මතභේදාත්මකව ජනාධිපති සමාව ලැබුණු ‘ඩබ්.එම්. අතුල තිලකරත්න’ අධිකරණයට එයි
මතභේදාත්මකව ජනාධිපති සමාව ලැබුණු ‘ඩබ්.එම්. අතුල තිලකරත්න’ අධිකරණයට එයි
(11.06.2025 – 20:00 +0530 – sinhala.adaderana.lk)
‘ඩබ්.එම්. අතුල තිලකරත්න’ නමැත්තාට පසුගිය වෙසක් පොහෝදින අනීතිකව ජනාධිපති සමාව ලබාදී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරී මොහාන් කරුණාරත්න ලබන 13 දක්වා අද (11) යළි රක්ෂිත බන්ධනාගාර ගතකළේය.
ඒ අදාළ නඩුව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
එම අවස්ථාවට මතභේදයට තුඩුදී ඇති ‘ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න’ නැමති විත්තිකරු ද අධිකරණයට පැමිණ සිට තිබේ.
ඒ ඔහුට පැවැති වෙනත් නඩුවක් අවසන්වීමෙන් පසුව බව අපවාර්තාකරු පැවසුවේය.
සැකකාර බන්ධනාගාර අධිකාරීවරයා වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල මහතා විවෘත අධිකරණයේදී පැවසුවේ, තම සේවාදායකයා විත්තිකාර ‘ඩබ්.එම්. අතුල තිලකරත්න’ යන අය නිදහස් කිරීමට පියවර ගෙන ඇත්තේ නිත්‍යානූකූලව බවය.
එය වඩාත් තහවුරු වන්නේ ප්‍රශ්නගත විත්තිකාර ‘අතුල තිලකරත්න’ යන අය මෙම අවස්ථාවේ මෙම අධිකරණයේද පෙනී සිටින නිසා බව ද නීතීඥවරයා කියාසිටියේය.
නීතිඥවරයා එලෙස පවසද්දි විත්තිකාර ‘අතුල තිලකරත්න’ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සිටි විවෘත අධිකරණ ශාලාවේ සිටිමින් අතක් ඔසවමින් තමා අධිකරණයේ සිටින බව මහෙස්ත්‍රාත්වරයාට දන්වා තිබේ.
විත්තිකාර අතුල තිලකරත්නගේ නීතිඥ සුරංග මොහොට්ටි මහතා ද අධිකරණයට කරුණු දක්වමින් කියාසිටියේ තම සේවාදායකයා මෙලෙස ප්‍රසිද්ධියේ විවෘත අධිකරණයේ පෙනී සිටින්නේ ඔහුට එරෙහිව අනුරාධපුර මහාධිකරණයේ පැවති එච්සී /69/2018 අංක දරණ නඩුවෙන් නිත්‍යානුකූලව නිදහස්ව සිටින නිසා බවය.
කෙසේ වෙතත්, පොදු සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බව අතිරේක සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය මෙහිදී ප්‍රකාශ කළාය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල මහතා පැවසුවේ වෙසක් පොහොය දා ජනාධිපති පොදු සමාව ලබාදුන් අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරු නාම ලේඛනයේ ‘ඩබ්.එම්. අතුල තිලකරත්න’ගේ නම ඇතුලත් නොවන බව පිළිගන්නා බවය.
“ස්වාමිනී, අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයක සඳහන් නීතිමය ප්‍රතිපාදන මත තමයි මගේ සේවාදායකයා ‘අතුල තිලකරත්න’ නිදහස් කිරීමට පියවර ගෙන තියෙන්නේ. මෙහිදී සිදුව ඇත්තේ, ‘ජනාධිපති පොදු සමාව’ සහ ‘ජනාධිපති විශේෂ පොදු සමාව’ පටලවා ගැනීමක් මෙන්ම චක්‍රලේඛය වැරදි සහගත ලෙස වටහා ගැනීමක්. එම කරුණු සැලකිල්ලට ගෙන තම සේවාදායකයා ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින්න.”
කෙසේවෙතත් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය සැකකාර බන්ධනාගාර අධිකාරීවරයා ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය ෴
මේ සතියේ (ජූනි 12 බ්‍රහස්පතින්දා) උසාවියට එන, ඉන්දියාව සමඟ අත්සන් කළ හොර ගිවිසුම් 7 නඩුව (09.06.2025)
+
දිවයින පුරා බන්ධනාගාර තුළ ලේඛන පරීක්ෂාවට CID කණ්ඩායම් රැසක්
(00.06.2025 – hirunews.lk)
දිවයින පුරා බන්ධනාගාර තුළ ලේඛන පරීක්ෂා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් රැසක් යොමු කර තිබෙනවා.
ඒ ජනාධිපති සමාව සහ පොදු සමාව යටතේ රැඳවියන් නිදහස් කිරීම සහ නිදහස් නොකෙරූ රැඳවියන් සම්බන්ධයෙන් සියලු ලේඛන පරීක්ෂා කිරීම සඳහායි.
මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යය ආනන්ද විජයපාල සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ කණ්ඩායම් රැසක් ඒ සඳහා යොදවා සිදු කරන බවයි ෴
ජර්මනියෙන් අනුරට කුඩම්මගේ සැලකිලි (12.06.2025)
+
Air India Plane crash near Ahmedabad airport, fire brigade team reaches at spot (12.06.2025)
+
+
+
+
+++
+
ආණ්ඩුව, බන්ධනාගාර ලොක්කව කොටු කළාද ? (10.06.2025)
+
හඳුන්නෙත්තිගේ වීඩියෝවක් ලීක් වෙයි – හෙට ඉඳන් පාරේ බැහැලා යන්නේ කොහොමද ? (12.06.2025)
+
බන්ධනාගාර ලොක්කන්ගේ ගේම් එක අධිකරණයේදී හෙළිවෙයි! (11.06.2025)
+
අබිරහස් කන්ටේනර් 323 ට බෙල්ල දුන් අරුක්ගොඩ කියපු බොරු සහ නොකියපු රහස් (12.06.2025)
+
‘එයාර් ඉන්දියා’ ගුවන් අනතුරෙන් දිවි ගලවා ගත් පුද්ගලයාගේ අනන්‍යතාවය හෙළිවෙයි
(12.06.2025 – hirunews.lk)
‘එයාර් ඉන්දියා’ ගුවන් අනතුරෙන් යානයේ ගමන් ගත් එක් (1) අයෙකු දිවි ගලවා ගත් බව පොලිසිය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය පවසනවා.
මීට පෙර එම යානයේ ගමන් ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත්වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාකර සිටියේ.
නමුත් මීට සුළු මොහොතකට පෙර එම යානයේ 11A ආසනයේ ගමන්ගත් මගියෙකු දිවි බේරාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය පවසා සිටියේ.
මෙසේ දිවි බේරාගෙන ඇත්තේ විශ්වාස් කුමාර් රමේෂ් නම් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්.
මෙලෙස අනතුරට ලක්වුණේ ‘අහමදාබාද්හි සර්දාර් පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ’ සිට ‘ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපළ’ දක්වා පියාසර කරමින් තිබූ ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් ‘බොයිං 787-8 ඩ්‍රීම්ලයිනර්’ වර්ගයේ ගුවන් යානයක්.
එය ගුවන් තොටුපළෙන් ගුවන් ගතවී අඩි 800 කට ආසන්න උසකට පැමිණිමෙන් පසුව එකවර පහළට වැටී ඇති බවයි වාර්තාවන්නේ.
යානයේ ඇතිවූ කාර්මික දෝෂයක් අනතුරට හේතු වන්නට ඇති බවට ඉන්දීය ආරක්ෂක අංශ සැක පළ කරනවා.
අනතුරට පත්වීමට පෙර ගුවන් යානයෙන් හදිසි අනතුරු ඇඟවීමේ පණිවුඩයක් ද නිකුත් කර ඇති බව අහමාදබාද් ගුවන් පාලක මැදිරිය සදහන් කළා.
කෙසේවෙතත් ඉන් අනතුරුව ගුවන් යානයෙන් කිසිදු තොරතුරක් වාර්තාවී නැහැ.
ඒ අනුව මෙම ගුවන් යානය අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල මේගානිගර් ප්‍රදේශයේ පිහිටි ‘බී.ජේ. වෛද්‍ය විද්‍යාලයේ’ නේවාසිකාරගාර ගොඩනැගිල්ලක් මතට කඩා වැටුණා. එහි සිටි සිසුන් 04 දෙනෙකු ද මිය ගොස් 40 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවටයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.
ලන්ඩන් දක්වා පැය 10 ක ආසන්න සෘජු ගුවන් වාරයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ගුවන් යානය තුළ අධික ඉන්ධන ප්‍රමාණයක් අන්තර්ගතවූ බැවින් විශාල ගිනිබෝලයක් ආකාරයෙන් අනතුරට පත්විමේදී දිස්වූ බවද වාර්තාවනවා.
යානය අනතුරට පත්වීමත් සමඟ ඇතිවූ විශාල ගින්නෙන් ප්‍රදේශය පුරා විශාල කලු පැහැති දුමාරයක් විසිරී තිබු අතර අනතුරට පත්වීමෙන් පසුව යානයේ බොහෝ කොටස් කැබිලි දැකගන්නට හැකිවුණා ෴
+++
- British man has ‘no idea’ how he survived Air India crash
- British father makes miracle escape as sole survivor of plane crash
- Passenger on seat 11A survived Air India crash, says trouble started 30 seconds into flight
- A miracle in seat 11A: What we know about the sole survivor of Air India crash Vishwash Kumar Ramesh
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴