පාසල් සිසුන් තිදෙනකු (3) අපයෝජනය කළ ‘වල්සාදුවා’ අත්අඩංගුවට

පාසල් සිසුන් තිදෙනකු (3) අපයෝජනය කළ ‘වල්සාදුවා’ අත්අඩංගුවට


පාසල් සිසුන් තිදෙනකු (3) අපයෝජනය කළ ‘වල්සාදුවා’ අත්අඩංගුවට

(08.11.2025 – lankacnews.com ඇසුරෙන්)

පාසල් වයසේ පසුවන පිරිමි ළමුන් තිදෙනකු (3) අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත ‘වල්සාදුවෙකු’ අත්අඩංගුවට ගෙන ඇතැයි අඟුරුවාතොට පොලිසිය පවසයි.

මෙම සිද්ධිය අනාවරණය වන්නේ එක් සිසුවකු සතියක් පුරා පාසලට නොපැමිණීම හේතුවෙනි. මේ පිළිබඳව පංතියේ පන්තිභාර ගුරුතුමිය විදුහල්පතිවරයා දැනුවත් කර ඇති අතර ඊළඟ සතියේ දරුවා පාසලට පැමිණීමෙන් අනතුරුව විමසීමේදී මෙම සිදුවීම අනාවරණය වී ඇත. සැකකාර ‘වල්සාදුවා’ මෙම දරුවා ඇතුළු දරුවන් තිදෙනකු (3) විදුහලට පැමිණීම ගැන අවධානයෙන් සිට විදුහල ඉදිරිපිටට පැමිණ මෝටර් රථයකින් දරුවන් රැගෙන ගොස් මුදල් ලබාදී අපයෝජනයට ලක් කර පාසල් ඇරෙන වේලාවට නැවත පාසල් අසලට ගෙනවිත් දමන බව දරුවන් විසින් පැවසී ඇත. එක් අවස්ථාවක දරුවන් දෙදෙනකු (2) එක මොහොතේ අපයෝජනයට ලක් කර ඇති බව අනාවරණය වී ඇත.

පසුව විදුහල්පතිවරයා විසින් අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති අසංක රාජකරුණා මහතා දැනුවත් කරනු ලැබීමෙන් අනතුරුව සූක්ෂම ලෙස මේ පිළිබඳ සියලු තොරතුරු එක් රැස් කර ගෙන ඇත. අනතුරුව දරුවන්ගේ දෙමාපියන්ගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔවුන් පවසා ඇත්තේ දරුවා පාසල් යන බවත් මේ පිළිබඳ කිසිදු තොරතුරක් නොදන්නා බවත්ය.

‘වල්සාදුවා’ විසින් දරුවන් තිදෙනකුට (3) හා විහාරස්ථානයේ සාමනේර හිමියන්ට ද මුදල් ලබාදී වරින් වර අපයෝජනයට ලක් කරනු ලැබ ඇති බවත් සාමණේර හිමියන් මසකට රු. පනස් දහසකට (50,000) ආසන්න මුදලක් වැයකර ප්‍රදේශයේ වෙළෙඳසල්වලින් විසිතුරු භාණ්ඩ හා ටොෆි චොකලට් ද මිලදී ගෙන ඇති බවත් අනාවරණය වී ඇත. සැකකාර ‘වල්සාදුවා’ අඟුරුවාතොට පොලිසිය මගින් හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය ෴


නුවරඑළියේ අයිස් කම්හල අතුරුදහන් කළ ව්‍යාපාරික හිතවතිය කවුද ? මාලිමාවේ කප්පම් හෙලි වේ (08.11.2025)

+


මාලිමාවේ මේ දිස්නා හැර තවත් දිස්නාලා සිටී ද ? (08.11.2025)

+++

රට ගොඩගන්ඩ තව අවුරුදු 10 ක් යනවලු … අනුර සහෝ තමයි කියන්නෙ (08.11.2025)

+++

2026 ට අනුරගෙන් තවත් බොරු ගෝනියක්… සිනාසිසී බෙල්ල කැපිල්ල (08.11.2025)

+


“මේ මගේ නෝනා දිස්නා” NPP දිස්නා පිටුපස මාලිමාවේ ප්‍රබල කාන්තාවක්? | ප්‍රින්සිපල් කිව්ව කතා එළියට (08.11.2025)

+


සජිත් ලොක්කා ඉන්දියාවේ ගියේ බෝට්ටුවේද ප්ලේන් එකේද ? (08.11.2025)

+


මත්ද්‍රව්‍ය කිලෝ 300 ක් සමග ලාංකික ධීවර බෝට්ටුවක් කොටුවෙයි

(08.11.2025 – 19:03 +0530 – sinhala.adaderana.lk)

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300 කට ආසන්න ප්‍රමාණයක් සමග ශ්‍රී ලාංකික ධීවරයන් 6 දෙනෙකු හා ධීවර යාත්‍රාවක් මාලදිවයින ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරට නාවික හමුදාවෙන් ලබාදී ඇති තොරතුරකට අනුව අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වේ.

එම මත්ද්‍රව්‍ය තොගය ‘දෙහිබාලේ මල්ලි’ නැමැත්තාට අයිති ඒවා බවට තොරතුරු ලැබී ඇති බවද ආරක්ෂක අංශ සඳහන් කළේය ෴

+++

කිලෝ 300 ක මත්ද්‍රව්‍ය සමඟ බෝට්ටුවක් මාලෙන් අල්ලයි – පිරිස මීගමුවේ – ලංකාවේ ආරක්ෂක පිරිසක් මාලෙට… (08.11.2025)

+


‘සම්පත් මනම්පේරි’ට අයත් වාහන 3 ක් පොලිස් භාරයට

(08.11.2025 – 15:37 +0530 – sinhala.adaderana.lk)

රැදවුම් නියෝග මත පොලිස් භාරයේ සිටින ‘සම්පත් මනම්පේරි’ට අයත් බව කියන බස් රථයක්, මෝටර් රථයක් සහ කැබ් රථයක් පොලිසිය සිය භාරයට ගෙන තිබේ.

බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ‘සම්පත් මනම්පේරි’ යන අයගේ මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේ දී අදාළ වාහන සොයා ගෙන ඇති බව සඳහන් වේ.

මිද්දෙණිය තලාව ප්‍රදේශයේදී ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිපදවීම සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් බහලුම් දෙකක් (2) ළග තබා ගැනීමේ සිද්ධියට අදාළව පසුගියදා ‘සම්පත් මනම්පේරි’ යන අය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

පසුව ඔහුව දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණය විසින් කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අවසර ලබා දුන්නේය.

+++

+


අසභ්‍ය වීඩියෝවලින් සල්ලි ගැරූ ඉන්ජිනේරු සැමියා හා මනෝ උපදේශක බිරිඳ අල්ලයි

(08.11.2025 – hirunews.lk)

එංගලන්තයේ සි‍ට උඩුගත කරන වැඩිහිටියන්ට පමණක් වූ අසභ්‍ය වෙඩ් අඩවියක‍ට නිරුවතින් විවිධ ඉරියව්වලින් එකට සිටින දර්ශන වීඩියෝ කර ලබා දුන් අඹුසැමි යුවලක් නුගේගොඩ කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය විසින් අද (08) අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

සැමියා පුද්ගලික විශ්වවිද්‍යාලයක පරිගණක ඉංජිනේරු උපාධිධාරියකු වන අතර බිරිඳ පුද්ගලික විශ්වවිද්‍යාලයක මනෝ උපදේශන ඩිප්ලෝමාධාරිනියක් බව විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.

ශ්‍රී ලාංකීය යුවලක් පෙනී සිටින අසභ්‍ය වීඩියෝ දර්ශන එංගලන්තය කේන්ද්‍ර කරගත් වෙබ් අඩවියක විකාශය වන බවට නුගේගොඩ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණියට ලද තොරතුරකට අනුව ඔහුගේ උපදෙසින් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඇත්තේ නුගේගොඩ කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂිකා සපුගොඩ ඇතුළු කණ්ඩායමක්.

ඒ අනුව කළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මෙම යුවල හඳුනාගත් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් රාජගිරියේ පිහිටි ඔවුන් රැඳී සිටි නිවසේදී ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබුණා.

තෙමහල් ගොඩනැගිල්ලක ඉහළම මහලේ මෙම යුවල පදිංචිව සිට ඇති අතර, එම නිවස අදාල කාන්තාවට සිය මවගෙන් දෑවැද්දට ලැබී තිබූ එකක් බවට හෙළි වූ බව පොලිසිය පවසනවා.‍

මෙම නිවෙසේ දෙවැනි (2) මහලේ පදිංචිව සිටින්නේ යැයි සඳහන් වන්නේ සැකකාරියගේ මවගේ සහෝදරියයි.

පහළ මහලේ පවුලේ සෙසු අය පදිංචිව සිටින බව වැටලීමට එහි ගිය නිලධාරීන්ට පෙනී ගොස් තිබුණා.

මෙම සැකකරුවන් දෙදෙනා විසින් අසභ්‍ය වීඩියෝ රූගත කරනු ලැබ ඇත්තේ එම නිවෙසේ තෙවැනි (3) මහලේ ඔවුන් පදිංචි නිවසේ බවට විමර්ශකයින් සොයා ගත් බවට වාර්තා වුණා.

අදාල අසභ්‍ය වීඩියෝ දර්ශනවල ඇති පසුතල එම නිවෙසේ තෙවැනි (3) මහලේ තිබී ඇති බව ද පොලීසිය සදහන් කළා.

එහි තිබූ සෝෆා, ඇඳ, මේස, ‍පුටු, මුළුතැන් ගෙය ආදිය සිය්ලලම අදාල වීඩියෝ දර්ශන හා සැසඳෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.

වීඩි‍යෝ දර්ශන ජංගම දුරකථනයකින් ලබාගෙන ඇති බවත් එම දර්ශන සංස්කරණය කර එංගලන්තයේ සමාගමට යැවීමට භාවිතා කර ඇත්තේ ලැප්ටොප් පරිගණකයක්.

ජංගම දුරකථනය, ලැප්ටෝප් පරිගණකය ඇතුළු උපාංග රැසක්ද මෙම නිවෙසේ තිබී පොලිස් භාරයට ගෙන තිබුණා.

විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනා විසින් සකස් කළ අසභ්‍ය වීඩියෝ දර්ශන 334 ක් අදාල වෙබ් අඩවියට මුදාහැර තිබූ බවක්.

දැන හඳුනා ගැනීමකින් අනතුරුව ඇති වූ පෙම් සම්බන්ධතාවයකින් පසු දෙදෙනා විවාහ වී ඇත්තේ 2009 වසරේදී බව සඳහන්.

දෙදෙනාම පුද්ගලික ආයතනයක සේවයකර ඇති බවත් අනපේක්ෂිත ලෙස රැකියාව අහිමිව අසරණව සිටි අවස්ථාවක මෙම ක්‍රියාව සඳහා යොමුවූ බවත් ඔවුන් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබුණා.

ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී අදාල සමාගම සමග ගිවිසුම්ගතව මෙම වීඩියෝ දර්ශන ලබාදෙන බවද ඔවුන් පොලීසියට පැවසූ බව වාර්තා විණි.

ගිවිසුම් ප්‍රකාරව මාසයකට වීඩියෝ 08 ක් ලබාදිය යුතුයි. ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ එකහමාරත් දෙකත් (1½ – 2) අතර මුදලක් ලැබෙන බවත් වීඩියෝ දර්ශන නැරඹුම් වාර ගණන වැඩි වන විට අමතර මුදලක් ලැබෙන බවත් ඔවුන් පොලිසියට පවසා තිබුණා.

මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුළ පසුගිය අගෝස්තු මාසය වන තුරු නැරඹීමට හැකියාවක් තිබී නැත.

ඔවුන් දෙදෙනා මේ සඳහා ඉදිරිපත්ව ඇත්තේ මෙරට දී එම වෙබ් අඩවියට පිවිසීමට කිසිවකුටත් අවස්ථාවක් නොමැති බැවින් තම අනන්‍යතාව හෙළි නොවනු ඇතැයි විශ්වාස කරමින්.

මෙම අඹුසැමි යුවලට දරුවන්ද නොමැති බව පොලීසිය සඳහන් කරනවා.

සැකකරුවන් දෙදෙනා හෙට (09) කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


රුපියල් මිලියන 662කට අධික වල්ලාපට්ට තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

(08.11.2025 – 20:36 +0530 – sinhala.adaderana.lk)

නීතිවිරෝධීව සන්තකයේ තබා ගෙන සිටි වල්ලාපට්ට තොගයක් සමග පුද්ගලයින් තිදෙනෙකු (3) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත දෙණියාය වන සංරක්ෂණ නිලධාරීන් සමග එක්ව මාතර කොටපල ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරුවන් සතුව තිබී වල්ලපට්ටා කිලෝ 110 ග්‍රෑම් 450 ක් ද නිලධාරීන් භාරයට ගෙන ඇති අතර එම තොගයේ වටිනාකම රුපියල් මිලියන 662 කට අධික බවත් යුද හමුදාව පැවසීය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *