ගැබ්බර මුවදෙන ඝාතනයට අත්අඩංගුවට ගත් අය අතර සොහොයුරන් දෙදෙනෙක්
ගැබ්බර මුවදෙන ඝාතනයට අත්අඩංගුවට ගත් අය අතර සොහොයුරන් දෙදෙනෙක්
(25.07.2025 – hirunews.lk)
මාතලේ, හීනුග්ගල රක්ෂිතය තුළදී ගැබ්බර මුවදෙනක් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරු දෙදෙනෙකු (2) ඇතුළු තිදෙනා (3) පිළිබද තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිසිය පවසනවා.
මින් එක් (1) පොලිස් නිලධාරියෙකු සහ සිවිල් පුද්ගලයා සහෝදරයන් බවටයි අනාවරණය වී ඇත්තේ.
අද (25) අලුයම මෙම සිද්ධිය සිදුව තිබූ අතර, මෙම පිරිස අල්ලාගෙන තිබුණේ ප්‍රදේශයේ තරුණයන් පිරිසක් විසින්.
ප්‍රදේශවාසීන් සැකකරුවන් තිදෙනා (3) ගස් බැඳ ‘ගල්කිරියාගම වනජීවී කාර්යාලය’ට සහ ‘මකුළුගස්වැව පොලිසිය’ට ඒ පිළිබදව දන්වා තිබෙනවා.
ඉන් පසුව එම ස්ථානයට ‘මකුළුගස්වැව පොලිසියේ නිලධාරීන් පිරිසක්’ පැමිණ ඇති අතර, පසුව ‘ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ කණ්ඩායමක්’ ද එහි පැමිණියා.
වනජීවී නිලධාරීන් එහි සිටි පොලිස් නිලධාරීන්ට ප්‍රකාශ කළේ මෙය ‘වනජීවී පනත උල්ලංඝනය කිරීමක්’ මෙන්ම සැකකරුවන් අතර පොලිස් නිලධාරීන් ද සිටින නිසා ඔවුන්ව වහාම තමන්ට භාරදෙන ලෙසයි.
කෙසේ වෙතත් අවස්ථා කිහිපයකදීම අදාළ ඉල්ලීම කළ නමුත් එහිදී ‘සහකාර පොලිස් අධිකාරීවරයෙකු’ බව පවසන පුද්ගලයෙකු දුරකථනයෙන් සම්බන්ධවී පොලීසියට නිතිය ක්‍රියාත්මක කිරීමට හැකි බව පැවසීමත් සමඟ වනජීවී නිලධාරින් සහ පොලිසිය අතර ද උණුසුම් සංවාදයක් හටගත්තා.
කෙසේ වෙතත්, පසුව ‘මකුළුගස්වැව පොලිසියේ නිලධාරියකු’ සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන බවයි.
අනතුරුව සැකකරුවන් තිදෙනා (3) මකුලුගස්වැව පොලිසියට රැගෙන ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
+++
+++
ගැබ්බර මුවදෙන ඝාතනය කිරීමේ සිද්ධියට ගිනි අවි 3 ක් සමග අයෙකු කොටුවෙයි
(26.07.2025 – hirunews.lk)
ගලේවෙල – මකුලුගස් වැව, හීනුග්ගල රක්ෂියේදී ගැබ්බර මුවදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බලපත්‍ර රහිත ගිනි අවි 3 ක් සමග තවත් සැකකරුවෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දඹුල්ල සහකාර පොලිස් අධිකාරි එම්. එම්. චන්ද්‍රසිරි කියා සිටියේ, සිද්ධියට අදාළව ඊයේ (25) අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරු දෙදෙනා (2) ඇතුලු තුන්දෙනා (3) ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
ඊයේ (25) අත්අඩංගුවට ගත් එක් පොලිස් සැරයන්වරයෙකු සහ සිවිල් පුද්ගලයා සොහොයුරන් බවට ද මේ වන විට අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනා අද (26) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරපත් කිරීමට නියමිතයි.
එමෙන්ම අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා (2) සම්බන්ධයෙන් ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද දඹුල්ල සහකාර පොලිස් අධිකාරිවරයා සදහන් කළා ෴
+++
ගැබ්බර මුවදෙන දඩයමේ අලුත්ම කතාවක්
(26.07.2025 – 07:46 +0530 – dasathalankanews.com)
ගලේවෙල මකුළුගස්වැව, හීනුගල රක්ෂිතයේ ගැබ්බර මුවදෙනකු ඝාතනය කළ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්නකිරීමේදී තවත් කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව තිබේ.
මෙම ප්‍රශ්නකිරීමේ දී තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, බෝර 12 බලපත්‍ර රහිත ගිනිඅවි 3 ක්ද පොලීසිය සිය භාරයට ගත් බව දඹුල්ල සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.ජී.එම්.එම්. චන්ද්‍රසිරි මහතා පැවසීය.
ඊයේ (25) අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් දෙදෙනා (2) ගෙන් සහ සිවිල් පුද්ගලයා (1) ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීමේදී හෙළි වී ඇත්තේ, වහකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු (2) මුව දඩයමේ පැමිණ ඇති බවය.
එමෙන්ම ඔවුන්ගෙන් එක් (1) පුද්ගලයෙකුගේ සහෝදරයෙකු පොලිස් සැරයනයෙකු බව පවසා තිබේ.
මුවදෙන ඝාතනය කිරීමෙන් පසු රැගෙන යාමටත්, ප්‍රදේශවාසීන් සිද්ධිය දුටු නිසාත් ඔවුන් මෙම පොලිස් සැරයන් සහෝදරයාගේ සහාය පතා ඇත.
ඒ අනුව අදාළ සහෝදර පොලිස් සැරයනයා තවත් පොලිස් සැරයනයෙකුගේ සහය ලබාගෙන සහෝදරයා වෙඩිතැබූ මුවදෙන ආසන්නයට ගොස් ඇති බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
මෙම සැකකරුවන් සිව්දෙනා (4) ගිරානේගම පොලීසියේ රඳවා තබාගැනීමේ අවදානමක් පැවතීම නිසා ඔවුන් අද (26) අලුයම දඹුල්ල පොලිස් ස්ථානය වෙත ගෙනවිත් ඇත.
මේ අතර ප්‍රදේශවාසීන් විසින් පහර දුන් බව ප්‍රකාශ කරමින් මකුළුගස්වැව පොලීසියේ පොලිස් ජීප් රථ රියදුරු ගලේවෙල රෝහලට ඇතුළු වී ප්‍රතිකාර ලබන බවද පොලීසිය පැවසීය.
මුවදෙන ඝාතනය කර ඇත්තේ බෝර 12 වර්ගයේ ගිනිඅවියකින් බව ද සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළි වී ඇති බවද පොලීසිය ප්‍රකාශ කළේය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට අනවසර ගිනිඅවි ළඟ තබාගැනීම, රක්ෂිතයේ සිටි මුව දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම යන චෝදනා එල්ලකර ඇත.
ඔවුන් අද (26) දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත ෴
+++
ගැබ්බර මුවදෙනකගේ සිද්ධියට සැක සිව්දෙනා (4) රිමාන්ඩ්
(26.07.2025 – hirunews.lk)
ගැබ්බර මුවදෙනක මරා දැමීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරු දෙදෙනා (2) ඇතුළු 4 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ගලේවෙල – මකුළුගස්වැව, හීනුග්ගල රක්ෂිතයේදී මෙම මුවදෙන මරා තමා තිබුණා.
මොවුන් පිරිස අගෝස්තු පළමුවැනිදා (01) දක්ක්වායි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ෴
STF සමග වෙඩි හුවමාරුවේදී මියගිය වෙඩික්කරු ගැන තොරතුරු රැසක් හෙලිවෙයි
(25.07.2025 – hirunews.lk)
කහතුඩුව පාලගම ප්‍රදේශයේ වාඩියක දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකින් අද (25) අලුයම මියගිය පුද්ගලයා, දෙහිවල වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු එම ස්ථානයට පැමිණ සැඟව සිට ඇතැයි අනාවරණය වී තිබෙනවා.
ඔහු, ඝාතනයට ලක්වූ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කොස් මල්ලි’ නමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු බවටයි අනාවරණ වුණේ.
එම පාර්ශ්වයෙන් සිදු කළ වෙඩි තැබීම් කිහිපයකටම මොහු සම්බන්ධ වී තිබෙනවා.
ඒ අනුව, මෙම පුද්ගලයා පසුගිය 18 වනදා දෙහිවල දුම්රියපොළ ස්ථානය අසලදී ‘බස් අසිත’ නැමැත්තාට වෙඩි තැබීමේ සිද්ධියේ ද වෙඩික්කරු බවටයි අනාවරණ වූ අතර, පොල්ගස්ඕවිට, පාලගම කැබැල්ලෝවිට ප්‍රදේශයේ වාඩියක මොහු සැඟව සිටින බවට ලද තොරතුරකට අනුවයි විශේෂ කාර්ය බලකාය හා පොලීසිය එක්ව අද (25) අලුයම මෙම මෙහෙයුම සිදුකළේ.
එහිදී සැඟව සිටි සැකකරු ටී-56 වර්ගයේ ගිනි අවියකින් පොලිස් නිලධාරීන් දෙසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමත් සමග පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ සැකකරු ජීවිතක්ෂයට පත්වුණා.
සිද්ධියෙන් එස්.ටී.එෆ්. නිලධාරියෙකුද තුවාල ලැබූ අතර, ඔහු මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වුණේ.
මියගිය පුද්ගලයා දෙහිවල, කවුඩාන පොකුණ පාරේ පදිංචි ‘ජීවන් චාමර ජනක’ නමැති 41 හැවිරිදි අයෙක්.
කලකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කර ඇති ඔහු මත්ද්‍රව්‍ය චෝදනාවක් මත ඉන් ඉවත් කර තිබෙනවා.
වෙඩික්කරු විසින් භාවිත කළ ටී-56 වර්ගයේ ගිනි අවිය සහ පතොරම් කිහිපයක්ද එම ස්ථානයේ තිබී සොයාගගෙන තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණය ද කැස්බෑව මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකරනු ලැබුවා.
+
කැකිරාවේ සිදුකළ මෙහෙයුමකින් ඇත් දළ හා සැකකරුවන් සිව් (4) දෙනෙකු දැලේ
(25.07.2025 – hirunews.lk)
කැකිරාව ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දී ඇත් දළ යුගලක් සමඟ සැකකරුවන් සිව් (4) දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන් සමත්ව තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ, ලද තොරතුරක් අනුව ගල්කිරියාගම වනසත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ හා විජිතපුර වනජීවී බීට්ටු කාර්යාලයේ නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී එම ඇත් දළ යුගලයක් හා සැකකරුවන් සිව් (4) දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවයි.
සැකකරුවන් විසින් අදාළ ඇත්දළ යුගලයෙන් එකක් කැකිරාව නීකිණීයාව ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයා ගැණුන අතර, අනෙක් ඇත් දළය ඔලොම්බෑව ප්‍රදේශයේ ගෙවත්තක වල දමා තිබියදී සොයාගෙන තිබෙන අතර, එම ඇත් දළ යුගලය අඩි දෙකක් (2) පමණ දිගකින් යුක්ත වන බවයි නිලධාරීන් සඳහන් කළේ.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්ණ කිරීම්වලදී පවසා ඇත්තේ ඔවුන් මී කැඩීම සදහා කලාවැව ඉස්මත්තට ගිය බවත්, එම අවස්ථාවේ කලකට පෙර මිය ගිය වන අලියකුගේ සිරුරු කොටස් තිබූ ස්ථානයක් හමුවූ බවත් එම සිරුරු කොටස් තුළ තිබී මෙම ඇත් දළ යුගලය තමන් රැගෙන ආ බවයි.
සැකකරුවන් සන්තකයේ තිබී සොයා ගන්නා ලද මෙම ඇත් දළ යුගලය වයස අවුරුදු 15 ක් පමණ වන දළ ඇතකුගේ බවටයි වනජීවී නිලධාරීන් අනුමාන කරනු ලබන්නේ.
මෙම දළ යුගලය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් කැකිරාව සමඟිගම, නිකිණියාව හා ඔලොම්බෑව යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 22, 50, 41 හා 50 වැනි වයස්වල පසුවන්නන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴
අල්ලස් සිද්ධියකට කළාකරුවෙකු රිමාන්ඩ්
(25.07.2025 – hirunews.lk)
‘පාසල් විදුහල්පතිනියක’ගෙන් සහ ‘ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියෙකු’ගෙන් අල්ලස් ඉල්ලා සිටීමේ චෝදනාව මත අල්ලස් කොමිසමෙන් කළාකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
‘විනෝද් තරංග’ ලෙස හඳුනාගෙන ඇති මෙම සැකකාර කලාකරුවා ඊයේ (24) මතුගමදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇති අතර සැකකරු ලබන අගෝස්තු 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝගකර ඇත්තේ.
මතුගම ප්‍රසිද්ධ ජාතික පාසලක විදුහල්පතිනියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පවතින විමර්ශනයකට අදාළව එම විමර්ශනය සිදු නොකරන බව දන්වා ලිපියක් ලබාදීමට සහ එම විමර්ශනයට අදාළ ගොනුව ඇය වෙත ලබාදෙන බව පවසා රුපියල් 30,000 ක මුදල ඉල්ලා තිබෙනවා.
මීට අමතරව ගුවන් හමුදා නිලධාරියා සම්බන්ධව ද අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ පවතින විමර්ශනයට අදාළව ඔහුව අත්අඩංගුවට නොගෙන සිටීමට සහ ඒ සම්බන්ධයෙන් ලිපියක් ලබාදෙන බව පවසා සැකකරු ඔහුගෙන් ද රුපියල් 30,000 ක මුදලක් ඉල්ලා තිබෙනවා.
එම මුදල් බැංකු ගිණුමකට තැන්පත් කරන ලෙස සැකකරු විසින් අදාල විදුහල්පතිවරයාට සහ හමුදා නිලධාරියාට පවසා ඇති බවද සඳහන්.
ඒ පිළිබඳව අල්ලස් කොමිසමට අදාල විදුහල්පතිනිය හමුදා නිලධාරියා සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකාර කළාකරුවා අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴
දිවයින පුරා සිදුකළ සෝදිසි මෙහෙයුමකින් 1,500 කට අධික පිරිසක් අත්අඩංගුවට
(25.07.2025 – hirunews.lk)
ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව ඊයේ (24) දින මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකරන දෛනික මෙහෙයුම් මාලාවේදී පුද්ගලයින් 1,504 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරනවා.
මෙම මෙහෙයුම සඳහා පොලිස් නිළධාරීන්, විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් ඇතුලුව පුද්ගලයන් 7,100 කට අධික පිරිසක් සහභාගී වී ඇති අතර, එහිදී පුද්ගලයන් 25,671 දෙනෙකු පරීක්ෂාවට ලක් කෙරුනු බවත්, වාහන 10,360 ක් හා යතුරු පැදි 7,833 ක ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කෙරුණු බවයි එම නිවේදනයේ සඳහන්.
එහිදී මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා පුද්ගලයන් 1,504 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබී දළ වශයෙන් ‘ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින්’ (‘අයිස්’) ග්‍රෑම් 809 යි මිලිග්‍රෑම් 160 ක් සහ හෙරොයින් ග්‍රෑම් 705 යි මිලිග්‍රෑම් 214 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම, අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයන් 22 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, වරෙන්තුකරුවන් 520 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම 2025 ජුලි මස 18 වන දින සිට 2025 ජුලි 24 දින දක්වා සතිය තුළදී සුලු, මධ්‍ය හා මහා පරිමාණ ජාවරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තුළදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02 ග්‍රෑම් 100 කට අධික ප්‍රමාණයක්ද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 300 කට ආසන්න ප්‍රමාණයක්ද ගංජා කිලෝ 82 කට අධික ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ෴
සිසුන් රැගත් බස් රථයක රියැදුරෙකුට හන්තානේදී පිරිසක් පහරදෙයි
(25.07.2025 – hirunews.lk)
අනුරාධපුරයේ සිට හන්තාන කදුවැටිය නැරඹීමට පාසල් සිසු සිසුවියන් පිරිසක් රැගෙන ආ පෞද්ගලික බස් රථ රියැදුරෙකුට මහනුවර හන්තාන ප්‍රදේශයේ පිරිසක් මුගුරකින් පහර දී තිබෙනවා.
හන්තාන කදුවැටිය නරඹා ආපසු බස් රථය මහනුවර දක්වා ධාවනය කරමින් තිබූ අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක බස් රථය ගැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඊට උරණ වූ ගම්වාසීන් බස් රථය නතරකර රියදුරු අසුනෙන් ඇද පහරදීම නිසා රියැදුරු මහනුවර ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කල බව එම බස් රථය අසළ සිටි අයෙකු පවසා තිබෙනවා.
මෙම පහරදීම අද (25) පස්වරු 02:00 ට පමණ සිදු වී ඇති අතර, එම බස් රථය පැමිණි ගුරුවරුන් සහ දෙමව්පියන් විසින් එම පහරදෙන පුද්ගලයාගෙන් බැගෑපත්ව ඉල්ලා සිට ඇත්තේ රියැදුරුට පහර නොදෙන ලෙසත්, එසේ වුවහොත් ළමුන් පිරිස ආපසු අනුරාධපුරයට රැගෙන යාමට නොහැකිවන බවයි.
කෙසේනමුත් ගුරුවරුන්ගේ එම ඉල්ලීමද නොතකා එම පුද්ගලයා විසින් දිගින් දිගටම බස් රියැදුරුට පහර දී ඇති බවයි අප වාර්තාකරු පවසා සිටියේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴