වාහන ආනයන රෙගුලාසි සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් ඊයේ (19) නිකුත් කෙරේ
වාහන ආනයන රෙගුලාසි සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් ඊයේ (19) නිකුත් කෙරේ
(20.03.2025 – 06:39 +0530 – hirunews.lk/sinhala)
ජපානයෙන් ආනයනය කර රේගුවේ සිර වී තිබෙන වාහන 400 කට අසන්න සංඛ්‍යාවක් නිදහස් කිරීමට තිබූ බාධා ඉවත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් ඊයේ (19) නිකුත් කර තිබෙනවා.
මෙම ගැසට්ටුවෙන් එම වාහන මෙරටට එවීම සදහා අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ ‘බියුරෝ වෙරිටාස්’ කාර්යංශයට ඒ සදහා බලය ලැබෙන අතර වාහන රේගුවෙන් නිදහස් කිරීමට තිබෙන අනෙකුත් බාධක ද ඉවත් වනු ඇති.
රේගුවේ සිරවී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන මුදා හැරීමට බාධාවක්ව තිබුණේ, එම වාහන මෙරටට ආනයනය කිරීමට සම්බන්ධ ජපානයෙන් අපනයන පරීක්ෂණ සහතිකය ලබා ගත් සමාගමයි.
වී කිලෝ ලක්ෂ 16 ක් සිවිල් ආරක්ෂක බලකායේ ගබඩාවල
(20.03.2025 – 07:45 +0530 – hirunews.lk/sinhala)
පසුගිය වසරේ මහ කන්නයේදී අක්කර 4471 ක වී වගා කර, වී කිලෝග්‍රෑම් ලක්ෂ 16 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ‘සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු බලකායන්’ට අයත් ගබඩා වල ගබඩා කර තිබෙනවා.
මීට අමතරව අක්කර 305 ක පමණ භුමි ප්‍රමාණයක බඩඉරිඟු වගා කර ඇති අතර එම වගාවන්ගේ අස්වනු නෙලීම ද මේ වනවිට ආරම්භ කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේ.
එමෙන්ම, ආර්ථික භෝගයක් වශයෙන් පොල් ද අතුරු භෝග වශයෙන් පළතුරු සහ එළවළු මෙන්ම කුරක්කන්, තල ආදී ධාන්‍ය වර්ග ද වගා කර වෙළෙඳපොළට නිකුත් කරමින් ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම වෙනුවෙන් ‘සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව’ සිය උපරිම දායකත්වය ලබාදෙන බවද ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළා ෴
‘හෂීෂ් සහ අයිස්’ මත්ද්‍රව්‍ය 19 kg කට අධික ප්‍රමාණයක් සමග කොළඹ 12 ප්‍රදේශයේදී අයෙක් අත්අඩංගුවට
(20.03.2025 – 08:19 +0530 – hirunews.lk/sinhala)
‘හෂීෂ්’ කිලෝග්‍රෑම් 19 ක් සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමග අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරනවා.
ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොළඹ 12 ප්‍රදේශයේදීයි ෴
පියුමි හංසමාලිගේ සල්ලි මැෂිමේ රහස් හෙළිවේ
(20.03.2025 – aruna.lk)
නිරූපණ ශිල්පිනී ‘පියුමි හංසමාලි’ විසින් ඉතා අඩු මුදලකට මිලදී ගන්නා ලද සම පැහැපත් කරන ආලේපන වර්ග ඉතා ඉහළ ලාභයක් තබාගෙන අලෙවි කර ඇති බවට ‘නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය’ සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ.
ඇය විසින් අදාළ ක්‍රීම් වර්ග අලෙවි කරන ආයතන දෙකකින් (2) රුපියල් 2000, 3000, 5000, හා 6000 ක මුදලකට මිලදී ගෙන ඒවා නැවත ඇසුරුම් කර අලෙවි කර ඇති බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.
අදාළ අයාතන දෙකෙහි (2) සේවකයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මේ බව අනාවරණය වී ඇත.
මෙලෙස අඩුමිලට ලබාගන්නා ආලේපන වර්ග ඇය විසින් ඇසුරුම් කර රුපියල් විසිඅට දහසේ (28,000) සිට තිස්තුන් දහසක් (33,000) දක්වා මිල ගණන් යටතේ අලෙවි කර ඇති බවත් ඇය විසින් ව්‍යාපාර නාම හතරකින් (4) ලියාපදිංචි කර මෙම ව්‍යාපාරය සිදුකර ඇති බවත් හෙළිකරගෙන ඇත.
ඇය විසින් වට්ස්ඇප් හා ඉන්ටර්ග්‍රෑම් ගිණුම් හරහා එම ක්‍රීම්වර්ග ප්‍රවර්ධනය කර අලෙවි කර ඇති අතර එමගින් දිනකට රුපියල් ලක්ෂ 10 ත් 15 ත් අතර මුදලක් උපයාගෙන ඇති බවද මේ ව්‍යාපාරයෙන් ලද ආදායම්වලින් ඇය රුපියල් ලක්ෂ 700 කට අධික වටිනාකමක් ඇති සුඛෝපභෝගී ජීප් රථයක් හා රුපියල් ලක්ෂ 280 කට අධික වටිනා මෝටර් රථයක් ද මිලදී ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබිණි.
එමෙන්ම කොළඹ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයකින් රුපියල් ලක්ෂ 1400 කට අධික වටිනා නිවසක් ද ඇය විසින් අදාළ මුදල් යොදවා මිලදීගනුලැබ තිබිණි.
කෙසේ වෙතත් ඇය විසින් සත්‍යවශයෙන්ම මෙම ක්‍රීම් වර්ග අලෙවියෙන්ම මුදල් උපයාගෙන ඇති ද යන්න පිළිබඳ තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.
නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඉතා කෙටි කලක් තුළ නවීන පන්නයේ මෝටර් රථ හා මහල් නිවාස මිලදීගෙන විවිධ දේශපාලනඥයන් ඇසුරු කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන බවත්, මෙලෙස වත්කම් මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය සහ ඇය විසින් නිති විරෝධී ක්‍රියාවන් සිදුකරන මුදල් උපයාගැනීමක් සිදුකර තිබේද යන්න පිළිබඳ ‘මගෙන් රටට සංවිධානය’ විසින් පසුගියදා ‘නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය’ට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුකෙරිණි ෴

BYD මෝටර් රථ 462 ක් හම්බන්තොටට එයි
(20.03.2025 – 10:44 +0530 – sinhala.adaderana.lk)
ශ්‍රී ලංකාවට බලපවත්වන ලද වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු දෙවන (2) වාහන තොගය ද පසුගිය දා මෙරටට ගොඩබැස තිබේ.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත පැමිණි Glovis Century, නෞකාවෙන් මෝටර් රථ 1,159 ක් ගොඩබානු ලැබූ අතර එයින් මෝටර් රථ 669 ක් ප්‍රතිඅපනයනය සඳහා පැමිණි ඒවා වේ.
ඉතිරි මොටර් රථ 490 ශ්‍රී ලංකාවේ ආනයනකරුවන් විසින් ගෙන්වනු ලැබූ ඒවා වන අතර එයින් මෝටර් රථ 462 ක්ම ‘BYD වර්ගයේ මෝටර් රථ’ වේ.
කොරියානු ධජය යටතේ යාත්‍රා කරන ලද Glovis Century, සිංගප්පූරුටවේ සිට මෙරටට ළඟා වූ අතර ඉන් පසු එය ඕමානයේ සොහාර් වරාය දක්වා සිය චාරිකාව ඇරඹීය ෴
+++
ආනයනික වාහන ලබන සතියේ සිට මෙරට වෙළදපොළට
(20.03.2025 – 13:11 +0530 – hirunews.lk/sinhala)
ලබන සතියේ සිට ආනයනික වාහන මෙරට වෙළදපොළට නිකුත් කළ හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.
ජපානයෙන් ආනයනය කර රේගුවේ සිරවී තිබෙන වාහන 400 කට ආසන්න සංඛ්‍යාවක් නිදහස් කිරීමට තිබූ බාධා ඉවත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය හේතුවෙන් මෙම පියවර ගැනීමට හැකි වන බවයි එහි සභාපති ප්‍රසාද් මානගේ කියා සිටියේ.
ජපානයෙන් ආනයනය කර රේගුවේ සිරවී තිබෙන වාහන 400 කට ආසන්න සංඛ්‍යාවක් නිදහස් කිරීමට තිබූ බාධා ඉවත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළා.
ඊයේ (19) නිකුත් කළ මෙම ගැසට් පත්‍රය මගින් එම වාහන මෙරටට එවීම සඳහා අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ ‘බියුරෝ වෙරිටාස්’ කාර්යාංශයට ඒ සඳහා බලය ලැබෙන අතර වාහන රේගුවෙන් නිදහස් කිරීමට තිබෙන අනෙකුත් බාධාකද ඉවත් වනු ඇති.
මේ අතර ආනයනය කරන ලද දෙවන (2) වාහන තොගයේ තිබූ විදුලි වාහන 462 ක් දේශීය වෙළඳපොළට මුදාහැරීමට පියවර ගත් බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය නිවේදනය කරනවා.
දෙවන කාණ්ඩය යටතේ, වාහන 1159 ක් මෙරටට ගෙන්වා තිබූ අතර ඉන් වාහන 669 ක් ප්‍රතිනැව්ගත කළ බවයි අදාළ නිවේදනයේ දැක්වුණේ ෴
‘ඇල්ල පුංචි ශ්‍රී පාදයෙන්’ ඇද වැටුණු ප්‍රංශ කත
(20.03.2025 – 10:27 +0530 – sinhala.adaderana.lk)
‘ඇල්ල පුංචි ශ්‍රී පාදයේ’ සංචාරය කළ අවුරුදු 64 ක් වූ ප්‍රංශ ජාතික කාන්තාවක් ප්‍රපාතයෙන් පහළට ඇද වැටී තිබේ.
අනතුරින් ඇගේ හිසට සහ පාදයකට දැඩි ලෙස තුවාල සිදුව ඇතැයි අප වාර්තාකරු පැවසීය.
ඊයේ (19) සවස අනතුර සිදුව තිබුණේ දැඩි බෑවුම් සහිත ප්‍රදේශයකදී වන අතර, Flying Rawana සේවකයින් විසින් ඩ්‍රෝන කැමරා ආධාරයෙන් ඇය සිටි ස්ථානය සෝදිසි කර පසුව ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඇයව ගොඩට ගෙනැවිත් තිබුණි.
මේ වනවිට අදාළ විදෙස් කත දෙමෝදර රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.
+
සුඛෝපභෝගී මෝටර් රථයක් දුම්රියේ ගැටෙයි
(20.03.2025 – 08:33 +0530 – sinhala.adaderana.lk)
කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ධාවනය වීමෙන් තිබූ දුම්රියක පාදුක්ක ලියන්වල, තුත්තිරිපිටිය ප්‍රදේශයේ දී සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරට ලක් වූ සුඛෝපභෝගී මෝටර් රථය දුම්රිය හරස් මාර්ගයෙන් ඇතුළු කිරීමට යාමේදී මෙලෙස දුම්රියෙහි ගැටී ඇති බවත් අදාළ අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ග ගේට්ටුවේ රාජකාරි කළ පුද්ගලයා එම ස්ථානයේ නොසිටි බැවින් එම ගේට්ටුව වසා නොතිබූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද මීගොඩ පොලීසිය පැවසීය.
අනතුරින් මෝටර් රථයෙහි ගමන් ගත් රියදුරු තුවාල ලබා පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුට සුළු තුවාල සිදුව ඇති බවත් තත්ත්වය බරපතළ නොවන බවත් පොලීසිය සඳහන් කළේය.
අනතුර සිදුවූ දුම්රිය කැලණිවැලි දුම්රිය මාර්ගයේ උදෑසන කාලයේ ධාවනය වන අවසන් දුම්රිය බවත් අනතුර සිදුවීමෙන් පසු දුම්රියෙහි එන්ජිම යළි ක්‍රියාකාරිත්වයට පත් නොවීම නිසාවෙන් එම දුම්රිය ධාවනය අත්හිටවූ බවත් පාදුක්ක දුම්රිය ස්ථානයේ නිලධාරියකු පැවසීය.
+
‘මුඛ පිළිකා’ දිනකට මෙරට තිදෙනෙකුට දිවි අහිමි කරයි
(20.03.2025 – 08:03 +0530 – sinhala.adaderana.lk)
‘මුඛ පිළිකා රෝගය’ හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයින් තිදෙනෙකු (3) මියයන බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ වසරකට 3,000 කට ආසන්න සංඛ්‍යාවක් මෙරටින් නව මුඛ පිළිකා රෝගීන් වාර්තා වන බවය.
අදට (20) යෙදෙන ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මුහුණ, මුඛ, හනු පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද රත්නායක මහතා මෙම අදහස් පළ කළේය.
එමෙන්ම වෛද්‍ය ආනන්ද රත්නායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ, පුවක් පිළිකා කාරකයක් බවට මේ වනවිට සාධනීයව ඔප්පු කර ඇති බවය.
“දැනට ලංකාවේ පිරිමින් අතර, බහුතම පිළිකා විශේෂය තමා මුඛ පිළිකා. සාමාන්‍යයෙන් අවුරුද්දකට 3,000 කට ආසන්න ප්‍රමාණයක්. අලුත් මුඛ පිළිකා රෝගීන් ලංකාවේ හඳුනාගන්නවා. ශෝචනීය තත්ත්වය තමා මුඛ පිළිකා නිසා අඩුම ගානේ සාමාන්‍ය වශයෙන් දවසකට අපේ රටේ තුන්දෙනෙක් (3) මියයනවා. අපිට තියෙන වැදගත්ම දේ තමා මේ මුඛ පිළිකා කියන තත්ත්වය අපිට පහසුවෙන්ම පාලනය කරගන්න පුළුවන්. එක හේතුවක් තමා අපි හඳුනාගෙන තියෙනවා මුඛ පිළිකාවලින් අති විශාල ප්‍රමාණයක් හඳුනාගත් සාධක නිසා ඇති වෙන්නේ. එකක් තමා දුම්කොළ සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන. හපන්න ගන්න දුම්කොළ විදියට. ‘පුවක්’ පිළිකා කාරකයක් බවට සාධනීයව ඔප්පු කරලා තියෙනවා.”
ටිකිරි මැණිකේ පසු පස එන්ජිම ගැලවෙයි
(20.03.2025 – 09:03 +0530 – hirunews.lk/sinhala)
ටිකිරි මැණිකේ දුම්රියේ පසු පස දුම්රිය එන්ජිම පිළිමතලාව සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර ගැලවී වෙන්වී සිදුවන්නට ගිය අනතුරක් වලක්වාගෙන තිබෙනවා.
ඒ දුම්රියේ ගමන් කළ මගියෙක්ගේ අවධානය හේතුවෙන්.
දුම්රිය එන්ජින් දෙකකින් (2) සමන්විත ටිකිරි මැණිකේ දුම්රිය කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබියදී එක්වරම පසුපස එන්ජිම දුම්රියෙන් ගැලවී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඒ වනවිටත් පසුපස එන්ජිම නොමැතිව දුම්රිය ඉදිරියට ධාවනය වෙමින් තිබූ අතර, මගියකු දුම්රියේ හදිසි දම්වැල ඇදීමත් සමග දුම්රිය ඉදිරියට ගොස් නතර වී තිබෙනවා ෴
අප්‍රේල් 01 සිට කිරි තේ එකක මිල රුපියල් 10 කින් ඉහළට
(20.03.2025 – 09:55 +0530 – hirunews.lk/sinhala)
ආනයනික කිරිපිට මිල ඉහළ යෑමත් සමග කිරි තේ එකක මිල අනිවාර්යෙන්ම ඉහළ දැමීමට සිදුවන බව ‘සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ’ සභාපති හර්ෂණ රුක්ෂාන් පවසනවා.
ඒ අනුව, අප්‍රේල් මස පළවෙනිදා (01) සිට කිරිතේ එකක මිල රුපියල් 10 කින් ඉහල දැමීමට තීරණය කළ බවයි ඔහු පැවසුවේ.
මේ අතර, ආනයනික කිරිපිටි මිල අප්‍රේල් 01 වැනිදා සිට සියයට 4.7 කින් ඉහළ දමන බව ‘කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය’ පසුගියදා සඳහන් කළා.
එමනිසා ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50 කින් ඉහළ යනු ඇති අතර, එහි නව මිල රුපියල් 1,100 ක් වෙනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴