තම සැමියා සහ තම පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වීමෙන් පසු මාලිමා නාගරික මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි

තම සැමියා සහ තම පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වීමෙන් පසු මාලිමා නාගරික මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි


තම සැමියා සහ තම පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වීමෙන් පසු මාලිමා නාගරික මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි

(06.11.2025 – hirunews.lk)

සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාල පෑලියගොඩ නගර සභාවේ ‘ජාතික ජන බලවේගයේ’ මන්ත්‍රීවරිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව ඇය විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත මේ වන විටත් යොමුකිරීමට කටයුතු කර ඇති අතර, එහි පිටපතක් ‘ජාතික ජන බලවේගයේ’ ප්‍රධාන ලේකම්වරයාට යොමු කර තිබේ.

සිදුවීමට අදාල ‘දිස්නා නිරන්ජලා කුමාරි’, පෑලියගොඩ නගර සභාවේ ‘ජාතික ජන බලවේගයේ’ මන්ත්‍රීවරියක ලෙස පසුගිය පළාත් පාලන මැතිවරණයේ වී තේරී පත්වුණා ෴

හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරියගේ ස්වාමිපුරුෂයාට මත්ද්‍රව්‍ය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයෙන් බව අනාවරණ වී තිබෙනවා.

අදාළ මන්ත්‍රීවරියගේ ස්වාමිපුරුෂයා රජයේ පාසලක විදුහල්පතිවරයෙක් ද වනවා.

ඔහුගේ සොහොයුරාගේ පුත්‍රයා වන ‘ශෂී’ නමැත්තා විසින් මෙම මත්කුඩු ඩුබායි සිට යොමු කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එප්පාවල කටියාව යාය 10 ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙක් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන බවට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් වික්‍රමසිංහට ලැබුණු තොරතුරක් මතයි අදාළ විදුහල්පතිවරයාට අයත් එප්පාවල ප්‍රදේශයේ පිහිටි එම හෝටලය වටලා තිබුණේ.

එහිදී එම හෝටලයේ තිබි හෙරොයින් කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 20 ක් සොයා ගැනීමට එම නිලධාරීන් සමත් වුණා.

ඒවායෙහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි දෙකකට (2) ආසන්න බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව අදාළ විදුහල්පතිවරයා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර විදුහල්පතිවරයාගේ බිරිඳ පෑලියගොඩ නගර සභාවේ ‘ජාතික ජන බලවේගය’ නියෝජනය කරන ‘දිස්නා නිරංජලා කුමාරි’ නමැති මන්ත්‍රීවරිය බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව ඇගේ පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි නිවස ද පෑලියගොඩ පොලිසිය විසින් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

කෙසේවෙතත්, අදාළ නිවසේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැක කටයුතු කිසිවක් හමු වී නැහැ.

මෙම විදුහල්පතිවරයාගේ පුත්‍රයෙක් ද හෙරොයින් ග්‍රෑම් 20 ක් සමග පසුගිය 30 වැනිදා අත්අඩංගුවට ගෙන තිබූ අතර, අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඔහුගේ සොහොයුරාගේ පුත්‍රයා වන ‘ශෂී’ නමැත්තා මෙම මත්කුඩු ඩුබායි සිට තමන් වෙත එවූ බවයි.

එමෙන්ම තවදුරටත් අනාවරණ වී ඇත්තේ, සැකකාර විදුහල්පතිවරයා ‘කොස්ගොඩ සුජී’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග ද සබඳතා පවත්වා ඇති බවයි.

අත්අඩංගුවේ පසුවන විදුහල්පතිවරයා සහ අනෙක් සැකකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතරුව තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

හෙරොයින් කිලෝග්‍රෑම් 02 කට ආසන්න ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේගයේ මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා සහ තවත් සැකකරුවෙකු නොවැම්බර් 12 වැනි දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග ලබා දී ඇති බව තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය පවසනවා ෴

+++

කුඩු එක්ක අහුවුණ මාලිමා මන්ත්‍රිනීගේ පවුලේ මෙතෙක් මාධ්‍ය නිකුත් නොවු කරුණු මෙන්න (06.11.2025)

+++

මාලිමාවේ කුඩු මෙහෙයුම කුඩේ කුඩු වුණා නේ – සජබේ චරිත් මාලිමාවේ රෙදි ඔලුවෙන් ගලවයි (06.11.2025)

+++

මාලිමා මන්ත්‍රිනීගේ කුඩු පවුලේ පැටිකිරිය එළියට – විදුහල්පති කුඩු කප්පිත්තා – අනුරාධපුරේ ළමයි ඉවරයි (06.11.2025)

+++

මාලිමාවේ සායම යවපු මාලිමා මන්ත්‍රීනී කොස්ගොඩ සුජීගේ නෑදෑයෙක් බව හෙළිවෙයි (06.11.2025)

+++

ඔය මීඩියා ෂෝ දාන එක නවත්තපල්ලා – රෝහිත ඇවිත් මාලිමාවේ රෙදි ඔලුවෙන් ගලවයි (06.11.2025)

+++

මාලිමා මන්ත්‍රීනිගේ කුඩු කේස් එක පත්තු වෙයි – විපක්ෂයේ ප්‍රබලයෝ සුපිරි හෝටලේ රැස්වෙයි (06.11.2025)

+++

හදිසියේ රැස් වූ විපක්ෂයේ ප්‍රබලයෝ කුඩු කේස් එකට ආණ්ඩුව කුල්ල කුජීත කරපු හැටි (06.11.2025)

+++

හොරොයින් වික්ක මාලිමා පවුලට වැඩ වැරදුණා විතරයි – අනුරගේ වීඩියෝ එකක් එකපාරටම ලීක් වෙයි (06.11.2025)

+++

නම වෙනස් කරපල්ලා ජාතික කුඩු බලවේගය කියලා පුතා කුඩු බොනවා – මොන තරම් පහත්ද ? (06.11.2025)

+++

මාලිමා මන්ත්‍රීගේ පැටිකිරිය දුමින්ද දිග අරියි – ඒ මන්ත්‍රීවරිය හෙදියක් විදිහට වැඩ කළේ (06.11.2025)

+++

තාත්තයි පුතයි ඉන්න හෝටලයට, මාලිමා මන්ත්‍රීතුමියත් ඇවිත් යනවා | තවමත් එළියට ආවේ නැති හොඳට ටික (06.11.2025)

+++

රටම කැළඹූ මාලිමා මන්ත්‍රීතුමියගේ පාතාල සම්බන්ධකම් එළියට | කොස්ගොඩ සුජීගේ ළඟම ඥාතියෙක් (06.11.2025)

+++

මාලිමා මන්ත්‍රීවරිය ගැන ප්‍රවෘත්තිය පොලිසිය හැංඟුව හේතුව – වසන්ත, විජිත හේරත් ඔයාලා දන්නෙම නැද්ද (06.11.2025)

+++

මාලිමාවේ දිස්නාව අත්අඩංගුවට නොගත් ඇත්ත හේතුව? ගෙදර හිටිය ද ? නැත්තම් පැන්නද ? | කවුරුත් නොදන්න ඇත්ත (06.11.2025)

+++

දිස්නාගේ සිද්ධිය පොලිසිය යටගැහුවේ මෙහෙමයි, ප්‍රින්සිපල්ගේ ෆෝන් එකේ රහස් ? දැන දැන ම හැංඟුව හැටි (06.11.2025)

+++

මාලිමා මන්ත්‍රීණියගේ නම ගෑවුණු කුඩු කතාවේ ඇත්ත! පුත්‍රයා ගත්තේ මහඉලුප්පල්ලමේදී! ඩුබායි සසීගේ නම ආහැටි (06.11.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *