කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ රිමාන්ඩ්
(25.08.2025 – 18:13 +0530 – sinhala.adaderana.lk)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ‘කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ’ සැප්තැම්බර් මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.
සැකකාර නියෝජ්‍ය පොලිස්පති අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබාදී ඇත.
ශ්‍රාවස්තිපුර තිබිරිකඩවල ප්‍රදේශයේ නිධන් හැරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් උදිත ලියනගේ ගේ බිරිඳ පිළිබඳ සිදුකෙරෙන විමර්ශන කටයුතුවලට අදාළ අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.
ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන නියෝජ්‍ය පොලිස්පතියෙකුගේ බිරියක ඇතුළු 8 දෙනෙකු අනුරාධපුර පොලීසිය මඟින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ රත්‍රං දේවාලය අසල පිහිටි ඉඩමක පිරිසක් නිධන් හාරන බවට අනුරාධපුර පොලීසියට පසුගිය 13 වැනිදා ලැබී තිබූ තොරතුරක් අනුවය ෴
කොරියාවේ රැකියා දෙන්න රුපියල් කෝටි 15 ක් වංචා කළ ජාවාරමෙක් අල්ලයි
(25.08.2025 – hirunews.lk)
කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයන් 150 දෙනකුගෙන් රුපියල් කෝටි 15 කට අධික මුදලක් වංචා කළ ව්‍යාපාරිකයකු ඊයේ (24) අත්අඩංගුවට ගත් බව ‘කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය’ පවසනවා.
පොලිස් මූලස්ථානය සඳහන් කරන්‍නේ සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා කොම්පඤ්ඤවීදිය පොලිසියට භාර දුන් බවයි.
පුවරසන්කුලම්, තාරේකුලම් ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 41 ක් පමණ වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද පොලිසිය පවසනවා.
ජීප් රථයක්, ඉඩමකට අදාළ ඇටෝනි බලපත්‍රයක් හා ජංගම දුරකථන දෙකක් (2) සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴
විපක්ෂයේ එකමුතුව වෙනුවෙන් පක්ෂ ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක්
(25.08.2025 – hirunews.lk)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම හුදෙකලා සිදුවීමක් නොව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සඳහා ප්‍රබල අභියෝගයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂ නායකයන් හමුවේ පවසනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම තුළ මතුව ඇති දේශපාලනික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ගේ හමුවක් අද (25) විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම හුදෙකලා සිදුවීමක් නොව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සඳහා ප්‍රබල අභියෝගයක් එල්ල කරන්නක් බව මෙහිදී සඳහන් කළ විපක්ෂ නායක එම අභියෝගයට මුහුණ දීම සඳහා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නා.
ඒ සඳහා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සමඟ කෙටිකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට මෙම සාකච්ඡාව කැඳ වූ බව විපක්ෂ නායකයා අවධාරණය කළා.
මෙම හමුවේ දී අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සඳහන් කළේ මේ මොහොතේ ප්‍රධාන ප්‍රශ්න දෙකකට පිළිතුරු සෙවිය යුතු බවයි.
පළමුවැන්න රනිල් වික්‍රමසිංහ නිදහස් කර ගැනීම සඳහා වූ වැඩපිළිවෙළ යි. දෙවැන්න රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට එල්ල වී ඇති අභියෝගය ජයග්‍රහණය කිරීම යි. ඒ සඳහා සියලු දේශපාලන පක්ෂ සිය දේශපාලන මත පසෙකලා එකමුතු විය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දුන්නේය.
මේ අවස්ථාවට සහභාගි වූ සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයින් ප්‍රකාශ කළේ විපක්ෂයේ සමස්ත දේශපාලන පක්ෂ ඒ සඳහා එකමුතුව කටයුතු කිරීම වැදගත් බව යි.
රනිල් වික්‍රමසිංහගේ නඩු කටයුත්ත මෙන්ම ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළට එරෙහිව විපක්ෂය එකමුතුව දිගින් දිගටම ක්‍රියාත්මක වීමේ වැදගත්කම අවධාරණය කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරි කටයුතු සඳහා පක්ෂ ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රියාකාරී කමිටුවක් පත් කිරීමටද පියවර ගත්තා.
අද (25) රැස්වූ සියලුම පක්ෂ නායකයින් අගෝස්තු 27 වනදා යළිත් විපක්ෂ නායක කාර්යාලයේදී රැස්වීමට ද තීරණය කරන කලා ෴
+++
ආණ්ඩුවට එරෙහිව දේශපාලන පක්ෂ රැසක නායකයින්ගෙන් ඒකාබද්ධ නිවේදනයක්
(25.08.2025 – hirunews.lk)
රාජ්‍ය යාන්ත්‍රණයේ ස්වාධීනත්වය බිඳදමන බවට දේශපාලන පක්ෂ රැසක නායකයින් විසින් ආණ්ඩුවට චෝදනා කරනවා.
පොලිස්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ආණ්ඩුවේ බලපෑම් මත මේ වනවිටත් එය ක්‍රියාත්මක කරමින් තිබෙන බවද එය හොඳින්ම පෙනෙන්නට තිබෙන බවද දේශපාලන පක්ෂ රැසක නායකයින් පවසනවා.
දේශපාලන පක්ෂ නායකයින් මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ඒකාබද්ධ නිවේදනයේ මේ බව සඳහන්වී ඇති අතර එම නිවේදනය පහත දැක්වෙනවා.

= දේශපාලන පක්ෂ නායකයින්ගේ ඒකාබද්ධ නිවේදනය =
අද වන විට රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලනය කිරීමේ නිදහස අහිමි කරමින් මර්දනකාරී ලෙස අණ්ඩුව තම දේශපාලන ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත. ඒ අනුව, දේශපාලන පක්ෂ නායකයින් සහ ක්‍රියාකාරීන් මර්දනය කිරීම, යටත් කිරීම සහ නිහඬ කර තැබීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණයක තැබිය යුතු ස්වාධීනත්වය බිඳ දමමින් පොලීසිය, අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාව ක්‍රියාත්මක වේ.
තම දේශපාලන චරපුරුෂයන් ගෙන් විමර්ශන ආයතන පුරවාලමින් සහ යටත් කර ගනිමින් රාජ්‍ය යන්ත්‍රණයේ පැවතිය යුතු ස්වාධීනත්වය හකුලමින් ආණ්ඩුවේ ඒකාධිකාරයට සභ ඒකාධිපතීත්වයට යටත් කරගනිමින් සිටින බව අපගේ විශ්වාසයයි.
රට තුළ අද වන විට පැන නැගී ඇති වාතාවරණයට අනුව, ආණ්ඩුවට පැමිණෙන පොදුජන විරෝධය මර්දනය කොට යටත් කිරීම සඳහා ආණ්ඩුවට වෙනත් විකල්ප ක්‍රියාමාර්ග නොමැති බව අපගේ වැටහීමයි.
රාජ්‍ය නායකයකුගේ රාජකාරි සහ පුද්ගලික වියදම් සම්බන්ධයෙන් පැහැදිලි ඉරක් ඇඳ වෙන් කිරීම පහසු නැත.
එසේ තිබිය දී, දැනට විමර්ශන කටයුතු අවසන් කර නැති චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම ‘බහු පක්ෂ දේශපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය හකුලන’ ක්‍රියාවලියකි.
විමර්ශන කටයුතු අවසන් නැති පරිසරය තුළ ඇප ලබාදිය නොහැකි වරදක් සම්බන්ධයෙන් චෝදනා කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම මගින්, නීතියේ ආධිපත්‍යය දීර්ඝ කාලීනව බිඳවැටීමටත්, පොලීසිය ඇතුළු ව්‍යවස්ථාපිත ආයතන විසින් කරනු ලබන ස්වාධීන පරීක්ෂණ ක්‍රියාවලි පිළිබඳව පවතින පාරදෘශ්‍යභාවය පිළිබඳ මහජන විශ්වාසය පළුදු වීමටත්, අධිකරණය මගින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ගැන පවතින මහජන විශ්වාසය පළුදු වීමට ඇති ඉඩකඩ පිළිබඳව කනස්සල්ල මෙසේ ප්‍රකාශ කරමු.
රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නගා ඇති චෝදනාව, නීතිය වැරදි ලෙස අර්ථනිරූපණය කරමින් දේශපාලනික අරමුණු මත ගොඩනගන ලද චෝදනාවක් බව අපගේ නිරීක්ෂණයයි.
චෝදනාවට පදනම් වන මුල් තොරතුර නිෂ්පාදනය කර ඇත්තේ ජනාධිපති කාර්යාලයේ අභ්‍යන්තර විගණන අංශය විසිනි. ජවිපෙ ක්‍රියාකාරිකයන්ගේ උපදෙස් මත සැකසූ එය, රනිල් වික්‍රමසිංහ මහතාට වරද ආරෝපනය සදහා ද්වේශ සහගතව දේශපාලනික අරමුණක් සහිතව සකසන ලද්දක් බව පෙනීයයි.
එම අභ්‍යන්තර වාර්තාව රජයේ විගනකාධිපතිවරයා විසින් තහවුරු කරන ලද වාර්ථාවක් නොවේ. එබැවින්, එහි සැඟවුණු දේශපාලනික අරමුණ එමගින් පැහැදිලි වේ.
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ නීති ව්‍යවහාරයන් හා භාවිතයන් පවතී. එසේ තිබිය දී, නඩුවේ සාක්ෂිකරුවන් 38 දෙනෙකු ගේ විමර්ශන අවසන් කර නොමැති පරිසරයක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම මෙරට අධිකරණ පද්ධතියේ ව්‍යවහාරයන්ට පටහැනි වේ.
තව ද, මෙම පැමිණිල්ලට අදාළ චෝදනාව විමර්ශනය කරන ලද්දේ පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණු මුලස්ථානයේ දී පුවත්පත් සාකච්ඡා පැවැත්වූ, නිත්‍ය පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිට දේශපාලන අවශ්‍යතාව මත නැවත සේවයට කැඳවා ඇති විමර්ශකයෙකු විසින් මෙහෙයවනු ලබන කණ්ඩායමක් මගිනි.
දේශපාලන අවශ්‍යතාව මත නිර්මාණය කරනු ලැබූ තොරතුරු සහ සාක්ෂි මත, දේශපාලන පත්වීම් ලැබූ විමර්ශකයින් විසින් විමර්ශන පවත්වා චෝදනා ගොනු කිරීම තුළින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාකාරකම් සඳහා දැවැන්ත බලපෑමක් එල්ල කරනු ලබයි.
රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හා ඇප ලබා දිය නොහැකි වරදක් මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සඳහා කටයුතු කිරීම ‘ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක් දක්වා ගමන් කරන’ බහු පක්ෂ විරෝධී රාජ්‍ය ව්‍යවහාරයකි.
බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලන නිදහස හා දේශපාලන මතවාද දැරීමේ අයිතිය රැකගැනීමට රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවිය යුතු බව අපි අවධාරණය කරමු. මෙම ක්‍රියාවලියට එරෙහිව අපගේ බලවත් විරෝධය හා කනස්සල්ල මෙයින් ප්‍රකාශ කරමු.
එසේම මේ සමස්ත ක්‍රියාදාමයම මෙයට ක්‍රියාකාරී දේශපාලන නායකයන් ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
‘ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවමු’ තේමාව යටතේ වූ ව්‍යාපාරයට එක්වූ නායකයින් සහ දේශපාලන පක්ෂ :
- හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
- මහාචාර්ය ජී.එල්. පීරිස්
- එක්සත් ජාතික පක්ෂය
- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
- පොදුජන එක්සත් පෙරමුණ
- ජාතික නිදහස් පෙරමුණ
- පිවිතුරු හෙළ උරුමය
- ශ්‍රී ලංකා ජනරජ පෙරමුණ
- සර්වජන බලය
- එක්සත් ජනතා පක්ෂය
- ඊ.පී.ඩී.පී. සංවිධානය
- සමස්ථ ලංකා මුස්ලිම් කොංග්‍රසය
- ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
- නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
- ශ්‍රී ලංකා මහජන පක්ෂය
- ද්‍රවිඩ ජාතික සංධානය
- ලංකා කම්කරු කොංග්‍රසය
- ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ
- කම්කරු ජාතික පෙරමුණ
- ජනනායක තමිල් තේසිය කුට්ටනි
- ජාතික කොංග්‍රසය
- නීතීඥ දයාසිරි ජයසේකර
- වෛද්‍ය කාවින්ද ජයවර්ධන
+++
රනිල් ගැන කියන්න එජාපය ජාත්‍යන්තරය හමුවට
(25.08.2025 – hirunews.lk)
දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පිළිබඳව ජාත්‍යන්තරය දැනුවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු ලබාදුන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ප්‍රකාශ කළේ ඊයේ (24) රාත්‍රියේ දී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් දැනුවත් කිරීමට කටයුතු කළ බවයි.
අද (25) දිනයේ දී ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා හමු වී මේ සම්බන්ධය සාකච්ඡා කළ බවද ඔහු ප්‍රකාශ කළා. ඉදිරියේදී එක්සත් එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු තවත් රටවල තානාපතිවරුන් රැසක් හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පෙන්වා දුන්නා.
මහාචාර්ය ජී.එල්. පීරිස්, රුවන් විජයවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් හමුවී රනිල් වික්‍රමසිංහ මහතාට සිදුවී තිබෙන අසාධාරණය, මෙම දේශපාලන පළිගැනීම සහ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් එම රටවල තානාපතිවරුන් දැනුවත් කිරීමට කටයුතු කරන බවද වජිර අබේවර්ධන වැඩිදුරටත් පැවසුවා ෴
+++
හෙට (26) කොළඹට ජනතාව රැස්කරන්න විපක්ෂයෙන් සැලසුමක්
(25.08.2025 – 19:43 +0530 – sinhala.adaderana.lk)
විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ හෙට (26) දිනයේ පක්ෂ පාට භේදයකින් තොරව කොළඹට රැස්වීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක, අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
විපක්ෂයේ පක්ෂ රැසක සහභාගීත්වයෙන් අද (25) පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව දේශපාලන නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් පළ කර කරමින් මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබානොදීම තුළ පොලීසිය මුලික ඇප කොන්දේසි පවා සලකා බලා නොමැති බවය.
එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අත්අඩංගුවට ගැනීම තුළින් මර්දනය ක්‍රියාත්මක වන බව පැහැදිලි වී ඇතැයි ද ඒ මහතා පැවසීය.
මේ අතර, එම අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, දුමින්ද දිසානායක මහතා පවසා සිටියේ, ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන සියලුදෙනා හෙට (26) කොළඹ රැස්විය යුතු බවය.
ප්‍රශ්නය – අද (25) සාකච්ඡාවේ දී කතා කරාද රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු එන්න වරම් ලබාදෙන්න කවුරු හරි ඉවත්වෙලා?
දුමින්ද දිසානායක මහතා :
“අපේ එහෙම කාගේවත් බලාපොරොත්තුවක් නෑ. බය වෙන්න එපා. මම විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට නම් එහෙම වුවමනාවක් නැතුව ඇති. ඒත් අපිට හිතෙනවා මේ ප්‍රශ්නේ අහද්දි අපිට හිතෙනවා රනිල් පාර්ලිමේන්තු එනවාට බය ද කියලා. ආණ්ඩුවට අවුරුද්දක් යන්න කලින් විපක්ෂය මෙහෙම සමගි කරපු එකට ජනාධිපති අනුරට ස්තූතියි.”
+++
‘සූගුදා’ගේ ආරක්ෂාව ඉවත් කෙරෙයි… ස්තූතියි… අනුර ජනාධිපතිතුමා ඇතුළු මාලිමා ආණ්ඩුවට (25.08.2025)
+
උසස් පෙළ විභාගයට අදාළ ‘ඉසෙඩ් ලකුණු’ අද (25) සවස 6 න් පසු නිකුත් කෙරේ
(25.08.2025 – hirunews.lk)
2024 අ.පො.ස. උසස් පෙළ විභාගයට අදාළ ඉසෙඩ් ලකුණු අද (25) සවස 6 න් පසු නිකුත් කෙරෙන බව ‘විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව’ පවසනවා.
Detailed information of Course Selection
University Admission – Academic Year 2024/2025
Based on the GCE (A/L) Examination in 2024 (After Re-scrutiny)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
@ Vipakshaye Ekamuthuwa. These senior corrupt politcians are giving a new meaning to Democracy. That is according to them democracy equals giving corrupt political leaders a blank cheque to strip national assets for their personal benefits, comfort and stashing as much as they could carry in foreign bank accounts. This is the new meaning that they want to give the voters, if not why would they say that arresting a remanding Ranil W for abusing government funds for his personal benefit was a threat to democracy. Voters, citizens of Sri lanka, identify the rogues collected in this forum. Do you want to give this band of politician rogues the wealth of the country for their personal use, while you are burdened with taxation, to pay back the debts that they have incurred. Identified the rogues as they have betrayed their identities as rogues by assembling at this forum: “Puhul Hora Karen Daney”.