ලාෆ්ස් ගෑස් මිල ඉහළට : කිලෝග්‍රෑම් 12.5 ක් රු. 420 කින් වැඩිවේ : නව මිල රු. 4,100
ලාෆ්ස් ගෑස් මිල ඉහළට : කිලෝග්‍රෑම් 12.5 ක් රු. 420 කින් වැඩිවේ : නව මිල රු. 4,100
(31.03.2025 – 19:30 +0530 – hirunews.lk/sinhala)
අප්‍රේල් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව මේ වනවිට කිලෝග්‍රෑම් 12.5 ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 420 කින් වැඩිකර තිබෙනවා.
මේ අනුව 12.5kg ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රු. 4,100 ක්.
එමෙන්ම 5kg ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රු. 1,645 ක් බවයි දැක්වෙන්නේ.
යාපනය – ඉන්දියාව අතර IndiGo Airlines ගමන් අරඹයි
(31.03.2025 – 15:37 +0530 – hirunews.lk/sinhala)
වසර 47 කට පසුව යාපනය හා ට්‍රිචී ගුවන් තොටුපල අතර මුල්ම මගී ගුවන් යානය ඊයේ (30) දා ‘යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල’ වෙත ළගා වුණා.
‘ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සේවය’ තිරුචිරප්පල්ලි සහ යාපනය අතර දිනපතා සෘජු ගුවන් ගමන් ආරම්භ කළේ ඒ අනූවයි.
මෙම ගුවන් යානයෙන් මගීන් 27 ක් ට්‍රිචී සිට පැමිණි අතර ආපසු එම ගුවන් යානය පිටව යද්දී යාපනයෙන් මගීන් 36 ක් ට්‍රිචී ගුවන් තොටුපල වෙත රැගෙන ගියා.
ට්‍රිචී සිට යාපනයට පැමිණි ගුවන් මගීන්ව පිළිගැනීම පිණිස විශේෂ උත්සවයක් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී සංවිධානය කොට තිබුණා.
2018 වසරේදී යාපනය ගුවන් තොටුපල නවීකරණය කිරීමෙන් පසුව යාපනය හා චෙන්නායී අතර මුලින්ම මගී ගුවන් ගමන් ආරම්භ වූ අතර මේ වන විට ට්‍රිචී දක්වාද පසුව තායිලන්තය හා මැලේසියාව අතරද ගුවන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි ෴
හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් කර යැවීමට තීරණයක්
(31.03.2025 – 16:14 +0530 – hirunews.lk/sinhala)
භූමිකම්පාවෙන් පීඩාවට පත් මියන්මාර ජනතාවට මානුෂීය ආධාර ලබාදීම සම්බන්ධයෙන් වන මුලික සාකච්ඡාවක් අද (31) ‘ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේදී’ පැවැත්වුණා.
ඒ අනුව පීඩාවට පත් ජනතාවට අවශ්‍ය මානුෂීය ආධාර සහ මුදාගැනීම් කණ්ඩායම් ලබාදීම සම්බන්ධීකරණ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි ‘ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය’ සදහන් කළේ.
පවතින තත්ත්වය පිළිබඳ සැලකිල්ලට භාජනය කරමින් ක්ෂණිකව අවශ්‍ය මානුෂීය ආධාර ලබාදීම සඳහා වන සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් සැකසීම සහ කඩිනමින් හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් මියන්මාරය බලා පිටත් කර හැරීමට අවශ්‍ය පියවර ගැනීමට එම සාකච්ඡාවේදී තිරණය වී තිබෙනවා ෴
ප්‍රකාශයක් ලබා දුන් හිටපු ඇමති ටිරාන් CIDයෙන් පිටව යයි
(31.03.2025 – 16:42 +0530 – hirunews.lk/sinhala)
ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ‘හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්’ ඉන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ මීට සුළු මොහොතකට පෙරයි.
හිටපු අමාත්‍යවරයා ගෙන් 2023 දී වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව පැය පහමාරකට (5½) වැඩි කාලයක් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු මෙලෙස පිටත්ව යනු ලැබුවා ෴
කූඨ ලේඛන සකස් කර ග්‍රීසියට පනින්න හැදූ බංග්ලාදේශ තරුණයින් තිදෙනෙකු (3) කටුනායකදී අල්ලයි
(31.03.2025 – 17:18 +0530 – hirunews.lk/sinhala)
කූඨ ලෙස ලේඛන සකස් කර ග්‍රීසිය වෙත පළා යාමට තැත් කළ බංග්ලාදේශ ජාතිකයන් තිදෙනෙකු (3) අද (31) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ සිටි අවුරුදු 22, 24 සහ 25 යන වයස් වල පසුවන බංග්ලාදේශ ජාතික තරුණයන් තිදෙනෙකු (3) බවයි ‘හිරු ගුවන්තොටුපල වාර්තාකරු’ සදහන් කළේ.
එහිදී ගුවන් සේවා නිශ්කාශන කටයුතු සදහා ඉදිරිපත් කළ ග්‍රීක නේවාසික වීසා බලපත්‍ර පිළිබද සැක සිතූ ගුවන් සේවා නිලධාරීන්, මොවුන් ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණා ෴
මියන්මාරයේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට
(31.03.2025 – 17:26 +0530 – hirunews.lk/sinhala)
මියන්මාරයේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 2,056 දක්වා ඉහළ ගොස් ඇතැයි ‘මියන්මාර ජුන්ටාව’ පවසනවා.
මීයන්මාර් – මැන්ඩලේ හි හටගත් ප්‍රබල භූකම්පනය හේතුවෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.
මේ අතර තවත් පුද්ගලයින් පිරිසක් අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙහි වැඩීම බලපෑමක් සිදුව ඇත්තේ, මියන්මාරයේ දෙවන (2) විශාලතම නගරය වන ‘මැන්ඩලේ’ටයි.
ඉකුත්දා ඇති වූ රිච්ටර් මාපකයේ 7.7 ක ප්‍රබලත්වයෙන් යුතු මෙම භූකම්පනයෙන් තායිලන්තයේ බැංකොක් නුවරට ද දැඩි බලපෑම් එල්ල වී තිබුණා ෴
ත්‍රිකුණාමලයේ රුපියල් කෝටි 25 ක නියමු යාත්‍රා අනතුරේ අලාභය ගැන CIDයට ප්‍රකාශයක්
(31.03.2025 – 18:26 +0530 – hirunews.lk/sinhala)
ත්‍රිකුණාමලය වරායේ නවීන නියමු යාත්‍රාවක් නීති විරෝධීව පරිහරණය කිරීමේදී අනතුරකට ලක්ව රුපියල් කෝටි 25 කට අධික අලාභයක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පැය හතරකට (4) ආසන්න කාලයක් සාක්ෂි සහිත ප්‍රකාශයක් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ට ලබා දුන් බව එහි පැමිණිළිකරු වන සමාජ ක්‍රියාකාරී ‘සංජය මහවත්ත’ පවසනවා.
‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ හමුවේ අද (31) ඔහු සිය ප්‍රකාශය ලබාදී තිබෙනවා.
සිදුවීමට අදාල සියලු තොරතුරු සහිත ලිපිගොනුවක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බවයි ඔහු පවසන්නේ.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ගැනීමට නියමිත බව පැවසෙනවා.
යම් කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීමට උත්සාහ කරන බවද ‘සංජය මහවත්ත’ පවසනවා.
එම අනතුර සහ අලාභය පිළිබඳව තොරතුරු වසන් කිරීමට සම්බන්ධයෙන් ඉංජිනේරුවන් පිරිසකගේ තොරතුරු ද එම දෙපාර්තමේන්තුවට ලබාදුන් බවයි ඔහු පවසන්නේ.
ත්‍රිකුණාමල වාරයේ හිටපු නේවාසික කළමණාකරු වන ‘ගණක හේමචන්ද්‍ර’ ‘ජයිකා ආධාර’ යටතේ ලැබුණු රුපියල් කෝටි 25 ක් පමණ වටිනා යාත්‍රාවක් පුද්ගලික චාරිකාවක් සඳහා යොදාගෙන අනතුරට පත්කළ බවයි පැමිණිල්ලේ සඳහන් වන්නේ ෴
දෙදෙනෙකුට (2) විලංගු වැටුණු බුලත් විට
(31.03.2025 – 18:32 +0530 – hirunews.lk/sinhala)
යාපනය පොලීසියට ලැබුණු තොරතුරක් මත කේරළ ගංජා යොදා සකසන ලද ‘මාවා’ වර්ගයේ බුලත්විට කිලෝ නවයහමාරක් (9½) සමග සැකකරුවන් දෙදෙනෙකු (2) ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ දෙදෙනා (2) එක්ව ඉන්දියාවෙන් රැගෙන එන ලද ‘බාබුල් හා මාවා’ සමග ‘කේරළ ගංජා’ පුවක් මිශ්‍ර කොට විශේෂ බුලත් විට සකසමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
‘මාවා’ වර්ගයේ මෙම බුලත් විට යාපනයේ පාසල් සිසුන් හා බස්රථ රියදුරන් අතර බෙහෙවින් ජනප්‍රිය බුලත් විට විශේෂයක්ව ඇති බවද අප වාර්තාකරු පැවසුවා.
සැකකරුවන් දෙදෙනා (2) යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇති බවද සඳහන් ෴
“මගේම කලිසම අගේට ඇඳගෙන ඌ උගේ වගේ යනවා….”‘අලිමංකඩ ලුණු’ ඇත්ත කතාව සාක්ෂි සහිතවම විමල් හෙළිකරයි ! (31.03.2025)
+
ඉන්ධන මිල සංශෝධනය කරයි – ඔක්ටේන් 92 සහ 95 රුපියල් 10 කින් පහත දමයි
(31.03.2025 – 20:02 +0530 – hirunews.lk/sinhala)
රුපියල් 309 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 299 ක්.
රුපියල් 371 ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 361 ක්.
මේ අතර, සුදු ඩීසල්, සුපිරි ඩීසල් සහ භූමිතෙල් මිලෙහි වෙනසක් සිදුව හැහැ.
ඒ අනුව සුදු ඩීසල් ලීටරයක මිල 286 ක් ලෙසත් සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 331 ක් ලෙසත් භූමිතෙල් ලීටරයට මිල රුපියල් 183 ක් ලෙසත් පවතිනවා.
Ceypetco ඉන්ධන මිලට සමගාමීව Lanka IOC ඉන්ධන මිලත් සංශෝධනය කර තිබෙනවා ෴
කෝකිලායි ප්‍රදේශයේ නයාරු වෙරළ තීරයේ දියරැල්ලට හසුවී සිසුවියකට දිවි අහිමි වෙයි
(31.03.2025 – 21:29 +0530 – hirunews.lk/sinhala)
කෝකිලායි ප්‍රදේශයේ නයාරු වෙරළ තීරයේ දිය නාමින් සිටි වයස අවුරුදු 19 ක තරුණියක් අද (31) දහවල් දියේ ගිලී මියගොස් තිබෙනවා.
මියගිය තරුණිය පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය පැවසුවේ.
විනෝද චාරිකාවක් සඳහා පුදුකුඩිඉරප්පු ප්‍රදේශයේ සිට පැමිණි ඇගළුම් පාඨමාලවක් හදාරන ශිෂ්‍යාවන් හා එහි ගුරුවරිය ඇතුළු 16 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් නයාරු වෙරළ තීරයේ දිය නාමින් සිටියදී, තරුණියන් දෙදෙනෙකු (2) මුහුදට ගසාගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.
එම අවස්ථාවේ ඔවුන් බේරා ගැනීමට උත්සහ කළ ගුරුවරිය ද ජල පහරට හසුව ගසාගෙන ගොස් ඇතිබවද සඳහන්.
නාවික හමුදා නිලධාරින් විසින් ගුරුවරිය හා එක් (1) තරුණියක් බේරාගෙන ඇති අතර අනෙක් තරුණිය දියේ ගිලී අතුරුදන්ව තිබූ බවද පොලිසිය පවසනවා.
පසුව පොලිසිය, නාවික හමුදා නිලධාරින් සහ ප්‍රදේශයේ ධීවර ජනතාව එක්ව සිදු කළ මෙහෙයුමකදී අතුරුදන් වු තරුණියගේ මෘත ශරීරය නයාරු නාවික හමුදා කඳවුර පිටුපස වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී සොයාගෙන තිබෙනවා.
බේරාගත් දෙදෙනා (2) මේ වන විට මාචෝල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර මියගිය තරුණියගේ මෘත ශරීරය මාචෝල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
කෝකිලායි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
මියන්මාරයට තායිලන්තයට උපකාර කරන්න වැඩපිළිවෙලක්.. (31.03.2025)
+
බීමත් රියදුරු පරීක්ෂාවේදී ගිනි අවියක් හමුවෙයි
(31.03.2025 – 22:25 +0530 – hirunews.lk/sinhala)
මුල්ලේරියාව දෙස සිට අඹතලේ දෙසට ගමන් කරමින් සිටි ත්‍රිරෝද රථයක ගැටුණු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් සහ ඊට යොදන උණ්ඩ 11 ක් සමග මැගසිනයක් හමු වී තිබෙනවා.
සිද්ධියෙන් අනතුරුව දෙදෙනෙකු (2) පැමිණ අදාළ මෝටර් රථ රියැදුරු රැගෙන ගොස් ඇති අතර, පසුව පොලිසිය රියැදුරු අත්අඩංගුවට ගැනීමට සමත් වුණා.
පොලිසිය පැවසුවේ, අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු අනතුර සිදුවන අවස්ථාවේ බීමත්ව සිටි බවයි.
සැකකරු ගිනි අවියට අදාළ බලපත්‍රයක් ඉදිරිපත් කර ඇතත්, එම බලපත්‍රය කල් ඉකුත් වී ඇති බව පොලිසිය සඳහන් කළා ෴
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 4 කට තුවාල
(01.04.2025 – 08:24 +0530 – hirunews.lk/sinhala)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේ අද (01) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, ලොරි රථයක්, වෑන් රථ 2 ක් සහ මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් අධිවේගී මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධාවක් එල්ල වී නැහැ.
තුවාල ලැබූවන්ගේ තත්වයද බරපතල නොවන බවයි වාර්තා වන්නේ ෴
+
+
ජපානයේ ‘ප්‍රබල’ භූමිකම්පාවකින් පුද්ගලයින් ලක්ෂ 03 ක් මිය යා හැකි බවට අනතුරු අඟවයි
(01.04.2025 – 10:42 +0530 – hirunews.lk/sinhala)
ඉදිරියේදී ජපානයේ ඇතිවිය හැකි භූකම්පනවලින් ලක්ෂ 03 ක පමණ පිරිසක් මියයාහැකි බවට ඇස්තමේන්තුගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම ඒ හේතුවෙන් ඩොලර් ට්‍රිලියන 1.8 ක් පමණ ආර්ථික වශයෙන් විනාශ විය හැකි බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
ජපානය ලෝකයේ වඩාත්ම භූමිකම්පා අවදානමට ලක්විය හැකි රටවලින් එකක් වන අතර, ‘නන්කායි අගල’ ලෙස හැඳින්වෙන කම්පන සහගත මුහුදු පත්ල කලාපයක් දිගේ රික්ටර් මාපක 8 සිට 9 දක්වා විශාලත්වයකින් යුත් භූමිකම්පාවක් සඳහා සියයට 80 ක සම්භාවිතාවක් ඇති බව සඳහන්.
ශීත ඍතුවේ දී රාත්‍රි කාලයේ මෙසේ භූමිකම්පාවක් සිදුවුවහොත් සුනාමි සහ ගොඩනැගිලි කඩා වැටීම්වලින් 298,000 ක් පමණ මිය යා හැකි බවයි වාර්තාව පෙන්වා දෙන්නේ.
භූ කම්පන වික්‍රියා හේතුවෙන් වසර 100 කට – 150 කට වරක් මෙම භූමිකම්පාවක් ඇති විය හැකියි.
එමෙන්ම 2011 දී රික්ටර් මාපක 9 ක භූමිකම්පාවක් ඇති වූ අතර, එමගින් විනාශකාරී සුනාමියක් ඇති වී න්‍යෂ්ටික බලාගාරයක ප්‍රතික්‍රියා හේතුවෙන් 15,000 කට අධික පිරිසක් මිය ගියා ෴
‘ජූලි මාසයේ බස් ගාස්තු වැඩි කරනවා’ – ගැමුණු විජේරත්න
(01.04.2025 – 12:43 +0530 – hirunews.lk/sinhala)
ජූලි මාසයේ අනිවාර්යෙන්ම බස් ගාස්තු සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙන බව ‘ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ’ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
එමෙන්ම මේ වනවිටත් රුපියල් 03 ක පාඩුවකින් බස්රථ ධාවනය කරන බවයි සභාපතිවරයා සඳහන් කළේ.
ඔහු මේ බව පවසා සිටියේ අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී ඔහු මෙසේද සඳහන් කළා :
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴