‘දිට්වා’ බලපෑමෙන් මරණ 639 ක්, අතුරුදන්වීම් 193

‘දිට්වා’ බලපෑමෙන් මරණ 639 ක්, අතුරුදන්වීම් 193


‘දිට්වා’ බලපෑමෙන් මරණ 639 ක්, අතුරුදන්වීම් 193

(10.12.2025 – hirunews.lk)

දිට්වා බලපෑමෙන් මෙරට සිදුව ඇති මරණ ගණන 639 ක් බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

මේ අතර අතුරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 193 ක් බවයි සඳහන්.

සුළිකුණාටුවේ බලපෑමෙන් වූ ආපදා හමුවේ දිවයින පුරා ස්ථාපනය කර ඇති සුරක්ෂිත මධ්‍යස්ථාන සංඛ්‍යාව 874 ක් වන අතර ඒවායේ රැඳී සිටින පුද්ගලයින් සංඛ්‍යාව 85,333 ක්.

දිට්වා සුළි කුණාටුවෙන් පසු පශ්චාත් ආපදා තත්ත්වයකට මුහුණ දී සිටින මෙරට ජනතාව සිය ජීවිත යථා තත්ත්වයට පත්කර ගැනීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිනවා.

මේ අතර මාස දෙකක් (2) තුළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ විශේෂඥතා සහතිකය ලැබීමෙන් අනතුරුව උඩරට දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය ප්‍රකාශ කරන්නේ ෴


‘ග්‍රීක බැඳුම්කර සිද්ධිය’ ගැන අල්ලස් කොමිසම මෙසේ කියයි

(10.12.2025 – hirunews.lk)

ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාල නඩුවේ ‘හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්’ ඇතුලු විත්තිකරුවන් හතර දෙනකුට (4) එරෙහිව පවරා තිබූ නඩුව කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

දුෂණ විරෝධී පනතේ 67(3) වගන්තිය ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව කොන්දේසි ප්‍රකාරව මෙම නඩුව ඉල්ලා අස්කර ගත් බවයි එම කොමිසම සිය නිවේදනය කර සිටින්නේ.

ඒ අනුව, මෙම නඩුවේ පළමු (1) චූදිත වන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන අයට එරෙහිව ඇති අධිචෝදනාව මෙසේ ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.

නිඩාඩ් අජිත් ලෙස්ලි කබ්රාල් යන අයට එරෙහිව ඇති අධිචෝදනාවන් දූෂණ විරෝධී පනතේ 67(1) වගන්තිය ප්‍රකාරව ඉවත් කරගැනීම සම්බන්ධව සලකා බලන ලෙසට පළමු වුදින විසින් කර තිබූ ඉල්ලීමට අනුව මෙම සලකා බැලීම සිදුකර ඇතැයි ද එම ‍කොමිසම සඳහන් කරනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සිය නිවේදනයෙන් සඳහන් කර ඇති පරිදි එම කොන්දේසිය වන්නේ, “මෙම අධිචෝදනාවන් ඉල්ලා අස්කරගන්නා දිනයේ සිට මාස 3 ක කාලසීමාවක් ඇතුළත පළමු චූදිත විසින් මෙම වරදට අදාළව සිදු වූ අලාභය ලෙස ගණනය කර ඇති රු.1,843,267,595.65 (රුපියල් එකසිය අසුහතර කෝටි තිස් දෙලක්ෂ හැට හත්දහස් පන්සිය අනූ පහයි ශත හැට පහක) ක මුදලක් වන්දියක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ පහත සඳහන් ගිණුමට බැර කළ යුතු ය ” යන්නයි.

එම ඉල්ලා අස්කර ගැනිමට මහාධිකරණය අවසර දුන් අතර, ඒ අනුව, මාස 3 ක කාලසීමාවක් ඇතුළත පළමු වුදිත විසින් රු.1.843,267,595.65 මුදල ශ්‍රී ලංකා මහ බැංකුවේ ලබා දී ඇති ගිණුමට බැර නොකළහොත් දුෂණ විරෝධී පනතේ 67(5) වගන්තිය ප්‍රකාරව නැවත ඔහුට අධිචෝදනාවන් ගොනු කිරීමට පියවර ගනු ලබන බවද එම කොමිසම තවදුරටත් සිය නිවේදනයෙන් දක්වා තිබෙනවා.

එම නඩුවේ අනෙක් වුදිතයන්ට එරෙහිව ඇති අධිචෝදනාවන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194(3) වගන්තිය ප්‍රකාරව ඉල්ලා අස්කරගත් අතර, ඒ අනුව, මහාධිකරණය විසින් එම චුදිතයන් නිදහස් කර ඇති බවද අල්ලස් කොමිසම සඳහන් කරනවා ෴

+++

+


උසස් පෙළ විභාගයේ සංශෝධිත කාල සටහන නිකුත් වෙයි

(10.12.2025 – hirunews.lk)

ආපදා තත්ත්වය නිසා අතරමග නැවතුණු උසස් පෙළ විභාගයේ සංශෝධිත කාල සටහන නිකුත් වී තිබෙනවා.

ඒ අනුව ජනවාරි 16 සිට 22 දක්වා කාලය තුළ ඉතිරි විෂයන් පැවැත්වෙනු ඇති.

එම සංශෝධිත කාල සටහන පහතින් :

From https://www.doenets.lk/

බාගත කරන්න (pdf files) : [සිංහල][දෙමළ]


නුවරඑළිය – ගම්පොල පාර සැහැල්ලු වාහන ධාවනයට විවෘත කෙරේ

(10.12.2025 – hirunews.lk)

නායයෑමෙන් හානියට පත්ව තිබූ නුවරඑළිය – ගම්පොල මාර්ගය දින ගණනාවකට පසුව අද (10) පස්වරුවේ සැහැල්ලු වාහන ධාවනයට විවෘත කර තිබෙනවා.

එම මාර්ගයේ කටුකිතුල, තවලන්තැන්න, රම්බොඩ ඇල්ල ඇතුළු ස්ථාන කිහිපයකින් විශාල වශයෙන් නාය ගොස් තිබුණා.

යුද හමුදා ඉංජිනේරු බලකාය, මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව එම මාර්ගය සම්පුර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරමින් එක් මන්තීරුවක් මෙසේ වාහන ධාවනයට විවෘත කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය විසින් මාර්ගය පරික්ෂා කිරිමෙන් අනතුරුව බර වාහන ධාවනය සඳහා මාර්ගය විවෘත කරන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ.

කෙසේ වෙතත් එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදී සැලකිලිමත් වන ලෙසද නාය ගිය ස්ථානවල වාහන නතර නොකරන ලෙසත් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා ෴


පෙර පාසල් 16 වැනිදා සිට ආරම්භ කෙරේ

(10.12.2025 – hirunews.lk)

ආරක්ෂිතව ආරම්භ කළ හැකි සියලු පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන දෙසැම්බර් 16 වැනිදා සිට ආරම්භ කරන බව මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය ප්‍රකාශ කරනවා.

හදිසි ආපදා තත්ත්වය හේතු කොට ගෙන වසා දමන ලද පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවලින් නැවත ආරක්ෂිතව ආරම්භ කළ හැකි සියලු පෙර පාසල් මෙසේ දෙසැම්බර් 16 දින සිට නැවත ආරම්භ කරන බවයි මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය පවසන්නේ ෴


ආපදාවට ලක් වූ ප්‍රදේශවල සිසුන් ලක්ෂ දෙකහමාරකට (2½) අමතර නිල ඇඳුමක්

(10.12.2025 – hirunews.lk)

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් වී සිටින පාසල් දරුවන් ලක්ෂ 5 කගෙන් 50% කට පමණ නිල ඇඳුම් අවශ්‍යතාවය පවතින බවත් ඒ අනුව එම පාසල් දරුවන්ට අමතර පාසල් නිල ඇඳුම් කට්ටලය බැගින් පාසල් නිල ඇඳුම් ලබාදීමේ වැඩසටහන යටතේ ලබාදීමට තීරණය කර ඇති බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ‍ලේකම් නාලක කළුවැව සඳහන් කරනවා.

අදාල නිලධාරීන් මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකරන බවත් ඒ අනුව අදාල පළාත්වල පාසල් දරුවන් ලක්ෂ දෙකහමාරකට (2½) පමණ පළාත් මට්ටමින් මෙම අමතර නිල ඇඳුම් කට්ටලය බැගින් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරනවා.

මේ වනවිට දෙසැම්බර් 16 වැනිදා පාසල් ආරම්භ වන බවත් නිල ඇඳුම් නොමැති දරුවන්ට සුදුසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවසර ලබා දී ඇති බවත් ඊට අමතරව ආපදාවට ලක් වූ ප්‍රදේශවල පාසල්වල ගුරු මණ්ඩල සහ අදාළ කාර්ය කාර්මණ්ඩලවල ඇඳුම් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට දැනට තීරණය කර ඇති බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

ගැටලුවක් මතුව ඇති කාර්ය මණ්ඩලයට ද සුදුසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවසර ලබාදී ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පෙන්වා දෙනවා ෴


සුළි කුණාටුවෙන් සුනු විසුනු වෙච්ච නුවරඑළිය නගරයේ අති බිහිසුණු දර්ශන (10.12.2025)

+


ආණ්ඩුව බොරු කියනවා ! මෙන්න සාක්කි ! (10.12.2025)

+


බිලියන 2.3 ලොකුද? – ආණ්ඩුවේ විදෙස් ආධාර “බොරුවේ රෙදි” ඉලක්කම් සහිතව ගලවයි! (10.12.2025)

+


සමාජ මාධ්‍යට බඩු බනිස් වෙන්නේ මෙන්න මෙහෙමයි! (09.12.2025)

+

මහින්ද රාජපක්ෂ ලිලිපුට්ටෙක් කල බිං කමාන්ඩර් දිසානායකගේ සුපිරි මෙහෙයුම (10.12.2025)

+


චිත්‍රපටිවලවත් නෑ ජේවීපීකාරයො වගේ එවුන්… මේ ව්‍යසනයත් මුන් දැන් පක්ෂෙ වැඩවලට යොදාගෙන (10.12.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *