‘මාරවිල සුද්දි’ මැරුවේ පොලිසියෙන් සොරාගත් ගිනි අවියෙන් බවට සැකයක්

‘මාරවිල සුද්දි’ මැරුවේ පොලිසියෙන් සොරාගත් ගිනි අවියෙන් බවට සැකයක්


‘මාරවිල සුද්දි’ මැරුවේ පොලිසියෙන් සොරාගත් ගිනි අවියෙන් බවට සැකයක්

(10.08.2025 – hirunews.lk)

මාරවිල මරද ප්‍රදේශයේදී ‘වසන්ති චතුරාණි’ හෙවත් ‘සුද්දි’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින කාන්තාවට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ කොම්පඤ්ඤවීදිය පොලිස් අවි ගබඩාවෙන් සොරාගත් රිවෝල්වරය යොදාගෙන දැයි පොලිස් විමර්ශන අංශ සැක කරනවා.

ගිනි අවිය පසුගිය 21 වෙනිදා පොලිස් අවි ගබඩාවෙන් සොරාගෙන තිබුණේ එම පොලිස් ස්ථානයේම සේවයේ නිරතව සිටි සැරයන්වරයකු විසින්.

රුපියල් ලක්ෂයක (100,000) මුදලකට අවිය තමා ‘මාවතගම අමිල’ නැමැති අයට ලබාදුන් බව සැරයන්වරයා ප්‍රශ්න කිරිමේදී පවසා තිබිණා.

විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ගිනි අවිය ඔහු එසේ ලබාදී ඇත්තේ කුලී පදනම මත බවයි.

පසුව එම අවිය ඩී.ආර්. විජේවර්ධන මාවතේ කෝවිල් පාරේ සඟවා තිබියදී පසුගිය 07 වෙනිදා සොයාගැනීමට කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සමත්ව තිබුණා.

මාරවිල ඝාතනය සිදුවන්නේ පසුගිය 22 වෙනිදාය. 21 වෙනිදා කොම්පඤ්ඤවීදිය පොලිසියෙන් සොරාගත් අවිය එම ඝාතනයට යොදාගත් බවට සැකකරන තොරතුරු විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මේ ආකාරයට මෙම නිලධාරියා පොලිසියේ ගිනි අවි පාතාලයේ ක්‍රියාකාරකම්වලට ලබාදී තිබේදැයි සැකයක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන්ද විමර්ශන පැවැත්වෙන බව පොලිසිය සඳහන් කරනවා ෴


වෙඩි තබා මැරූ වනඅලි සිරුරු දෙකක් (2) සොයා ගනී

(10.08.2025 – hirunews.lk)

කහටගස්දිගිලිය, පැරකුම්පුර, වහගහපු වැව පිහිටි හේන් ඉඩමක තිබී වනඅලි සිරුරු දෙකක් (2) හමුවී තිබෙනවා.

මෙම වනඅලි සිරුරු දෙක (2) හමුවී ඇත්තේ ඊයේ (09) දිනයේදීයි.

වෙඩි තබා මෙම වනඅලි දෙදෙනා (2) ඝාතනය කර ඇති බව කහටගස්දිගිලිය පොලිසිය සඳහන් කරනවා.

එක් අලියෙක් ගැහැණු සතෙක් වන අතර, අවුරුදු 08 ක් පමණ වයසැති බව සඳහන්.

දෙවැනි අලියා අවුරුදු 04 ක් පමණ වයසැති පිරිමි අලියෙක්.

ගැහැණු අලියා දින 15 කට පෙරත්, පිරිමි අලියා මාස එකහාමාරකට (1½) පෙරත් මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.

අනුරාධපුර පණ්ඩුලවැව වනජීවී පශුවෛද්‍ය නිලධාරියා විසින් වනඅලි සිරුරු සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර තිබෙනවා.

වෙඩි වැදීම් සලකුණු සිරුරුවල දක්නට ඇති බව එහිදී පශු වෛද්‍ය නිලධාරියා පවසා තිබෙනවා ෴


දිනෙන් දින ඔඩුදුවන අලි – මිනිස් ගැටුම

(10.08.2025 – hirunews.lk)

දිනෙන් දින උග්‍රවන අලි මිනිස් ගැටුම නතර කිරීමට තවමත් බලධාරීන් නිසි පියවර ගෙන නොමැති බව, කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව හා පරිසර
විද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධානී මහාචාර්ය දේවක වීරකෝන් පවසනවා.

ඔහු පවසන්නේ අලි ගැටලුව කළමණාකරණය කිරීමට විදුලි වැටක් ඉදිකිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි.

ලොව වෙසෙන අලි ඇතුන්ගෙන් ආසියාතික අලි ඇතුන්ට හිමිවින්නේ සුවිශේෂී ස්ථානයක්.

දෙස් විදෙස් සංචාරකයින්ගේ ද වැඩි ආකර්ශනයක් මෙරට වෙසෙන අලි ඇතුන්ට හිමිවනවා.

එහෙත්, අවිධිමත් සංවර්ධනය හරහා මතුව ඇති අලි මිනිස් ගැටුම් සහ සංවිධානාත්මකව කෙරෙන වන අලි ඝාතන හේතුවෙන් එම සොබා සම්පත මේ වන විට මුහුණ දී සිටින්නේ දැඩි තර්ජනයකටයි.

ගත වූ වසර 5 තුළ පමණක් මියගොස් ඇති වනඅලි සංඛ්‍යාව 2,018 ක්.

ඔවුන්ගෙන් බහුතරයකට දිවි අහිමි වුණේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන අතර, එම කාලය තුළදී වෙඩි තැබීම්වලින් පමණක් අලි ඇතුන් 326 දෙනෙකු මියගොස් තිබෙනවා.

මේ වසරේ ගත වූ මාස අට (8) තුළ පමණක් වනඅලි 240 කට අධික ප්‍රමාණයක් මියගොස් ඇති අතර, ඔවුන්ගෙන් 130 දෙනෙකුම මියගියේ වෙඩි තැබීම් ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්.

එවැනි පසුබිමක තවත් මිය ගිය වන අලියෙකුගේ සිරුරක් මාදුරුඔය ජලාශය ආසන්නයේ දෑකැත්ත ප්‍රදේශයේ තිබී හමුව තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 15 ක් පමණ වයසැති වන අලියෙක්.

වන අලියාගේ හිසට වෙඩි පහරවල් කිහිපයක් එල්ල වී ඇති බව හේනානිගල වනජීවි නිලධාරින් පවසනවා.

විවිධ මිනිස් ක්‍රියාකාරම් හේතුවෙන් වන අලි එලෙස මිය යන පසුබිමක ගම් වදින වන අලි හේතුවෙන් ගම්මාන රැසක ජනතාව පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි.

කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නෙකුටුණුවැව , පහළපට්ටිලෑව සහ ගඟුලෑව යන ගම්මානවලට කඩා වැදුණු වන අලි රංචුවක් පොල් ඇතුළු ගොඩ භෝග රැසකට හානි කර තිබුණා.

ගම්වාසීන් පවසන්නේ බලධාරීන් දැනුවත් කළත් තවමත් කිසිදු විසඳුමක් ලැබී නොමැති බවයි.

මේ අතර පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 395 හක්වටුනාව ප්‍රදේශයට කඩා වැදුණු වන අලි රංචුවක් නිවසකට ද දැඩි හානි කර තිබෙනවා.

ගම්වාසීන් පවසන්නේ රාත්‍රී කාලයේදී නිතර ගම්වදින වන අලි හේතුවෙන් දැඩි ජීවිත අවදානමක් ද නිර්මාණය වී ඇති බවයි ෴


වීරගුල පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති වෙඩි තබාගෙන සියදිවි හානිකර ගනියි

(10.08.2025 – hirunews.lk)

වීරගුල පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති ලෙස සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු සියදිවි හානිකරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

අවුරුදු 56 ක් වයසැති මෙම උප පොලිස් පරීක්ෂකවරයා සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන දිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සඳහන් කළේ ෴

(තම මානසික රෝගයට නිසි ‍‍‍‍‍‍‍‍වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තා නම් මෙබඳු විපතක් සිදු නොවනු ඇත – අමරසර)


අතුරුදන්ව සිටි තිදරු පියාගේ මළ සිරුර මාවුස්සාකැලේ ජලාශයෙන් හමුවෙයි

(10.08.2025 – hirunews.lk)

නිවසින් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මාවුස්සාකැලේ ජලාශ පත්ලේ සිරවී තිබියදී පසුගිය 08 වැනිදා පස්වරුවේ නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් සොයාගත් බව මස්කෙළිය පොලිසිය පවසනවා.

එහිදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පසුගිය 06 වැනිදා දහවල් සිට අතුරුදන්ව සිටි මස්කෙළිය, බ්‍රවුන්ලෝ තේ වතුයායේ වේළු මරදමුත්තු නැමති 55 හැවිරිදි තිදරු පියෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් සිටින පුද්ගලයා අතුරුදන්වීමෙන් අනතුරුව පසුගිය 06 වැනිදා බ්‍රවුන්ලෝ තේ වතුයායේ, මාවුස්සාකැලේ ජලාශ ඉවුරේ තිබී ඔහුගේ ඇඳුම්, හිස් වැසුම හා පාවහන් හමුවී තිබෙනවා.

එම ඇඳුම් තිබුණ ස්ථානය අසල පොළවේ ‘මගේ මරණයට හේතුව E.P.F’ බවට සටහනක්ද තබා ඇති බව මස්කෙළිය පොලිසිය පවසන්නේ.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත්, පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන මස්කෙලිය පොලිසිය සඳහන් කළා ෴


2025 සා/පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි 17 සිට 26 දක්වා

(10.08.2025 – hirunews.lk)

2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව සා/පෙළ විභාගය, 2026 වසරේ පෙබරවාරි 17 සිට 26 දක්වා පැවැත්වීමට නියමිත බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ ෴


ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් 20 ට පෙර

(10.08.2025 – hirunews.lk)

2025 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් 20 වැනිදාට පෙර නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (10) උදෑසන 09:30 ට ආරම්භ කෙරුණු අතර, එය දිවයින පුරා මධ්‍යස්ථාන 2,787 කදී පැවැත්වුණා.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 231,638 ක් පෙනී සිටි අතර, දෙමළ මාධ්‍යයෙන් සුදුසුකම් ලැබූ අයැදුම්කරුවන් සංඛ්‍යාව 76,313 ක් ෴

+++

+


හිමිකරුවෙක් නැති බෝට්ටුවක් ගැන පොලිස් විමර්ශන

(10.08.2025 – hirunews.lk)

යාපනයේ, පුන්ගුඩුතීව් මුහුදු වෙරළට අයිතිකරුවකු නොමැති බෝට්ටුවක් ඊයේ (9) දා ගොඩ ගසා තිබෙනවා.

මෙම බෝට්ටුව ධීවර බෝට්ටුවක් වූවත් ධීවර කර්මාන්තය සඳහා යොදා ගන්නා කිසිදු මෙවලමක් එහි නොවූ බවයි පොලිසිය පවසන්නේ.

පොලීසිය සැකකරන්නේ කිසියම් අපරාධයක් සඳහා හෝ නීති විරෝධී ක්‍රියාවක් වෙනුවෙන් මෙම බෝට්ටුව යොදා ගන්නට ඇති බවයි.

ඇතැම් විට ඉන්දියාවේ සිට සංක්‍රමණිකයින් පිරිසක් මේ බෝට්ටුවෙන් පුංගුඩුතීව් වෙරළට පැමිණ බෝට්ටුව අතහැර පලා ගොස් තිබෙන්නට හැකි බවද පොලීසිය සැක කරනවා.

බෝට්ටුවේ ඇති ලියාපදිංචි අංකයන් ඔස්සේ කයිට්ස් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා ෴


‘ඊ-දුම්වැටි’ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

(10.08.2025 – 12:26 +0530 – sinhala.adaderana.lk)

මෙරට පරිහරණයට තහනම් වන රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා ‘ඊ-දුම්වැටි’ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි.

එම සැකකරු ළඟ තිබී ‘ඊ-දුම්වැටි’ 620 ක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇත.

වැල්ලවත්ත ස්ටැෆ් පාරේ සුවඳ විලවුන් සහ චොකලට් අලෙවියේ යෙදෙන ස්ථානයක ‘ඊ-දුම්වැටි’ හොර රහසේ අලෙවි කරන බවට වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරකට අනුව අදාල ස්ථානය වටලා මෙම දුම්වැටි තොගය සොයා ගෙන තිබේ.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ චොකලට් සහ සුවඳ විලවුන් ආනයනය කරන අතරවාරයේදී ඒවායෙහි සඟවා මෙම ‘ඊ-දුම්වැටි’ ආනයනය කර පුද්ගලයන් වෙත රුපියල් 8,000 – 10,000 ත් අතර මිලකට අලෙවි කරන බවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි රාජගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය ෴


වරායෙන් අරගෙන ගෙදර ගෙනියන්න කලින් හප්පගන්නවා කියන්නේ … – හම්බන්තොට (10.08.2025)

+


කවදාවත් මේ වගේ දේවල් කරන්න එපා. අනතුරක් වෙන්න තත්පරයක මොහොතත් ඇති (10.08.2025)

+


ෂෙඩ් එකේ කොල්ලො ටික මරු – නැත්නම් ඒකත් ඉවරයි – හම්බන්තොට (10.08.2025)

+


අලුත්ගම දුම්රිය ස්ථානය අසල සීලානන්ද පාර ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී රියදුරා විසින් අපරික්ශාකාරීව ධාවනය කල කුඩා වෑන් රථයක් දුම්රියේ ගැටීමෙන් අද(09) උදෑසන සිදුවූ අනතුරකින් වෑන් රථය ධාවනය කල කාන්තාව තුවාල ලබා රෝහල් ගත කෙරුනා (10.08.2025)

+


ඇල්ටො එක එන වේගෙට නවතින්නේ තවත් කාර් එකක් උඩ | පස්සෙන් ආපු බයික් එකත් කුඩු (කුලියාපිටිය) (10.08.2025)

+


මම කියලා මුන් වෙන හාමුදුරු කෙනෙක්ව මරලා දැම්මා. ඥානසාර හිමිට මොකක්වත්ම නැති වුනේ ගොන් වැඩ කරපු නිසා (10.08.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *