අස්වැසුමෙන් නිවාස ආධාර දෙන්න රුපියල් පනස්දාහක (50,000) අල්ලසක් ගත් ටි.ඕ. රිමාන්ඩ්
අස්වැසුමෙන් නිවාස ආධාර දෙන්න රුපියල් පනස්දාහක (50,000) අල්ලසක් ගත් ටි.ඕ. රිමාන්ඩ්
(26.09.2025 – hirunews.lk)
පිටිගල ප්‍රදේශයේ දුගී ජනතාව වෙනුවෙන් ලබා දෙනු ලබන රු. ලක්‍ෂ 10 යක නිවාස ආධාර මුදල ලබාදීම වෙනුවෙන් රුපියල් 50,000 ක අල්ලසක් ඉල්ලා සිටි බව කියන ගාල්ල නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධාරියෙකු ලබන 10 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (26) නියෝග කළා.
ගාල්ල නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධාරියකු වන ‘සුරංග සෝමසිරි’ නමැත්තා එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළා.
සිද්ධියට අදාළ සැකකරු අල්ලස් කොමිසම විසින් අද (26) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
පිටිගල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙහි වැටලීම් කටයුතු සිදුකළ බවයි අල්ලස් කොමිසම අධිකරණයට සඳහන් කළේ,
වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිෂන් සඳහන් කළ සිටියේ , පැමිණිලිකරු කටුමැටි ගෙයක ජීවත්වන බවත්, ප්‍රාදේශීය සභාවේ අස්වැසුම භාර නිලධාරිනිය හරහා නිවාසයක් සාදා ගැනීමට අවශ්‍ය ආධාර ලබාගැනීමට කටයුතු කර ඇති බවයි.
එම අවස්ථාවේ අස්වැසුම භාර නිලධාරිනියගේ මඟ පෙන්වීම යටතේ පැමිණිලිකරු මෙම නිවාස සංවර්ධන තාක්ෂණ නිලධාරියා වෙත ගොස් ආධාර මුදල ඉල්ලුම් කළ ඇති බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ.
එම අවස්ථාවේදී එම ආධාර මුදල අවස්ථා තුනකදී (3) ලබා දෙන බවත් පළමු වාරිකය ලෙස රු. 150,000 ක මුදලක් පැමිණිලිකරුට ලබා දුන් බවත්, දෙවන (2) වාරිකය ලබාදීමට නම් රුපියල් 50,000 ක අල්ලස් මුදලක් මෙම තාක්ෂණික නිලධාරියා විසින් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියා.
එම අවස්ථාවේදී පැමිණිල්කරු තම වාරිකය ගැනීමට රුපියල් 25,000 ක මුදල ලබා තිබෙන බවත් ඉන් පසුව තවත් රුපියල් 25,000 ක් අල්ලසක් ඉල්ලා ඇති බව ද අල්ලස් කොමිසම අධිකරණයට දැන්වුවා.
දෙවෙනි (2) අවස්ථාවේ රු. 25,000 ක මුදල ලබා ගන්නා විට උපාය දූතයෙකු යවා අල්ලස් කොමිසම විසින් සැකකරු අත්අඩංගුවට ගත් බව අධිකරණයට දැනුම් දුන්නා.
සැකකරු බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අද (26) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා ෴
රු. විසිපන්දහසක (25,000) අල්ලසක් ගත් ගොවි නිලධාරියෙක් දැලේ
(26.09.2025 – hirunews.lk)
කුඹුරු ඉඩමක නවතා තිබූ කන්ටේනර් පෙට්ටියකට නිති මඟින් කටයුතු නොකර සිටීමට අල්ලස් වශයෙන් රුපියල් 25,000 ක මුදලක් ඉල්ලා ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙනියාය ගොවිජන සේවා ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරියකු අල්ලස් කොමිසම විසින් අද (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මත දෙනියාය, ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවයේ නියුතු ගොවිජන සංවර්ධන නිලධාරියෙක්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ දෙණියාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවයි එම කොමිසම සඳහන් කරන්නේ.
පැමිණිලිකරුට අයත් කුඹුරු ඉඩමක කන්ටේනර් පෙට්ටියක් තබා තිබිය දී එය පරීක්ෂා කිරීම සඳහා දෙනියාය ගොවිජන සේවා ප්‍රාදේශීය කාර්යාලයේ සැකකාර ප්‍රාදේශීය නිලධාරියා පැමිණ එය පරීක්ෂා කිරීමෙන් පසුව ඒ සඳහා පැමිණිලිකරුට සහන සැලසීමටත්, නීතිය මඟින් කටයුතු නොකර සිටීමත් සහ පැමිණිලිකරුට ඉහත කටයුතු කරගෙන යාමට ලිපියක් නිකුත් කිරීම වෙනුවෙන් මෙම අල්ලස් මුදල ඉල්ලා ලබාගෙන ඇතැයි අල්ලස් කොමිසම පවසනවා.
සැකකරු අදාළ අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී දෙනියාය ගොවිජන ප්‍රාදේශීය කාර්යාලයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි ද අල්ලස් කොමිසම සඳහන් කරනවා ෴
රු. දසදාහසක (10,000) අල්ලසක් ගත් RMV කා.කා.ස. රිමාන්ඩ්
(26.09.2025 – hirunews.lk)
රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරදීමට රුපියල් 10,000 ක අල්ලසක් ලබාගත් බව කියන මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ බලපත්‍ර මුද්‍රණ අංශයේ කාර්යාල සේවකයෙකු සහ ආරක්ෂක අංශයේ සේවිකාවක් ලබන 10 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (26) නියෝග කළා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ බලපාත්‍ර මුද්‍රණ අංශයේ කාර්යාල සේවකයෙක් වන ‘කැලුම් ප්‍රියංකර’ සහ එහි ආරක්ෂක අංශයේ සේවය කරන ලද, දැනට නාවින්න ආයුර්වේද මධ්‍යස්ථානය ආරක්ෂක අංශයේ නියුතු ‘ජීවමානී ඉද්දමල්ගොඩ’ එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළා.
සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා (2) අල්ලස් කොමිසම විසින් අද (26) උදෑසන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
2024 වර්ෂයේ බුද්ධි අංශය විසින් අල්ලස් කොමිසමට ලද තොරතුරකට අනුව කරන ලද වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ, රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට ලියාපදිංචි කරදී ඊට අදාළ විභාගය සඳහා දිනයක් ලබාදී රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරදීමට රු. 11,000 අල්ලස් මුදලක් ඉල්ලා පසුව එය රු. 10,000 දක්වා අඩු කරගෙන ලබාගෙන ඇති බවයි.
සිද්ධියට අදාළ දෙවන (2) සැකකරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අංශයේ සිටි ආරක්ෂක නිලධාරිණියක් වන අතර ඇය මෙම සිද්ධියට අදාළව ආධාර අනුබල ලබාදීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබුණා ෴
2024/2025 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවීමට තිබෙන අවසන් දිනය 2025 සැප්තැම්බර් 30 වැනිදා
(26.09.2025 – hirunews.lk)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින්, සියලුම බදු ගෙවන්නන්ට 2024/2025 තක්සේරු වර්ෂය සඳහා අදාළ ආදායම් බදු අවසන් ගෙවීම් 2025 සැප්තැම්බර් 30 දිනට හෝ ඊට පෙර සිදු කරන ලෙස දැනුම් දෙනවා.
මෙම නියෝගය තනි පුද්ගලයන්, සමාගම්, සංස්ථා, හවුල් ව්‍යාපාර සහ අනෙකුත් සියලුම ලියාපදිංචි ආයතන ඇතුළු සියලුම බදු ගෙවන්නන්ට අදාල වන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනුව, මෙම අවසන් ගෙවීම් පහත සඳහන් ක්‍රම ඔස්සේ සිදු කළ හැකියි.
- Online Tax Payment Platform (OTPP) මඟින් අන්තර්ජාලය හරහා ගෙවීම.
- ලංකා බැංකුවේ (Bank of Ceylon) ඕනෑම ශාඛාවක් වෙත ගොස් ගෙවීම.
මෙහිදී ප්‍රමාද වීම් හෝ ගෙවීම් පැහැර හැරීම් සඳහා පොලී සහ දඩ මුදල් අය කරන බව දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.
මේ හේතුවෙන්, බදු ගෙවන්නන් මුදල් ගෙවීමේ ස්ලිප් (Paying-in slips) ලැබෙන තෙක් බලා නොසිට නියමිත දිනට පෙර ගෙවීම් සිදු කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා ෴
සායනයට යන මුවාවෙන් ‘අයිස් මත්ද්‍රව්‍ය’ විකිණූ යුවලක් කොටු
(26.09.2025 – hirunews.lk)
ගැබිණි මව්වරුන්ගේ සායනයට යන මුවාවෙන් ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් යම් යම් ස්ථානවල තබා යන අඹුසැමි යුවලක් අද (26) දින අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පවසනවා.
ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබා ගෙන අඹුසැමි යුවලක් යතුරුපැදියකින් ගොස් ගම්පොළ, නාවලපිටිය යන ප්‍රදේශවල ‘අයිස් මත්ද්‍රව්‍ය’ බෙදා හරින බවට නාවලපිටිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙත තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුව, නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිළධාරින් කණ්ඩායමක් විසින් දියත්කළ මෙහෙයුමකින් අනතුරුව, නාවලපිටිය දොලොස්භාග මාර්ගයේ පිහිටි පැරණි දුම්රිය නිළ නිවස අසළදී ඇසුරුම් කරන ලද ‘අයිස් පැකට්’ එම ස්ථානයේ තබමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බවයි පොලිසිය සඳහන් කළේ.
එලෙස අත්අඩංගුවට ගත් අඹුසැමි යුවල පරික්ෂා කිරිමේදී ඇසුරුම් කරන ලද ‘අයිස් මත්ද්‍රව්‍ය’ පැකට් 52 (ග්රෑම් 35 ක්) තිබී සොයාගෙන තිබෙනවා.
එහිදී ඇසුරුම් කරන ලද ‘අයිස් මත්ද්‍රව්‍ය’ පැකට් 52 න් පැකට් කිහිපයක් සැකකාර කාන්තාවගේ යට ඇදුම්වල තිබි සොයා ගත් බවත්, එක් (1) ‘අයිස් මත්ද්‍රව්‍ය’ පැකට්ටුවක් රු. 7,000 ක් වැනි මුදලකට අලෙවි කරන බවයි දැනට කරන ලද මූලික විමර්ෂනවලදී අනාවරණය වී ඇත්තේ.
සැකකාර අඹුසැමි යුවල ගම්පොළ, කීරපන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 සහ 27 වයස් කාණ්ඩවල පසුවන අය බවත්, එම අඹුසැමි යුවල ‘ඩුබායි තාරු’ නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගෙන ‘ඊසි කෑෂ්’ ක්‍රමයට ප්‍රදේශය පුරා බෙදා හරින බවයි සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත්තේ ෴
කැනඩා යවන බව පවසා ව්‍යාජ වීසා ස්ටිකර් මඟින් මුදල් වංචා කළ තිදෙනෙක් (3) අත්අඩංගුවට
(26.09.2025 – 16:21 +0530 – sinhala.adaderana.lk)
විදේශගත කරන බව පවසා මුදල් වංචා කිරීමේ අරමුණින් ව්‍යාජ වීසා ස්ටිකර් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු (1) හා සැකකාරියන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබේ.
කැනඩාව වෙත විදෙස්ගත කරන බව පවසා මෙම මුදල් වංචා කිරීම සිදුකර ඇති අතර, ඊයේ (25) බම්බලපිටිය පොලීසියට මේ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අවුරුදු 69 ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සැකකාරියන් වයස අවුරුදු 26 හා 68 වයස්වල පසුවන ගෝනගංආර සහ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියන් බව සඳහන් ය.
කැනඩාවට යවන බවට බවසා එක් සැකකාරියක් රු. 3,831,000 ක මුදලක් හා රු. 3,436,000 ක මුදලක් වංචා කර ඇති බවට අනාවරණය වී ඇත.
මෙම සැකකරුවන් මෙවැනි තවත් අපරාධවලට සම්බන්ධවී සිටීද යන්න සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා බම්බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴
වෛද්‍ය සංගමයෙන් නොසිතූ අනාවරණයක් | රාජිතගේ සම්බන්ධීකරණ නිලධාරියා ආණ්ඩුවෙන් ලොකු තනතුරකට දාලා… (26.09.2025)
+
සමකළ හැක කොපිකළ නොහැක – ජනපතිගේ කතාවට දයාසිරි කෝචෝක් කරයි (26.09.2025)
+
ජනපති ඇමරිකාවේ ලංකාවේ රෙදි ඉල්ලේ ? (26.09.2025)
+
“ඒ කාලේ ලාල්කාන්ත යෝගට් බිස්නස් කළේ…” ටිල්වින් / අනුර / ලාල්කාන්ත / විජිත තමයි, ‘හතරදෙනාගේ කල්ලිය’ (26.09.2025)
+
කෑලි මූට්ටු කරලා හදලා දුන්නු අනුරගෙ UN කතාව… ඕක ලිව්වෙ කවුද බං ? (26.09.2025)
+
ඒ හේමචන්ද්‍ර කියන්නෙ කාගෙ කවුද ? එක ගේ දෙන්නෙකුට විකුණලා (25.09.2025)
+
අනුර ලංවීම වික්කා – මෙන්න බලාපල්ලා පනත විදුලි සේවකයෝ පනතේ විස්තර මාධ්‍යට හෙළිකරයි (26.09.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴