මාතර දෙවුන්දර කැළඹූ වෙඩිල්ලේ තවත් තොරතුරු එළියට
(22.03.2025 – 13:30 +0530 – hirunews.lk/sinhala)
මාතර දෙවුන්දර ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් තරුණයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
වෙඩික්කරුවන් පැමිණි වෑන් රථයද වෙඩි තැබු ස්ථානයට නුදුරින් ගිනි තබා තිපබියදී පොලීසිය සොයා ගත්තා.
මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස ‘සිංහාසන මාර්ගයේ’ ඊයේ (21) රාත්‍රී 11:45 ට පමණ වෑන් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු (2) විසින් යතුරුපැදියකින් ගමන්කරමින් සිටි තරුණයින් දෙදෙනෙකු (2) ඉලක්ක කරමින් මේ වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණා.
ටී-56 හා මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් (2) මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි වැදුණු තරුණයින් දෙදෙනා (2) එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙවුන්දර සිංහාසන පාරේ පදිංචිව සිටි ‘යොමේෂ් නදීෂාන්’ හා ‘පසිදු තාරුක’ නැමති 28 හා 29 හැවිරිදි තරුණයන් දෙදෙනෙක් (2).
ඔවුන් දෙදෙනා (2) දෙවුන්දර කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පැවැති මිතුරෙකුගේ උපන්දින සාදයකට සහභාගි වී නැවත සිය නිවෙස් වෙත පැමිණෙමින් සිටියදීයි මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ.
ජීවිතක්ෂයට පත් වූ ‘යොමේෂ් නදීෂාන්’ නැමැත්තා අදාළ සාදයේ වීඩියෝවක්ද සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණා.
තරුණයින් දෙදෙනා (2) පැමිණි යතුරුපැදිය පසුපසින් වැන් රථයකින් පැමිණි වෙඩික්කරුවන් එය යතුරුපැදියේ හප්පා අනතුරුව වෙඩිතබා ඇති බවට පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
වෙඩි තැබිම සිදුවූ ස්ථානයේ තිබි ටී-56 උණ්ඩ කොපු 39 ක්, හා මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ කොපු 03 ක් සොයාගැනීමට පොලිසිය සමත් වුණා.
වෙඩික්කරුවන් පැමිණි වෑන් රථය වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ සිට මීටර් 800 ක් පමණ දුරින් පිහිටි දෙවුන්දර වරාය මාර්ගයේ ගිනිතබා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා
එම වෑන් රථය තුළ තිබී ටී-56 ගිනි අවි සඳහා යොදන මැගසීනයක් (1) හා තවත් ටී-56 උණ්ඩ කොපු හමු වූ බවයි පොලිසිය සඳහන් කළේ.
වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය මාතර අතිරේක මහෙස්ත්‍රාත් මාලන් ශිරාන් ජයසුරිය මහතා විසින් අද (22) අළුයම සිදු කළා.
ජීවිතක්ෂයට පත් වූ ‘යොමේෂ් නදීෂාන්’ නැමැත්තාට ජීවිත තර්ජන පැවැති බවත් ඔහුට එරෙහිව ‘මත්ද්‍රව්‍ය නඩුවක්’ පවතින බවත් පොලිසිය සඳහන් කළා.
මෙම සිදුවීමට හේතුව ‘මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටලුවක්’ බවයි පොලිසිය සැක පළ කරන්නේ.
මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.
මේ අතර 2025 වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 26 කින් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තුවාල ලබා ඇති සංඛ්‍යාව 11 ක්.
+++
දෙවුන්දර වෙඩි තැබීමේ සිද්ධියට කාන්තාවක් (1) ඇතුළු තිදෙනෙකු (3) අත්අඩංගුවට
(22.03.2025 – 18:02 +0530 – hirunews.lk/sinhala)
දෙවුන්දර දේවාලය අසලදී දෙදෙනෙකුට (2) වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට අදාලව කාන්තාවක් (1) ඇතුළු 3 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා ෴
ලොවෙත් නැතිවෙන්න උඩ යන වාහන මිල
(22.03.2025 – 13:55 +0530 – hirunews.lk/sinhala)
මෙරටට ගෙන්වූ වාහන නිදහස් කිරිමේදී ඇති වූ ප්‍රමාදය මේ වනවිට නිරාකරණය කර ඇති බව ‘රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්’ සීවලී අරුක්ගොඩ පවසනවා.
ඒ අනුව හම්බන්තොට වරායේ සිරවී ඇති වාහන නිදහස් කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙනමින් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.
වාහන ආනයනය කිරිම සඳහා පැවැති තහනම ඉවත් කරමින් ඉකුත් පෙබරවාරි පළමු වැනිදා (01) සිට වාහන ආනයනයට අවසර ලබා දීමත් සමග මේ වනවිට හම්බන්තාට වරායට වාහන ලැබෙමින් පවතිනවා.
එලෙස වාහන ආනයනය කිරීමේදී පැවැති නීතිමය ගැටලුවක් හේතුවෙන් ආනයනය කළ වාහන රැසක් රේගුවෙන් නිදහස් කිරීමට අවසර හිමි වූයේ නැහැ.
එම බාධා ඉවත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගියදා ‘අති විශේෂ ගැසට් පත්‍රයක්’ නිකුත් කළ අතර
ඒ අනුව අදාළ වාහන නිදහස් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ නැව් 3 කින් පමණ හම්බන්තොට වරායට පැමිණ තිබූ වාහන 500 ක් පමණ මේ වනවිට නිදහස් කර ඇති බවයි.
මේ අතර ‘ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ’ සභාපති ජගත් රාමනායක ද වාහන ආනයන ගැටලුව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
+
තරුණ සේවා නිලධාරීන්ට කෝප් අනුකමිටුවේ දී අප්‍රසාදය
(22.03.2025 – 13:57 +0530 – hirunews.lk/sinhala)
‘ජාතික තරුණ සේවා සභාවේ’ සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතා රැසක් පිළිබඳව හෙළිව තිබෙනවා.
ඒ එම සභාවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ‘කෝප් අනුකමිටුවේ’දී යි.
පසුගියදා පැවති එම අනුකමිටු රැස්වීමේ දී ‘ජාතික තරුණ සේවා සභාවේ’ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයක් එල්ල වුණා ෴
‘හිරු CIA’ හෙළිදරව්වෙන් පසුව ඇඹිලිපිටිය රෝහල් ලොක්කාට ලැබුණු දඬුවම
(22.03.2025 – 14:18 +0530 – hirunews.lk/sinhala)
ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ රෝහල් අධ්‍යක්ෂවරයා එම රෝහලේ ගිලන් රථ තම පවුලේ ඥාතීන්ගේ පරිහරණය සඳහා යෙදවූ බවට ‘හිරු CIA’ හරහා අනාවරණය කිරීමෙන් පසු රෝහල් අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.
මේ අතර, රෝහල් අධ්‍යක්ෂවරයාට එල්ල වී තිබු චෝදනාවල සාක්ෂි විනාශ කරමින් තිබූ බැකෝ යන්ත්‍රයක් හා ටිපර් රථයක්ද පොලිසිය විසින් ඊයේ (21) රාත්‍රියේ සිය භාරයට ගත්තා.
ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂවරයා මුල්‍ය වංචා ඇතුළු අක්‍රමිකතා රැසක් සිදු කරන බව පවසමින් රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය පසුගිය දා විරෝධතා පා ගමනක් පවත්වා විරෝධතාවක නිරත වුණා.
විරෝධතාකරුවන් චෝදනා කලේ රෝහල් අධ්‍යක්ෂවරයා සිය නිල නිවාස භූමියේ කුකුළු ගොවිපොලක් හා වගා භූමි පවත්වාගෙන යමින් රෝහල් සේවකයින් හා ආරක්ෂක නිලධාරීන් බලහත්කාරයෙන් එහි සේවයේ යොදවන බවයි.
අධ්‍යක්ෂවරයා රෝහලේ ගිලන් රථය ද සිය පවුලේ ඥාතීන්ගේ භාවිතයට යොදවා ඇති බවට ලද තොරතුරු මත ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායම ඒ පිළිබඳ සොයාබැලීමක් සිදු කළා.
එහිදී හෙළි වුයේ සිකුරාදා දිනවල කොට්ටාවේ සිටින සිය බිරිඳ හා දරුවන් ඇඹිලිපිටියට ගෙන්වා ගැනීමටත් සදුදා දිනවල යළි කොට්ටාවේ නිවසට රැගෙන යාමටත් රෝහලේ ගිලන් රථ අවභාවිත කරන බවයි.
අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ සාකච්ඡාවක් සදහා රෝහල් කාර්ය මණ්ඩලය පසුගියාදා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණ තිබුනා.
මේ අතරතුර ඊයේ (21) සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් රෝහල් අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවක් ලබා දී ඇති බව ලිපියක් මගින් දන්වා තිබුනා.
අදාල ලිපිය ලැබීමෙන් පසු ඊයේ (21) රාත්‍රියේ බැකෝ යන්ත්‍රයක් හා ටිපර් රථයක් භාවිත කරමින් රෝහල් අධ්‍යක්ෂ නිල නිවසේ ඉදිකර තිබු කුකුල් කූඩු හා වගා භූමි විනාශ කර ඔහුට එල්ල වී ඇති චෝදනාවල සාක්ෂි විනාශ කරන බවට රෝහල් කාර්ය මණ්ඩලය පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබෙනවා.
ඒ පිළිබඳ උරණ වු රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිලිප් එච්. ලියනගේ විසින් රෝහල් කාර්ය මණ්ඩලයේ අයෙකුට පහරදීමක්ද සිදු කර තිබෙනවා.
ලැබුණු පැමිණිල්ල මත පොලිසිය පැමිණ ටිපර් රථය හා බැකෝ යන්ත්‍රය සිය භාරයට ගැනීමට මෙලෙස කටයුතු කළා.
+
රුපියල් මිලියන 60 ක ‘කේරල ගංජා’ තොගයක් අත්අඩංගුවට
(22.03.2025 – 15:19 +0530 – hirunews.lk/sinhala)
රුපියල් මිලියන 60 ක් පමණ වටිනා ‘කේරල ගංජා’ තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
‘යුද හමුදා බුද්ධි අංශය’ සහ ‘පේදුරුතුඩුව පොලිසිය’ ඒකාබද්ධව කළ මෙහෙයුමකින් පසුවයි මේවා සොයාගෙන ඇත්තේ.
මෙසේ ‘කේරල ගංජා’ කිලෝග්‍රෑම් 350 ක් පමණ හමුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඒ පේදුරුතුඩුව, තුම්පලේ ප්‍රදේශයේදී බවයි යුද හමුදාව පැව්සුවේ.
පේදුරුතුඩුව, තුම්පලේ, මුක්කම් වෙරළ තීරයේ දී වැටලීම සිදුකර තිබෙනවා.
මේවා පාර්සල් 154 ක අසුරා තිබූ අතර බෝට්ටුවක් සමග ඊයේ (22) අළුයම අත්අඩංගුවට ගත් බවයි යුද හමුදාව පවසන්නේ.
ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා එම තොගය පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා ෴
කප්පම් සිද්ධීන් 40 කට වැඩි සංඛ්‍යාවකට සම්බන්ධ දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(22.03.2025 – 16:01 +0530 – hirunews.lk/sinhala)
දුරකතනයෙන් තර්ජනය කර කප්පම් ලබා ගැනීමේ සිද්ධීන් 40 කට වැඩි සංඛ්‍යාවකට සම්බන්ධ දෙදෙනෙකු (2) ‘බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසය’ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් ළඟ තිබී රිවෝල්වරයක් ඇතුළු ගිනි අවි දෙකකුත් (2) පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ ෴
යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂකයෙක්ට පහරදීලා
(22.03.2025 – 16:03 +0530 – hirunews.lk/sinhala)
කොළඹ 02, උද්‍යාන පාරේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ඊයේ (21) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂ, ඔහුගේ බිරිඳ වන නිතීෂා ජයසේකර සහ තවත් පුද්ගලයන් අට දෙනෙකු (8) පැමිණ තිබෙනවා.
එහිදී එම එම පිරිසේ එක් (1) අයෙකු එම සමාජශාලාව තුල රැඳී සිටීම සඳහා අවශ්‍ය වන අත් පළඳනාවක් නොතිබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ නිලධාරියෙකු සිදුකළ විමසීමක් අතරතුරදී යම් බහින්බස් වීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව එම අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් මෙම බහින්බස් වීම අතරතුරදී ඔහු සමග පැමිණි අනෙකුත් අටදෙනා (8) මෙම ආරක්ෂක නිලධාරියාට පහරදී ඇති අතර, ඒ සම්බන්ධයෙන් එම සමාජ ශාලාවේ හිමිකාරිනිය විසින් කොම්පඤ්ඤ වීදිය පොලිසියේ පැමිණිල්ලක්ද සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම පහරදීම සම්බන්ධයෙන් අද (22) උදෑසන කොම්පඤ්ඤ විදිය පොලිසිය විසින් ස්ථානීය පරීක්ෂාවක්ද සිදුකර ඇති බවත්, ඉදිරි විමර්ශන කටයුතු සිදුකෙරෙමින් පවතින බවත් අප වාර්තාකරු සඳහන් කළා.
මෙලෙස පහරකෑමට ලක් වූ ආරක්ෂක නිලධාරියා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවත් පොලිසිය සඳහන් කලා ෴
මැතිවරණ පැමිණිලි ගැන දැනුම් දෙන්න නව ජංගම දුරකතන යෙදවුමක්
(22.03.2025 – 16:14 +0530 – hirunews.lk/sinhala)
මැතිවරණ සම්බන්ධ පැමිණිලි මහජනතාවට සෘජුවම මැතිවරණ කොමිසම් සභාව වෙත දැනුම් දීමට හැකිවන පරිදි නව ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දීම අද (22) සිදු කෙරුණා.
ඒ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීයි.
එයට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ සහ එහි සාමාජිකයන් සහභාගී වුණා.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴