පත්වූ දරුවන් පිළිබඳ විමසීම් කරන නොහඳුනන තැනැත්තන් වෙත එම දරුවන්ගේ තොරතුරු ලබා දීමෙන් වැළකී සිටින ලෙසට ශ්‍රී ලංකා පොලීසිය ඉල්ලා සිටී.

එවැනි දෙමව්පියන් අහිමිව අනාරක්ෂිත තත්ත්වයට පත් දරුවන් සම්බන්ධව යම් අයෙකුට සහනයක් ලබා ගැනීමට අවශ්‍ය අවස්ථාවකදී ළමා රක්ෂණ අධිකාරිය හෝ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී ෴


රන්වලගේ ඇල්කොහොල් ටෙස්ට් කරන්න බැරි වුණේ… පොලිසියේ බැලූන් තිබිලා නෑලු (15.12.2025)

+


අනුරට සහ පැලවත්තට ලකුණු ලැබෙද්දී නිලධාරීන්ට ගුටි පූජා (15.12.2025)

+


Hiru TV Salakuna Live | Wimal Weerawansa | Episode 508 | 2025-12-15

+


‘බ්‍රිතාන්‍යය ප්‍රමිතිය’ නොමැතිවීම, වීදුරු හා කැට කැබලි තිබීමෙන් තහනම් කල එන්නත යලි භාවිතයට අනුමැතිය..

(16.12.2025 – lankacnews.com)

නිසි පරිදි බ්‍රිතාන්‍යය ප්‍රමිතිය නොමැතිවීම සහ, අදාල ඖෂධ බෝතල් තුල වීදුරු කැබලි හා කැට කැබලි තිබීම මත පසුගිය වසරේ මැයි මස දහවෙනි දින (10) ඖෂධ නියාමන අධිකාරිය මගින් NMRA/PA15/QF/08/2024 ලිපිය මගින් තාවකාලිකව භාවිතාවෙන් ඉවත් කළ Co Amoxyclave 1.2 mg නැමැති ඖෂධය නැවත වරක් භාවිතා කිරීම සඳහා වර්තමාන වෛද්‍ය සැපයුම් ඒකකය මගින් MSD/Q/P 2025/61 අංක දරන 17/11/2025 ලිපිය මගින් සියලු රෝහල් වෙත උපදෙස් ලබා දී ඇත.

නමුත් මෙම MC23016E අංක දරන කාණ්ඩ අංකය හිමි මෙම ඖෂධය මෙම වසරේ (2025) සැප්තැම්බර් මස වන විට කල් ඉකුත් වී ඇති බව සඳහන්ය.

මීට දින කීපයකට පෙර ප්‍රශ්න සහගත, අදාල ඖෂධය ලබාදීමෙන් පසු රෝගීන් මිය යාම් වාර්තා වූ , එන්නත් කුප්පි තුළ බැක්ටීරියා විස අඩංගු බවට සැක කරන ලද, බාල ‘වමනය එන්නත’ වන Ondesterone Injection නිසා රෝගීන් මිය යාම සම්බන්ධයෙන් විමර්ශනයට ලක් වන Maan Pharmaceuticals නම් සමාගමෙන්ම මෙම ඖෂධය ද නිෂ්පාදනය කර තිබේ.

මෙම Co Amoxyclave injection කුප්පි තුළ වීදුරු කැබලි, අපැහැදිලි කැට කැබලි, හා නියමිත බ්‍රිතාන්‍ය ප්‍රමිතිය නොමැති වූ බවට පළමු අවස්ථාවේදී ඖෂධ නියාමන අධිකාරිය මගින් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කරන ලද ඖෂධයක් නැවත වරක් භාවිතා කිරීමට උපදෙස් ලබා දීම ප්‍රශ්න සහගත බවත් එසේ භාවිතා කිරීමට උපදෙස් ලබා දෙන විටත් එම ඖෂධය කල් ඉකුත් වීමේ දිනය ඉක්මවා ඇති බව වෛද්‍ය සැපයුම් මේක කියමගින් නිකුත් කළ චක්‍රලේඛය මගින්ම තහවුරු වන බවින් මෙම සම්පූර්ණ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක් පවත්වන ලෙසට ‘වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ’ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

එකම ඉන්දියානු ඖෂධ සමාගමෙන් ගෙන්වන ඖෂධ මේ ආකාරයට දිගින් දිගටම තත්ත්වයෙන් බාල වීම සැක සහිත වන බැවින් මෙම ඖෂධ අනුමත කළ, තාක්ෂණික කමිටුවල සේවය කළ, ප්‍රසම්පාදන කමිටුවල කටයුතු කළ, හා මෙම යාන්ත්‍රණයට සම්බන්ධ අමාත්‍යාංශය හා ඖෂධ නියාමන අධිකාරියේද රාජ්‍ය ඖෂධ සංස්ථාවේද සියලු නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසද ඉල්ලීමක් කරයි.

එම ප්‍රශ්න සහගත ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධයෙන් ඉදිරි කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහාද විමර්ශනයක් කැඳවීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය ෴

+++

+


ආපදා නිසා රාජකාරියට නොපැමිණි රාජ්‍ය සේවකයන්ට අදාළ චක්‍රලේඛයක් නිකුත් කෙරේ

(16.12.2025 – hirunews.lk)

ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට අදාළව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් සියලු‍ අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව විශේෂ නිවාඩු ලබාගැනීම සඳහා තමාට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වූ හේතුව සඳහන් කරමින් ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගේ නිර්දේශය, සහිත ඉල්ලීම ආයතන ප්‍රධානියා වෙත ඉදිරිපත් කල යුතු වනවා.

මෙම නිවාඩු ලබාදීම නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවලට අදාළව පමණක් සිදුකර ලෙසයි අදාල චක්‍රලේකයෙන් දැනුම් දී ඇත්තේ ෴


‘තහඩුවක් ගියොත් රු. ලක්ෂ 10 යි’ කිව්වා – මේක පට්ට කෙබරයක් – ඒකවත් තේරෙන්නේ නැද්ද (16.12.2025)

+


අද වෙනකම් මේ රටේ ජනාධිපතිවරයා මහා නායක හාමුදුරුවෝ හම්බවෙන්න ගියේ නෑ (15.12.2025)

+


පොහොට්ටුව වහාම මාධ්‍ය කැඳවයි වරායෙන් පන්නපු කන්ටේනර් ගැන ආයෙත් අදියි (15.12.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *