අහුන්ගල්ලේ වෙඩි තැබීමක්; එක් (1) පුද්ගලයෙකුට තුවාල
(17.04.2025 – 22:19 +0530 – hirunews.lk/sinhala)
අහුන්ගල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මෙම වෙඩි තැබීම හේතුවෙන් එක් (1) පුද්ගලයෙකු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙසේ තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 28 ක තරුණයෙක් බවද සඳහන් ෴
කැකිරාවේ ගෙවත්තක පිළිස්සුන කාන්තා මළ සිරුරක්
(17.04.2025 – 21:52 +0530 – hirunews.lk/sinhala)
කැකිරාව පොලිස් වසමට අයත් මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
ලද තොරතුරක් අනුව කැකිරාව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් සිදුකළ සොදිසියකදී අදාළ මළසිරුර සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මිය ගොස් ඇත්තේ කැකිරාව මැදවැව ප්‍රෙද්ශයේ පදිංචිව සිටි 40 වැනි වියෙහි පසුවූ විවාහක තිදරු මවක් බවට පොලිසිය හඳුනාගෙන තිබෙනවා.
මිය ගිය එම කාන්තාව අනුරාධපුර ප්‍රදේශයේ රෝහලක රෝහල් කාර්ය මණ්ඩල සේවිකාවක් වන බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
මිය ගිය කාන්තාව පදිංචිව සිටි නිවසට මීටර් 20 ක් පමණ දුරින් එම ගෙවත්තේ වැටී තිබියදී මෙසේ ඇයගේ පිලිස්සුන මළ සිරුර පොලිසියට හමුව තිබෙනවා.
මෙතෙක් සිදුකළ විමර්ශණයන්ට අනුව අද(17) උදෑසන මෙම කාන්තාවට ගිණිඇවිලී ඇති බවත් අදාළ මරණය සියදිවි නසා ගැනීමක් විය හැකි බවටත් පොලිසිය අනුමාන කරනවා ෴
පොහොර සහනාධාරය නැතුව ගොවීන් පීඩාවට
(17.04.2025 – 23:10 +0530 – hirunews.lk/sinhala)
රජය පොරොන්දු වූ පරිදි පොහොර සහනාධාරය නියමිත වේලාවට ලබා දී නොමැති බවට ප්‍රදේශ රැසක ගොවින් චෝදනා කරනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් යළ කන්නයේ වී වගා කටයුතුවලට දැනටමත් සැලකිය යුතු බලපෑමක් එල්ල වී ඇති බවයි.
ප්‍රදේශ රැසක යළ කන්නයේ වී වැපිරීම් මේ වන විට ආරම්භ වී තිබුණත් ගොවීන්ට තවමත් පොහොර සහනාධාරය ලැබී නැහැ.
පොහොර සහනාධාර නොලැබීම හේතුවෙන් සිය ගොවිබිමට මූලික පොහොර හෝ යෙදීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව අනුරාධපුර ගොවීන් පෙන්වා දෙනවා.
පොළොන්නරුව ඩී කලාපයේ ගොවීන්ට ද පොහොර සහනාධාර නොලැබීම හේතුවෙන් ඔවුන් ද පත්ව අත්තේ දැඩි අසීරුතාවයකටයි ෴
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
(17.04.2025 – 17:09 +0530 – sinhala.adaderana.lk)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු ගෙවන්නන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත.
2002 අංක 14 දරන එකතුකළ අගය මත බදු පනත (VAT) සංශෝධනය කිරීමට අදාළම මෙම දැනුම්දීම සිදුකර තිබේ.
2025 අංක 4 දරන එකතුකළ අගය මත බදු (සංශෝධන) පනත ඉකුත් අප්‍රේල් 11 වනදා සහතික කරන ලද අතර, එමගින් 2002 අංක 14 දරන එකතුකළ අගය මත බදු පනතට සිදුවන වැදගත් වෙනස්කම් පිළිබඳව මෙම දැනුම්දීම හරහා සිදුකර ඇත.
අදාළ වෙනස්කම් පිළිබඳ නිකුත්කළ නිවේදනය :
VAT Act Amendment Notice 2025 S by poornima
+
මැතිවරණයට රාජ්‍ය දේපල අවභාවිතයේ.. කිරි ගවයින් බෙදයි..
(18.04.2025 – 03:22 +0530 – lankacnews.com)
පළාත් පාලන මැතිවරණයට අදාළව මේ දක්වා වන කාලය තුළ රාජ්‍ය බලය හා රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමේ සිදුවීම් විස්සක් (20) වාර්තා වන බව ‘පැෆරල් සංවිධානය’ සඳහන් කරයි
රජයේ වාහන භාවිතා කිරීම්, රාජ්‍ය සේවකයන් ස්ථාන මාරු කිරීම්, රාජ්‍ය සේවකයන් උසස් කිරීම් සිදුවීම් වාර්තා වන බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට දැනුවත් කර ඇති බවද ඒ මහතා පැවසුවේය.
රජයේ සහනාධාර ව්‍යාපෘතිය යටතේ මහවිලච්චිය ප්‍රදේශයේ කිරි ගවයින් බෙදා දීමේ සිදුවීමක් සම්බන්ධයෙන්ද වාර්තා වූ බවද ඒ මහතා කියා සිටියේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය ෴
මාලිමා සභාවලට ඇස් පියාගෙන සල්ලි දෙනවා.. අනෙක්වාට එහෙම දෙන්නෑ.. – මැ.කො. අසරණ කරමින් ජනපති යලිත් කියයි..
(18.04.2025 – 11:20 +0530 – lankacnews.com)
ඉදිරි පලාත් පාලන මැතිවරණයෙන්ති පසු ජාතික ජන බලවේගය යටතේ වන පළාත් පාලන ආයතන වලට මහා ආණ්ඩුවෙන් ඇස් පියාගෙන මුදල් වෙන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජාතික ජන බලවේගයෙන් පිට පළාත් පාලන ආයතන වලට මහ ආණ්ඩුවෙන් මුදල් වෙන් කිරීමේදී දහ වතාවකටත් වඩා විමසා බලන්නට සිදුවන බවත් ඊට හේතුව ඔවුන්ගේ ඉතිහාසය පිරිසුදු නැති නිසා බවත් ජනාධිපතිවරයා සදහන් කරයි.
මන්නාරම ප්‍රදේශයේ ජන රැලියකදී ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලදී.
ජාතික ජන බලවේගයේ පළාත් පාලන ආයතන වලට මහා ආණ්ඩුවෙන් ඇස් පියාගෙන මුදල් වෙන් කරන ජනාධිපතිවරයා කර ඇති මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ලබන 21 වැනිදා රැස්වී තීරණයක් ගැනීමට නියමිතව ඇත.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවැසුවේ ජනපතිගේ ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් දැනටමත් පැමිණිලි ගණනාවක් ලැබී ඇති බවත් එම පැමිණිලි කොමිෂන් සභාවට ඉදිරිපත් කර තීරණයක් ගන්නා බවත්ය ෴
පිල්ලෙයාන් කියන්නේ සැබෑම දේශප්‍රේමියෙක් – උදය ගම්මන්පිල (18.04.2025)
+
11ටම හොයා ගන්න බැරි වුණ ජනපති හොයා ගත්ත මහමොළකරු කවුද? ජීවතුන් අතර ඉන්න මහමොළකරු ගැන සරත් කිව්ව කතාව (18.04.2025)
+
පාරේ යද්දී මේ වගේ කාලකණ්නින්ගෙන් ප්‍රවේසම් වෙන්න !
(17.04.2025 – facebook.com/accident1stofficial/)
මොහු බලංගොඩ ප්‍රදේශයේ වෙසන ‘හාමු’ නමින් හදුන්වන තැනැත්තෙක්. රස්සාවට කරන්නේ දේවාල දාගෙන සාත්තර කියලා මිනිස්සු රවට්ටලා සල්ලි ගන්න එක. අපි වාහන දෙකක (2) ට්‍රිප් එකක් ගිහින් එන ගමන් හිටියේ බලංගෙඩ ඉදලා කොළඹට. මේ බේබද්දා හොදටම බීලා every වෑන් එකක(PI -5043) පාර යන වාහන වලට ඇඟට කප කප ඇවිත් තියෙන්නේ. වාහන හතර පහක්ම (4-5) හප්පන්න ගිහින් ඒ මිනිස්සුත් පොලිසියට කෝල් කරලා පොලිසියත් මූව හොයන ගමන් අපේ නරක වෙලාවට මූ අපේ වාහනේටත් මූනට මූනම wrong side ඇවිත් හැප්පුවා. පෙර පිනකට ජීවිත බේරුනේ. එත් අපේ වාහනෙට රු. ලක්ෂ 7 ක 8 ක අලාබයක් වුනා. මූට නම කියාගන්නවත් සිහියක් නෑ. ‘මම ද හැප්පුවේ?’ කියලා අහනවා. සමනලවැව පොලිසියෙන් ඇවිත් අරගෙන ගියා. පොලිසියේ මහත්වරු හරියටම රාජකාරිය කලා. මූ හින්දා අපි දවස් ගානක් රස්තියාදුවේ. අපි කුරුණෑගල. මේක වුනේ බලංගොඩ. නඩු කියලා රස්තියාදු වෙන්න බැරි නිසා අපි වාහනේ insurance එකෙන් claim කරන් බාගයක් අතින් දාලා හදාගත්තා. ජීවිත හානි වුනත් මෙච්චරයි. මූ හිතලම හප්පලත් අපි හැප්පවා වගේ ඉන්නේ. පාරේ දැක්කොත් පරිස්සම් වෙන්න !
Video credit – S.Fonseka
+
‘ඔන්ලයින් පනත’ අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
(18.04.2025 – 09:52 +0530 – hirunews.lk/sinhala)
2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත අවලංගු කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ගැසට් කර තිබෙනවා.
ඒ අනුව, ඉදිරි කාලසීමාව තුළ මෙම පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමටයි නියමිතව ඇත්තේ.
එම නව පනත සම්මත වුවහොත් දැනට ක්‍රියාත්මක 2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත අවලංගු වන බව අප්‍රේල් මස 04 වනදා දිනයෙන් රජයේ මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත්කළ ගැසට් නිවේදනයේ සඳහන්.
එමෙන්ම, ඊට අදාළ කිසියම් රෙගුලාසියක් වේ නම් එම සියලු රේගුලාසි ද අහෝසි වනු ඇති.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවට පිළිබද පනත කඩිනමින් සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලද පසුගිය මාර්තු මස 04 වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ අදාළ පනත මුලුමනින්ම හකුලාගත යුතු බව පවසමින් ස්ථාවර නියෝග යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත සම්මත කරගනු ලැබුවේ, පසුගිය 2023 වසරේ, එවකට පැවති රනිල් වික්‍රමසිංහ රජය විසින්.
එවකට මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. එමගින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද කොමිෂන් සභාව පිහිටුවීමටද යෝජනා කර තිබුණා.
මෙම පනත සම්මත වීමෙන් පසුව පාර්ශව රැසකින් ඊට විරෝධය පළවූ අතර, පසුගිය ජනාධිපතිවරණයේදීත්, මහමැතිවරණයේදීත් වත්මන් ආණ්ඩව ඇතුලු පාර්ශව කිහිපයක් එය අහෝසි කරන බවට ප්‍රතිඥා ලබා දුන්නා.
මෙවැනි පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත කිරීමෙන් පසු නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් එය පනත් කෙටුම්පතක් ලෙස සකස් කර ගැසට් කිරීම සදහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කිරීම ක්‍රමවේදයයි.
ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමෙන් පසු පනතක් ලෙස බලාත්මක වනවා ෴
ගලබඩ දිය ඇල්ලේ ගිලී තරුණයකු අතුරුදන්
(18.04.2025 – 10:45 +0530 – hirunews.lk/sinhala)
ගලබඩ, දියඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙකු අතුරුදහන් වී ඇතැයි නාවලපිටිය පොලිසිය පවසනවා.
මෙසේ අතුරුදහන් වී ඇත්තේ නාවලපිටිය, වෙස්ටෝල්, ඇතටන් ප්‍රදේශයේ පදිංචි විජය කුමාර් ජැක්සන් (20) නැමැති තරුණයෙක්.
අතුරුදහන් වු තරුණයා ඔහුගේ මිතුරන් සිව් දෙනෙකු සමග (17) දින උදෑසන එහි ගොස් තිබෙනවා.

සිය නිවැසියන්ට නොදන්වා ගලබඩ දිය ඇල්ලේ ප්‍රධාන පිවිසුම් දොරටුවෙන් ප්‍රවේශපත්‍ර ලබා නොගෙන දිය ඇල්ලට ඉහළින් වනාන්තරය මැදින් වැටී ඇති අතුරු මාර්ගයකින් මොවුන් අනවසරයෙන් දිය ඇල්ල නැරඹීමට පැමිණ තිබෙන බවද පැවසෙනවා.
එසේ පැමිණ දියඇල්ල අසල අනාරක්ෂිත ස්ථානයකින් දිය නෑමට ගොස් දියේ ගිලි අතුරුදහන්ව ඇති බවයි පොලිසිය කියා සිටියේ.
අතුරුදහන් වු තරුණයා කොළඹ ප්‍රදේශයේ පොත් අලවිසැලක සේවය කරන බවයි පැවසෙන්නේ.
ඔහු සිංහල හින්දු අලුත් අවුරුදු නිවාඩුවට නිවසට පැමිණ ඇති අතර, පසුව තම මිතුරන් සමගින් විනෝද වීමට ගොස් මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
අතුරුදහන් වු තරුණයාගේ සිරුර සොයා ප්‍රදේශවාසීන් මෙහෙයුමක් දියත් කළද සිරුර සොයා ගැනීමට නොහැකිව තිබෙනවා.
ඒ නිසා සිරුර සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කරුවන්ගේ සහයෝගය ලබා ගැනීමට පියවර ගෙන ඇති බවයි නාවලපිටිය පොලිසිය පවසන්නේ.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴