ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොළ ප්‍රදේශයේදී කඩා වැටෙයි
ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොළ ප්‍රදේශයේදී කඩා වැටෙයි
(21.03.2025 – 08:37 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 පුහුණු ජෙට් ගුවන් යානයක් වාරියපොළ, මිනුවන්ගැටේ ප්‍රදේශයේදී කඩා වැටී තිබෙනවා.
දෝෂයක් හේතුවෙන් මෙසේ මෙම යානය වැටී ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ සඳහන් කළේ.
එය කඩා වැටෙන මොහොතේ නියමුවන් දෙදෙනා (2) පැරෂුට් ආධාරයෙන් පාදෙණිය ප්‍රදේශයට බැස තිබුණා.
ගුවන් නියමුවන් දෙදෙනා (2) ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි ගුවන් හමුදා ආරංචි මාර්ග සදහන් කළේ.
පොල්වත්තක් වෙත කඩා වැටුණු මෙම ගුවන් යානය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී තිබෙනවා.
+++
අනතුරට පත් ගුවන්යානය පිළිබඳ විමර්ශනයට විශේෂ පරීක්ෂණ කමිටුවක් පත්කරයි
(21.03.2025 – 11:37 +0530 – hirunews.lk/sinhala)
අනතුරට පත් ගුවන්යානය පිළිබඳ පරීක්ෂණයක් සිදු කිරීම සදහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් සාමාජිකයින් හත්දෙනෙකු (7) ගෙන් යුත් විශේෂ පරීක්ෂණ කමිටුවක් පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මුලික කදවුරෙ පිහිටි ගුවන් හමුදා අංක 05 ප්‍රහාරක බලඝණයට අනියුක්ත කර ඇති ගුවන් නියමුවන්ගේ උසස් පුහුණවීම සදහා යොදාගනු ලබන K-8 වර්ගයේ ගුවන් යානයක් අද දින (21) උදෑසන පුහුණුවීමක් අතරතුර කුරුණෑගල වාරියපොල ප්‍රදේශයේදී හදිසි අනතුරට ලක්වුණා.
එහිදී එම ගුවන් යානයේ ගුවන් නියමු නිළධාරීන් දෙදෙනා (2) ගුවන් යානයෙන් ආරක්ෂිතව ඉවත්ව කුරුණෑගල පාදෙණිය මිනුවන්ගැටේ විද්‍යාලය පරිශ්‍රයට පැරිෂුට් ආධාරයෙන් ගොඩ බැස තිබෙනවා.
මෙම ගුවන් යානයේ ප්‍රධාන පුහුණු උපදේශක ගුවන් නියමුවරයා හා පුහුණු ගුවන් නියමු නිළධාරීවරයා ගමන් කර ඇති අතර එම නිළධාරීන් මේ වන විට කුරුණෑගල ජාතික රෝහලට ඇතුල කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ගුවන් යානය ගුවන් හමුදා කටුනායක මුලික කදවුරෙන් පෙරවරු 07:27 පමණ ගුවන් ගත වී ඇති අතර පෙරවරු 07:55 ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා ෴
+++
වාරියපොළට කඩා වැටුණු ජෙට් යානයේ කළු පෙට්ටිය සොයන මෙහෙයුම
(21.03.2025 – 21:00 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් අද (21) පෙරවරුවේ ගුවන් පුහුණුවක් අතරතුර වාරියපොළ ඉහළ මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටුණා.
එම අවස්ථාවේ ජෙට් යානය තුළ සිටි ගුවන් නියමුවන් දෙදෙනා (2) ආරක්ෂිතව යානයෙන් ඉවත් වී ඇති අතර අනතුර පිළිබඳව සොයාබැලීම සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් සත් (7) පුද්ගල විමර්ශන කණ්ඩායමක්ද පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළෙන් ගුවන් ගතවුණේ අද (21) උදෑසන 07:27 ට පමණ.
ගුවන් නියමු පුහුණුවක් සඳහා එලෙස ගුවන් ගතවූ ප්‍රහාරක පුහුණු ජෙට් යානය ගුවන් ගතවී පැය භාගයකටත් (½) වඩා අඩු කාලයක් ගතවන විට එනම් 07:55 වන විට වාරියපොළට ප්‍රදේශයට ඉහළ අහසේදී දෝෂයකට ලක්වුණා.
ඒ හේතුවෙන් අනතුරට පත් වූ යානය කඩා වැටුණේ වාරියපොළ ඉහළ මිනුවන්ගැටේ ප්‍රදේශයටයි.
ඒ වන විට ජෙට් යානය තුළ ගුවන් නියමුවන් දෙදෙනෙකු (2) සිටි අතර ඔවුන් නිසි ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරමින් යානයෙන් ඉවත් වීම හේතුවෙන් ඔවුන්ට අනතුරක් සිදු වූයේ නැහැ.
වාරියපොළ, ඉහළ මිනුවන්ගැටේ ප්‍රදේශයට ඉහළ අහසේදී අනතුරට පත් වූ ජෙට් යානය කඩා වැටෙන ආකාරය ජංගම දුරකථනයක පටිගත වී තිබුණා.
කඩා වැටුණු යානයේ ගින්න නිවීමට පොලිසිය, ගිනි නිවීමේ හමුදාව කටයුතු කළ අතර ප්‍රදේශවාසීන්ගේ සහයද හිමිවුණා.
මේ අතර ජෙට් යානයේ දෝෂය හටගන්නවාත් සමග එහි සිටි ප්‍රධාන ගුවන් නියමුවා සහ පුහුණුවේ නිරතව සිටි පියසර නිලධාරී පුහුණු ගුවන් නියමුවා ක්ෂණිකව ක්‍රියාත්මක වී නිසි ක්‍රමවේදයන්ට අනුව යානයෙන් ඉවත්වී තිබුණා.
පැරෂුට් ආධාරයෙන් ගොඩබිම වෙත පැමිණි එක් (1) නියමුවෙක් වාරියපොළ සුන්දරගම ප්‍රදේශයට ගොඩබැස තිබුණා.
ගුවන් නියමුවන් කඩිනමින් ඇතුළත් කෙරුණේ කුරුණෑගල ශික්ෂණ රෝහලටයි.
‘හිරු ප්‍රවෘත්ති’ කළ විමසීමකදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රෝහල්ගත කෙරුණු ගුවන් නියමුවන් දෙදෙනා (2) ගේ තත්ත්වය බරපතල නොවන බවත් ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවයි.
මෙම K8 වර්ගයේ පුහුණු ප්‍රහාරක ජෙට් යානාවේ ප්‍රධාන ගුවන් නියමුවරයා ලෙස කටයුතු කර ඇත්තේ වින්ග් කමාන්ඩර් සුදර්ශන බණ්ඩාරයි.
ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 1 පියාසර පුහුණු පක්ෂාංගයේ අත්දැකීම් බහුල, සුදුසුකම්ලත් ගුවන් පුහුණු උපදේශකවරයෙක්.
එහි සහය ගුවන් නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ පියාසර නිලධාරී සචිත් දවුලගලයි.
මේ අතර ජෙට් යානය කඩා වැටුණු ස්ථානය සහ අනතුරට පත් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කළා.
මෙම අනතුර පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴
+++
කඩා වැටුණු ගුවන් යානයෙන් පැන්න පුහුණු උපදේශක විදුලි රැහැනක ගැටෙයි
(21.03.2025 – 13:49 +0530 – sinhala.adaderana.lk)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක පුහුණු ගුවන් යානයක් අද (21) උදෑසන වාරියපොල, මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටී ගිනිගැනීමට ලක්විය.
අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි නියමුවන් දෙදෙනා (2) ආරක්ෂිතව ඉන් ඉවත් වී තිබූ අතර එක් (1) නියමුවෙකු ගොඩබැසීමේදී සුළු තුවාල ලබා තිබුණි.
ප්‍රධාන පුහුණු උපදේශකවරයා මෙලෙස ගොඩබෑමේදී විදුලි රැහැනක ගැටී ඇති අතර එහිදී ඔහුට තුවාල සිදුවී ඇත.
පසුව ප්‍රදේශවාසීන් එක්ව සුවසැරිය ගිලන් රථයකින් ගුවන් නිලධාරීන් දෙදෙනාව (2) කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණි.
ගුවන් යානයෙන් ඉවත්වූ ගුවන් නියමුවන් දෙදෙනා (2) පැරෂුට් ආධාරයෙන් මිනුවන්ගැටේ ප්‍රදේශය ආසන්නයේ පිහිටි අවුලේගම, සුන්දරගම විද්‍යාලය අසලට මෙලෙස ගොඩබැස තිබුණි.
කෙසේවෙතත් යානය අනතුරට ලක්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K-8 වර්ගයේ උසස් පුහුණුවීම් සඳහා යොදාගන්නා ප්‍රහාරක ගුවන් යානයකි.
යානය පුහුණු පියාසැරියක් සඳහා අද (21) උදෑසන 07:27 ට කටුනායක ගුවන්තොටුපොළින් ගුවන්ගත කර තිබුණි.
ඒ ප්‍රධාන පුහුණු උපදේශකවරයෙකු හා පුහුණු ගුවන් නියමුවකු සමගිනි.
යානය අනතුරට ලක්වී ඇත්තේ උදෑසන 07:55 ට පමණ වාරියපොල ප්‍රදේශයට ඉහළින් පියාසර කරමින් තිබියදීය.
යානය කඩාවැටීමෙන් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශයට පත් විය.
+
+
+
දේශබන්දු තෙන්නකෝන් දුම්බර බන්ධනාගාරයට මාරු කරයි
(21.03.2025 – 07:44 +0530 – hirunews.lk/sinhala)
2023 වසරේදී වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුලු සෙසු සැකකරුවන් 06 දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම අද (21) අභියාචනාධිකරණයේදී කැදවීමට නියමිතව තිබෙනවා.
අභියාචනාධිකරණයේදී ඇති කරගත් එකගතාවය මත මූලික විමර්ශන අවසන් වන තෙක් ඔවුන්ව අත්අඩංගුවට නොගන්නා ලෙසටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමෙන් පසු ප්‍රකාශ සටහන් කර ගැනීමටත් නීතිපතිවරයා එම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පසුගියදා නිවේදනය කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුලු පොලිස් නිලධාරීන් 08 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මාතර පසුගියදා නියෝග කරනු ලැබුවා.
කෙසේ වෙතත්, ඉන් එක් (1) සැකකරුවෙකු මේ වන විට විදේශ ගත වී ඇති බව සදහන්.
මේ අතර, රක්ෂිත බන්ධනාගාරගත ගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ (20) රාත්‍රියේ දුම්බර බන්ධනාගාරය වෙත මාරු කර තිබෙනවා.
පෙරේදා (19) අධිකරණය වෙත භාර වීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු පොලිස්පතිවරයා ඊයේ (20) දිනය දක්වා රදවා තබනු ලැබුවේ අගුණුකොළපැළැස්ස බන්ධනාගාරයේයි ඊයේ (20) ඔහු යළි මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුව ලබන මස 03 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරුණා ෴
+++
වැලිගම හෝටලයක් අසල සිදු වූ වෙඩි තැබීමට අදාළව සැකකරුවන් 6 ක් අධිකරණයට භාර වෙයි
(21.03.2025 – 10:19 +0530 – hirunews.lk/sinhala)
2023 වසරේදී වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුලු සෙසු සැකකරුවන් 06 දෙනා අධිකරණයට භාර වී තිබෙනවා.
ඔවුන් මෝසමක් මාර්ගයෙන් අද (21) පෙරවරුවේ මෙලෙස අධිකරණයට භාර වී ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් පසුගිය 16 වැනිදා රිට් පෙත්සමක් ගොනු කර තිබූ අතර, එම පෙත්සම අද (21) අභියාචනාධිකරණයේදී කැදවීමට නියමිතව තිබෙනවා.
අභියාචනාධිකරණයේදී ඇති කරගත් එකගතාවය මත මූලික විමර්ශන අවසන් වන තෙක් ඔවුන්ව අත්අඩංගුවට නොගන්නා ලෙසටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමෙන් පසු ප්‍රකාශ සටහන් කර ගැනීමටත් නීතිපතිවරයා එම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පසුගියදා නිවේදනය කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ලබන අප්‍රේල් මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා ෴
+++
නෙවිල් සිල්වා ඇතුළු නිලධාරීන් අටක් (8) විසින් ඉදිරිපත් කළ පෙත්සම කැඳවීම ලබන 26 වැනිදා
(21.03.2025 – 12:51 +0530 – hirunews.lk/sinhala)
මාතර, වැලිගම ‘ඩබ්ලිව 15’ හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා ඇතුළු නිලධාරීන් අටදෙනකු (8) විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.
මෙම පෙත්සම අද (21) අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මහේෂිකා ද සිල්වා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්කාර පොලිස් නිලධාරීන් විමර්ශන කටයුතු අවසන් වන තුරු අත්අඩංගුවට නොගන්නා බවට මීට පෙර අධිකරණයට ලබාදී තිබූ ප්‍රතිඥාව තවදුරටත් දීර්ඝ කිරීමට එකඟ නොවන බව සඳහන් කළා.
මෙම පෙත්සම්කරුවන් අතරින් පිරිසක් අද (21) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමට නියමිත බවට තොරතුරු ලැබී තිබෙන බවත් ඇය සඳහන් කළා.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙසත් එතෙක් මෙම පෙත්සම්කරුවන් අත්අඩංගුවට නොගන්නා බවට ලබා දී තිබෙන ප්‍රතිඥාව දීර්ඝ කරන ලෙසත් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුකරයට අදාළව මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවේ මේ දක්වා සැකකරුවකු වශයෙන් නම් කර නොමැති සහකාර පොලිස් අධිකාරි පොලිස් අධිකාරී සිල්වා පමණක් අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණයට ලබා දී තිබූ එකඟතාව ඊළඟ නඩු දිනය දක්වා දිර්ඝ කරන බව නියෝග කළා.
එහෙත් සෙසු පෙත්සම්කාර නිලධාරීන් සම්බන්ධයෙන් එම එකඟතාව තවදුරටත් දීර්ඝ නොකිරීමට ද අධිකරණය තීන්දු කළා.
ඉන් අනතුරුව පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 26 වනදා කැදවන ලෙසද නියම කෙරුණ ෴
+++
වැලිගම වෙඩි තැබීමට අදාලව අධිකරණයට භාර වූ සැකකරුවන් 06 දෙනෙකු ඇප මත නිදහස්
(21.03.2025 – 18:24 +0530 – hirunews.lk/sinhala)
2023 වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අධිකරණයට භාර වූ සැකකරුවන් 6 දෙනාට මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වන නඩුව අද (21) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී යි.
එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඇන්සලම් ද සිල්වා ඇතුළු පොලිස් නිලධාරින් හයදෙනෙකු (6) රුපියල් ලක්ෂ දහය (10) බැගින් වු ශරිර ඇප මත මුදාහැරීමටයි නියෝග කෙරුණේ.
එමෙන්ම, මෙම සිදුවීමට අදාලව අධිකරණයට භාර වූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ (20) දින ලබන මස 03 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා ෴
‘ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්’ට ගුරු පත්වීම් ලබාදීම සඳහා අයදුම්පත් කැඳවයි
(21.03.2025 – 16:38 +0530 – hirunews.lk/sinhala)
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2020/2022 වර්ෂවල පාඨමාලා හදාරන ලද ‘ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්’ ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව තොරතුරු රැස්කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට නියමිත බවයි එම නිවේදනයේ සඳහන්.
ඊයේ (20) සිට මාර්තු 28 වනදා දක්වා දින දක්වා https://teacher.moe.gov.lk/ ඔස්සේ එම ශික්ෂණලාභීන්ට මේ සඳහා අයදුම් කළ හැකියි.
මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු සඳහා අධ්‍යාපන, ‘උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ’ නිල වෙබ් අඩවිය වන https://moe.gov.lk/ වෙත පිවිසීමෙන් ලබා ගත හැකියි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴