‘දෙහිගෙදර කල්ලිය’ට හිතවත් පොලිසියේ පිරිසක් ගැන සොයයි
(26.03.2025 – 12:02 +0530 – hirunews.lk/sinhala)
දෙවුන්දර විෂ්ණු දේවාලය ඉදිරිපිටදී තරුණයන් දෙදෙනකු (2) වෙඩි තබා ඝාතනය කළ ‘දෙහිගෙදර නමැති පාතාල කල්ලිය’ සමග සමීප සම්බන්ධතා පැවැත්වූ ‘දකුණු පළාතේ උසස් පොලිස් නිලධාරියකු’ ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව පුළුල් විමර්ශනයක් කිරීම සඳහා පොලිස්පති විසින් විශේෂ පොලිස් කමිටුවකට භාර දී තිබෙනවා.
‘දෙහිගේදර පාතාල කල්ලිය’ සමග සමීප සම්බන්ධතා පැවැත්වීමේ චෝදනාව මත සහකාර පොලිස් අධිකාරිවරයකු සහ පොලිස් ස්ථානාධිපතිවරයකු දැනටමත් දකුණු පළාතෙන් මාරුකර යවා ඇති බවයි මාතර භාර ඉහළ පොලිස් නිලධාරියෙකු ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට සඳහන් කළේ.
මෙම ඝාතන සිද්ධියට අදාළව පොලිසිය සිදුකරන විමර්ශන පිළිබඳව මෙන්ම වැටලීම් පිළිබඳවද තොරතුරු මෙම පොලිස් නිලධාරීන් විසින් ‘දෙහිගෙදර නමැති පාතාල කල්ලියේ’ සාමාජිකයන්ට ලබාදී ඇති බවයි විමර්ශනවලින් හෙළිවී ඇත්තේ ෴
+++
දෙවුන්දර වෙඩි තැබීමේන් මිය ගිය පසිදුගේ සහෝදරියගෙන් ප්‍රකාශයක්
(26.03.2025 – 22:13 +0530 – hirunews.lk/sinhala)
මාතර – දෙවුන්දර ප්‍රදේශයේ සිදු වූ ටෙඩි තැබීමෙන් මියගිය ‘පසිඳු නාරක’ නමැති තරුණයාගේ සොයුරිය සිය සොයුරාගේ මරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් ඉදිරිපත් කළා.
එහිදී ඇය පවසා සිටියේ මෙවැනි අදහසක් :
“මගේ මල්ලී මාතර සෙන් තෝමස් විද්‍යාලයෙන් ඉගෙනගෙන රුසියාවේ කැම්පස් එකකින් ඩිග්‍රියක් අරගෙන නැවතත් ලංකාවට ඇවිල්ලා හොඳට ජීවත් වෙච්ච කෙනෙක්. දැනට විදුලිබල මණ්ඩලයේ සේවය කරේ. ටික දවසක ඉඳන් මේ යාළුවොත් එක්ක ඇසුරු කළා. එයා දන්නේ නැහැ … ඒ යාළුවා ඇසුරු කළාට … එයාගේ ජීවිතේට තර්ජනයක් වෙයි කියලා. එයා නොදැනුවත්කමට තමයි එදා බයික් එකේ නැගලා ආවේ. නිකරුණේ එයා නොදන්න දේකට … එයාව අඳුරගන්නේ නැතුව … මේ වෙඩි වැදුණා කියලා තමයි අපි දන්නේ. කවදාවත් ඔලුවක් උස්සලා පාරෙදි යන කොට බලන්නේ නැහැ … මූණක්. ඒ තරම් අහිංසක ළමයෙක්ට මේ වගේ දෙයක් වුණේ. තාත්තා තාම ගොඩබිමට ආවෙත් නැහැ. තාත්තා ගොඩබිමට එන කොට තව දවසක් දෙකක් ගතවෙයි. අක්කා කෙනෙක් විදියට අපි කොහොමද ජීවත් වෙන්නේ? අපිට හරි අමාරුයි … අපි මේ දරාගත්ත දේවලුත් දරාගන්න. මේ ටික දරාගන්නෙත් බොහොම අමාරුවෙන්. මල්ලිගේ බොඩි එකේ මම හිතන්නේ … ගන් ෂොට් තිබුණා … ඔළුවේ පිටි පැත්තෙන් වැදිච්ච එක, වම් ඇහැ ගලවගෙන බිමට වැටෙන්න. එයාගේ කන් දෙකේ ලස්සන කරාබු දෙකක් තිබුණා. කරාබුවත් කඩාගෙනම, ඇහැත් ගලවන් බිමට වැටෙන තරමට ෂොට් එක වැදිලා තිබුණා. ඒකෙන් තමා එයා නැති වෙන්න ඇත්තේ. ඇඟේ තිබුණා වෙඩි උණ්ඩ … මං හිතන්නේ … දාහතක්, දහ අටක් වගේ. උර බාහුව කැඩිලා තිබුණා. මැණික් කටුව ගාවින් කැඩිලා තිබුණා. ඉනට එකක් වැදිලා තිබුණා.එයාගේ මුහුණ සම්පූර්ණයෙන්ම විකෘති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එයා ලස්සන සුදු බෝලයක් වගේ කෙනෙක්. නමුත් එයාගේ වම් ඇහැත් එක්ක සම්පූර්ණයෙන්ම මූනේ වම් පැත්ත … කන ඉඳලා … එයාට නැතිවෙලා තියෙනවා. මං හිතන්නේ ඔලුවට වෙඩි හතක් අටක් නමයක් වගේ වැදිලා තියෙනවා. ඒක නිසා එයාගේ මුහුණ විකෘති වෙලා. අපි අපිට පුළුවන් උපරිම උත්සාහය දරලා ලොකු වියදමක් දරලා … එයා කැමති නැහැ කැතට … ඒ විදිහට අපි ගොඩක්ම උත්සාහ ගත්තා එයාගේ තිබුණු විදිහටම හදන්න. අපිට පුළුවන් උපරිමයෙන්ම කරා අපි. මුද්‍රා තියලා ගේන්න අපි කැමති උන් නෑ. ඒක නිසා අපි පුළුවන් උපරිමයෙන්ම වියදම් කරලා මූණ හැදුවා. රුපියල් ලක්ෂ දහයකට වැඩිය ගිහිල්ලා තියෙනවා එයාගේ ඔය මූණ හදන්න. සම්පූර්ණයෙන්ම වම් ඇහැ බිමට වැටිලා තිබුණේ. වම් ඇහැ අපි ඇහිඳලා දුන්නේ. ඒ කියන්නේ අපි කැමති නැහැ … අන්තිම මොහොතේ එයාගෙ හරියටම මූණ දකින්න අපිට බැරි වුණානේ.”
මෙම ඝානයෙන් මියගිය ‘යොමේෂ් නදිෂාන්’ගේ අවසන් කටයුතු දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පෙරේදා සිදු කෙරුණා.
එමෙන්ම මෙම ඝාතනය, විදේශයක සැඟව සිටින ‘දෙහි බාලේ මල්ලී’ නැමැත්තාගේ සහෝදරයා හා ‘යොමේෂ් නදිෂාන්’ අතර ඇති වූ ආරවුලක් මන සිදු වූවක් බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා.
‘යොමේෂ් සහ පසිඳු’ මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව නිබුණේ මිතුරෙකුගේ නිවසක තිබූ උපන් දින සාදයකට සහභාගී වී ආපසු යමින් සිට යදියි.
මේ අතර මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 30 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් ගන්දර කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් පොලිසිය පසුගිය 05 වැනිදා සොයාගත් අතර අදාළ මොටර් රථය මෙම ඝාතනය සඳහා භාවිත කිරීමට සැකකරුවන් සැලසුම් කර තිබූ බවට පොලිසිය සැක පළ කරනවා.
අදාළ මෝටර් රථය සොයාගන්නා විට එහි අංක තහඩු වෙනස් කර පැහැයද වෙනස් කර තිබෙනවා.
මේ අතර මෙම ඝාතනය සිදුකළ ‘දෙහිගෙදර බාලේ’ නැමැති අපරාධ කල්ලි සාමාජිකයා සමග සබඳතා පැවැත්වූ බවට පැවසෙන පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු පිළිබද පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙකු ‘හිරු ප්‍රවෘත්ති’ වෙත සදහන් කළේ ඝාතනයට පෙරද ගන්දර පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිලධාරියෙකු ස්ථාන මාරු කරනු ලැබුවේ ද අදාළ පාතාල සාමාජිකයින් සමග සබඳතා පැවැත්වූ බවට තොරතුරු අනාවරණ වීමත් සමග බවයි.
මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් දැනට විමර්ශන සිදුකෙරෙන්නේ ද ගන්දර පොලිසිය විසින්.
ඝාතන සිද්ධියට අදාළව මේ වන විට කාන්තාවක ඇතුලු පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු බවට පැවසෙන ‘කසුන්’ හෙවත් ‘බිල්ඩර්’ නැමැත්තා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
+++
දෙවුන්දර මිනීමැරුවේ දෙහි ගෙදර අපි විතරක් නෙවෙයි. මේ මිනී මැරුම් මෙතනින් ඉවරනෑ. ඊළඟ බිල්ල මෙන්න ? (26.03.2025)
+++
දෙවුන්දර මිනීමරණ දෙහි බාලගේ රට නොදන්න ඇත්ත කතාව මෙන්න. නාකොටික් පොලිසිය දෙහිබාලගේ සල්ලි වලට යට වෙලා. (23.03.2025)
+
ඖෂධවලට උපරිම මිලක් පනවමින් ගැසට්ටුවක්
(26.03.2025 – 09:55 +0530 – hirunews.lk/sinhala)
ඖෂධවලට උපරිම සිල්ලර මිල යාන්ත්‍රණයකින් නියාමනය කිරීම සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසිනුයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
2429/12 – 2025-03-25 – National Medicines Regulatory Authority – Medicines (Pricing Mechanism for Medicines) Regulations Under the National Medicines Regulatory Authority Act, No.05 of 2015.
- [එම ගැසට්ටුව මෙතැනින්] (pdf file)
‘දහම් පාසල් ගුරු විභාගයේ අයදුම්පත්’ භාරගන්නා අවසන් දිනය දීර්ඝ කෙරේ
(26.03.2025 – 10:41 +0530 – hirunews.lk/sinhala)
2025 වර්ෂයට අදාළ දහම් පාසල් ගුරු විභාගයේ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායකගේ අත්සනින් යුතුවයි මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ.
ඒ අනුව, අදාළ අයඳුම්පත හා තොරතුරු https://forms.office.com/r/DMfuCsHLWx වෙතින් පිවිස ලබාගත හැකයි ෴
සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි සක්‍රීය කරයි
(26.03.2025 – 11:17 +0530 – hirunews.lk/sinhala)
සමුපකාර තොග වෙළඳ සංස්ථාව ඈවර කිරීමට පසුගිය රජය ගත් තීරණය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය එකඟ වී තිබෙනවා.
1949 අංක 47 දරන සමුපකාර තොග වෙළෙඳ සංස්ථා පනත පරිච්ඡින්න කර, එම ආයතනය ඇවර කිරීමට එවකට අමාත්‍ය මණ්ඩලය විසින් 2024-09-02 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබුණා.
සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව ඇවර කිරීම සම්බන්ධයෙන් වන පූර්ව අමාත්‍ය මණ්ඩල තීරණය අවලංගු කොට ඇත්තේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යංශයේ යෝජනාවක් අනූවයි ෴
රුපියල් 5,000 ක බඩු මල්ල 2,500 ට දෙන්න අනුමැතිය
(26.03.2025 – 11:34 +0530 – hirunews.lk/sinhala)
සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය තුළ සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජයක් ලබා දීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව රුපියල් 5,000 ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් ‘කාලීන ආහාර පැකේජයක්’ රුපියල් 2,500 ක සහන මිලකට ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.
ඒ සඳහා අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කරනු ලැබ ඇති 812,753 ක් වන අයදුම්කරුවන් අතුරින් යෝග්‍ය ප්‍රතිලාභීන් තෝරා ගැනීමට නියමිතයි.
ඒ අනුව, 2025-04-01 දින සිට 2025-04-13 දින දක්වා කාලය තුළ රටපුරා පිහිටි ‘ලංකා සතොස අලෙවිසැල් ජාලය’ සහ COOPFED අලෙවිසැල් මඟින් එම ආහාර පැකේජය ප්‍රතිලාභීන් වෙත ලබා දෙනු ඇති.
කෘෂි කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් මතයි මෙය සිදු කෙරෙන්නේ ෴
වැලිගම වෙඩි තැබීමට අදාළව හිටපු CCD ප්‍රධානි නෙවිල් සිල්වා අත්අඩංගුවට නොගන්නා තීරණය දීර්ඝ කෙරේ
(26.03.2025 – 11:44 +0530 – hirunews.lk/sinhala)
මාතර, වැලිගම ‘ඩබ්ලිව් 15’ හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‘කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා’ අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණය හමුවේ ඇති කරගෙන තිබෙන එකඟතාවය නීතිපතිවරයාගේ විරෝධතාවයට යටත්ව අප්‍රේල් මස 28 වැනිදා දක්වා දීර්ඝ කරන බව අභියාචනාධිකරණය අද (26) නියම කළා.

එම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා ඇතුළු නිලධාරීන් අට දෙනකු (8) විසින් ගොනු කර තිබූ රිට් පෙත්සමක් කැඳවීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් මෙම නියෝගය නිකුත් කළා.
මෙම පෙත්සමේ පෙත්සම්කරුවන් වශයෙන් නම්කර සිටි කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු ස්ථානාධිපති ඇන්ස්ලම් සිල්වා ඇතුළු නිලධාරීන් හය දෙනෙකු (6) මෙම පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමට තමන්ට අවශ්‍ය නොවන බවත් ඒවා ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියා.
ඒ අනුව එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා අදාල පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්නා.
ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඒරාජ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා සහ ජගත් නිශාන්ත යන පෙත්සම්කරුවන්ගේ පෙත්සම් වැඩිදුර ලේඛන ඉදිරිපත් කොට තහවුරු කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.
එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මහේෂිකා ද සිල්වා දැඩි විරෝධය පළ කළ අතර මෙම පෙත්සමට ඇතුළත්ව සිටි පෙත්සම්කරුවන් හය දෙනෙකු (6) මේ වන විටත් ඉවත් කරගෙන ඇති නිසා මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බවට තර්ක කළා.
එමෙන්ම මෙම නඩුකරයට පාදකවන මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවේ පූර්ණ වාර්තාව මෙම අධිකරණයට ඉදිරිපත් කරන බවට පෙත්සම්කරුවන් මීට පෙර අධිකරණයට දැනුම්දී තිබුණත් එය මේ දක්වා ඉදිරිපත් කර නොමැති බවත් ඒ අනුව පෙත්සම්කරුවන් කරුණු වසන් කිරීමක් සිදුකර ඇති බවත් ඇය තර්ක කර සිටියා.
ඒ අනුව අධිකරණය හමුවේ විධිමත් පෙත්සමක් නොමැති හෙයින් එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එරාජ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මාතර නඩු වාර්තාව ලබා ගැනීමේ ප්‍රමාදයක් හටගත් බවත් එම තොරතුරු සම්පූර්ණ ලේඛන ඉදිරිපත් කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අප්‍රේල් මස 28 වැනිදා කැඳවන ලෙස අධිකරණය නියම කළා ෴
කොළඹ රාත්‍රී සමාජ ශාලාවේ ගැටුමට අදාලව සැකකරුවන් 4 ක් අත්අඩංගුවට
(26.03.2025 – 13:01 +0530 – hirunews.lk/sinhala)
කොළඹ රාත්‍රී සමාජ ශාලාවේ ගැටුමට අදාලව සැකකරුවන් 4 ක් අත්අඩංගුවට
කොළඹ රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට ඇති වූ ගැටුමට අදාලව පොලිසියට භාර වූ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් තිදෙනෙකු (3) කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කායර්යාංශයට අද (26) භාර වුණා.
එම ගැටුමෙන් අදාළ ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරියෙකු පහරකෑමට ලක්ව තුවාල ලැබූ අතර ඔහු මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා.
එම ගැටුම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂගෙන් පැය 3 කට ආසන්න කාලයක් පොලීසිය ප්‍රකාශය ලබා ගත්තා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴