අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ලංගම වර්ජනයක්
(27.08.2025 – hirunews.lk)
අද (27) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩල වෘත්තීය සමිති පවසනවා.
දුර ගමන් බස් රථ සඳහා ඒකාබද්ධ කාලසටහනක් හඳුන්වා දීමෙන් මතුව ඇති ගැටලු කිහිපයක් මුල් කරගෙන මෙම වර්ජනය ආරම්භ කරන බවයි එම වෘත්තීය සමිති පවසන්නේ.
+++
+
දක්ෂිණ අධිවේගයේ කොට්ටාව – දොඩංගොඩ අතර කොටස ප්‍රතිසංස්කරණය කෙරේ
(27.08.2025 – hirunews.lk)
දක්ෂිණ අධිවේගි මාර්ගයේ, කොට්ටාව සහ දොඩංගොඩ අතර 19 වන කිලෝමීටරයේ සිට 44 වන කිලෝමීටරය දක්වා ප්‍රතිසංස්කරණය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, තෝරාගත් අවම ලංසුකරු වන මාගා ඉංජිනියරින් පුද්ගලික සමාගම වෙත ඊට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.
මෙම කොටසේ මාර්ගය අබලන්ව ඇති බවට රියදුරන් පසුගිය කාලයේ චෝදනා එල්ල කළා ෴
විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට කොන්දේසි සහිත සහයක්
(27.08.2025 – hirunews.lk)
විදුලිබල මණ්ඩලය සමාගම් 4 කට ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව කොන්දේසි සහිතව සහය දෙන බව ‘ලංකා විදුලි පොදු සේවක සංගමයේ’ සභාපති නීතිඥ මාලක වික්‍රමසිංහ පවසනවා.
ඔහු සඳහන් කරන්නේ 2016 වසරේ සිටම සිය සංගමය අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගත කිරීමක අවශ්‍යතාව අවධාරණය කළ බවයි. කෙසේ වෙතත් අනාගතයේදී මෙම ආයතන පෞද්ගලීකරණය වීමේ හැකියාවක් ඇති බවත් ‘ලංකා විදුලි පොදු සේවක සංගමය’ පෙන්වා දෙනවා.
විදුලිබල මණ්ඩල සේවකයන්ට දැනටමත් නව සමාගම්වලට එකතු වීමට කැමැත්ත පළකිරීමේ ලිපි ලබාදීමට සිදුව ඇති බව වාර්තාවනවා. ඒ අනුව තමන් අයත් ක්ෂේත්‍රයට අදාළ නව සමාගමට එක්වීමට හෝ සේවයට එක් නොවී වන්දි ලබාගෙන ඉවත්වීමට සේවකයන්ට අවස්ථාව ලැබී තිබෙනවා ෴
මුහුදේ නීතිය රකින්නත් ක්ෂණික ඇමතුම් අංක 2 ක්
(27.08.2025 – hirunews.lk)
මුහුදේ සිදුවන නීතිවිරෝධී ක්‍රියා දැනුම්දීම සඳහා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව නව ක්ෂණික ඇමතුම් අංක දෙකක් (2) හඳුන්වා දී තිබෙනවා.
එමගින් මහජනතාවට සහ ධීවර ප්‍රජාවට මුහුදේ සිදුවන අනතුරු මනේම ජාවාරම් හා වෙනත් නීතිවිරෝධී ක්‍රියා ක්ෂණිකව වාර්තා කිරීමට අවස්ථාව සැලසෙනවා.
ඒ අනුව නාවික හමුදාවට 105 අංකයෙනුත්, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට 106 අංකයෙනුත් ඇමතිය හැකියි. තොරතුරු ලබාදෙන අයගේ අනන්‍යතාවය ආරක්ෂා කරන අතර කඩිනමින් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.
මෙම නව ක්‍රමවේදය ධීවර ප්‍රජාවට විශාල සහනයක් බව බහු දින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා. මෙතෙක් මෙවැනි තොරතුරු ලබා දීමට නිසි ක්‍රමවේදයක් නොතිබුණු බවද ඔහු සඳහන් කළා. ඒ අනුව මෙම සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇතැයි ධීවර ප්‍රජාව සදහන් කරනවා ෴
උදය ගම්මන්පිලට එරෙහිව CIDය පරීක්ෂණ අරඹයි
(27.08.2025 – hirunews.lk)
හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ජාතීන් අතර අසමගිය ඇති කරන ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් ෴
ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝදයක ඉදිරිපස රෝදය ගැළවී මරණයක්
(27.08.2025 – hirunews.lk)
අංගොඩ දෙල්ගහවත්ත මාර්ගයේ දෙල්ගහවත්ත ප්‍රදේශයේ දී ඊයේ (26) ත්‍රිරෝදයක් සහ යතුරුපැදියක් ගැටී යතුරුපැදිකරු මියගොස් තිබෙනවා.
වැලිවල දෙස සිට මුල්ලේරියාව දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක ඉදිරිපස රෝදය ගැළවී රියැදුරුට ත්‍රිරෝද රථය පාලනය කර ගැනීමට නොහැකිව යතුරුපැදියක ගැටී අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් යතුරුපැදිකරු සහ ත්‍රිරෝද රථ රියැදුරු යන දෙදෙනාම (2) බරපතළ තුවාල ලබා ඇති අතර නැගෙනහිර කොළඹ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදිකරු මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 41 ක් වන අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මුල්ලේරියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා ෴
සියඹලාණ්ඩුව ග්‍රාම නිලධාරිනිය අල්ලස් දැලේ, කුඩා අල්මාරියකුත් අල්ලස් ලෙස අරන්
(27.08.2025 – hirunews.lk)
සියඹලාණ්ඩුව, බරවාය, වසමේ ග්‍රාම නිලධාරිනිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පුද්ගලයෙකු මිල දී ගන්නා ලද තේක්ක ගස් 18 ක් කැපීම සඳහා නීත්‍යනුකූල බලපත්‍ර ලබා ගැනීමට රුපියල් විසිතුන් දහසක (23,000) මුදලක් සහ ‘දොර දෙකේ කුඩා අල්මාරියක්’ අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
ග්‍රාම නිලධාරිනිය විසින් අල්මාරිය සඳහා මුදල් ගෙවා බිල්පත අල්ලස් වශයෙන් ලබා ගෙන තිබෙනවා.
+
මේ අතර පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කරන ලද පැමිණිල්ලකට අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ කුරුණෑගල විධායක ඉංජිනේරු කාර්යාලයේ ලිපිකරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ පැමිණිලිකරුට අයත් ඉඩමක් අනවසර ඉදි කිරීමක් ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කර ඇති පසුබිමක එම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට අදාළ ඉදිරි කටයුතු නීත්‍යනුකූලව සිදු නොකිරීමට සහ ඊට අදාළව කාර්යාලයේ තිබූ ලිපිලේඛණ ආපසු ලබා දීමක් සම්බන්ධයෙන්.
සැකකරු විසින් අල්ලස් ලෙස රුපියල් එක් ලක්ෂ පනස් දහසක් (1,50,000) ඉල්ලා ඇති අතර පසුව එය රුපියල් එක් ලක්ෂ විසි දහස (1,20,000) දක්වා අඩුකර ලබාගෙන තිබෙනවා ෴
බොරලැස්ගමුව, වෙඩි තබා කළ ඝාතනය රුපියල් ලක්ෂ 5 ක කොන්ත්‍රාත්තුවක්
(27.08.2025 – hirunews.lk)
බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු හෙරොයින් මත්ද්‍රව්‍ය ද සමග පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචි ඔහු 24 හැවිරිදි පුද්ගලයෙක්.
සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘බඩෝවිට අසංක’ගේ ප්‍රධාන ගෝලයකු වන ‘දෙහිවල සැන්ඩ්‍රෝ’ විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවකට අනුව රුපියල් ලක්ෂ 5 ක මුදලකට මෙම වෙඩි තැබීම කර ඇති බවයි ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ.
මීට වසර කිහිපයකට පෙර මත්ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී වෙඩික්කරු විසින් ඔහු හඳුනාගෙන ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
ඔවුන් පසුගිය 22 වැනිදා බෙල්ලන්විල ප්‍රදේශයේ හෝටලයකට පැමිණ සාදයක් පවත්වා ඇති අතර වෙඩික්කරු බෙල්ලන්විල ප්‍රදේශයේ හෝටලයකට ත්‍රිරෝද රථයකින් පැමිණෙන අයුරු ද cctv කැමරාවක සටහන්ව තිබුණා.
අනතුරුව පිරිස පසුදින රාත්‍රියේ බොරලැස්ගමුවේ පැවති සංගීත ප්‍රසංගයක් පැවති ක්‍රීඩාංගනයකට ගොස් තිබෙන අතර කාන්තාවක විසින් එම ස්ථානයේදී ඔහුට රිවෝල්වරයක් ගෙනත් දී ඇති බවත් එහිදී ඡායාරූපයක් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් නිසා එම ස්ථානයේදී වෙඩි තැබීම ව්‍යාර්ථ වූ බවත් සැකකරු පොලිසියට පවසා තිබෙනවා.
පසුව ඔවුන් ත්‍රිරෝද රථයකින් මාලනී බුලත්සිංහල මාවතට ගොස් වෙඩි තැබීම සිදුකර තිබුණා.
වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය මෙතෙක් සොයාගෙන නොමැති අතර අත්අඩංගුවට ගත් වෙඩික්කරු ලබන 29 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබා දුන්නා ෴
බොරැල්ලේ ගිලා බැසීමේ අවදානමක් සහිත මාර්ගය වසා දැමේ
(27.08.2025 – 16:58 +0530 – sinhala.adaderana.lk)
බොරැල්ල පොලිස් වසමේ දේවි බාලිකා වටරවුමේ සිට ඩී.එස්. සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළු වන මාර්ගය හදිසියේ වසා දැමීමට පියවර ගෙන තිබේ.
ඒ, අද (27) දින උදෑසන සිට එහි ඉරිතැලීම් හා ගිලා බැසීමේ අවදානමක් හා අපජලය මාර්ගයට ගලා ඒම හේතුවෙනි.
එම ස්ථානයෙහි අලුත්වැඩියා කටයුතු සිදුකරන බැවින් කොළඹ දෙසට ඇතුළු වන මංතිරු මෙලෙස වසා දැමීමට පියවර ගෙන ඇත.
මේ හේතුවෙන් මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා ඇති විය හැකි බැවින් කොළඹ දෙසට ඇතුළුවන මාර්ගය භාවිත කරන රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
කොළඹින් පිටවන රථවාහන සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බවද පොලීසිය පවසයි ෴
වාහන 5 ක් එකපෙළට ගැටෙයි
(27.08.2025 – 13:29 +0530 – sinhala.adaderana.lk)
කොළඹ – ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ දඹුල්ල, පොහොරන් වැව ප්‍රදේශයේ රථ වාහන පහක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.
අනතුරෙන් එක් අයෙකු තුවාල ලබා ඇති අතර, එම අවස්ථාවේ CCTV දර්ශන පෙළක් ද අද දෙරණට ලැබී ඇත.
කොළඹ සිට දඹුල්ල දෙසට ධාවනය වූ වාහන තුනක් හා දඹුල්ල සිට කොළඹ දෙසට ධාවනය වු ලොරියක් හා කාර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබුණි.
අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන දඹුල්ල පොලීසිය විසින් සිදුකරයි.
+++
+
රේගු ඇසට වැලි ගහලා දෙන්න හදපු ගේම | සුපිරි ෆෝන් 955 ක් බෑග් තුනකින් (3) රට ඇතුලට පන්නන්න ගිහින් මාට්ටු (27.08.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴