බස්නාහිර පළාතේ රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අඟහරුවාදා (19) සිට වර්ජනයකට සූදානම්

බස්නාහිර පළාතේ රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අඟහරුවාදා (19) සිට වර්ජනයකට සූදානම්


බස්නාහිර පළාතේ රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අඟහරුවාදා (19) සිට වර්ජනයකට සූදානම්

(17.08.2025 – hirunews.lk)

බස්නාහිර පළාතේ රෝහල් 31 ක සේවය කරන පරිපූරක වෛද්‍ය සේවාවට අයත් සියලුම වෘත්තිකයන් ලබන අඟහරුවාදා (19) සිට වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය අද (17) නිවේදනය කළා.

මෙම තීරණය ගනු ලැබුවේ, බරපතල විෂමතා සහිතව සකස් කරන ලද “ස්ථාන මාරු නියෝග 2024” හෙට (18) දින නිකුත් කිරීමට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය නියෝග කිරීම හේතුවෙන් බවයි එම සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසන්නේ මෙම ස්ථාන මාරු ක්‍රියාවලිය සම්බන්ධයෙන් වසරකට වැඩි කාලයක් සාකච්ඡා කළද කිසිදු විසඳුමක් නොලැබුණු බවයි.

මෙම ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කළහොත් රෝහල්වල පැය 24 පුරා සිදු කරන සේවාවන් පවත්වාගෙන යාමට නොහැකි වන බවත්, එමගින් කාර්ය මණ්ඩලය සහ රෝගීන් දැඩි අපහසුතාවයට පත්වන බවත් එම බල මණ්ඩලය පෙන්වා දෙනවා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා ඇතුළු වගකිවයුතු නිලධාරීන් කිහිප වතාවක්ම දැනුවත් කළද, මෙතෙක් කිසිදු විසඳුමක් ලැබී නොමැති බවද ඔවුහු සඳහන් කරනවා.

මෙම වර්ජනයට විකිරණ තාක්ෂණවේදීන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්, වෘත්තීය චිකිත්සක නිලධාරීන්, කතන චිකිත්සක නිලධාරීන් සහ ඖෂධවේදීන් ඇතුළු වෘත්තීය කණ්ඩායම් 7 ක් සම්බන්ධ වීමට නියමිත බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව, විකිරණ පරීක්ෂණ, CT ස්කෑන්, රසායනාගාර පරීක්ෂණ සහ වෘත්තීය චිකිත්සක සේවා ඇතුළු සියලුම අදාළ සේවාවන් එදින අඩාල වෙනු ඇති බවත් එම සංගම වැඩිදුරටත් පවසනවා.

හෙට දින ස්ථාන මාරු නියෝග නිකුත් කළහොත්, ලබන අඟහරුවාදා (19) උදෑසන 8 සිට වර්ජනය ආරම්භ කිරීමට බස්නාහිර පළාතේ රෝහල්වල නිලධාරීන් ඒකමතිකව තීරණය කර තිබෙනවා ෴


දිවුලපිටියේ අවන්හලකදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

(17.08.2025 – hirunews.lk)

දිවුලපිටිය දූනගහ – ගොඩිගමුව මාර්ගයේ පිහිටි අවන්හලක ඇතිවූ ගැටුමකින් බරපතල තුවාල ලබා ගම්පහ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ දිවුලපිටිය ඉද්දගොඩැල්ල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි දෙදරු පියෙක්.

ඔහුගේ බිරිදට එම අවන්හලේ හිමිකරු විසින් සිදුකළ බව කියන සිද්ධියක් පිළිබදව විමසීමට ගිය අවස්ථාවේදී හිමිකරු හා තවත් පුද්ගලයන් දෙදෙනෙකු (2) ඊයේ (16) මොහුට පහරදි තිබෙනවා.

පහරදීමෙන් තුවාල ලැබූ මෙම පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (17) උදෑසන ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය සදහන් කළේ.

පහරදුන් අවන්හලේ හිමිකරු ඇතුලු දෙදෙනා (2) ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා ෴


වනඅලි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මරුට

(17.08.2025 – 16:27 +0530 – sinhala.adaderana.lk)

අඹන්පොළ ප්‍රදේශයේදී වනඅලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු (1) ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ පුද්ගලයා වනඅලි ප්‍රහාරයෙන් පසුව බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 53 ක් වූ අඹන්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා තම ඉඩමට පැමිණි වනඅලියකු පලවාහැරීමට යාමේදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අඹන්පොල පොලිස් ස්ථානය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි ෴


මූණට මිරිස් කුඩු ගහලා | මුදලාලිගේ මාලේ කඩලා | රු. ලක්ෂ 8 ක බඩුත් එක්ක | යටියන්තොට මාල හොරා කොටු වුණ හැටි (17.08.2025)

+


හෙට ඉඳන් ජයවර්ධනපුර රෝහලක් නෑ…?? – වෛද්‍ය චමල් සංජීව හදිසියේම මාධ්‍ය කැඳවා රටම කලඹවයි (17.08.2025)

+


ඩිජිටල් අධිරාජ්‍යවාදයේ අල ගිය-මුල ගිය තැන හරියටම විමල්ගෙන් අහගනිමු! | Deep Seek with WW | EP05 (17.08.2025)

+


තැපෑල උඩු යටිකුරු වෙයි | රජයට රතු එළියක් | ඇමතිටත් නහුතෙට බැණුම් | විසඳුම් නැත්නම් දිගටම වර්ජනය (17.08.2025)

+


උගේ අප්පගේ සිංහල යකෝ මේවා – දිවත් පැටලුනා මේක කියවලා (17.08.2025)

+


බත්මුට්ටි උස්සපු ගරිල්ලාකාරයෝ ටිකක් හමුදා කඳවුරු අයින් කරනවා (17.08.2025)

+

ආණ්ඩුව හිතුවද අපි හරක් කියලා – බුදු දහම වනසන්න ලෑස්ති වෙන්න එපා (17.08.2025)

+


රතන, වේදනීයගම .. මොන පරයා වුනත් වරදක් කරලා තියෙනවා නම් දඩුකදේ ගහන්නම ඕන – බුද්ධි අංශවල මුස්ලිම් වහබ්වාදීන් (17.08.2025)

+


රහස් රැසක් මාධ්‍ය හමුවේ හෙළි කරද්දී දයාසිරිගේ ඇඟත් කිලිපොලා යයි (17.08.2025)

+


Aye Meri Zohra Zabeen | Wonal Abhilasha | Hiru Kids Star – Season 01 | Grand Finale (17.08.2025)

+++

+


ගුලි දෙකකින් (2) හැදූ අමුතු පානයෙන් තරුණයෙකු රෝහලේ

(17.08.2025 – hirunews.lk)

මදනමෝදක ගුලි දෙකකට (2) තවත් ද්‍රව්‍ය කිහිපයක් එකතු කර කලවම් කර පානයන් ලෙස පිලියෙළ කර ගනිමින් පාලනය කල තරුණයෙක් අධික ලෙස මත් වීමෙන් පසු නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කළ බව නුවරඑලිය පොලිසිය පවසනවා.

නුවරඑලිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18 ක් පමණ වයසැති එම තරුණයා සමාජ මාධ්‍යයේ තිබූ වීඩියෝවක් නරඹමින් මෙම පානය සකස් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුව එය පානය කර ඇති මෙම තරුණයා අධික ලෙස මත් වී ඇති අතර මව්පියන් විසින් ඔහුව රෝහල්ගතකර තිබුණා.

සමාජ මාධ්‍යවල පවතින මෙවැනි වීඩියෝ දර්ශන නරඹා එය ප්‍රායෝගිකව සිදු කිරිම අවධානම් බවත්, එවැනි ක්‍රියා සිදු කිරිමට යෑමෙන් වළකින ලෙසත් පොලිසිය තරුණයින්ගෙන් ඉල්ලා සිටිනවා ෴


නෝර්ටන්බිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටෙයි

(17.08.2025 – 20:20 +0530 – sinhala.adaderana.lk)

නෝර්ටන්බ්‍රිජ් – මස්කෙලිය ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (17) පස්වරුවේ සිට සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පවසයි.

මෙම ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම පස් කන්ද කඩා වැටී ඇති බව වාර්තා වේ.

පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම මාර්ගය නැවත යථා තත්ත්වයට පත් කරන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසය ෴


A-9 මාර්ගයේ මාරක අනතුරක් – දෙදෙනෙක් (2) මරුට

(17.08.2025 – 21:30 +0530 – sinhala.adaderana.lk)

A-9 මාර්ගයේ (යාපනය – මහනුවර) ඕමන්තේ ප්‍රදේශයේ අද (17) පස්වරුවේ සිදු වූ මාරක අනතුරකින් දෙදෙනෙකු (2) මියගොස් තවත් 10 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.

මෙම අනතුරට ලක්ව ඇත්තේ විශ්වමඩු ප්‍රදේශයේ පදිංචි ඥාතීන් පිරිසක් වන අතර, ඔවුන් මහනුවර ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය කටයුත්කට සහභාගි වී නැවත සිය නිවෙස්කරා යමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇත.

ඔවුන් ගමන්ගත් බොලෙරෝ වර්ගයේ කැබ් රථය ඕමන්තේ පොලීසිය අසල ඉන්දින පිරවුම්හලක් ආසන්යේ දී පෙරළීගොස් ගොස්ගොස් තිබේ.

ඒ හේතුවෙන් එහි සිටි අය පාරට විසි වී, ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටී ඇත.

අනතුර සිදුවන විට කැබ් රථයේ රථයේ 15 දෙනෙකු සිට අතර, තුවාල ලැබූවන් වව්නියාව මහ රෝහලට ඇතුළත් කර ඇත.

ඉන් තිදෙනෙකුගේ (3) තත්ත්වය බරපතළ බව සඳහන්.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 33 ක කාන්තාවක් හා අවුරුදු 30 ක පිරිමි පුද්ගලයෙකු බව සඳහන්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *