දොස්තර වර්ජනය කැඳවයි.. රටේම රෝහල් වැසී යාවිලු..
(07.08.2025 – 05:55 +0530 – lankacnews.com)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
= මාධ්‍ය නිවේදනය =
වෛද්‍ය ස්ථාන මාරු ලැයිස්තු වල අක්‍රමිකතා නිසා ඇති වූ අර්බුදය හා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය.
ශ්‍රී ලංකාවේ මේ වන විට වෛද්‍යවරුන් 23,000 කට ආසන්න පිරිසක් සේවයේ යෙදී සිටින අතර එම වෛද්‍යවරුන්ගෙන් 98% කට වඩා ප්‍රමාණයක් අප සංගමයේ සාමාජිකයන්ය. එම නිසා ආයතන සංග්‍රහයට අනුව වෛද්‍ය ස්ථාන මාරු මණ්ඩල වල නිත්‍ය පාර්ශවකරුවෙකු ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරයි.
නමුත්, ස්ථාන මාරු මණ්ඩලවල එකඟතාවයෙන් තොරව හා අනීතික ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා ඒකකයේ අධ්‍යක්ෂවරිය කටයුතු කිරීම නිසා සමස්ත වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලියත්, සමස්ත සෞඛ්‍ය සේවයත් දැඩි අර්බුදයකට මුහුණ දී ඇත.
- 2025 ස්ථාන මාරු ලැයිස්තුව ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව 2024 නොවැම්බර් මස ප්‍රකාශයට පත් විය යුතු වුවද, එය 2025 ජුලි මස තෙක් මාස 09 ක් ප්‍රමාද වීම.
- එම ස්ථාන මාරු ලැයිස්තුව සකස් කිරීමේදි අභියාචනා ක්‍රියාවලිය අවභාවිතා කරමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත ලැයිස්තුවේ සඳහන් ස්ථාන 78 ක් ඉවත් කිරීම හා තමන්ට හිතවත් වෛද්‍යවරුන්ට නීති විරෝධි ලෙස නව පුරප්පාඩු විවෘත කර, එම ස්ථාන ඔවුනට ලබා දීම.
- දුෂ්කර ස්ථාන වල සේවය කරන වෛද්‍යවරුන් අධෛර්යට පත් වෙන ආකාරයට සහ එම දුෂ්කර රෝහල් වැසී යන තත්ත්වයට පත් වීමට කටයුතු කිරීම.
- පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම් පුරප්පාඩු ලැයිස්තුව නිශ්චිත ක්‍රමවේදයෙන් බැහැරව අක්‍රමවත් හා අනීතික ආකාරයට සකස් කිරීම තුලින් සමස්ත සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමට සැලැස්වීම.
ඉහත කරුණු සම්බන්ධයෙන් 2025.08.01 දින සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වුණු අතර එහිදි මෙම ගැටළු සහ අක්‍රමිකතා පිළිගනිමින් මේවා නිවැරදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟවුව ද නිශ්චිත විසඳුමක් මේ වනතුරු ලබා දීමට අසමත් වී ඇත.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිතුමා සමඟ අද (06) දින පැවැත්වුණු අතර එහිදි සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර ඇති ආකාරය පිළිබඳ එතුමාගේද දැඩි විවේචනයට ලක් වූ අතර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ද එකඟ විය.
මෙහිදි අදාල අධ්‍යක්ෂවරියට විරුද්ධව සියලු චෝදනා සහිත පැමිණිල්ලක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලබා දුන් අතර ඒ සඳහා විමර්ෂනයක් ආරම්භ කරන ලෙස කරන ලද ඉල්ලීම පිළිගැණිනි.
2025.08.05 වැනි දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මධ්‍යම කාරක සභාවේදි ගත් තීරණයකට අනුව 2025.08.11 දින ආරම්භ වීමට නියමිත දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ මුල් පියවර ලෙස සියළුම පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම් බලාපොරොත්තුවෙන් සිටින වෛද්‍යවරුන් හා දුෂ්කර සේවා ස්ථාන වල වෛද්‍යවරුන් හෙට (07) දිනයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයට කැඳවීමටත්, එහිදි ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමටත් නියමිතය.
මේ හරහා බිඳවැටෙන සෞඛ්‍ය සේවාවන් වල වගකීම සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂකවරිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන් භාර ගත යුතු වන අතර ඖෂධ හිඟයෙන් පිඩාවට පත් රෝගී ජනතාව, වෛද්‍ය හිඟයක් ඇති කොට සමස්ත සෞඛ්‍ය පද්ධතියම බිඳ දමා රෝහල් වැසි යාමේ අවදානමකට පත් වීම වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු ෴
+++
+
RMV එක ඉදිරිපිට උණුසුම් වෙයි.. සංචාරක කර්මාන්තයට ආණ්ඩුවෙන් කුඩම්මගේ සැලකිලි..? (06.08.2025)
+
මූලික අයිතිවාසිකම් කඩා අත්අංඩගුවට ගැනීම ගැන මානව හිමිකම් කොමිෂමට පැමිණිලි රැසක්..
(07.08.2025 – 08:02 +0530 – lankacnews.com)
මූලික අයිතිවාසිකම් උල්ලංගණය කරමින් පුද්ගලයන් අත්අංඩගුවට ගැනීම සම්බන්ධයෙන් කොමිෂමට පැමිණිලි රාශීයක් ලැබී ඇති බව මානව ශ්‍රීලංකා මානව හිමිකම් කොමසාරිස් නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා පැවසීය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හැටන් ප්‍රාදේශීය කාර්යාලය මගින් (06) දින හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිළධාරින් දැනුවත් කිරිම සදහා හැටන් ‘ලා ඇඩම්ස්’ හෝටලයේ සංවිධානය කර තිබූ වැඩසටහනකට සහභාගිවීමෙන් අනතුරුව කොමසාරිස්වරයා මාධ්‍යට අදහස් දක්වමින් ඒ බැව් පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රීලංකා මානව හිමිකම් කොමසාරිස් නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා මෙසේ පැවසීය :
“කෙනෙකුගේ නිදහස කියන දෙය ඉතාම වැදගත් දෙයක් හැටියට තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සලකන්නේ.
එතකොට ඒ නිදහස අහිමි කරන්න බෑ නීතියේ නියම කරපු කාර්ය පටිපාටියට අනුව හැර.
කෙනෙක් අත්අඩංගුවට ගන්න ඕන නම් නීතියෙන් ආණ්ඩුකුම ව්‍යවස්ථාව යටතේ ඒවගේම අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ කොහොමද අත්අඩංගුවට ගන්න ඕන, අත්අඩංගුවට ගන්න ඕන නිශ්චිත හේතුවක් තියෙන්න ඕන.
වරෙන්තුවක් නැතුව ගන්නවා නම්, සැකයක් තියනවා නම් සැකය සාධාරණ එකක් වෙන්න ඕන, හේතු තියෙන්න ඕන, ලංකාවේ සැකය කියලා වරදක් නැහැ. යම් සැකයකට යම් හේතු තියනවා නම් හේතු මත තමයි සැක ඇති කරගන්න ඕන.
ඒ අනුව තමයි අපරාධයකට සම්බන්ධයි, අපරාධයක් කරන්න යනවා, අපරාධයකට සුදානම් වෙනවා, කියන යම් තොරතුරු තියනවා නම් තමයි ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න පුලුවන්.
එහෙම නැතුව පුද්ගලයෙක් දිහා බලලා ඔහුගේ නහය ලොකුයි, උස වැඩියි, එයා මහතයි එහෙම අත්අඩංගුවට ගන්න නීතියක් අපේ රටේ නැහැ.
එහෙම අත්අඩංගුවට ගන්නේ නැත්නම් ඒක ඒ අයගේ මුලික අයිතිවාසිකම් කඩ වීමක්. එතකොට ඒ අයට පුලුවන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්න.
එතකොට කොමිසම ඒ පිලිදව අනිවාර්යයෙන්ම මැදිහත් වීම් සිදු කරනවා.
දැනටද ඒ වගේ පැමිණිලි රාශියක් කොමිසම වෙත ලැබිලා තිබෙනවා. ඒවා විභාග කරමින් විමර්ෂණය කරමින් පවතිනවා.
චෙම්මිණි මිනි වලේ ප්‍රශ්ණය එන්නේ නිශාන්ත කුමාරස්වාමි අත්අඩංගුවට ගත්ත බව ලුතිනන්වරයෙක් විසින් ප්‍රකාශයට කල නිසා. මේ වගේ විශාල ප්‍රමාණයක් මෙතන වලළලා දාල තියනවා කියලා. ඒ අනුව තමයි මේක ආරම්භ කළේ.
නමුත් හෙමින් තමයි ඒ කටයුතු සිදු කෙරුනේ. ඒත් දැන් මේ වෙද්දි පුද්ගලයන්ගේ 112 කුගේ පමණ අස්ථි හමුවුණා කියලා වාර්ථා වුණා. තවත් මේ වගේ දේවල් තියෙන්න පුළුවන් නේ.
ඒ වගේ තොරතුරු තියනවා නම් මහේස්ත්‍රාත්තුමන්ලා හරහා ඒවා නැවත සොයා බලන්න පුලුවන්. උනන්දුවක් තියනවා කොමිසම හරහා මේක නිරික්ෂණය කරන්න. විශාල සංඛ්‍යාවක් අතුරුදහන් වීම ප්‍රශ්ණයක්?ඒ පිලිබදව සාධක තියනවා කියන එක ප්‍රශ්ණයක්? ඒකට අදාළ වගකියයුතු පුද්ගලයන් ඉන්නවා කියන එක ප්‍රශ්නයක්? රාජ්‍ය අංශයෙන් කෙරුණයි කියන එක ප්‍රශ්ණයක්?
ඒක නිරික්ෂණය කරන්න කොමිසම පහුගිය කාලේ ඒකට ගිහින් ඒ සම්බන්ධ කාරණා පිලිබදව කොමිසම පැත්තෙන් කරන්න පුලුවන් දේ පිලිබදව සොයන්න තමයි එතනට ගියේ අපි.”
රංජිත් රාජපක්ෂ
ජනපති අනුරට ‘කින්ග්’ නරකයි ! ‘ප්‍රින්ස්’ හොඳායි !! (07.08.2025)
+
නිලධාරීන් ‘චිචීගේ රොකට්ටුවෙන්’ ආපු ආදායම ගැන අගමැතිණිට බොරු දත්ත දීලලු! – වසන්ත හරි ගාන කියයි (07.08.2025)
+++
+
ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 10 ක ජල කප්පාදුවක්
(07.08.2025 – 14:53 +0530 – sinhala.adaderana.lk)
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට එළැඹෙන සෙනසුරාදා (09) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව උදෑසන 10:00 සිට පස්වරු 08:00 දක්වා පැය 10 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන්ය.
නිට්ටඹුව, කන්දහේන, මාපගොල්ල, කෝංගස්දෙනිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත, ගොරකදෙනිය, රණ්පොකුණුගම නිවාස යෝජනා ක්‍රමය, බටලීය, අත්තනගල්ල, පස්යාල, ඌරාපොල, දික්කන්ද, මීවිටිගම්මානය, මාඉඹුල, මාතලාන, හග්ගල්ල, අලවන, කලල්පිටිය, ඇලමුල්ල යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇත.
එබැවින් එම ප්‍රදේශවල පාරිභෝගිකයින්ට අවශ්‍ය ජලය ගබඩා කර තබා ගැනීමට කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ ෴
ලෝක බලවතුන්ගේ අර්ථික ගැටුමට මැදි වූ ලංකාවේ ආර්ථිකය විද්වත් ඇසින් (07.08.2025)
+
සෝමරත්න දිසානායක ලෙස පෙනී සිටිමින් රඟපෑමට අවස්ථාව දෙනවා යැයි පවසා තරුණියන්ගේ විඩියෝ බැලූ වංචනිකයා උසාවියට (07.08.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴