මරුකටට පැන, කුරුණෑගලදී සිදුවන්නට ගිය මහා දුම්රිය අනතුරක් වැලැක්වූ දවසේ වීරයා

මරුකටට පැන, කුරුණෑගලදී සිදුවන්නට ගිය මහා දුම්රිය අනතුරක් වැලැක්වූ දවසේ වීරයා


මරුකටට පැන, කුරුණෑගලදී සිදුවන්නට ගිය මහා දුම්රිය අනතුරක් වැලැක්වූ දවසේ වීරයා

(25.11.2025 – hirunews.lk)

කුරුණෑගලදී සිදුවන්නට ගිය මහා දුම්රිය අනතුරක් වළක්වා ගත් මහත්මයකුගේ සිද්ධියක් පිළිබදව අද (25) අපට වාර්තා වුණා.

ඒ, කුරුණෑගල ගැට්ටුවාන ධීවර සංස්ථා පාරේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ සිරව තිබූ ලී කොට පැටවූ ලොරියක් ‘තලෙයිමන්නාරම එක්ස්ප්‍රස්’ දුම්රියේ ගැටීම වළක්වාලමින් සිදුකළ ක්‍රියාවක් හේතුවෙන්.

මේ කියන්නේ ඒ වීර ක්‍රියාව කළ කුරුණෑගල පහළ ගැට්ටුවානේ පදිංචි ‘අජිත් කීර්ති වික්‍රමසිංහ’ ජීවිතය පරදුවට තබා ගත් උත්සාහය ගැනයි.

අජිත් කීර්ති වික්‍රමසිංහ (48) වෘත්තියෙන් කුරුණෑගල අධ්‍යාපන කාර්යාලයට අනුයුක්තව සේවය කරන අයෙක්. මේ ඔහු තමන් සිදු කළ ක්‍රියාව විස්තර කළ ආකාරයයි.

“මම උදේම පුතා පාසලේ සංගීත පන්තියකට දාලා ආපහු ගෙදර එනකොට දැක්කා ගැට්ටුවාන ධීවර සංස්ථා පාරේ තියෙන දුම්රිය හරස් මාර්ගයේ ලී කොට පටවපු ලොරියක් හිර වෙලා තියෙනවා. මම ගමේම කෙනෙක් නිසා මට එකපාරටම මතක් වුණා මේ වේලාවට තලෙයිමන්නාරම එක්ස්ප්‍රස් කෝච්චිය මේ පාරේ එනවා නේද කියලා. එහෙම හිතනකොටත් මම දැක්කා කෝච්චිය මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානයේ ඉඳලා ලොරිය හිර වෙලා තියෙන දිහාට වේගයෙන් එනවා කියලා. මම ඕනෑ දෙයක් වෙච්චිදෙන් කියලා කෑගහගෙන කෝච්චි පාර මැදට පැනලා කොහොම හරි දුම්රිය නවත්තා ගත්තා “.

ඔහු එලෙස ජීවිතය පරදුවට තබා ඉදිරිපත් නොවූවානම් අද පෙරවරුවේදී කුරුණෑගලදී විශාල දුම්රිය අනතුරක් වාර්තා වීමට ඉඩ තිබිණා.

ලී කඳන් තොගයක් පැටවූ ලොරියක් පහළ ගැට්ටුවාන දුම්රිය හරස් මාර්ගය හරහා නොසැලකිලිමත් ආකාරයට ධාවනය කරවීමට යාමේදී ආසන්නයේ වූ කාණුවකට වැටීම හේතුවෙන් එම ලොරිය දුම්රිය හරස් මාර්ගය තුළට වැටී සිරවී තිබී ඇත.

මෙම අවස්ථාව පිළිබඳව ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළා :

“මේ ස්ථානය කෙටි කන්දක් සහ වංගුවක් සහිත ස්ථානයක්. ඒ නිසා ඒ ආසන්නයේම තියෙන මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානයේ ඉඳලා ඊළඟට තියෙන කුරුණෑගල ප්‍රධාන දුම්රිය ස්ථානය දක්වා තරමක වේගයකින් තමයි දුම්රිය ධාවනය කරවන්නේ. ඒ ආසන්නයේම ගමේ ජීවත් වෙන නිසා අපිට ඒ තත්ත්වය හොඳට හුරු පුරුදුයි.”

“ඈතින් කෝච්චිය එනවා දැක්කාම ඒක නවත්වන්න අනතුරු හඟවන්න මට රතු පාට කිසිම දෙයක් තිබුණේ. ඕනෑ දෙයක් වෙච්චදෙන් කියලා හිතාගෙන මම සිග්නල් කණුව ළඟින් කෝච්චි පාර මැදට පැනලා හිරවෙලා තියෙන ලොරිය දිහාට අත දික්කර කර පුළුවන් තරම් හයියෙන් කෑගැහුවා. එතකොට දුම්රිය රියැදුරා හිතලා තියෙන්නේ මම සියදිවි නසාගන්න කෝච්චියට පනින්න ආව කෙනෙක් කියලා. එහෙම හිතලා දුම්රියේ නලාව කීප සැරයක්ම ගැහුවට පස්සේ මම මම පාරෙන් අයින් වුණා. ඒත් එක්කම වාසනාවකට දුම්රිය රියැදුරා ලොරිය දුම්රිය හරස් මාර්ගයේ තියෙනවා දැකලා එතැනට ඔන්න මෙන්න කියලා තියෙද්දී නවත්වා ගත්තා. එහෙම නොවුනානම් කෝච්චිය ආව වේගයට මේ කොට ලොරියේ හැප්පිලා විශාල අනතුරක් වෙන්න ඉඩ තිබුණා.”

එසේ වූවා නම් ලොරියේ වැදී වංගුවක් සහිත එම ස්ථානයේදී දුම්රිය පීලි පැනීමකට ලක් වීමට හෝ නැත්නම් ලොරියේ ලී කඳන් වැදීමෙන් බරපතළ හානියක් දුම්රියට සහ ලොරියට සිදුවීමට ඉඩකඩ තිබූ බව බොහෝ දෙනෙකුගේ අදහස වුණා.

ඒවන විටද කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන සීග්‍රගාමී දුම්රියද කුරුණෑගල දුම්රිය ස්ථානයේ නවතා තිබූ අතර මෙම අනතුර හේතුවෙන් උතුරු පළාත් දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය සඳහා පැය දෙකකට අධික කාලයක බාධාවක් ඇතිව තිබිණා.


‘නුගේගොඩ සක්යා’ එකෙන් – උ. පෙල විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින්ම ලීක් කරලා ?? (25.11.2025)

+


ජිවිත 06 ක් බිලිගත්ත ඛේදවාචකයෙන් පස්සේ කඩුගන්නාව යළි ඇරෙන්නේ කවදාද..? වැස්ස නොතකා කම්කරුවෝ දිගටම වැඩ (25.11.2025)

+++

+


මේ ආණ්ඩුව ‘විභාග පාඩම් කරල වරෙල්ලා නැත්තම් අපි දෙන්නෙ නෑ’ කියන තකතීරු ආණ්ඩුවක් වෙලා (25.11.2025)

+++

අර සල්ලි ගනිද්දී වුණු පොරොන්දු ඉටු නොවීමේ වේදනාව පිට කිරීමක්‌ වෙන්න පුළුවන් (25.11.2025)

+


මීළඟ රැළියට කළින්ම ප්ලෑන් – ප්‍රබලයෝ මල්පාරට | ආණ්ඩුව හෙල්ලුන බව ටිල්වින් කතාවලින් පැහැදිලියි (25.11.2025)

+


ටිල්වින්ගේ කොටි නැටුම කැලුම් හෙළිකරයි ? (25.11.2025)

+

NPP එක TNA එකට බයද? පොලීසියෙන් TNA සභාපති අල්ලන්නේ නැද්ද? (25.11.2025)

+

නුගේගොඩ ජන ගඟට ආණ්ඩුව හොඳටම බයවුණා… දැන් මුලු රටම ඉන්නෙ විපක්ෂ බලවේගය එක්කයි (25.11.2025)

+

CIDය මාධ්‍යවේදීන් දඩයම පටන් ගනී… ඒ කියන්නෙ ආණ්ඩුව අවුරුද්දෙන් බංකොලොත් (25.11.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *