නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ගෙන් පැලවත්තට අභියෝගයක්

නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ගෙන් පැලවත්තට අභියෝගයක්


නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ගෙන් පැලවත්තට අභියෝගයක්

(28.08.2025 – hirunews.lk)

ආණ්ඩුවේ මර්දනයට එරෙහිව පුළුල් ජනබලවේගයක් ගොඩනගන බව නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර පවසනවා.

අද (28) පැවැති මාධ්‍ය හමුවකට ඵක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

ඵහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුගීෂ්වර බණ්ඩාර මෙසේද පැවසුවා.

ආණ්ඩුවක් කියනවා සංවිධානාත්මකව පිරිස ගෙනාවා,ඒ පිරිස හඳුනාගෙන ඉන්නවා. ඔවුන් අත්අඩංගුවට ගන්නවාය කියලා. මොකක්ද මේ ඔවුන් ප්‍රකාශ කරන්නේ? ආණ්ඩුව මේ ජනතා පිබිදීම, නැගීටීම ගැන බිය වෙලා ඉන්නේ.

මේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයට විරුද්ධව ජනතාව එකාවන්ව එක්සිත්ව නැගි සිටියදී ඒ වෙනුවෙන් බයවෙලා ඉන්න ආණ්ඩුව පොලිස් මර්ධනය යොදා ගනිමින් මේ ජනතාව අත්අඩංගුවට අරගෙන ජනතා නැගිටීම ආපස්සට හරවන්න හදන්නේ.

ඒ නිසා අපි පැලවත්තට කියනවා අපි මර්ධනවලට බය නෑ. ඕනෑම අභියෝග ජයගන්න අපි සුදානම් කියලා. වගකීමෙන් කියනවා අපි දැනුවත්ව කිසිම කෙනෙක් බස් වලින් සෙනඟ ගෙනාවේ නෑ. මිනිස්සු ආවේ ස්වේඡාවෙන්, සිය කැමැත්තෙන්. ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයට විරුද්ධව මිනිස්සු ආවේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින්.

එසේම විදුලිය නැතිව මිනිස්සුන්ට කන්න නැතිව රට බංකොලොත් වෙලා සිටි කාලයක දී රට ඒ බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමට කටයුතු කළ ඒ නායකයාට කෘතගුණ සැලකීමට. මොන තරම් බාධාක දැම්මත්, අත්අඩංගුවට ගත්තත්, අපි මේ අභියෝගවලට සැලෙන්නේ නෑ. මේ ගොඩනගා ගත් එකමුතුභාවය අපි අත්අරින්නේ නෑ කියලා බය නැතුව ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම අප විසින් මේ ගොඩනගාගත් සහයෝගය බිඳ ගන්නේ නැතිව එකාවන්ව එක්සේසත්ව ව්‍යවස්ථා ඒකාධිපතිවාදය බිදහෙළීමට කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන්ම වැඳ ඉල්ලා සිටිනවා.

ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනපතිතුමන්ට චෝදනා ගොනුකලේ මේ රටේ 70/71 කාලවලදී සෑහෙන්න තරුණ සංහාරයක් සිදු කල 88/89 කාලවලදී බස් ගිනි තියලා, දේපල විනාශ කරලා, පොලිසි ගිනි තියලා, උසාවි ගිනි තියලා, කර්මාන්ත ශාලා ගිනි තියලා මේ රට විනාශයට පත් කළ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ වර්තමාන මාලිමා ආණ්ඩුවෙන්. එදා ජනතා විමුක්ති පෙරමුණේ ලේ තැවරුණු දේශපාලන බලමණ්ඩලය නියෝජනය කරන වර්තමාන ආණ්ඩුවේ මාලිමා ආණ්ඩුවේ නායකයින් විසින් පොදු දේපල පනත යටතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට නඩු පැවරීම තරම් වෙන විහිළුවක් නෑ.

+++

+++

පොලිස් නිලධාරියෙකුට වතුර බෝතලයකින් පහරදුන් බවට සැකකරන පුද්ගලයා රිමාන්ඩ්

(28.08.2025 – 17:00 +0530 – sinhala.adaderana.lk)

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසළ මාර්ගයක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට වතුර බෝතලයකින් පහරදුන්බවට සැකකරන පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ නීති කෘත්‍ය පසුගිය 26 වැනිදා කැඳවු අවස්ථාවේ දී කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසළ මාර්ගයකදී අදාළ සිදුවීම සිදුව තිබුණි.

ඒ අනුව, එම සැකකරු සැප්තැම්බර් 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියමකළේය.

මෙම සැකකරු කළුතර නගරයේදි අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (27) කටයුතු කළේය.

පොලීසිය පැවසුවේ, අත්අඩංගුවටගත් සැකකරු නාගොඩ පදිංචි 52 හැවිරිදි හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන ධනුක හෙට්ටිආරච්චි බවය ෴

+++

හිටපු ජනපති රනිල් තවමත් දැඩිසත්කාර ඒකකයේ

(28.08.2025 – 13:22 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවමත් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඔහු රෝහලෙන් පිටව යන දිනයක් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබා ගැනීම සඳහා සුවිශේෂි කරුණු රැසක් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මණ්ඩලය අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සියලු රෝග සම්බන්ධ වාර්තා ඉදිරිපත් කර තිබු අතර එහි සඳහන් වී ඇත්තේ ඒ මහතාගේ හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 04 න් 03 ක් අවහිර වී ඇති බවය.

එමෙන්ම හෘද වස්තුවේ පටක මිය යාම මෙන්ම පෙනහළු ආසාදනයක් ද පවතින බව අධිකරණ හමුවේ වාර්තා කර තිබුණි.

ඒ අනුව එම රෝග තත්ත්ව පිළිබඳව සියලු වෛද්‍ය වාර්තා නීතීඥවරයා විසින් මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

තවද හිටපු ජනාධිපතිවරයාට බරපතල ජීවිත අවධානමක් මතුව ඇතැයිද ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා තිබුණි ෴


රත්නපුර රෝහල් අධ්‍යක්ෂවරයාට එරෙහි සංකේත වර්ජනය නවතී

(28.08.2025 – hirunews.lk)

රත්නපුර රෝහලේ අධ්‍යක්ෂවරයාගේ දරදඩු ක්‍රියාවන්ට සහ රෝගී සත්කාර සේවාවන් හිතාමතා අඩපණ කිරීමට විරෝධය පළ කරමින් අද (28) දිනයේදී රත්නපුර රෝහල තුළ ආරම්භ කිරිමට නියමිතව තිබු සංකේත වැඩ වර්ජනය නතර කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

රෝහල් අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ කණ්ඩායමක් විසින් පරික්ෂණයක් ආරම්බ කිරීමට හේතුවෙන් මෙම සංකේත වැඩ වර්ජනය නතර කල බවයි රෝහල් ප්‍රකාශකයකු පැවසූවේ.

මේ වන විට එම පරික්ෂණ කණ්ඩායම රෝහලට තුළට පැමිණ අදාල පුද්ගලයින්ගෙන් අදහස් ලබා ගනිමින් සිටින බවද වාර්තාවනවා.

මයියංගනය, කෑගල්ල, නුවරඑළිය සහ ගම්පල රෝහල්වල අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන කාලයේදීද වෛද්‍යවරුන්ට දැඩි පීඩනයක් එල්ල කර පුද්ගලයකු බවට සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණිලි ලැබී ඇති බවද ඔහු පැවසුවා.

සෞඛ්‍ය අමාත්‍යංශය තුළ මොහුට විරුද්ධව පැමිණිලි විශාල සංඛ්‍යාවක් පැවතියදී රත්නපුර රෝහල වැනි ශික්ෂණ රෝහලක අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරිම බරපතල තත්තවයන් නිර්මාණය කරන්නක් වූ බවද සඳහන් වේ ෴


පාරෙන් පැන්න යතුරු පැදිය ටෙලිෆෝන් කණුවක ගැටී මරණයක්

(28.08.2025 – hirunews.lk)

දඹුල්ල පොලිස් වසමේ දඹුල්ල කුරුණෑගල මාර්ගයේ පොහොරන්වැව ප්‍රදේශයේ දී ඊයේ (27) උදෑසන සිදු වූ යතුරු පැදි අනතුරකින් පුද්ගලයකු මරණයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 37 ක් වන මැදිරිගිරිය මීගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කුරුණෑගල දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වූ යතුරු පැදිය පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකතන රැහැන් කණුව ගැනීමෙන් මරණය සිදුව තිබේ ෴


අනවසර විදුලි රැහැනක ගැටී විදුලිසැර වැදී මරණයක්

(28.08.2025 – hirunews.lk)

නුවරඑළිය තෙරිපැහැ පොලිස් වසමේ කොවිල්කඳුර ප්‍රදේශයේ පුද්ගලයකු ඊයේ (27) අනවසර විදුලි රැහැනක ගැටී විදුලිසැර වැදී මියගොස් ඇති බව තෙරිපැහැ පොලිසිය පවසයි.

වයස අවුරුදු 39 ක් වන කොවිල්කඳුර යටිමාදුර ප්‍රදේශයේ පදිංචිකරුවකු එලෙස මියගොස් තිබේ.

එම තැනැත්තා විසින්ම තම නිවස අසල කුඹුරට යොදන ලද අනවසර විදුලි රැහැනක ගැටී මරණයට පත්වී ඇති බව දැනට කරන ලද විමර්ශනවල දී අනාවරණය වී ඇති බවද පොලිසිය කියයි.

තෙරිපැහැ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴


මාංචු පිටින් කිඹුල්ලු ඉන්න වතුර වළට පැන්න සැකකරු

(28.08.2025 – 14:53 +0530 – sinhala.adaderana.lk)

සොරකමක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මාංචු දමා සිටියදීම කිඹුලන් සිටින දිය වළකට පැන ඇති බව වාර්තා වේ.

සැකකරු ඊයේ (27) රාත්‍රියේ මිල්ලනිය ප්‍රදේශයේ වෙළෙඳසැලක භාණ්ඩ සොරකම් කරමින් සිටියදී වෙළෙඳසැලේ හිමිකරු දැක කෑ ගසා ඇත.

එම අවස්ථාවේ දී සැකකරු වෙළෙඳසැල් හිමියාට තියුණු ආයුධයකින් පහරදී පලාගොස් තිබේ.

පසුව තුවාල ලැබූ වෙළෙඳසැල්හිමියා ගෝනදූව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර පානදුර රෝහල වෙත මාරු කර යවා ඇත.

අද (28) උදෑසන මිල්ලනිය පොලීසිය විසින් සැකකරු සොයා සිදුකළ මෙහෙයුමකදී සැකකරුව අත්අඩංගුවට ගැනීමට සමත් වුණි.

පසුව සැකකරුට මාංචු දමා යතුරුපැදියකින් රැගෙන එමින් සිටියදී යතුරුපැදිය ධාවනය කළ පොලිස් නිලධාරියාගේ ගෙලට මාංචු කුට්ටම යොදා සිරකොට යතුරුපැදිය පෙරළා දමා ‘කොස් ගහ වළ’ නැමති දිය පිරිණු ගැඹුරු වළකට පැන තිබේ.

පසුව ප්‍රදේශවාසීන් හා මිල්ලනිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සැකකරු ගොඩගෙන නැවත පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇත.

සැකකරුට කිසිදු අනතුරක් සිදු වී නොමැති අතර මිල්ලනිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

+


ලංවිම 01.09.2025 දින වැඩ වර්ජනයක් කැඳවයි…

(28.08.2025 – 17:30 +0530 – lankacnews.com)

රජය විසින් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව ලබන මස පළමුවැනිදා (01) එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වීමට ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) වෘත්තීය සමිති තීරණය කර ඇත.

මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇත්තේ, නව පනත යටතේ ලංවිම සමාගම් හතරකට ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් රජය සහ පාලනාධිකාරිය පිළිබඳ පවතින විශ්වාසය බිඳ වැටීමයි.

වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දෙන පරිදි, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර මෙම පනතට එරෙහිව දැඩි ස්ථාවරයක් ගෙන සිටි බවත් වත්මන් එක් අමාත්‍යවරයෙකු විසින් මෙම පනතට එරෙහිව නඩු පැවරූ බවත්ය.

ලංවිම ජවිපෙ වෘත්තිය සමිති නායක රන්ජන් ජයලාල් විසින් පනතේ පිටපත් ප්‍රසිද්ධියේ පුළුස්සා දැමූ බවත් ඔවුහු සිහිපත් කරති.

වෘත්තීය සමිති වැඩිදුරටත් චෝදනා කරන්නේ, සේවකයන්ගේ කිසිදු එකඟතාවයකින් තොරව බලහත්කාරයෙන් නව සමාගම්වලට අනුයුක්ත කිරීම සඳහා ලිපි බෙදා හැරීමක් දැනටමත් සිදු වෙමින් පවතින බවයි. මෙම තත්ත්වය සේවක අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස ඔවුන් සලකයි.

මෙම ක්‍රියාමාර්ග වලට අමතරව, වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව යටතේ ගල් අඟුරු වංචාවක් සහ ‘LTL හෝල්ඩින්ස්’ සමාගමේ ගනුදෙනු පිළිබඳව ද බරපතල සැකසහිත ගණුදෙනු ඇති බවයි.

මේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින්, සේවක අයිතිවාසිකම් සහ ආයතනයේ අනාගතය සුරක්ෂිත කර ගැනීම සඳහා මෙම වැඩවර්ජනය අත්‍යවශ්‍ය බව වෘත්තීය සමිති අවධාරණය කරයි ෴


විදේශ රැකියා ලබා දෙනවැයි රුපියල් කෝටි 10 කට අධික මුදලක් වංචා කල අයෙකු අල්අඩංගුවට..

(29.08.2025 – 02:08 +0530 – lankacnews.com)

විදේශ රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් මිලියන 100 ක් වංචා කළ සැකකරුවෙකු හැටන් අපරාධ පරීක්ෂණ අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව හැටන් දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසාද් වීරසේකර මහතා පැවසීය.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කඳුරුවෙල පදිංචි පුද්ගලයෙකු බවද පොලිසිය පවසයි ස්ථාන රැසක නොයෙක් නම් වලින් පෙනී සිටි ඇති බැවින් නිවැරදි අනන්‍යතාවය තහවුරු කර ගැනීමට පොලිසිය මේ වන විට කටයුතු කරමින් ඇති බවද පොලිසිය පවසයි.

ඩුබායි හි අවන්හල්වල සහ ගෘහ සේවයේ රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 12 සිට රුපියල් ලක්ෂ 15 දක්වා මුදලක් ඔහු අයථා ලෙස එකතු කර ඇති බවද පොලිසිය කියයි ,

මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ සැකකරු ඔවුන්ගෙන් රුපියල් මිලියන 100 කට අධික මුදලක් මෙලෙස ලබාගෙන ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිස් ස්ථානයේ සහ හැටන් පොලිස් අධිකාරි කාර්යාලයේ පැමිණිලි 49 ක් ලියාපදිංචි කර ඇති බව පොලිසිය පැවසීය.

මෙම පැමිණිලි වලින් 12 ක් ඩුබායි වෙත යවන බව පවසමින් කොළඹ කටුනායක ගුවන් තොටුපළ දක්වා කැඳවා ආපසු හරවා යවා ඇති පුද්ගලයන්ගෙන් ලැබුණු බවද පොලිසිය අනාවරණය කරයි

වින්දිතයින් 49 දෙනා හැටන් දිශාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසාද් වීරසේකර මහතා හමු තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳව කරුණු දැක්වීමට කටයුතු කර ඇත ,

ලියාපදිංචි කර ඇති සියලුම පැමිණිලි සම්බන්ධව පොලිසිය මැදිහත් වී නීතිමය කටයුතු සිදු කරවීමට කටයුතු කරන මේ පිළිබඳව කිසිවෙකු බිය විය යුතු නැති බවත්, ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවත් ඔහු පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය සහ හැටන් අපරාධ විමර්ශන අංශය එක්ව පරීක්ෂණ පැවැත්වීම නියමිතය.

ආර්.එෆ්.එම්.සුහෙල්


මෙරට තුළ දරුවන් 14,834 ක් අනාරක්ෂිත තත්ත්වයෙන් පසුවන බවට අනාවරණයක්

(29.08.2025 – 06:55 +0530 – sinhala.adaderana.lk)

දිවයින පුරා අනාරක්ෂිත තත්ත්වයේ පසුවන ළමුන් 14,834 ක් පමණ වාර්තාවී අති බව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (28) පැවති එම දිස්ත්‍රික් බහු පාර්ශ්විය මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනුරුත්ථාපන වැඩසටහනේදී මේ බව අනාවරණය කෙරුණි.

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක සඳහන් කළේ,

“අවදානම් ළමයින් සම්බන්ධයෙන් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් කටයුතු කරනවා. ඒ වගේම පොලිස් ස්ථානවලින් මේ වෙනකොට ළමයින් හඳුනගෙන අපිට යොමු කරපු ප්‍රමාණයකුත් ඉන්නවා. මේකෙදී අපි දකින ලොකුම ගැටලුව තමයි හැම තැනම අන්තර් සම්බන්ධීකරණය වෙනවා අඩුවීම. විශේෂයෙන් මත්ද්‍රව්‍ය වගේ ඒකට බඩෝවිට සහ තවත් ප්‍රදේශවලට නිලධාරීන්ටවත් යන්න පුළුවන්කමක් නැහැ. ළමයා ගොඩනගනවා වගේම පවුල කේන්ද්‍ර කරගත් රැකවරණ සැලැස්මක්, සංවර්ධන සැලැස්මක් සකස් කරලා අපි සියලු පාර්ශ්ව එකතුවෙලා වැඩ කළොත් හොඳයි කියලා තමයි මම යෝජනා කරන්නේ.”


29.08.2025 දින සුව මෙහෙය සහා ආශිර්වාදය – “සුව මැඳුර – අප්පච්චි”, කරුක්කන්කුලම, ගල්කඩවල, අනුරාධපුර.

‘රෝග සුවකිරීම සහ අමනුෂ්‍ය දෝෂ ඉවත්කිරීම’ – නොමිලයේ !

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *