රට රැකියා පෙන්වා මුදල් ගැරූ දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(19.11.2025 – 16:02 +0530 – sinhala.adaderana.lk)
කැනඩාවේ ගොවිපොලවල කම්කරු රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 52 ක මුදලක් වංචාකළ පුද්ගලයකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශ්‍රාමික වතු කළමනාකරුවෙකු වන සැකකරු ගාල්ල හා නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සිව් දෙනෙකු (4) ගෙන් කැනඩාවේ රැකියා ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 13 බැගින් මුදල් ලබාගෙන ඇත.
මුදල් ලබාදුන්නද පොරොන්දු වූ පරිදි විදේශ රැකියා ලබානොදීම හේතුවෙන් එම පුද්ගලයින් විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත සිදු කරන ලද පැමිණිල්ලක් මත ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් වරකාපොල, අඹගලකන්ද ප්‍රදේශයේ සැකකරුගේ නිවසේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ නිවසේ තිබී සයිප්‍රස් රාජ්‍යයේ රැකියා ලබාදීමට රු.75,000 බැගින් ලබාගත් ගිවිසුම් 3 ක්ද නිළධාරීන් භාරයට ගෙන තිබේ.
මේ අතර ස්විට්සර්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 17 ක මුදලක් වංචාකළ කාන්තාවක්ද පසුගිය (17) අත්අඩංගුවට ගෙන තිබේ.
වස්කඩුව ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකාරිය කළුතර ප්‍රදේශයේ පදිංචි අයෙකු ගෙන් මුදල් ලබා ගෙන ඇති අතර, රැකියාව ලබා නොදීම හේතුවෙන් ඔහු විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි කර තිබේ.
එම කාන්තාව කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක මහජන සම්බන්ධතා නිළධාරිනියක වශයෙන් සේවය කරන තැනැත්තියක් වන අතර, අදාල පැමිණිල්ල මත සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිළධාරීන් කිහිපවරක් උත්සහ කළද ඇය නිළධාරීන් මග හැර සැඟව සිට ඇති බව සඳහන්වේ.
පසුව අදාල සැකකාරිය සේවය කරන පුද්ගලික රෝහලේ සිටින බවට ලද තොරතුරක් මත විමර්ශන නිළධාරීන් විසින් අදාළ ස්ථානයේදී සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
ඒ අනුව අදාල කාන්තාව මෙම මස 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත ෴
21 ජනරැළියට සහභාගි වන්නැයි දිලිත් ප්‍රමුඛ ‘සර්වජන බලය’ට ආරාධනා
(19.11.2025 – 15:13 +0530 – sinhala.adaderana.lk)
‘මහා ජන හඬ’ නමින් විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව 21 දින නුගේගොඩ දී පැවැත්වීමට නියමිත ජනරැළිය සඳහා සහභාගී වන්නැයි, අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සර්වජන බලය නායක පා.ම. දිලිත් ජයවීර මහතාට ආරාධනා කළේය.
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පා.ම. මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් මෙම ආරාධනය කළේය.
“මේ අණ්ඩුව උත්සහා කරනවා මේ ප්‍රජාතන්ත්‍රවාදය හකුලවලා ඒ අයට තවත් රැස්වීම් තියන්න. ඒ අයට තියෙනවා වගේම අපිටත් අයිතිය තියෙනවා රැස්වීම් තියන්න. මේ ආණ්ඩුව දුන්න පොරොන්දු සම්බන්ධයෙන් මතක් කරන්න අපිට අයිතියක් තියෙනවා.
විශේෂයෙන්ම අපිට කියන්න ඕනේ මේ රටේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මේ ප්‍රතිපත්තියක් නැති තමන්ට බලය ගන්න ඕනේ නම් ඕනේම කෙනෙක් එක්ක එකතුවෙන. දැන් මේ අය විරුද්ධ පාක්ෂිකයෝ හොරු හොරු කියලා කෑ ගහද්දි මේ අය රහසේ පාළාත් පාලන වල බලය ගන්න එදා හොරු වෙච්ච අය එක්ක එකතුවෙලා බලය පිහිටවනවා. අද වෙන විට ප්‍රසිද්ධියේ අයවැය එක එක පරාද වෙනවා. ඒ රහසේ බලය අරගෙන. මේ ආණ්ඩව බලය සඳහා නොකරන දෙයක් නෑ. අපි දැක්කා ඊයේ සීතාවක වෙච්ච දේ. අර සර්වජන බලයේ මන්ත්‍රීවරයෙකුට සල්ලි දීලා. බලය පිහිටව්වා. දිලිත් ජයවීර මහත්තයා වමේ කෙනෙක්. එතුමාටත් කියනවා මේ කල් මැරුවා ඇති. මේ ආණ්ඩුව නොකරන දෙයක් නෑ. කරුණාකරලා අපිත් එක්ක එකතු වෙන්න. සජිත් ප්‍රේමදාස මහත්තයාටත් හොඳටම ඉඩ තියෙනවා අපිත් එක්ක එකතු වෙන්න. සියලුම නායකයින්ට අපි ආරාධනා කරනවා තවත් දින දෙකක් තියෙනවා. “
+
පුනරුදෙන් පිනවනා 109 ? (18.11.2025)
+
‘ආවා ගියෝ’ වෙනුවට තියාගන්න ආස හිතෙන පාලනයක් ! (18.11.2025)
+
මහනුවර රෝහලේ දණහිස් ශල්‍යකර්ම මාලාවක් – පැය 2 න් ඇවිද්දීමට සලසන බව වෛද්‍යවරු කියයි
(19.11.2025 – 15:11 +0530 – sinhala.adaderana.lk)
මහනුවර රෝහලේ දණහිස් ශල්‍යකර්ම මාලාවක් පසුගිය 16 වෙනිදා ආරම්භ වූ අතර එම ශල්‍යකර්ම මාලාව අද (19) දක්වා සිදුකිරීමට නියමිතය.
ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර සියවස් ගණනාවක් පුරාවට පැවැත්වෙන බෞද්ධ සබඳතාව සහ ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර තානාපති සේවාව ආරම්භ වී වසර 70 ක් සපිරීම නිමිති කරගනිමින් මෙම ශල්‍යකර්ම මාලාව සිදුකළ බව සඳහන්ය.
තායිලන්ත රජයේ දානමය ප්‍රදානයක් ලෙස සිදුවන මෙම ශල්‍යකර්මය සඳහා තායිලන්තයේ සිරිරාජ් රෝහල මූලිකව එරට ප්‍රධාන බෞද්ධ විහාරස්ථාන ත්‍රිත්වයක රුපියල් මිලියන 150 ක මූල්‍ය ප්‍රතිපාදන හිමිවී තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ මෙරට රෝහලකදී දණහිස් ප්‍රතිස්ථාපන ශල්‍යකර්මයක් සිදුකළහොත් එම රෝගියා ඇවිද්දවීම සඳහා දින කිහිපයක් ගතවූවද ඉතා කෙටි කාලයත් තුළ සිදුකෙරෙන මෙම දණහිස් ප්‍රතිස්ථාපන ශල්‍යකර්මෙන් පැය 02 කට පමණ පසු රෝගියාට ඇවිදීමට හැකිවීමයි.
මහනුවර ජාතික රෝහලේ විකලාංග විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ සහායෙන් සහ තායිලන්ත සිරිරාජ් රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු 80 ක රෝහල් කාර්ය මණ්ඩලයේ සහායෙන් මෙම ශල්‍යකර්ම මාලාව සිදුකරනු ලබයි ෴
මාතර ‘චිකුන්ගුන්යා’ රෝගයේ දැඩි ව්‍යාප්තියක්
(19.11.2025 – 10:03 +0530 – sinhala.adaderana.lk)
මාතර දිස්ත්‍රික්කයේ ‘චිකුන්ගුන්යා’ රෝගය දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ, ‘ඩෙංගු’ අධි අවදානම් තත්ත්වයත් සමඟ මෙම රෝග ව්‍යාප්තිය සිදුව ඇති බවය.
ඒ සම්බන්ධ වැඩිදුර අදහස් දැක්වූ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා :
“මේ වන විට ශ්‍රී ලංකාව පුරාම වර්ෂාව ලැබීම් පවතින කාල පරිච්ඡේදයක්. ඒ වගේම මේ වර්ෂයේ ‘ඩෙංගු’ අධි අවදානම් කාල පරිච්ඡේදයක් ගත කරන්නේ. ඒ තත්ත්වය තුළ ‘ඩෙංගු’ වලට වඩා මිනිසුන්ට පීඩාකාරී රෝග තත්ත්වයක් වාර්තා වෙනවා මාතර ප්‍රදේශයෙන්. විශේෂයෙන්ම මේ මාතර ප්‍රදේශයේ ‘චිකුන්ගුන්යා’ රෝග රෝග තත්ත්වය ඉතාම බරපතළ විදියට ව්‍යාප්ත වෙමින් පවතිනවා. පසුගිය කාලයේ කොළඔ ප්‍රදේශයේ නාරාහෙන්පිට, කොළඔ ආශ්‍රිතව මේ රෝග තත්ත්වය තිබුණත් පාලනය කර ගැනීමට හැකි වුණා. දැනට මාස කිහිපයක සිට මාතර ප්‍රදේශයේ මේ රෝග තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතිනවා. එසේම මේ තත්ත්වය තුළ රෝග තත්ත්වය පාලනය කිරීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම ‘ඩෙංගු’ මදුරුවාට සමාන මදුරු විශේෂය තමයි මේ ‘චිකුන්ගුන්යා’ වලට ප්‍රධාන වාහකයා වෙන්නේ.”
ඇත්තටම ජනාධිපතිට ට්‍රැක්ද? විශාදයද? (19.11.2025)
+
ආන්දෝලනාත්මක ත්‍රීකුණාමල සිද්ධිය වූ පන්සලට අක්මීමන හිමි වැඩම කරයි | පොලිස් ඇමතිටයි ආණ්ඩුවටයි අමතයි (19.11.2025)
+++
ගහපු පාරට සිවුර ගැලවුනා – ත්‍රිකුණාමලයේ භික්ෂුන් වහන්සේට පහර දීමේ ඇත්ත කතාව (19.11.2025)
+++
ත්‍රිකුණාමලය බුදු පිළිම ප්‍රශ්නය අධිකරණයට යයි (19.11.2025)
+++
දැනට කළ ඉදිකිරීම් ඒ ආකාරයෙන්ම තබන්න – නව ඉදිකිරීම් හෝ වෙනස් කිරීම් නොකරන්න – අධිකරණයෙන් ත්‍රි’මලේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට නියෝග
(19.11.2025 – hirunews.lk)
ත්‍රිකුණාමලය කොටුව පාරේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයට අයත් තාවකාලික ඉදිකළ ගොඩනැගිල්ලේ දැනට කළ ඉදිකිරීම් ඒ ආකාරයෙන් තබන ලෙසත් නව ඉදිකිරීම් හෝ වෙනස්කම් නොකරන ලෙසත් ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එන්.එම්. සම්සූදීන් විහාරාධිකාරී හිමියන්ට අද (19) නියෝග කළා.
ත්‍රිකුණාමලය පොලිස් අධිකාරි ජේ.එල්. අජිත් කුමාර, වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්.ජී.එස්.කේ. සමරසිංහ යන නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය එලෙස නියම කළා.
‘ත්‍රිකුණාමලය ඩච් බේ’ වෙරළ තීරයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිකාරී හිමි තාවකාලික ගොඩනැගිල්ලක් ඉදිකරන බවට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලක් අනුව දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් පොලිසිය එලෙස බී-වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා අදාල ඉදිකිරීම් හා සිදුකළ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන විසි හයවෙනිදා (26) අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි වරාය පොලිසියට නියම කළේ.
මේ අතර අදාල අධිකරණ නියෝගයේ පිටපත් රෝහල් ගතවී සිටින විහාරාධිකාරී හිමිට හා දායක සභාවේ ලේකම්වරයාට භාරදීමට පොලිසිය පියවර ගෙන තිබුණා.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ලේකම්වරයාගෙන් වාර්තාවක් ජනාධිපතිවරයා කැඳවා ඇති අතර සිද්ධිය වූ ස්ථානයට පැමිණි ත්‍රිකුණාමල පොලිස් අපරාධ පරීක්ෂණාගාරයේ පොලිස් කණ්ඩායමක් ආරක්ෂිත වැටක් කපා දැමීම සහ ඒ අවට විද්‍යාත්මක සාක්ෂි සටහන් කර ගැනීමට කටයුතු සිදු කළා ෴
ජේවීපීකාරයො දිලිත්ටත් හොඳවැයින් ඇරලා නේද ? දැන්වත් 21 එනවද ? (19.11.2025)
+
සුනිල් සෙනෙවි ගෙදර ඇඳ යට හැංගිලාද ? බුද්ධසාසන ඇමතිකමක් නැති කළේ මේකට තමයි නේද මචං ? (19.11.2025)
+
රාසමානික්කම් විජේපාලට කරපු ස්තූතිය, රිවර්ස් වෙච්චි හැටි… මුංගේ පාණ්ඩුව වැඩිදුර යන්නෙ නෑ (18.11.2025)
+
‘සතුරාට සමාවක් නැහැ’ කියූ ටිල්වින්ගේ කතාවට දුමින්දගෙන් උත්තර | මෙයාලා දේශපාලන යුද්ධයක්ද කරන්න යන්නේ..? (19.11.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴