‘අයිස් මත්ද්‍රව්‍ය’ පානය කරමින් සිටි වලස්මුල්ල මූලික රෝහලේ වෛද්‍යවරයකු හා ඔහුගේ මිතුරකු අත්අඩංගුවට
‘අයිස් මත්ද්‍රව්‍ය’ පානය කරමින් සිටි වලස්මුල්ල මූලික රෝහලේ වෛද්‍යවරයකු හා ඔහුගේ මිතුරකු අත්අඩංගුවට
(31.03.2025 – lankadeepa.lk)
‘අයිස් මත්ද්‍රව්‍ය’ ළඟ තබා ගෙන ඒවා පානය කරමින් සිටි ‘වලස්මුල්ල මූලික රෝහලේ’ වෛද්‍යවරයකු හා ඔහුගේ මිතුරකු මාතර දීයගහ ප්‍රදේශයේ කඩ කාමරයක්දී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව ‘මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය’ පවසයි.
අදාල වෛද්‍යවරයා සන්තකයේ තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’ මිලි ග්රැම් 400 ක් ද ඔහුගේ මිතුරා සන්තකයේ තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’ මිලි ග්රැම් 2100 ක් හා ‘හෙරෝයින් මත්ද්‍රව්‍ය’ මිලි ග්රැම් 180 ක් ද පොලීසිය සොයා ගෙන ඇත.
ඊට අමතරව සැකකාර වෛද්‍යවරයා එම ස්ථානයට පැමිණි සුබෝපභෝගී මෝටර් රථය ද ඔහුගේ වෛද්‍ය නලාව ද පොලිස් බාරයට ගෙන තිබේ.
34 වැනි වයසේ පසුවන ඔවුන් දෙදෙනාම (2) කොළඹ ජනප්‍රිය පාසල්වල ඉගෙනුම ලබා ඇති බවත් සැකකාර වෛද්‍යවරයා 2016 වසරේ දී වෛද්‍ය උපාධිය ලබා ගෙන ඇති බවත් පොලීසිය කියයි ෴
+
+
බටලන්ද විවාදයත් බාගෙට හකුළාගනී – චොප්පෙගේ භාෂාව ටික ටික එළියට – ආණ්ඩුව අල්ජසීරා කුමන්ත්‍රණයට අහුවෙලා (31.03.2025)
+
ජනපතිගේ කතාවට ස්ටාර්ලින් උත්තර දෙයි | දූෂිත විදිහට පත්වුණ ලොක්කන් එක්ක අධ්‍යාපනය වෙනස් කරන්නේ කොහොමද? (30.03.2025)
+
‘ගනේමුල්ල සංජීව ඝාතනයේ’ ඇඟ කිලිපොළායන හෙළිදරව්වක් ඝාතනයට තවත් වෙඩික්කරුවෙක් (30.03.2025)
+
පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් අවුරුදු 6 ක දරුවෙකු මරුට
(30.03.2025 – 21:56 +0530 – sinhala.adaderana.lk)
කළුතර ගමගොඩපාර, රජවත්ත ප්‍රදේශයේ නිවසකට එල්ල කළායැයි සැකකෙරෙන පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් පිළිස්සුම් තුවාල ලැබූ වයස අවුරුදු 6 ක පිරිමි දරුවකුවෙකු මියගොස් තිබේ.
ඊයේ (29) රාත්‍රී 10 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) එල්ල කළ මෙම ප්‍රහාරයෙන් රූපවාහිනිය නරඹමින් සිටි එම දරුවා සහ නිවසේ සිටි වයස අවුරුදු 28 ක් පමණ වන කාන්තාවක් තුවාල ලබා ඇත.
ඔවුන් දෙදෙනා (2) කඩිනමින් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී බරපතළ තුවාල සහිතව සිටි දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මාරුකර යවා ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) සවස මියගොස් ඇත.
මියගිය දරුවාගේ මව විදේශගතව සිටින අතර, ඒ හේතුවෙන් දරුවාගේ පියා රැකියා කටයුතු නිමකර යළි පැමිණෙන තෙක් එම දරුවාව රැකබලාගන්නේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක එල්ල වූ නිවසේ සිටි කාන්තාව විසින් බව වාර්තා වේ.
තුවාල ලැබූ එම කාන්තාව ද මේ වනවිට කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙම පහරදීමට සම්බන්ධ කිසිදු පුද්ගලයකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති අතර, පහරදීම කුමන හේතුවක් නිසා සිදුව ඇද්ද යන්න පිළිබඳව ද මේ වනතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත ෴
+
+
‘කටේ නාරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනහැටි’ මුළු රටම බලාගෙන ඉන්නවා…. (30.03.2025)
+
මාලිමාවේ ඊබ්‍රහිම් පාස්කු නඩුවෙන් බේරෙන්න ගැසූ සුපිරි ගේම් එක – ට්‍රම්ප් ලීක් කර ගනී (29.03.2025)
+
රනිල් එක්ක ඡන්දේ ඉල්ලන කාලේ ජවිපෙට බටලන්ද අමතක වුණාද? (12.03.2025)
+
අරාබිකරයේ සඟවා දැමූ බෞද්ධ උරුමය ගැන ආන්දෝළනාත්මක හෙළිදරව්ව (18.11.2024)
https://www.youtube.com/watch?v=xm-4q7f8MK8
ජනපති අධිකරණයට බලපෑම් කරලා – ගම්මන්පිල හෙළි කරයි (31.03.2025)
+
දේශබන්දුට ගේන දෝෂාභියෝගයෙන් ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය වෙනවා – උදය ගම්මන්පිල (31.03.2025)
+
ලෝකයම මියන්මාරයට උදව් කරද්දී ලංකාව උදව් නොකරන්නේ ඇයි ? (31.03.2025)
+
බන්ධනාගාර ගතකර සිට් නීතිඥ පී. උදයංගනී වහාම නිදහස් කරන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝග
(31.03.2025 – 12:59 +0530 – hirunews.lk/sinhala)
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පුත්තලම මහාධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කළ, නීතිඥ පී. උදයංගනී වහාම නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
එමෙන්ම නීතිඥවරයාට අප්‍රේල් 28 වන දින අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙනවා.
‘ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ’ සභාපති නීතීඥ රජීව අමරසූරිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාදීකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා ෴
+
+
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘රොටුඹ අමිල’ රුසියාවේදී අත්අඩංගුවට
(31.03.2025 – 13:25 +0530 – hirunews.lk/sinhala)
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අමිල සම්පත් හෙවත් ‘රොටුඹ අමිල’ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුසියාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
රුසියානු බලධාරීන් CID යට ඒ බව දන්වා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
+
විදෙස් සංචාරක කතක් කෝච්චියෙන් වැටිලා
(31.03.2025 – 14:57 +0530 – hirunews.lk/sinhala)
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ ‘ඇල්ල ඔඩිසී’ දුම්රියේ ගමන්ගත් ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් දුම්රියෙන් පිටතට නැමී ඡායාරූප ලබා ගැනීමට යාමේදී විදුලි රැහැන් කණුවක ගැටී දුම්රියෙන් ඇද වැටී තුවාල ලබා තිබෙනවා.
දුම්රියෙන් ඇද වැටී තුවාල ලැබූ (27) හැවිරිදි තරුණිය නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
තරුණිය කොළඹ කොටුවේ සිට ‘ඔඩිසි’ දුම්රියෙන් ගමන් ගෙන ඇති අතර, නානුඔය සහ අඹේවෙල අතරදී මෙම අනතුරට ලක්ව තිබෙනවා ෴
කොළඹ තරු පන්තියේ හෝටලයකින් ඇද වැටී මියගිය පුද්ගලයා සියදිවිහානි කරගත් බවට අනාවරණය වෙයි
(31.03.2025 – 15:16 +0530 – hirunews.lk/sinhala)
කොළඹ – ගාලුමුවදොර පිහිටි සුඛෝපභෝගී තරු පන්තියේ හෝටලයකින් ඇද වැටී මියගිය පුද්ගලයා සිය දිවි හානි කරගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා.
ඊයේ (30) පස්වරුවේ මෙම පුද්ගලයා අදාළ හෝටලයට පැමිණ ඇති අතර, එහි දහසය (16) වන මහලෙන් මෙලෙස පැන ඇති බවටයි පොලිසිය සදහන් කළේ.
හෝටලයේ සේවකයෙකු විසින් අද (31) උදෑසනයි 4 වන මහලේ තිබී මියගිය පුද්ගලයාගේ සිරුර දැක ඇත්තේ.
ඒ අනුව, මෙම පුද්ගලයා ඊයේ (30) රාත්‍රියේ හෝටලයේ මහලෙන් පැන ඇති බවට පොලිසිය සැක පළ කරන අතර, මියගිය පුද්ගලයා රැඳී සිටි කාමරයේ තිබී ඔහු ලියූ බවට සැකකෙරෙන ලිපියක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා ෴
(තම මානසික රෝගයට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තා නම් මෙබඳු විපතක් සිදු නොවනු ඇත – අමරසර)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴