මිහින්තලා විහාරාධිපති හිමියෝ රාජ්‍ය පොසොන් උත්සවයෙන් ඉවත් වෙති
මිහින්තලා විහාරාධිපති හිමියෝ රාජ්‍ය පොසොන් උත්සවයෙන් ඉවත් වෙති
(26.03.2025 – 21:29 +0530 – hirunews.lk/sinhala)
මිහින්තලා පුදබිමේ කටයුතු සඳහා පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන්, මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ සියලු සංවිධාන කටයුතුවලින් ඉවත්වීමට තීරණය කළ බව ‘මිහින්තලය විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරථන හිමියන්’ පවසනවා.
ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ ‘පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව’ කටයුතු කරන්නේ මිහින්තලා පුදබිමේ විහාරාධිපතිවරයෙකු නොමැති අයුරින් බවයි.
+
+
කුවේටයේ සිරගතව සිටි ලංකාවේ 20 ක් දිවයිනට ගෙනෙයි
(26.03.2025 – 23:11 +0530 – hirunews.lk/sinhala)
කුවේට් රාජ්‍යයේ සිරදඩුවම් විඳිමින් සිටි ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු අද (26) මෙරටට රැගෙන ආවා.
ඒ කුවේට් රජය සමඟ ඇතිකරගෙන ඇති ගිවිසුමකට අනුවයි.
එම ගිවිසුම අනුව එරට අධිකරණයෙන් ඔවුන්ට හිමිව ඇති දඬුවම මෙරටදී ගෙවීමට ඔවුන්ට සිදුවන බවයි.
විදේශීය රටවල සේවය නියුතුව සිටියදී සිදු කළ විවිධ අපරාධ හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් එම රටවල් සමඟ ශ්‍රී ලංකා රජය ගිවිසුම්ගතව සිටිනවා.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ තායිලන්තය, පාකිස්ථානය, මාලදිවයින, එංගලන්තය, අයර්ලන්තය, කුවේට් සහ චෙක් ජනරජය ඇතුළු රටවල් රැසක් සමඟ ශ්‍රී ලංකාව එම ගිවිසුමට එළැඹ ඇති බවයි.
ඒ අනුව මෙරට සිටින විදේශීය සිරකරුවන් එම රටවලට පිටත්කර හරින අතර එම රටවල සිටින ශ්‍රී ලාංකික සිරකරුවන් වරින් වර ගෙන්වාගැනීම සිදුකරනවා.
එලෙස කුවේට් රජය සමඟ පවතින ගිවිසුමට අනුව එරට සේවය කරමින් සිටියදී සිදුකළ වැරදි හේතුවෙන් බන්ධනාගාර ගතකළ ශ්‍රී ලාංකික සිරකරුවන් 20 දෙනෙකු අද (26) මෙරටට රැගෙන ආවා.
ඒ කුවේට් ගුවන් හමුදාවට අයත් විශේෂිත ගුවන් යානයකින්.
අප කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක පැවසුවේ මෙරටට භාරදුන් එම ලාංකිකයින් සියලු දෙනා මත්ද්‍රව්‍ය චෝදනාව යටතේ අත්අඩංගුවට පත් ව සිරදඬුවම් විදිමින් සිටි අය බවයි.
ඔවුන්ගෙන් 11 දෙනෙකු ජීවිතාන්තය දක්වා සිරදඩුවම් හිමි වු අය ද වනවා.
කුවේට් බන්ධනාගාර නිලධාරීන් විසින් මෙරට බන්ධනාගාර නිලධාරීන් වෙත භාරදුන් එම සිරකරුවන් 20 දෙනා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආවා.
අදාළ ගිවිසුම අනුව එරට අධිකරණයෙන් ඔවුන්ට හිමිව ඇති දඬුවම මෙරටදී ගෙවීමට ඔවුන්ට සිදුවන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.
මෙම පිරිස කුවේට් රජයේ සිර දඬුවම් විඳිමින් සිටියදී මෙරටට භාරදුන් දෙවැනි (2) කණ්ඩායම වන අතර, පසුගිය වසරේ (2024) නොවැම්බර් මස 25 වැනිදාද 32 කුගෙන් යුත් කණ්ඩායමක් මෙරටට රැගෙන එනු ලැබුවා.
එමෙන්ම, මෙරට දී බන්ධනාගාර ගත කළ පාකිස්ථාන, ඉරාන සහ චෙක් ජනරජය යන රටවල සිරකරුවන් පිරිසක් ද මීට පෙර එම රටවලට භාරදී ඇති බව බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසුවා ෴
+
රනිල් දකුණෙත් ඝාතන කරා බටලන්දේ විතරක් නෙමෙයි | නියෝජ්‍ය පොලිස්පති හෙළි කරයි (26.03.2025)
+
දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
(27.03.2025 – 08:09 +0530 – hirunews.lk/sinhala)
ලැව්ගිනි පැතිර යන ප්‍රදේශවලට නොයන ලෙස ශ්‍රී ලාංකිකයින්ට දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ, හදිසි අවස්ථාවකදී එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 82 2 735 2966, 82 2 735 2967, 82 2 794 2968 දුරකතන අංක සදහා ඇමතිය හැකි බවයි.
මෙම ලැව්ගිනි හේතුවෙන් මෙතෙක් එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට හානියක් සිදු වූ බවට වාර්තා ලැබී නැහැ.
මේ වන විට දකුණු කොරියාවේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් මියගිය ගිය ගණන 24 ක්.
ගින්නෙන් ගොඩනැගිලි 200 කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී ඇති තිබෙනවා ෴
දුම්බර බන්ධනාගාරයේ සිටින දේශබන්දුගෙන් CIDයට ප්‍රකාශයක්
(27.03.2025 – 08:46 +0530 – hirunews.lk/sinhala)
දැනට දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
පුද්ගල ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාවක්, කථානායකවරයා වෙත භාර දීමට ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් පසුගියදා කටයුතු කළා.
ඒ අනුව, පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් කරන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තු සදහන් කළේ.
මේ අතර, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව ලබන මස 08 වැනිදා හෝ 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ ඊයේ (26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීයෙකු නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ෴
ඉංගිරියේදී බස් රථයක් ලොරියක ගැටීමෙන් පාසල් සිසුන් 15 දෙනෙකු රෝහලට
(27.03.2025 – 09:15 +0530 – hirunews.lk/sinhala)
ඉංගිරිය හොරණ මාර්ගයේ ඉංගිරිය රෝහල අසලදී අද (27) පෙරවරු හතට (07:00) පමණ සිදුවූ අනතුරකින් සිසුන් 19 දෙනෙකු ඇතුළු විස්සක (20) පමණ පිරිසක් තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූවන් හොරණ සහ ඉංගිරිය රෝහල්වලට ඇතුලත් කර ඇති බවයි ඉංගිරිය පොලිසිය සඳහන් කරන්නේ.

ඉංගිරිය ගාමිණි විද්‍යාලයේ දරුවන් පිරිසක් දොඹගොඩ ප්‍රදේශයේ පාසලක ක්‍රිකට් තරගයක් සඳහා සහභාගි වීමට ලොරි රථයකින් ගමන් කරමින් සිටියදී හොරණ ප්‍රදේශයේ සිට පැමිණි බස් රථයක් සමග මුහුණට මුහුණ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
එම අවස්ථාවේ ලොරි රථයේ විසි දෙදෙනෙකු (20) පමණ ගමන් කරමින් සිට ඇති අතර, ඉන් දෙදෙනෙකු (2) හැරෙන්නට අනෙක් සියලු දෙනාම තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.
අනතුරට හේතුව එතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා ෴
මිලේනියම් සිටි පාවාදීමේ චෝදනාවෙන් ‘හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ’ නිදොස් කොට නිදහස්
(27.03.2025 – 09:50 +0530 – hirunews.lk/sinhala)
2002 වසරේ අතුරුගිරිය ‘මිලේනියම් සිටි’ නිවාස සංකීර්ණයේ පිහිටි ‘ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය’ විසින් පවත්වාගෙන ගිය ‘ආරක්ෂක නිවස්නයක්’ පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළීමට කටයුතු කළේ යැයි එල්ල කර තිබූ චෝදනා කරමින් ‘මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ’ට එරෙහිව ගොනුකර තිබූ චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
පුරා වසර විස්සකට (20) ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
2002 වසරේ ජනවාරි මස 02 වනදා අතුරුගිරිය ‘මිලේනියම් සිටි’ නිවාස සංකීර්ණය තුළ පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයට අයත් ආරක්ෂක නිවාස්නයක් වටලා එහි සිටි හමුදා බුද්ධි අංශ නිලධාරීන් සහ ඔවුන්ගේ මෙහෙයුම් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම තුළින් රටේ භෞමික අඛණ්ඩතාවයට සහ ජාතික ආරක්ෂාව අනතුරට ලක් කරන ආකාරයට කටයුතු කිරීම තුළින් රාජ්‍ය නිල රහස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළට එරෙහිව මෙම අධි චෝදනා ගොනුකර තිබුණා ෴
දෙවුන්දර ද්විත්ව ඝාතනයේ සැකකරුවන් 04 ක් පලා යමින් සිටියදී මීගමුවේදී අත්අඩංගුවට
(27.03.2025 – 10:09 +0530 – hirunews.lk/sinhala)
දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසළදී තරුණයින් දෙදෙනෙකු (2) වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් සිවු දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ, මීගමුව ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
වෙඩි තබා ඝාතනය කළ 29 හැවිරිදි ‘පසිඳු තාරක’ගේ මෘත දේහය අද (27) පස්වරුවේ ඔහුගේ නිවසට ගෙන ඒමට නියමිතයි.
දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසළදී වෑන් රථයකින් පැමිණි පිරිසක් පසුගිය 21 වැනිදා කළ වෙඩි තැබීමකින් මත්පැන් සාදයකට සහභාගී යළි නිවෙස් බලා යමින් සිටි තරුණයින් දෙදෙනෙකු (2) මිය ගියා.
වෙඩි තැබීමෙන් මියගියේ ‘යොමේෂ් නදීෂාන්’ නමැති 28 හැවිරිදි තරුණයෙක් සහ ‘පසිඳු තාරුක’ නමැති 29 හැවිරිදි තරුණයෙක්.
මෙම ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු ලෙස හමුදාවෙන් පළා ආ ‘කසුන්’ හෙවත් ‘බිල්ඩර්’ නමැත්තා හඳුනාගෙන ඇති අතර, ඔහු ‘දෙහි බාලේ මල්ලී’ නමැත්තාගේ රුපියල් ලක්ෂ 50 ක කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය කර ඇති බව ද විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා.
වෙඩික්කරු බව පැවසෙන ‘කසුන්’ නමැත්තාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර, තවත් සැකකරුවන් සිවු දෙනෙකු (4) ඊයේ (26) මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.
‘දෙහි බාලේ’ නමැත්තාගේ සහෝදරයෙකු සමඟ මියගිය ‘යොමේෂ් නදීශාන්’ ඇතිකර ගත් ගැටුමක් මෙම වෙඩි තැබීමට හේතු වී තිබූ බවත්, අවස්ථා කිහිපයකදීම ‘යොමේෂ්’ට මරණ තර්ජන එල්ල වී තිබු බවත් පොලිසිය පැවසුවා.
පොලිසිය පැවසුවේ, යතුරු පැදියේ ගමන්ගත් ‘පසිඳු තාරුක’ නමැත්තාට කිසිදු චෝදනාවක් නොමැති බවයි.
විදෙස් විශ්වවිද්‍යාලයක උපාධිධාරියෙකු ද වන ‘පසිඳු’ මෙරට රාජ්‍ය ආයතනයක රැකියාවක නිරතව සිටි අයෙක් ෴
+
න භජෙ පාපකෙ මිත්තෙ – න භජෙ පුරිසාධ මෙ
භජෙථ මිත්තෙ කල්‍යාණෙ – භජෙථ පුරිසුත්තමෙ
.
පවිටු, නරක, මිතුරන් ඇසුරු නොකළ යුතුය. අධම, පහත්, මිනිසුන් ඇසුරු නොකළ යුතුය. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කළ යුතු ය. උතුම් මිනිසුන් ඇසුරු කළ යුතු ය. – බුදුරජාණන් වහන්සේ
+++
දෙවුන්දර ඝාතනයට අත්අඩංගුවට පත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
(27.03.2025 – 18:47 +0530 – hirunews.lk/sinhala)
දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසළදී තරුණයින් දෙදෙනෙකු (2) වෙඩි තබා ඝාන්නය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට පත් සැකකරුවන් 04 දෙනා පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය නියෝගකර තිබෙනවා.
පොලිසිය පැවසුවේ, මීගමුව ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
වෙඩි තබා ඝාන්නය කළ 29 හැවිරිදි පසිඳු තාරකගේ මෘත දේහය අද පස්වරුවේ ඔහුගේ නිවසට ගෙන ඒමට නියමිතයි ෴
අධික වේගයෙන් ධාවනය වූ ජීප් රථයක් නානුඔය ඔයට පෙරළෙයි
(27.03.2025 – 10:40 +0530 – hirunews.lk/sinhala)
ගිනිගත්හේනේ සිට බදුල්ල දක්වා ධාවනය වූ ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නුවරඑලියේ සිට කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා නානුඔය ඔයට පෙරලී තිබෙනවා.
එම අනතුරින් ජිප් රථයේ ගමන් ගත් දෙදෙනෙකු (2) තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත අද (27) දින ඇතුලත් කර ඇති බවයි නානුඔය පොලිසිය පවසන්නේ.

මෙම අනතුර සිදු වී ඇත්තේ උදෑසන 06:00 ට පමණ හැටන් නුවරඑලිය ප්‍රධාන මාරගයේ නානුඔය බ්ලැක්ෆූල් මංසන්ධිය ආසන්නයේ දීයි.
ධාවනය වෙමින් තිබූ ‘ජීප් රථයේ රියදුරාට නින්ද යෑමෙන්’ මාර්ගයෙන් ඉවතට පැන ඇති ජීප් රථය ප්‍රධාන මාර්ගය අභියස පිහිටි කොන්ක්‍රීට් කිලෝමීටර් කණු කිහිපයක් කඩාගෙන අඩි 20 ක් පමණ ප්‍රපාතයෙන් වූ නානුඔය ඔයට පෙරලී මෙම අනතුර සිදු වී ඇති බවත්, ජීප් රථය අනතුරට පත්වන අවස්ථාවේ ජීප් රථය තුළ තිදෙනෙකු (3) ගමන් කර ඇති බවයි අනතුර පිළිබද පරික්ෂණ පවත්වන නානුඔය පොලිසිය පවසා සිටියේ.
අනතුරින් ජීප් රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴