වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට විනය පරීක්ෂණයක්
(27.08.2025 – 15:40 +0530 – sinhala.adaderana.lk)
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසා සිටියේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මාධ්‍යයට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු හෙළි කිරීම සම්බන්ධයෙන් මෙම විනය පරීක්ෂණය සිදුකිරීමට බලාපොරොත්තු වන බවය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වූ වෛද්‍ය හංසක විජේමුණි මහතා :
“රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සෞඛ්‍ය තත්තවය ගැන ප්‍රකාශ නිකුත් කරලා තිබ්බා කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක්. ඔහුට එහෙම නිවේදන නිකුත් කිරීමට කිසිම අයිතියක් නෑ.
එයාගෙ සෙක්ෂන් එකේ නෙවෙයි අර මහත්තයා හිටියේ ඇඩ්මිට් වෙලා. අපිට රෝගියෙක් ආවම ඒ හැම රෝගියෙක්ම රෝගියෙක්. ඒ වගේම අපි කරන්න පුලුවන් උපරිම දේ කරනවා සෞඛ්‍ය අමාත්‍යංශය විදියට.
නමුත් ජාතික රෝහලේ ඔය කියන පුද්ගලයා කරන්නේ එයාට අයිති නැති ජොබ් එකක්. ඒකට අනිවාර්යෙන් පරීක්ෂණයක් කරන්න ඕන. මොකද රෝගියෙක්ගේ තොරතුරු ඔහු කුමන තරාතිරමක වුනත් ජනමාධ්‍යකට ලබාදීමට කිසිදු අයිතියක් නෑ. ඔහුගේ සමහර ක්‍රියා කලාප නීත්‍යාකූල නෑ.
විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඔහුට එළියට නිවේදන නිකුත් කිරීමේ කිසිම හැකියාවක් නෑ” යැයි පැවසීය.
+
+++
+++
+++
+++
රනිල් සිර කිරීම පසුපස රට අරාජක කිරීමේ සැලැස්මක් – ජනාධිපති අනුරට ඇටවූ උගුලක් (27.08.2025)
+
පොදු දේපළ සහ ජනාධිපති මුක්තිය | අද දෙරණ අලුත් පාර්ලිමේන්තුව | 2025.08.27
+++
රනිල් වෙනුවෙන් සජිත් පෙරට ? (27.08.2025)
+
පූගොඩ සිදු වූ මාරක රිය අනතුර (27.08.2025)
ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් :
පළමු වැරදිකරු පාරේ එලවලු පලතුරු විකුණන එකා.
දෙවනි වරදකරු හරකා වගේ පාරේ වීල් එක නවත්තපු එකා… අයින් කරලා නවත්වන්න ඕන අතරම් ඉඩ තිබුනා.
තුන්වෙනි වරදකරු මෙලෝ සිහියක් නැතුව පාරේ වම් පැත්තෙන්, පාර උගේ වගේ සහ සාලේ මැද්දෙන් යනවා වගේ ගිය එකා…ඌ යටවුනා..
හතරවැනි වරදකරු මෙලෝ සිහියක් නැතුව පාරේ වෑන් එක එලවාගෙන ගිය එකා.
ලොකුම වැරදිකරු ඔය පාරේ එළවලු පලතුරු ටික කඩේ තියාගෙන විකුනන්න කියලා නොකියපු එම ප්‍රදේශයේ පොලිසිය…. ඔය ගැන පොලිසියට කිවුවට උන් බලන්නේ නෑ . 119 ගහලත් වැඩක් නෑ ඕවට.
දුම්රිය ස්ථානාධිපති ධුරය කාන්තාවන්ටත් ඉල්ලා යොමුකළ පෙත්සමට අධිකරණයේ තීරණය
(27.08.2025 – 19:46 +0530 – sinhala.adaderana.lk)
ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා ස්ථානාධිපතිවරු බඳවා ගැනීමේ දී ඊට පිරිමි පුද්ගලයින්ට පමණක් අයදුම් කළ හැකි බව දන්වමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත යොමුකර තිබෙන බව නීතිපතිවරයා අද (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
අදාළ තීරණය අභියෝගයට ලක් කරමින් අයේෂානි ජයවර්ධන සහ සුරේෂ් විදුෂා යන කාන්තාවන් දෙදෙනෙකු (2) විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ සම්පත් විජේරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය විසින් මෙම දැනුම්දීම සිදුකරනු ලැබීය.
නීතිපතිවරයා වෙනුවෙන් සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නයනතාරා බාලපටබැඳි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සඳහා එය අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බව සඳහන් කළේය.
එහි ප්‍රගතිය දැනුම්දීම සඳහා මෙම පෙත්සම වෙනත් දිනයක කැඳවන ලෙසත් රජයේ නීතිඥවරිය ඉල්ලා සිටි අතර, ඒ අනුව අදාළ පෙත්සම ඔක්තෝබර් මස 30 වනදා කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියම කළේය.
පෙත්සම්කාරියන් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරු බඳවා ගැනීම සඳහා ඉකුත්දා, නිකුත් කරන ලද ගැසට් නිවේදනය තුළින් අදාළ තනතුර සඳහා පිරිමි පුද්ගලයින්ට පමණක් අයදුම් කළ හැකි බවට දක්වා තිබූ බවය.
සුදුසුකම්ලත් කාන්තාවන්ට එම තනතුරු සඳහා අයදුම් කිරීමට සහ තේරීපත්වීමට තිබෙන අවස්ථාව මේ තුළින් අහිමිකර තිබෙන බවට ඔවුන් චෝදනා කළේය.
මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, කාන්තාවන්ටද අයදුම් කළ හැකිවන පරිදි අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කරන ලෙස වගඋත්තරකාර දුම්රිය දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරියන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් අයැද සිටී ෴
සිසුවකු අපයෝජනය කළැයි ගුරුවරයකු රිමාන්ඩ්
(27.08.2025 – hirunews.lk)
දෙළොස් (12) හැවිරිදි පාසල් සිසුවකු විද්‍යාලයේ ගණිතාගාරයේදී අපයෝජනය කළැයි කියන සිද්ධියකට අදාළ අනුරාධපුර මුලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගත් අනුරාධපුර ප්‍රධාන පෙළේ මිශ්‍ර පාසලක ගුරුවරයෙකු ලබන 08 වැනිදා තෙක් රක්ෂිත භාරයේ තැබීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කර තිබෙනවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ තිරප්පනේ අතුන්ගම පදිංචි විවාහක ගුරුවරයෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක දොළොස් (12) හැවිරිදි පිරිමි දරුවකුගේ දෙමාපියන් විසින්.
සැකකාර ගුරුවරයා වෙනුවෙන් පෙනී සිටි නිතීඥ රංජිත් රාජකරුණා අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ සිය සේවාදායකයාට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
ඒ අනුව ඕනෑම ඇප කෙන්දේසියක් මත මුදා හරින ලෙසට නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය ෴
පානදුර වෙඩි තැබීමකින් අයෙක් (1) මරුට
(27.08.2025 – hirunews.lk)
පානදුර, අලුබෝගහවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමකින් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නිවෙසක සිටි අයෙක් ඉලක්ක කරගෙන මෙම වෙඩ් තැබීම සිදුකර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු (2) විසින් වෙඩි තබා පලායන්නට ඇති බව සැක කරන බවද පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවා ෴
‘ජමාතේ ඉස්ලාමීක්’ලා ආණ්ඩුවට ප්ලාන්ට් කරලා (28.08.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴