ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රාජ්‍ය ඔසුසැල්වලින් වට්ටමක්
(20.03.2025 – 12:24 +0530 – hirunews.lk/sinhala)
රාජ්‍ය ඔසුසැල් හරහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඖෂධ මිලදී ගන්නා විට කාඩ්පත් භාවිතයෙන් ගෙවීම් සිදු කරන්නේ නම් සියයට 3 ක වට්ටමක් ද මුදල්වලින් ගෙවීම් සිදු කරන්නේ නම් සියයට 5 ක වට්ටමක් ද ලබාදෙන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසුවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (20) පාර්ලිමේන්තුවේදීයි.
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසුවා,
“ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට යහපත් ජීවිතයක් පවත්වාගෙන යාමට, අවශ්‍යවන මූල්‍ය අවශ්‍යතාවය සලකලා බලලා, රුපියල් ලක්ෂ දහයට (10,00,000) අඩු තැන්පත් හිමියන් සඳහා අමතර සීයට තුනක (3%) තැන්පතු පොලියක් ලබාදීම රජය විසින් මෙවර අයවැය තුළින් ප්‍රතිපාදන සලසලා තිබෙනවා. 2025 අයවැය යෝජනාවලට අනුව 2025 ජුලි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ස්ථාවර තැන්පතු සඳහා සංශෝධිත විශේෂ පොලී යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරලා තියෙනවා. මෙම යෝජනා ක්‍රමය අනුව වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන්ට අදාළ වෙනවා. බැංකු කිහිපයක මෙම තැන්පතු තිබුනත් එය නොසලකා හරිමින් එක් තැන්පතුකරුවෙක් වෙනුවෙන් උපරිම තැන්පතු මුදල රුපියල් මිලියනය (10,00,000) දක්වා මෙය වලංගු වෙනවා.
තැන්පතුකරුවන්ට ඔවුන්ගේ මුළු තැන්පතු මුදල රුපියල් මිලියනය (10,00,000) නොඉක්මවන තාක් කල් බැංකු කිහිපයක වුණත් මේ ස්ථාවර තැන්පතු විවෘත කරන්නට පුළුවන්. මෙම යෝජනා ක්‍රමය යටතේ ඇති තැන්පතු සඳහා වසරක (1) කාලයක් පවතින අතර පොලිය මාසිකව ආපසු ලබාගත යුතුයි.”
+
ආනන්තරීය පාප කර්මයක් : මව ඝාතනය කළ පුතු අත්අඩංගුවට
(20.03.2025 – 13:38 +0530 – hirunews.lk/sinhala)
අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි ව සිටින පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ලබාගැනීමට මවගෙන් මුදල් ඉල්ලා එය ලබා නොදීම හේතුවෙන් ඇයට පහරදී ඝාතනය කර තිබෙනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ දෙමටගොඩ – ආරාම පෙදෙසේ පදිංචිව සිටි 68 හැවිරිදි මවක්. මියගිය මව සහ පුත්‍රයා මෙන්ම ඇයගේ වැඩිමහල් සහෝදරිය ද එකට නිවසේ ජීවත්ව තිබෙනවා.
මියගිය කාන්තාවගේ පුත්‍රයා අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවෙක් බවත් ඒ හේතුවෙන් ඔවුන් අතර නිතර ආරවුල් ඇතිව තිබූ බවත් පොලිස් පරීක්ෂණ වලදී අනාවරණ වුණා.
සිද්ධිය සම්බන්ධයෙක් 46 හැවිරිදි පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කර තිබෙනවා ෴
+++
ආනන්තරීය පාප කර්ම පහකි. 1) තම මව මැරිම, 2) තම පියා මැරීම, 3) රහත් උතුමෙකු මැරීම, 4) බුදුරජුන්ගේ ශරීරයේ ලේ වෛරී සිතින් සෙළවීම, 5) සංඝ භේදය සිදුකිරීම (කළහැක්කේ උපසම්පදා භික්ෂුවක විසින් පමණි). ආනන්තරීය පාප කර්ම සිදුකළ තැනැත්තා මියගිය මොහොතේම ඒකාන්තයෙන් ම දරුණු කර්ම විපාකයකට මුහුණදීමට සිදුවේ. එයට අදාළ කර්ම විපාකය නම් මරණින් මතු අවිචී මහා නරකයෙහි ඉපිද දුක් විඳීන්නට සිදුවීමයි. ආනන්තරීය පාප කර්මයේ විපාක අතිශයින්ම ප්‍රබලය ෴
පළාත් පාලන ඡන්ද විමසීම මැයි 06 වැනිදා
(20.03.2025 – 13:41 +0530 – hirunews.lk/sinhala)
පළාත් පාලන ඡන්ද විමසීම එළැඹෙන මැයි මස 06 වැනිදා අඟහරුවාදා පැවැත්වීමට තීරණය කළ බව ‘මැතිවරණ කොමිෂන් සභාව’ පවසනවා.
පළාත් පාලන ආයතන 336 කට අදාළව පැවැත්වෙන ඡන්ද විමසීමේ නාමයෝජනා භාර ගැනීම අද (20) මධ්‍යහ්න 12 න් අවසන් වුණා.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා 2023 වසරේදී නාම යෝජනා කඳවනු ලැබුව ද, පැවති රජයෙන් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය අරමුදල් ලබා නොදීම නිසා මැතිවරණය කල්දැමීමට ‘මැතිවරණ කොමිෂන් සභාව’ට සිදුවුණා.
එහෙත්, මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය අරමුදල් ලැබී ඇති බවයි, ‘මැතිවරණ කොමිෂන් සභාවේ’ සභාපති පවසා සිටියේ ෴
+++
කළුතර නාමයෝජනා භූමියේ උණුසුම් තත්ත්වයක්
(20.03.2025 – 16:56 +0530 – hirunews.lk/sinhala)
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නාමයෝජනා භාරදෙන ස්ථානයේ නීතියට පරිභාහිරව නිළධාරීන් කටයුතු කළ බව සදහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන විරෝධතවයක් පලකර තිබෙනවා.
විරෝධතා දැක්වීමට ලබාදී තිබු කාලසීමාවෙන් පසුව තවත් නාමයෝජනා පත්‍ර කිහිපයක් දැන්වීම් පුවරුවේ ඇලවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සිය විරෝධය පලකර තිබෙනවා.
විරෝධය පලකිරීමෙන් පසු මාධ්‍යට අදහස් දැක්වූ ඔහු තවදුරටත් මෙතැන සිටීමෙන් පලක් නොවන බව සදහන් කරමින් සිය ආධාර කරුවන් සමග දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පිටව ගියා.
වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ මෙවැනි අදහසක් :
“සියළු පක්ෂ මැතිවරණ නීති රීති වලට අනුව නාමයෝජනා භාරදුන්නා. එම භාරගැනීම 12 ට නැවැත්තුවා. ඊට පස්සේ පැය එකහමාරක් (1½) දුන්නා විරෝධතා දක්වන්න. එයට අපි විරෝධතා දැක්වූවා. ඊට පසුවත් නාමයෝජනා පත් බෝඩ් එකේ ඇලෙව්වා. මම නැගිටල ඇහුවා මැතිවරණ සහකාර කොමසාරිස් ගෙන් මේක නීති විරෝධී නේද කියලා. එයා දෙන උත්තරය ‘අපිට ස්ටාෆ් එක අඩුයි; වැඩ කරගන්න විදිහක් නෑ’ලු. ‘ස්ටාෆ් එක අඩුයි’ කියල නීති රීති කඩන්න බෑ. එහෙම නම් ‘ස්ටාෆ් එක’ ගෙන්ව ගන්න ඕන.
එහෙම නැත්නම් මේවා අලවල අපිට වෙලාවක් දෙන්න ඕන. ඒ දෙකම දෙන්න බෑ කීවා. මම ඇහුවා ඔයා ඇමරිකාවේ ජනාධිපති වගේ නේද බලය පාවිච්චි කරන්නෙ කියලා. මේක කරනකොට දිසාපතිතුමත් ළග හිටියා. දිසාපති තුමත් දන්නව වැඩේ වැරදි කියලා. ඊට පැය භාගයකට (½) විතර පස්සේ දිසාපතිතුමා තීරණය කරල කීවා. අපිට විනාඩි පහක් (5) දෙන්නම් පස්සේ දාපු ලැයිස්තු වලට විරෝධතා තියෙනවා නම් දක්වන්න කියලා. හැබැයි එයා කීවේ නෑ පස්සේ දාපු ලැයිස්තු ටික වෙලාවෙන් පස්සේ දැම්ම කියල. ඒ වෙලාවේ මම කෑ ගහල කිව්වා ‘ඒකට මම එකඟයි, හැබැයි ඔයා මේව වෙලාවට පස්සේ ඇලෙව්වේ කියල පිළිගන්න’ කියල. ඒකට උත්තර දුන්නේ නෑ. මේව ලියල ලියල මම ෆොටෝ එකක් ගහගෙන භාරදුන්න. මාළඟ සාක්කි තියෙනව.
පැහැදිලිවම මැතිවරණ නියෝජ්‍ය කොමසාරිස් සහ දිසාපතිතුමා මැතිවරණ නීති රීති උල්ලංඝනය කලා. වගකීමෙන් කියන්නේ. ඒ මොහොතේ පොලිසියත් ඇතුලේ නෑ. මේකෙ පොලිසිය හිටියේ නෑ. නැත්නම් පොලිසියට පැමිණිලි කරන්න තිබුණා. නැතිනම් අපිව අත්අඩංගුවට ගන්න තිබ්බා ‘උඹ කෑ ගහනව වැඩී’ කියලා. ඒ නිසා රටට කියන්න ඕන ‘කළුතර මැතිවරණ කොමසාරිස් මැතිවරණ නීති උල්ලංඝනය කරනව’ කියල. අපිට කාගේ පිහිටක්ද ? විරෝධතා දෙන්න අවස්ථාවක් දෙන්නේ නෑ. මොකක්ද මේ ප්‍රජාතන්ත්‍රවාදය. මාලිමාවෙන් එහෙම කියල නෑ. තුනෙක් දෙකකට වඩා බලයක් දුන්නේ සාධාරණව කරන්න. මොකක්ද මෙතන ප්‍රජාතන්ත්‍රවාදය. මෙතන ප්‍රජාතන්ත්‍රවාදය නෑ. අපිට කාගේ පිහිටක්ද ?”
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කලුතර දිස්ත්‍රික් ලේකම් ජනක කේ. ගුණවර්ධන සදහන් කලේ කිසිදු වරදක් සිදුනොවූ බවත්, විරෝධතා දැක්වීමට කාලයක් ලබාදුන් බවයි ෴
+++
ප්‍රධාන පක්ෂ රැසක නාම යෝජනා අවලංගුයි
(20.03.2025 – 20:34 +0530 – hirunews.lk/sinhala)
පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් භාරදුන් නාමයෝජනා විවිධ හේතූන් මත ප්‍රතික්ෂේප වී තිබෙනවා.
මැදවච්චිය ප්‍රාදේශීය සභාව සදහා ජාතික ජනබලවේගය භාරදුන් නාමයෝජනාව ප්‍රතික්ෂේප වී ඇත්තේ දිවුරුම් අත්සන් කිරීමේදී අත්සන සහතික නොකිරීම හේතුවෙන්.
එමෙන්ම එම දිස්ත්‍රික්කයේ නැනුප, රාජාංගණය, මිහින්තලය, ගල්නෑව, තලාව සහ අනුරාධපුර මහනගර සභාව යන පළාත් පාලන ආයතනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ භාරදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබුණා.
එමෙන්ම පුටුව ලකුණින් තරග කරන පොදුජන එක්සත් පෙරමුණ වෙනුවෙන් කොළඹ මහනගර සභාව වෙනුවෙන් ලබාදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප වුණා.
ලංකා කම්කරු කොංග්‍රසය තනිවම තරග කිරිම සදහා කොත්මලේ සහ මස්කෙලිය ප්‍රාදේශිය සභාවට තරග කිරිමට භාර දුන් නාම යෝජනා පත්‍ර ද ප්‍රතික්ෂේප වී තිබෙනවා.
එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශිය සභාවට තරගකිරීමට එක්සත් ජාතික පක්ෂය භාරදුන් නාමයෝජනා ද ප්‍රතික්ෂේප වී තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13 කට අදාළව පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 176 ක් ඇපමුදල් තැන්පත් කර තිබූ අතර නාමයෝජනා 165 ක් භාරදී තිබුණා.
ඉන් පිළිගත් දේශපාලන පක්ෂ 148 න් 17 ක් ප්‍රතික්ෂේප වී තිබෙනවා.
බදුල්ල දිස්ත්‍රික්කයට භාරදුන් නාම යෝජනා පත්‍ර 144 අතුරින් නාම යෝජනා පත්‍ර 9 ක් ප්‍රතික්ෂේප වු බවයි බදුල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන සදහන් කළේ.
මේ අතර, විරෝධතා දැක්වීමට ලබාදුන් කාල සීමාවෙන් පසුවද නාමයෝජනා පත්‍ර ප්‍රදර්ශනය කළ බව පවසමින් සමගි ජනබලවේගයේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
මේ අතර, මහනුවර – පාතහේවාහැට මැතිවරණ කොට්ඨාසයේ සමගි ජන බලවේගය අපේක්ෂකයන් හට සහයෝගය පළකරමින් රථ වාහන පෙළපාළියක් යාමට සූදානම්ව සිටි 33 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සඳහා සූදානම්කර තිබූ වාහන 08 ක්ද අම්පිටිය ප්‍රදේශයේදී පොලිස් භාරයට ගැනුණා.
මේ අතර, පළාත් පාලන ඡන්ද ඉතිහාසයේ පළමුවරට ප්‍රාදේශීය සභාවක් සදහා නාමයෝජනා භාරදුන් විදෙස් කාන්තාවගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඇය මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය සභාව සදහායි එලෙස නාමයෝජනා භාරදී තිබුණේ ෴
බැලුම් බෝලයක කොටසක් උගුරෙහි සිරවී 11 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට
(20.03.2025 – 16:48 +0530 – hirunews.lk/sinhala)
බැලුම් බෝලයක කොටසක් උගුරෙහි සිරවී ළමයෙකු ජීවිතක්ෂයට පත්වූ පුවතක් ගාල්ල නෙලුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පොලිසිය සදහන් කළේ, 11 හැවිරිදි පිරිමි දරුවෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්වී ඇති බවයි.
සිය දෙමාපියන් ද නිවසෙහි සිටින අවස්ථාවේදී දරුවා බැලුම් බෝලය පිම්බීමට උත්සහ කර ඇති අතර, එහි කොටසක් කැඩී ළමයාගේ උගුරෙහි සිරවී තිබෙනවා.
පසුව ඔහු නෙලුව – මැදගම ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සදහන් කළේ ෴
පාසල් සිසුන්ට පාවහන් ලබා දීම සඳහා වන තිළිණපතෙහි වලංගු කාලය දීර්ඝ කරයි
(20.03.2025 – 17:20 +0530 – hirunews.lk/sinhala)
2025 වර්ෂයට අදාළ පාවහන් ලබා දීම සඳහා වන තිළිණපතෙහි වලංගු කාලය දීර්ඝකර තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් 10 වැනිදා දක්වා එම කාලය දීර්ඝ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ ෴
ළදරුවෙකුට අධි මාත්‍රාවක් සහිතව ඖෂධ ලබාදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට
(20.03.2025 – 17:21 +0530 – hirunews.lk/sinhala)
තම අනියම් බිරිඳගේ අවුරුද්දයි (1) මාස තුනක් (3) වයසැති දරුවාට අධි මාත්‍රාවක් සහිත ඖෂධයක් ලබාදුන් බව කියන යුධ හමුදාවෙන් පලා ගිය සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුරුණෑගල – රිදීගම ප්‍රදේශයේ පිහිටි සිය අනියම් බිරිඳගේ නිවසට ඔහු පැමිණ මෙම අධිමාත්‍රාවක් සහිත ඖෂධ ලබා දී ඇති අතර, එහිදී ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් දරුවා ප්‍රතිකාර සදහා රිදීගම රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
පසුව දරුවාගේ මව සිදු කළ පැමිණිල්ලකට අනුව වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැනුණා ෴
නාරාහේන්පිට පිහිටි ගොඩනැගිල්ලක ගින්නක්
(20.03.2025 – 17:27 +0530 – hirunews.lk/sinhala)
නාරාහේන්පිට, කිරිමණ්ඩල මාවතේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.
මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ තුනක් (3) පිටත් කර යවා ඇති බවයි ‘ගිනි නිවන හමුදාව’ සඳහන් කළේ ෴
කාන්තාවන් දෙදෙනෙකුට (2) දිවි අහිමි කළ මාරක අනතුර
(20.03.2025 – 17:59 +0530 – hirunews.lk/sinhala)
පැලවත්ත – නෙළුව ප්‍රධාන මාර්ගයේ 7 කනුව පන්සල ආසන්නයේදී අද(20) පස්වරුවේ මාරක අනතුරක් සිදුව තිබෙනවා.
ත්‍රිරෝද රථයක් සහ තේ දළු රැගෙන යන ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර හේතුවෙන් ත්‍රිරෝද රථයේ ගමන්කළ සිව්දෙනෙකු (4) තුවාල ලබා රෝහල් ගත කළ අතර එහිදී දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴
‘රන් මල්ලි’ මිතුරා සමග ජයටම කළ මත්ද්‍රව්‍ය ජාවාරමේ තොරතුරු රැසක් එළියට
(20.03.2025 – 12:12 +0530 – sinhala.adaderana.lk)
රුපියල් මිලියන 450 ක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 33 කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු දික්වැල්ල ඌරුගමුව ප්‍රදේශයේදී ඊයේ (19) රාත්‍රියේ අත්අඩංගුවට ගැණුනි.
ඒ ‘පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය’ට ලද තොරතුරකට අනුවය.
දික්වැල්ල, ඌරුගමුව ප්‍රදේශයේ නිවසක හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සඟවා ඇති බවට ලද තොරතුරකට අනුව ‘පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය’ විසින් දින කිහිපයක සිට විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ (19) රාත්‍රියේ අදාළ නිවස වැටලූ විමර්ශන නිලධාරීන් එහි තිබී හෙරොන් කිලෝග්‍රෑම් 33 යි ග්‍රෑම් 106 ක් අඩංගු පැකට් 29 ක් සොයාගත්තේය.
අදාළ නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ‘හරක් කටා’ගේ මත්ද්‍රව්‍ය හුවමාරු කරන ‘රන් මල්ලි’ නැමැත්තා විසින් එම මත්ද්‍රව්‍ය ඔහුට ලබාදී ඇති බවය.
‘රන් මල්ලි’ නැමැත්තා සැකකරු සමග එකම පාසලක, එකම පන්තියේ අධ්‍යාපනය හදරා ඇති අතර ඔවුන් දෙදෙනා (2) සමීප මිතුරන් බවද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
රුපියල් කෝටි 45 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ‘පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය’ මඟින් සිදුකරයි.
මෙම වැටලීම වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත සිදුකර තිබුණි.
+
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් බුද්ධික මනතුංග ඉල්ලා අස්වෙයි
(20.03.2025 – 19:36 +0530 – hirunews.lk/sinhala)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
පෞද්ගලික හේතුවක් මත ඔහු මෙම ධුරයෙන් ඉල්ලා අස්වෙන බවයි වාර්තා වෙන්නේ.

පසුගිය දෙසැම්බර් 16 වැනිදා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වශයෙන් සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් ඔහු සිය ධුරයේ වැඩ භාරගනු ලැබුවා.
ඊට අදාළ ලිපිය ද ඔහු විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන බුද්ධික මනතුංග පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිධාරියෙකු, විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකු සහ විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙක්.
ඔහු 2014.01.01 දින සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට සම්බන්ධ වූ අතර 2020.01.01 දින පොලිස් අධිකාරී තනතුරට සහ 2024.01.01 දින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස්වීම් ලැබුවා.
ඔහු දේශීයව මෙන්ම රුසියාව, තායිලන්තය, පිලිපීනය සහ කාම්බෝජය වැනි විදේශ රටවල පොලිස් සේවයට අදාළ පුහුණු පාඨමාලා රාශියක් හදාරා ඇති අතර මහනුවර සහ ත්‍රිකුණාමලය කොට්ඨාශවල සේවය කිරීමෙන් පසු මානව හිමිකම් අංශයේ අධ්‍යක්ෂ, පොලිස් මාධ්‍ය අංශයේ සහ මහජන සම්බන්ධතා අංශයේ වැඩබලන අධ්‍යක්ෂ, නීති අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂ සහ කන්තලේ කොට්ඨාශ භාර නිලධාරි ලෙස සේවය කර තිබෙනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴