සිරි දළදා වන්දනාවට සැරසෙන මහනුවර
(16.04.2025 – 21:07 +0530 – hirunews.lk/sinhala)
වසර 16 කට පසු ශ්‍රී දළදා වහන්සේ දැකබලා ගැනීමට අතිශය දුර්ලභ අවස්ථාවක් හිමිවන ‘සිරි දළදා වන්දනාව’ අනිද්දා (18) පස්වරුවේ ආරම්භ කෙරෙනවා.
ඒ වෙනුවෙන් මේ වනවිට මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා.
‘සිරි දළදා වන්දනාව’ සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් දස දහසකට (10,000) අධික පිරිසක් රාජකාරියේ යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු නිරුපද්‍රිතව ශේෂ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වම් දළදා වහන්සේ ලොව පුරා වන්දනීයත්වයට පාත්‍රවන උතුම් වස්තුවක්.
අද වනවිට මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වැඩ වාසය කරන ශ්‍රී දළදා වහන්සේ මෙරට රාජ්‍යත්වය හා බැඳුණු සුවිශේෂි සංකේතයක් ලෙස ද සැළකෙනවා.
රජ සමයේ සිට මේ දක්වා දළදා වහන්සේ වෙනුවෙන් වත් පිළිවෙත් සහ තේවාවන් සිදුකරන්නේ ජීවමාන බුදුන්ට එකළ සිදුකළ බව පැවසෙන අයුරින්මයි.
දිනකට දස දහස් ගණනින් වැඳුම් පිදුම් ලබන ශ්‍රී දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය මල්වතු, අස්ගිරි උභය මහා විහාරයන්හි මහ නායක ස්වාමීන්වහන්සේලා සතුවන අතර ගිහි භාරකාරත්වය දරනු ලබන්නේ දියවඩන නිලමේතුමන් විසින්.
ආරක්ෂිත රන් කරඬුවක තැන්පත් කර ඇති දළදා වහන්සේ සියැසින් දැකබලාගැනීම අතිශය දුර්ලභ අවස්ථාව මෙරට මෙන්ම ලෝවැසි බෞද්ධ ජනතාවට හිමිවන්නේ වසර 16 කට පසුවයි.
‘සිරි දළදා වන්දනාව’ ලබන 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.
ඒ අනුව අනිද්දා පස්වරු 03:30 සිට 05:30 දක්වා සැදැහැවතුන්ට සිරි දළදා වන්දනාවට අවස්ථාව හිමිවන අතර 19 වැනිදා සිට 27 වැනිදා දක්වා සැදැහැවතුන්ට දළදා වන්දනාවට අවස්ථාව හිමිවන්නේ දහවල් 12 සිට පස්වරු 05:30 දක්වායි.
මේ අතර ‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් මහනුවරට පැමිණෙන රථවාහන ලබන 17 වැනිදා උදෑසන 06:00 සිට ‘සිරි දළදා වන්දනාව’ අවසන් වන තෙක් මහනුවර නගරයට ඇතුළුවීම සීමාකර ඇති අතර බැතිමතුන්ගේ වාහන නතර කිරීම සඳහා නගර සීමාවෙන් එපිට ස්ථාන 6 ක් පොලිසිය විසින් වෙන්කර තිබෙනවා.
ඒ අනුව ගම්පොළ හා කොළඹ සිට පැමිණෙන වාහන ගැටඹේ ක්‍රීඩාංගනය හා ගන්නෝරුව මාර්ගයේ නවතා තැබිය හැකියි.
කුරුණෑගල – කටුගස්තොට මාර්ගයේ දෙසින් පැමිණෙණ වාහන 4 කණුව අසළ නතර කළ යුතු වනවා.
මඩවල මාර්ගයෙන් පැමිණෙන වාහන පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල් භූමියේ නවතා තැබිය හැකියි.
මාතලේ මාර්ගයෙන් පැමිණෙන වාහන රා කඩේ හන්දියෙන් ධර්මාශෝක මාවතේ නතර කළ යුතු වන අතර මහියංගනයේ සිට පැමිණෙන වාහන පල්ලේකැලේ බණ්ඩාරනායක විද්‍යාල ක්‍රීඩාංගනයේ නවතා තැබිය යුතු බව පොලිසිය පවසනවා.
බදුල්ලේ සිට පැමිණෙන වාහන ගුරුදෙණිය ප්‍රදේශයෙන් නැවැත්විය යුතුයි.
මේ අතර දෛනික අවශ්‍යතාවයන් සඳහා මහනුවර නරගයට පැමිණෙන රථවාහන ගාල් කිරීම සඳහා රථගාල් 12 ක් හඳුන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත් මහනුවරට පැමිණෙන බැතිමතුන්ට සහ අනෙකුත් අවශ්‍යතා සදහා පැමිණෙන අයට සිය වාහන නතර කිරීම සඳහා පොලිසිය සඳහන් කළ ස්ථානවල සිට පොදු ප්‍රවාහන සේවා සැපයීමටයි පියවර ගෙන ඇත්තේ.
‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් මහනුවර නගරයට පැමිණෙන බැතිමතුන්ට අදාළ රථ වාහන සැලැස්ම පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න https://www.hirunews.lk/ වෙබ් අඩවිය වෙත.
මේ අතර සිරි දළදා වන්දනාවට ප්‍රවේශ විය හැකි මාර්ග ද මේ වනවිට නම්කර ඇති අතර ඒ අනුව ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක් පලමුවැනි (1) ප්‍රවේශ මාර්ගය පවතිනවා.
දෙවැනි (2) ප්‍රවේශ මාර්ගය වන්නේ ‘රතු බෝක්කුව’ දෙස සිට මහනුවර වැව රවුමේ සංඝරාජ මාවත හරහා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති මාර්ගයයි.
‘රතු බෝක්කුව’ දෙස සිට මහනුවර වැව රවුම හරහා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් සැලසුම් කර ඇති මාර්ගය තෙවැනි (3) ප්‍රවේශ මාර්ගයයි.
සිරි දළදා වන්දනාව හේතුවෙන් ලබන 21 වැනිදා සිට 25 වැනිදා දක්වා මහනුවර, වත්තේගම සහ දෙනුවර අධ්‍යාපන කලාපයේ තෝරාගත් පාසැල් 50 ක් සඳහා නිවාඩු ලබාදීමටත් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා ෴
සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර පාසල් රැසක් වසා තැබේ
(16.04.2025 – 13:59 +0530 – sinhala.adaderana.lk)
‘සිරි දළදා වන්දනාව’ ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගරයේ සහ එහි තදාසන්න ප්‍රදේශවල පිහිටි තෝරාගත් පාසල් 50 ක් සඳහා නිවාඩු ලබාදීමට මහනුවර කලාප කාර්යාලය තීරණය කර තිබේ.
ඒ අනුව අප්‍රේල් 21 වනදා සිට 25 වනදා දක්වා දින 05 ක කාලයක් මෙම නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.
‘අද දෙරණ’ කළ විමසීමක දී මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මාදුපානි පියසේන මහත්මිය මේ බව පැවසුවාය.
‘සිරි දළදා වන්දනාව’ අප්‍රේල් මස 18 වනදා සිට 27 වනදා දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
වසාතැබෙන පාසල් එක් එක් කලාප අනුව :
මහනුවර අධ්‍යාපන කලාපය
ගුරුදෙණිය මහා විද්‍යාලය විද්‍යාලෝක විද්‍යාලය, තැන්නෙකුඹුර ධර්මරාජ විද්‍යාලය ඩී.එස්. සේනානායක මහා විද්‍යාලය මහාමයා බාලිකා විද්‍යාලය බෙරවට්ස් විද්‍යාලය බෙරවට්ස් ප්‍රාථමික විද්‍යාලය අම්පිටිය සිද්ධාර්ථ විද්‍යාලය දඹවෙළ කනිෂ්ඨ විද්‍යාලය ගෝතමී බාලිකා විද්‍යාලය ශ්‍රී රාහුල ජාතික පාසල ශා. අන්තෝනි පිරිමි විද්‍යාලය ශා. අන්තෝනි බාලිකා විද්‍යාලය චන්දානන්ද බාලිකා විද්‍යාලය විද්‍යාර්ථ විද්‍යාලය තක්ෂිලා විද්‍යාලය හේමමාලි බාලිකා විද්‍යාලය ශා. සිල්වෙස්තර විද්‍යාලය මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය විවේකානන්ද විද්‍යාලය පුෂ්පදාන බාලිකා විද්‍යාලය යහපත් එඬේරාගේ කන්‍යාරාමය හින්දු ජ්‍යෙෂ්ඨ විද්‍යාලය | මද්දුම බණ්ඩාර විද්‍යාලය විහාරමහාදේවී බාලිකා විද්‍යාලය උසස් බාලිකා විද්‍යාලය ස්වර්ණමාලී බාලිකා විද්‍යාලය සිද්ධිලෙබ්බේ මහා විද්‍යාලය ධර්මවික්‍රම බාලිකා විද්‍යාලය සීතාදේවී බාලිකා විද්‍යාලය කිංග්ස්වුඩ් විද්‍යාලය මහානාම මහා විද්‍යාලය රණබිම රාජකීය විද්‍යාලය සරසවි උයන මහා විද්‍යාලය පේරාදෙණිය ම.ම.වි. පේරාදෙණිය කනිෂ්ඨ ද්විතියික විද්‍යාලය පේරාදෙණිය හිංදු විද්‍යාලය ලුම්බිණි රාජකීය විද්‍යාලය විමලබුද්ධි විද්‍යාලය රාසිංදෙව් විද්‍යාලය සෙංකඩගල වීරෝධාර විද්‍යාලය ධර්මාශෝක විද්‍යාලය සංඝමිත්තා විද්‍යාලය කැප්පෙටිපොළ විද්‍යාලය බදි-උද්-දීන් මහ්මූද් බාලිකා විදුහල – |
.
වත්තේගම අධ්‍යාපන කලාපය
මහවැලි මහා විද්‍යාලය, මහනුවර ආදර්ශ විද්‍යාලය, සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය
දෙනුවර අධ්‍යාපන කලාපය
ඊරියගම පුෂ්පදාන විද්‍යාලය, ගන්නෝරුව කනිෂ්ඨ විද්‍යාලය, බදි-උද්-දීන් මහ්මූද් බාලිකා විදුහල
+++
‘සිරි දළදා වන්දනාව 2025’ වෙනුවෙන් විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක්
(16.04.2025 – 16:39 +0530 – hirunews.lk/sinhala)
සිරි දළදා වන්දනාව ලබන 18 වැනිදා සිට 27 දින දක්වා දින 10 ක කාලයක් පැවැත්වීමට නියමිතයි.
සිරි දළදා වන්දනාව සඳහා ලක්ෂ 20 කට අධික දෙස් විදෙස් බැතිමතුන්ගේ පැමිණීම අපේක්ෂා කරනවා.
එබැවින් මෙම කාලය තුළ ශ්‍රී දළදා වහන්සේගේ හා දළදා මාලිගාව අවට පරිශ්‍රයේ ආරක්ෂාව හා බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිසිය විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.
ඒ අනුව මහජනතාව සෝදිසි කිරීම, රථ වාහන පාලනය හා මාර්ග බාධක රාජකාරි යෙදවීමද සිදු කරනු ඇති.
ඒ සඳහා රාජ්‍ය නිවේදිත නිලධාරීන් 35 ක් ඇතුළු පොලිස් නිලධරයන් 10,000 කට අධික ප්‍රමාණයක් රාජකාරි යෙදවීමට නියමිතයි.
රෝහණ විජේවීර ඝාතනයට විශ‍්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය සම්බන්ධ බව කීම තහනම්.. – අධිකරණයෙන් වාරණ නියෝගයක්..
(17.04.2025 – 00:02 +0530 – lankacnews.com)
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ ඝාතනය සම්බන්ධයෙන් තමන් සම්බන්ධ බවට ඉන්ද්‍රනන්ද සිල්වා සිදු කරන ප‍්‍රකාශයන් සදහා අධිකරණයේ පිහිටු පැතු බව විශ‍්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය පවසයි.
විවිධ මාධ්‍යයන් ඔස්සේ මෙම චෝදනා එල්ල කරන නිසා තමන්ටත් තම දරු පවුලටත් එල්ල වන දැඩි තර්ජන හේතුවෙන් මෙම පියවර ගත් බවත් හෙතෙම සදහන් කලේය.
අදාල ඉල්ලීම සලකා බලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් විශ්‍රාමික මේජර් ජෙනරාල් අශෝක තොරදෙනිය සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේෂ සහගත ප්‍රකාශ විද්‍යුත් මුද්‍රිත හා සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය පළ කිරීම වළක්වාලමින් කොන්දේසි සහිත වාරණ නියෝගයක් නිකුත් කර ඇත.
ඉන්ද්‍රානන්ද ද සිල්වා නැමැත්තාට එරෙහිව මෙම කොන්දේසි සහිත වාරණ නියෝගය නිකුත් කලේ ලබන අප්‍රේල් 30 වැනි දා දක්වා බල පැවැත්වෙන පරිදිය ෴
+
+
කිර්තිනාමය රැකගන්න සටනට ආ චතුරංග හතරවටෙන් ඇදගෙනම නා ගත්ත තරම | කොහොල්ල බබා වෙච්චි චතුරංග (16.04.2025)
+
රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම පූර්ව භාග 09:03 ට
(17.04.2025 – 06:54 +0530 – hirunews.lk/sinhala)
රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත යෙදී ඇත්තේ අද (17) පූර්ව භාග 09:03 ටයි.
ඒ අනුව, රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරි බතක් සහ එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යාම සුදුසු බව නැකැත් චාරිත්‍රවල දැක්වෙනවා.
මේ අතර, අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ ඇතුළු තදාසන්න නගර වෙත පැමිණීමට අධිවේගී මාර්ග සඳහා විශේෂ ධාවන සැලැස්මක් අද (17) සිට ක්‍රියාත්මක කිරීමට ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම, විශේෂ බස් සහ දුම්රිය සේවා අදත් ක්‍රියාත්මක අතර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අතිරේක බස්රථ 300 ක් ඒ සදහා යොදවා තිබෙනවා.
එසේම, අතිරේක දුම්රිය ගමන්වාර 20 ක්ද ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර, පසුගිය දින 06 තුළ අධිවේගී මාර්ග වලින් රුපියල් මිලියන 273 ක ආදායමක් උපයා ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරියට හැකි වී තිබෙනවා.
එම කාලසීමාව තුළ වාහන 787,000 ක් ගමන් කර තිබූ බවයි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඩී. කහටපිටිය ප්‍රකාශ කළේ ෴
‘වැට් බද්දෙන්’ නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
(17.04.2025 – 07:43 +0530 – sinhala.adaderana.lk)
‘එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත’ට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අප්‍රේල් මස 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දියර කිරි සහ යෝගට් සඳහා වන වැට් බද්ද ඉවත් කර ඇති බවය.
ඒ සඳහා නැවුම් කිරි අවම වශයෙන් සියයට 50 ක් අඩංගු විය යුතු බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් 09 වන දින පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර ඒ සඳහා අප්‍රේල් 11 වන දින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කරනු ලැබීය.
ඒ අනුව අදාළ පනත එදින සිට බලාත්මක බැවින් බදු සංශෝධනයන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දියර කිරි සහ යෝගට්වලට අමතරව විදුලි ජනනය සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට සපයන නැප්තා සඳහා වන වැට් බද්ද ද ඉවත් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එකතු කළ අගය මත බදු සංශෝධන නව පනතට අනුව අනේවාසික පුද්ගලයින් විසින් සපයනු ලබන ඩිජිටල් සේවාවන් සඳහා වැට් බදු පැනවීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඔක්තෝබර් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අනේවාසික පුද්ගලයින් විසින් විද්‍යුත් වේදිකා හරහා ශ්‍රී ලංකාවේ පුද්ගලයින්ට සපයනු ලබන සේවාවන්වලට වැට් බද්ද අදාළ වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඊට අමතරව වාණිජ අරමුණු සඳහා භාණ්ඩ ආනයනය කරන හෝ අපනයනය කරන සියලුම පුද්ගලයින් එකතු කළ අගය මත බදු සංශෝධන පනතේ ලියාපදිංචි වීම ද අනිවාර්යය කර තිබේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴