පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් කෙරේ
පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් කෙරේ
(22.11.2025 – 19:38 +0530 – sinhala.adaderana.lk)
පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයෙන් අද (22) පෙරවරුවේ සිදුවූ නායයෑමෙන් විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් කර තිබේ.
සිද්ධියෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් සිවු දෙනෙකු (4) තුවාල ලබා රෝහල් ගත කිරීමටත් පියවර ගෙන ඇත.
අද (22) පෙරවරු 09:00 ට පමණ පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට පස් සහ ගල් පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.
මෙම සිද්ධිය සිදුවූ වහාම සුන්බුන් අතර සිරවූවන් සෙවීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කෙරණු අතර ඒ සඳහා යුද හමුදා භට කණ්ඩායමක්ද යෙදවීමට පියවර ගැනුණි.
ඒ අනුව යුද හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සහ ආපදා කළමනාකරණ සහන සේවා කණ්ඩායම් මෙන්ම ප්‍රදේශවාසීන් ද සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයින් මුදවා ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරනු ලැබීය.
පවතින තත්ත්වය හමුවේ මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් වසා දැමීමටද පොලීසිය පියවර ගත්තේය.
ඒ හේතුවෙන් එම ප්‍රදේශය හරහා ගමන් ගන්නා රථ වාහන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසට ද මාවනැල්ල පොලීසිය උපදෙස් ලබා දෙනු ලැබීය.
++++
කඩුගන්නා ඛේදවාචකයෙන් දෙදෙනෙක් (2) මරු තුරුලට යද්දී කාන්තාවක් (1) බේරා ගනී – පස් යට තවත් ජීවිත රැසක්
+++
පස් යට හිරවෙලා හිටපු 4 ක් අවසන් ගමන් යද්දී වෛද්‍යවරු ජීවිත බේරගන්න මාරම ගේමක් දෙයි – සජීවී දර්ශන
+++
මිනිස්සු බේරගන්න ලොකු මෙහෙයුමක් කරනවා – බලන්න ගිහින් ඒකට බාධා කරන්න එපා
+++
විලාප මැද මල සිරුරු 6 ක් එළියට – කඩුගන්නාවේ උදේ ඉදන් රෑ වෙනකම් කරපු සම්පූර්ණ මෙහෙයුමේ දර්ශන
+++
නාය ගිය කඩුගන්නාවේ මේ වනවිට තත්ත්වය – වැසි නොතකා මිනිසුන් හඬා වැටෙන හැටි
+++
ත්‍රාසජනක චිත්‍රපටියක් වගේ | කඩුගන්නාව මරු කටින් කාන්තාවක් මුදා ගනී | මහ වැස්සේ මුදා ගැනීමේ මෙහෙයුමක්
+++
කඩුගන්නාව පාර අරින්න විදිහක් නැහැ | තවම වැස්ස – නාය යාමේ අවදානමක් තියෙනවා | නි.ඇමති ප්‍රසන්න
+++
+++
තවත් සංවේදී දර්ශන පෙළක් | කඩුගන්නාව ඛේදවාචක ජීවිත 6 ක් බිලි ගනී | සුන්බුන් අතරින් මළ සිරුරු මතු වූ හැටි
+++
නාමල්ගේ ඇමති මණ්ඩලේ ටිරාන් අලසුත් ඉන්නවද ? නුගේගොඩින් උගත් පාඩම් මොනවාද ? (22.11.2025)
+
නුගේගොඩ රැළියට සෙනග දුන් ආණ්ඩුවේ ප්‍රබලයෝ හෙළි වෙති – හඳුන්ගේ ‘සීනි කඩේ’ට වෙන්න යන දේ මෙන්න (22.11.2025)
+
නුගේගොඩ රැළියෙන් පසු, ආණ්ඩුවේ කෙඳිරිය සහ විපක්ෂයේ අනාගතය කෙසේ සිදුවේවිද? (22.11.2025)
+
නන්දන ගුණතිලක පාතාල වෙඩිල්ලකින් ඝාතනය කරන සැලසුමක්.. පැලවත්තේ අධ්‍යාත්මික නායකයාට චෝදනා..
(22.11.2025 – lankacnews.com)
තමන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු ඝාතනය කිරීම සඳහා කුමන්ත‍්‍රණයක් එම පක්‍ෂය විසින් ක‍්‍රියාත්මක කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නන්දන ගුණතිලක මහතා චෝදනා කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග කර ඇති ඒ මහතා මේ බව සඳහන් කරමින් තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය :
ස්වාමීන් වහන්ස, පූජක තුමනි, හිතවතුනි,
ගතවූ වසරක කාලයේදී ජ.වි.පෙ. අභ්‍යන්තරයේ ව්‍යාජය, බොරුව, ප්‍රජාතන්ත්‍රවිරෝධී භාවිතාව සහ ව්‍යාජ සදාචාරය ගැන ඉතා විවෘතව කරුණු හෙළිකල, හෙළිකරන, වරුණ දීප්ති රාජපක්ෂ, ප්‍රියන්ජිත් විතාරණ (රටේ රාල) සහ මා “ජ.වි.පෙ. ඝාතන කණ්ඩායම” සහ එහි සහායක කණ්ඩායම් යොදවා ඝාතනය කිරීම සඳහා මේ දිනවල අප පසුපස හඹා එමින් සිටී.
එහි නියැලෙන සියලු පුද්ගලයන් සහ ඝාතන උපක්‍රම පිළිබඳ තොරතුරු අප සතුය.
එම ජ.වි.පෙ. ඝාතන කණ්ඩායම පෞද්ගලිකවම මෙහෙයවන්නේ ටිල්වින් සිල්වා ය.
දැනට තෝරා ඇති, ඔවුන්ගේ ප්‍රධානම ඝාතන උපක්‍රමය වන්නේ මහ මගදී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර, එය පෞද්ගලික ආරවුලකින් සිදුවූවක් ලෙස, මාලිමා පොලීසිය යොදවා තහවුරු කිරීමයි.
අනෙක් ක්‍රම ලෙස, ස්වභාවික මරණයක් ලෙස පෙනෙන ලෙස ඝාතනය කිරීමේ උපක්‍රම ගණනාවක් තෝරා ඇත.
උදාහරණ ලෙස, වසපෙවීමට සැලැස්වීම, ගමන් කරන වාහනය බරපතළ අනතුරකට ලක්කිරීම, පාතාලය සමග පෞද්ගලික ගැටුමක් ඇතිවූ සේ පෙන්වීම, උග්‍ර විෂ සහිත සර්පයකු අවුස්සා නින්දේදී ශරීරයට දැමීම ආදී උපක්‍රම රාශියක් තෝරා ඇත.
පාතාල ගැටුමක් සේ හැඟවෙන සේ වෙඩි තබා ඝාතනය කිරීම ද තවත් ක්‍රමයකි.
පොලීසිය ද, හමුදාව ද, අධිකරණය ද, විශ්‍රාමික හමුදා – පොලිස් සෙබළුන් ද, පාතාල ගෝලයන් ද, ජ.වි.පෙ. ඝාතක කණ්ඩායම ද මෙහිලා උපයෝගී කරගැනීමට ඔවුන් කල්පනා කරති.
සමස්ථ රාජ්‍ය බලය තවමත් ඔවුනට අවනත නිසා, අප ඉතා නරක ලෙසටම අනාරක්ෂිත තත්වයක සිටිමු.
අප ඉල්ලා සිටින්නේ පළමුව ඔබ මෙහි සාක්ෂිකරුවන් වන ලෙස හා දෙවනුව මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙන්ම මිනීමරු භාවිතාවන් පරාජය කිරීමට ඔබට හැකි පමණින් ක්‍රියාකරන ලෙසයි.
අප පසුබැස නැත, පසුබසින්නේ ද නැත …!!!
අප හැම එක්ව ‘පැරණි දූෂිතයන්’ගෙන් මෙන්ම ‘නව දූෂිත, මාලිමා පැසිස්ට් ගමනින් රට ගලවා ගණිමු..!!!
ඒ සඳහා ඔබ සියලු දෙනාට ධෛයය, ශක්තිය පතමු.
ජයවේවා ..!!!
නන්දන ගුණතිලක
21.11.2025
ටිකට් කපාගෙන ආපු කස්සප හිමි ත්‍රිකුණාමලය පන්සලේ දායකයන් රැස් කරයි (22.11.2025)
+
නුගේගොඩ රැලිය ගැනත් විමල් වීරවංශ කියයි.. අය-වැයේ හැංගුව කතාව මෙන්න!! (23.11.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴