බොරලැස්ගමුවේ වෙඩි තැබීමකින් අයෙක් (1) මරුට
(24.08.2025 – 06:20 +0530 – sinhala.adaderana.lk)
බොරලැස්ගමුව මාලනී බුලත් සිංහල මාවතේදී අද (24) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු (1) ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පැවසුවේ අද (24) අලුයම 12:30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය.
සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු (1) තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි ‘ගිහාන් දුලාන් පෙරේරා’ නම් 25 හැවිරිදි තරුණයෙකි.
බොරලැස්ගමුව ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක් නරඹා මියගිය තරුණයා ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු මාර්ගයේ පා ගමනින් යමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු (1) විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලීස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සංගීත සංදර්ශනයේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලීසිය සැකපළ කරයි.
මේ වන විට සිදුකළ විමර්ශනවලදී දෙපාර්ශ්වයම යම් සංවිධානාත්මක කල්ලියකට අයත් පිරිසක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.
GMOA වැඩ වර්ජනය ගැන ව්‍යාජ ප්‍රචාර
(24.08.2025 – hirunews.lk)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අගෝස්තු 25 වැනිදා සඳුදා පෙරවරු 8 සිට දිවයින පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව නිවේදනය කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් නොතකා, වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය කඩාකප්පල් කරමින්, දූෂිත, අත්තනෝමතික සහ අකාර්යක්ෂම ක්‍රියා සිදු කරන සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් මෙම තීරණය ගත් බවයි සඳහන්.
සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ එකඟතා ඇති කර ගත්තද, ඒවා ක්‍රියාත්මක නොකිරීම නිසා වර්ජනයට යොමු වීමට සිදු වූ බවද එම සංගමය පවසවා.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ වැඩවර්ජනය සම්බන්ධයෙන් ව්‍යාජ ප්‍රචාර සිදුවෙමින් ඇති බවයි.
ඒ අනුව ඒ බව සඳහන් ව්‍යාජ ලේඛන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන්නේ.
මෙම ව්‍යාජ ලේඛන සඳහා සංගමයේ නිල නාමය, ලාංඡනය, ලිපි ශීර්ෂය, සහ ලේකම්වරයාගේ නම හා අත්සන පවා යොදාගෙන ඇති බවද ඔවුන් සඳහන් කරනවා.
මෙම ව්‍යාජ ලේඛන මගින් වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමක් ලෙස හුවා දැක්වීමට ද යම් පිරිසක් උත්සාහ ගෙන තිබෙන බවයි පෙන්වා දෙන්නේ.
එවැනි ව්‍යාජ ප්‍රචාර පැතිරවීම සඳහා රජයට සම්බන්ධ වෛද්‍ය වෘත්තීය සමිතියක් ක්‍රියාකාරීව දායක වන බවට ද එම සංගමය චෝදනා කරනවා.
මෙවැනි උත්සාහයන් මීට පෙර ද සිදු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත් එම සංගමය පවසනවා.
ඒ අනූව මේ සම්බන්ධයෙන් ද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි එම සංගමය වැඩිදුරටත් පවසන්නේ ෴
විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් එක්ව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්
(24.08.2025 – 10:04 +0530 – sinhala.adaderana.lk)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් එක්ව මේ වන විට කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.
+
රනිල්ගේ ප්‍රතිපත්ති කරේ දාගෙන යන ගමන් රනිල්ගේ රූපකාය හිරේ දාලා චූන් වෙලා වැඩක් නෑ (24.08.2025)
+
සුදාගෙන් පටන් අරගෙන ආණ්ඩුවේ ලොක්කන්ගේ රෙදි ඔලුවෙන් ගලවපු සජබේ අජිත් (24.08.2025)
+
‘යූටියුබ් සුදා’ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් විශේෂ විමර්ශනයක්
(24.08.2025 – hirunews.lk)
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට පත්වීම සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධව අධිකරණ තීන්දුවට පෙර ප්‍රකාශයක් සිදුකළ ‘සුදත්ත තිලක්සිරි’ නමැත්තා සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එස්.යූ. වුට්ලර් පවසනවා.
ඒ එක්සත් ජාතික පක්ෂයේ වෘත්තියවේදීන්ගේ සංගමය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුවයි.
එකී ‘සුදත්ත’ නමැත්තා තමාට අයත් යූටියුබ් නාලිකාවක් ඔස්සේ ඉහත සිදුවීම් සම්බන්ධයෙන් කරුණු හෙළිකළ අතර, පසුව ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණා.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ CIDයට ප්‍රකාශයක් දීමට පැමිණෙන අවස්ථාවේ අත්අඩංගුවට ගන්නා බවත් ඔහුව එදින රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් ‘සුදත්ත තිලක්සිරි’ නැමැත්තා විසින් සිය යූටියුබ් නාලිකාවේ වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා.
එම ප්‍රකාශය ඔහු විසින් සිදුකර තිබුණේ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට පත්වීමට දිනකට පමණ පෙරයි.
එහිදී දේශපාලඥයින්, නීති විශාරදයින්, ජනතාවගෙන් ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් මෙම ප්‍රකාශය සිදුකිරීම සම්බන්ධයෙන් බරපතළ චෝදනා රැසක් රජයේ පාර්ශ්වය වෙත සහ එකී ‘සුදත්ත’ නමැති පුද්ගලයා වෙත පසුගිය දින කිහිපයේදී එල්ල කෙරුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් ලැබුණු එම පැමිණිල්ල විමර්ශන නිලධාරින් විසින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත යොමුකර තිබෙනවා.
‘හිරු ප්‍රවෘත්ති’ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එස්.යූ. වුට්ලර් සඳහන් කළේ පොලිස්පතිවරයා විසින් එම පැමිණිල්ල විමර්ශනය සඳහා විශේෂ විමර්ශන ඒකකයකට භාරදීමට පියවර ගන්නා බවයි.
+++
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීමක්
(24.08.2025 – hirunews.lk)
දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද සළකා ඔහුගේ සුව දුක් බැලීමට පැමිණීම සීමා කරන්නැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන දේශපාලඥයින්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් විමසීමට මේ වන විට බොහෝ පිරිසක් පැමිණෙන බැවින් එය ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයට අවධානමක් වනු ඇති බවයි ‘හිරු ප්‍රවෘත්ති’ වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ෴

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වෛද්‍ය බෙල්ලන කියන කතාව
(24.08.2025 – 12:13 +0530 – sinhala.adaderana.lk)
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.
ඒ මහතා පැවසුවේ හිටපු ජනාධිපතිවරයාට විජලන තත්ත්වයක් ඇතිව ඇති බවත් ඔහුගේ ශරීරයේ ඇති රුධිරයේ වෙනස් වීම් සහ වෙනත් සළකුණුද මේ වන විට නිරීක්ෂණය වී ඇති බවය.
වෛද්‍යවරයා පැවසුවේ අධිකරණ ශාලාවේදී පැය කිහිපයක් රැඳී සිටීමේදි එහිදී ඇතිවූ විදුලි විසන්දිවීම්, ජලය පානය නොකිරීම් හේතුවෙන් ඇතිවූ සංකූලතා මත ඔහු විජලන තත්ත්වයට පත්ව ඇති බවය.
මේ හේතුවෙන් බන්ධනාගාර රෝහලින් පසුව ජාතික රෝහලට මාරුකර එවා ඇති බවත් ඒ අනුව දැඩි වෛද්‍ය නිරීක්ෂණය යටතේ හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවද වෛද්‍ය බෙල්ලන මහතා මෙහිදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා :
“හිටපු ජනාධිපතිව මම දැන් බලලා අවේ. ඔහුට යම්කිසි විජලනය තත්ත්වයක් වෙන්න ඕනේ. යම් යම් වෙනස් වීම් තියෙනවා ශරීරයේ ලේවල සහ වෙනත් සළකුණුවල. ඉතිං අපි දවස් තුනක් (3) දැඩි විවේකී තත්ත්වයක තියන්නත් ඕනේ; විජලනයට ප්‍රතිකාර කරන්නත් ඕනේ. ඒ කළේ නැත්නම් හෘදයාබාධ, වකුගඩු ආබාධ සහ වෙනත් සංකූලතා පැන නගින්න පුළුවන්. ඒ නිසා ඔහු දැඩි නිරීක්ෂණයක් යටතේ විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායම් කිහිපයක් යටතේ ඔහුව මේ වෙලාවේ බලාගන්නවා. ඔහුට දවස් දෙක-තුනක් යද්දි හොඳ අතට හැරෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. බැරි වෙලාවත් අපි හරියට ප්‍රතිකාර කළේ නැත්නම් ඒ සංකූලතා වර්ධනය වෙන්න පුළුවන්.”
+++
අනුර – රනිල් ගේම් එක ගැහුවේ 2008 ඉඳලා – දිලිත් අග ඉඳන් මුලට සියල්ල හෙළි කරයි (24.08.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴