බණ්ඩාරගම වෙඩිතැබීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
(22.08.2025 – hirunews.lk)
බණ්ඩාරගම – බොල්ගොඩ පාලම අසලදී සිදුවූ වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ වැඩතහනමට ලක්වූ හිටපු බන්ධනාගාර නිලධාරියෙකු බවට හෙලිවී තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ‘ලලිත් කුමාර කෝදාගොඩ’ නැමැත්තෙකු බවත්, ඔහු ‘මාකදුරේ මදූෂ්’ සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් වූ පුද්ගලයෙකු බවටයි හෙළි වී ඇත්තේ.
පානදුර දෙස සිට බණ්ඩාරගම දෙසට මෝටර් රථයකින් යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) ඔහුට ඊයේ (21) පස්වරුවේ මෙලෙස වෙඩි තබා පළා ගොස් තිබුණා.
ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩිතැබීම සිදුකර තිබූ අතර මෝටර් රථය ආසන්නයේ තිබී උණ්ඩ කොපු 24 කට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම, අදාළ වෙඩික්කරුවන් වෙඩිතැබීමට පැමිණෙන ආකාරය සහ නැවත වෙඩිතබා පලායන අයුරු සී.සී.ටී.වී. කැමරාවක ද සටහන් වී තිබෙනවා.
අදාළ වෙඩික්කරුවන් විසින් පළමුව පැමිණ එක් (1) වෙඩිල්ලක් තබා පසුව යළි පැමිණ වෙඩි කිහිපයක් තබා පලායන අයුරුයි එහි දැක්වෙන්නේ.
මියගිය බන්ධනාගාර නිලධාරියා පාතාල කල්ලි සාමාජික ‘සමයං’ට කලුතර බන්ධනාගාර බස් රථයක් තුළදී ප්‍රහාරයක් එල්ල කරන අවස්ථාවේ කලුතර බන්ධනාගාරයේ රාජකාරි කර ඇති අතර ප්‍රහාරයට සහය දැක්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන නිදොස් කොට නිදහස් කර ඇති අයෙකු බවද වාර්තා වනවා.
ඊයේ (21) රාත්‍රියේ මියගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණය පවත්වා ඇති අතර එම අවස්ථාවේ ඔහුගේ මුදල් පසුම්බියේ තිබී රුපියල් ලක්ෂ දෙකකට (2) ආසන්න මුදලක් හමුවී ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පොලිස් කණ්ඩායම් 03 ක් යොදවා තිබෙනවා.
මෙම වෙඩිතැබීමත් සමග 2025 වසරේ මේ දක්වා සිදු වූ වෙඩිතැබීම් සංඛ්‍යාව 84 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් පුද්ගලයින් 45 දෙනෙකු මියගොස්, පුද්ගලයින් 50 දෙනෙකු තුවාල ලබා තිබෙනවා ෴
+++
+
සූරියවැවදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී වෙඩි හුවමාරුවක්; සැකකරු ජීවිතක්ෂයට
(22.08.2025 – hirunews.lk)
හම්බන්තොට – සූරියවැව, වැවේගම කැළෑබද ප්‍රදේශයේ වාඩියක් තුළ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වෙඩි තැබීමකින් සැකකරුවෙකු (1) මිය ගොස් තිබෙනවා.
අද (22) අලුයම මොහු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත වෙඩි තබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එම අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකාය ද සැකකරුට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බව පොලිසිය කියා සිටියා.
මෙම පුද්ගලයාට අමතරව තවත් අයෙකු (1) එහි සිට ඇති අතර, එම සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය දෙසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර එම ස්ථානයෙන් පැන ගොස් ඇති බව ද සඳහන් ෴
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) CIDයට
(22.08.2025 – hirunews.lk)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.
ඒ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගෙන ඇති බව කියන සිදුවීමකට අදාළව කෙරෙන විමර්ශනයකටයි.
2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 දිනවල එම සංචාරය සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පුද්ගලයින් දස දෙනෙකු (10) මෙම සංචාරයට ගොස් ඇතැයිද වාර්තා වෙනවා.
අදාළ විමර්ශනයට මීට පෙර හිටපු ජනාධිපති ලේකම් ‘සමන් ඒකනායක’ගෙන් සහ හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් ‘සැන්ඩ්‍රා පෙරේරා’ගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනීමට පියවර ගත්තා ෴
පරිපූරක වෛද්‍ය සේවා වෘත්තික වර්ජනය අදත් (22)
(22.08.2025 – hirunews.lk)
බස්නාහිර පළාත් සභාවට අයත් සියලු රෝහල්වල ‘පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින්’ ඊයේ (21) සිට ආරම්භ කල අඛණ්ඩ වැඩවර්ජනය අද (22) දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි.
වෘත්තිය සමිති පවසන්නේ ‘බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය’ගේ ක්‍රියාකලාපයට එරෙහිව වර්ජනය ආරම්භ කළ බවයි.
මේ අතර ස්ථාන මාරුවීම් සම්බන්ධ ගැටලු සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලබාදුන් විසඳුම් තවමත් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ලබන සඳුදා (25) උදෑසන සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයකට යොමුවන බවයි ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ පවසන්නේ.
වර්ජනය හේතුවෙන් රෝහල්වලට පැමිණි ජනතාව ඊයේ (21) දිනයේ දැඩි අපහසුතාවයට පත් ව සිටියා.
මෙම වර්ජනයට ප්‍රතිචාර නොදක්වන්නේ නම් නුදුරේදීම වර්ජන ක්‍රියාමාර්ගය සඳහා ‘මධ්‍යම රජයේ රෝහල්’ ද සම්බන්ධ කර ගැනීමට සිදුවන බවයි ‘පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය’ පවසන්නේ.
මේ අතර වාර්ෂික ස්ථාන මාරුවීම් සහ දුෂ්කර සේවා ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් පවතින ගැටලු සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලබාදුන් විසඳුම් තවමත් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ලබන සඳුදා (25) උදෑසන 8 සිට වැඩ වර්ජනයකට යොමු වන බව ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ පවසනවා.
මේ අතර බඳවාගැනීමේ පටිපාටිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට චෝදනා කරමින් ‘මාර්ග සංවර්ධන අධිකරියේ’ සේවකයින් බත්තරමුල්ල ‘මග නැගුම ආයතන පරිශ්‍රයේ’ විරෝධතාවක ද නිරත වුණා ෴
වත්මන් ආණ්ඩුව යටතේ ගෙනා හියුමන් ඉමියුනොග්ලොබියුලින් විද්ද තිදෙනකු (3) මරුට…
(22.08.2025 – 10:00 +0530 – lankacnews.com)
වත්මන් ආණ්ඩුව යටතේ ආනයනය කළ ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්’ එන්නත් කළ තිදෙනකු (3) මිය ගොස් තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේ දී (21) පැවසීය.
රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතය, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය, මුදල් පනත යටතේ නියෝගය සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ නියෝග සම්බන්ධ විවාදයට එක්වෙමින් මේ බව කී මන්ත්‍රිවරයා මෙසේද කීවේය.
‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්’ ප්‍රශ්නය ආවම කෙහෙළිය රඹුක්වැල්ල හිරේ දැම්මා. ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්’ ගෙනාපු සමාගමේ සාම්පල් ලංකාවේ ෆෙල් වුණා. ඒක බෙදන්න එපා කියලා නැවැත්තුවා. නවත්වලා මේ ගැන එන්.එම්.ආර්.ඒ. එක පරීක්ෂණයක් කළා. පරීක්ෂා කළාට පසුව ඒක ෆේල් කියලා අඳුනගත්තා. පස්සෙ මොකක්ද වුණේ මේ බඩු ටික ඉවත් කරන්න කිව්වා. ඉවත් කිරීම පැත්තක තියලා ඉන්දියානු සමාගම ගිහිල්ලා ඉන්දියාවෙන් සහතිකයක් අරගෙන ආවා. සාමාන්‍යයෙන් ඉන්දියාවෙ නිෂ්පාදනයක් ඉන්දියාවෙන් චෙක් කරන්නෙ නැහැ. එක්කෝ ජර්මනියෙන් නැත්නම් වෙනත් රටකින් තමයි චෙක් කරන්නේ. නමුත් අවසානයේ මොකක්ද වුණේ. මේ වෙනකොට තුන් දෙනෙක් මිය ගිහිල්ලා.
එක්කෙනෙක් කොළඹ උතුර රෝහලේ දී මිය ගියා. ඔහු කේ.ඩී. සුජීව. ඊළඟට ඩබ්ලිව්.ඩී. නන්දසේන කියලා කෙනෙක් නුවර රෝහලේ දි මිය ගියා. මේ දෙන්නාම ළඟදි මිය ගිය අය. ඊට කලින් ත්‍රිකුණාමලයෙදි එක් කෙනෙක් (1) මිය ගියා. මේ ආණ්ඩුව යටතේ ගෙනාපු ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්’ ගහපු තුන් දෙනෙක් (3) මිය ගොස් තිබෙනවා. දැන් කවුද මේකට වගකියන්නෙ? කවුද මේකට හිරේ යන්න ඕන? එන්.එම්.ආර්.ඒ. එක නවත්වපු එකක් ආපහු ගහන්න ඉඩ දුන්නේ නැහැ. ඉවත් කරන්න කියපු එක යළිත් පරීක්ෂා කරන්න කියලා කිව්වෙ නැහැ. කෙහෙළිය රඹුක්වැල්ලට වැඩිය මේක භයානක කාරණයක්. මොකද හේතුව මේකෙ තුන් දෙනෙක් මැරිලා තියෙනවා. මේ ගැන ආණ්ඩුව මොකක්ද කියන්නෙ කියලා දැන ගන්න කැමැතියි.
නිලන්ත මදුරාවල
Aruna
ආණ්ඩුව දැන් හත්පොලේ ගාගෙන ඉවරයි – ඔය අධ්‍යාපන නිලධාරීන් දන්න දෙයක් නෑ (21.08.2025)
+
පාස්කු ප්‍රහාර පිටිපස්සෙ බුද්ධි ¤¤¤ ගහපු ගේම. මුන් විස්තර දැනගෙන හිටියේ. ¤¤ හැදුවේ මාව මරලා දාන්න (21.08.2025)
+
‘රිටර්න් චෙක්’ දුන්නොත් වැඩ වරදී
(22.08.2025 – hirunews.lk)
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අංශයේ මූල්‍ය විෂමාචාර මැඩපැවැත්වීම අරමුණු කරගත් නව නීති ප්‍රතිසංස්කරණයක් නිල වශයෙන් ක්‍රියාත්මක වී ඇති අතර, ප්‍රමාණවත් මුදල් නොමැතිව චෙක්පත් නිකුත් කිරීමේ වරද සඳහා දැඩි දඬුවම් හඳුන්වා දී තිබෙනවා.
2025 අගෝස්තු 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි, 2025 අංක 13 දරන විනිමය බිල්පත් (සංශෝධන) පනත මගින් චෙක්පත් ආශ්‍රිත උල්ලංඝනයන් පරාසයක් සඳහා චෙක්පත් මුදලට සමාන දඩ මුදල්, වසර දෙකක් (2) දක්වා සිර දඬුවමක් හෝ දඬුවම් දෙකම (2) නියම කිරීමටයි නියම වී ඇත්තේ.
නව විධිවිධාන යටතේ, පහත සඳහන් ක්‍රියා දැන් දඬුවම් ලැබිය හැකියි.
- ගිණුමේ ප්‍රමාණවත් අරමුදල් නොමැතිව චෙක්පත් නිකුත් කිරීම
- චෙක්පත් නිකුත් කිරීමේදී අයිරා සීමාවන් ඉක්මවා යාම
- වසා දැමූ ගිණුම් වලින් චෙක්පත් ලිවීම
- නීත්‍යානුකූලව වලංගු හේතුවක් නොමැතිව චෙක්පත් සඳහා ගෙවීම් නතර කිරීම
නව නීතිය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් විපක්ෂ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මීට පෙර පැවසුවේ, වසා දැමූ ගිණුම්වලින් නිකුත් කරන ලද චෙක්පත් පමණක් අපරාධ දඬුවම්වලට යටත් වන බවයි.
මෙම නීතිය කෙටුම්පත් කිරීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුව ප්‍රකාශ කර ඇත්තේ එය ව්‍යාපාරික අංශය ආරක්ෂා කිරීමට, වාණිජ ප්‍රජාව තුළ මූල්‍ය විනය වර්ධනය කිරීමට සහ ව්‍යවසායන් ඉක්මනින් බිඳ වැටීම වැළැක්වීමට ශක්තිමත් ආරක්ෂාවක් ලෙස ක්‍රියා කරන බවයි ෴
‘කොළඹ, පුත්තලම හරහා යාපනය’ මාර්ගයේ ඒකාබද්ධ කාලසටහනකට බස් රථ ධාවනයට පියවර
(22.08.2025 – hirunews.lk)
‘කොළඹ, පුත්තලම හරහා යාපනය’ මාර්ගයේ ඒකාබද්ධ කාලසටහනකට බස් රථ ධාවනය ලබන සදුදා (25) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
ඒ අනුව මෙතෙක් ස්ථාන දෙකකදී (2) ආරම්භ වූ ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස්රථ ධාවනය ලබන සතියේ සිට බැස්ටියන් මාවතෙන් ආරම්භ වනු ඇති.
මේ හරහා බස් රථ ධාවනයේදී පවතින තරගය අහෝසි වී යනු ඇති බව ද ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළා.
මෙලෙස කොළඹ සිට ඒකාබද්ධ කාලසටහනකට අනුව බස්රථ ධාවනය වන්නේ පළමු වතාවටයි ෴
රනිල් CID එන්නත් කලින් ‘යූ-ටියුබ් සුදා’ තීන්දුව දීලා ඉවරයි | චාමර, සුදාව ඉවරම කරයි |’යූ-ටියුබ් සුදා’ අගමැතිතුමියට ගහපු හැටි චාමර සම්පත් රඟපා පෙන්නයි (22.08.2025)
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴