රු. මිලියන 3.8 කට වැඩි ‘කීරි සම්බා සහල්’ තොගයක් රාජසන්තක වෙයි

රු. මිලියන 3.8 කට වැඩි ‘කීරි සම්බා සහල්’ තොගයක් රාජසන්තක වෙයි


රු. මිලියන 3.8 කට වැඩි ‘කීරි සම්බා සහල්’ තොගයක් රාජසන්තක වෙයි

(19.03.2025 – 16:12 +0530 – sinhala.adaderana.lk)

‘කීරි සම්බා සහල්’ තමන් සන්තකයෙහි තිබියදීත් එය නොමැති බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ වෙළෙඳසැල් හිමිකරුවෙකුට දඩ මුදල් සහ රුපියල් මිලියන 3.8 කට වැඩි වටිනාකමක් සහිත කීරි සම්බා සහල් තොගයක් රාජසන්තක කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය මාසයේ කොළඹ 12 ප්‍ර දේශයේ පැවති වෙළෙඳසැලක් වටලා සිදුකළ පරීක්ෂා කිරීමකදී මෙම සහල් තොගය හමු වී ඇත.

පසුව ඒ සම්බන්ධයෙන් එම වෙළෙඳසැලෙහි හිමිකරුට සහ කළමනාකරුට එරෙහිව පසුගිය මස 11 වනදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයහි නඩු පවරා තිබේ.

ඒ අනුව, අදාළ නඩුවේදී ඉහත පුද්ගලයන් විසින් පෙබරවාරි මස 11 දින වරද පිළිගැනීමෙන් පසුව අධිකරණය විසින් එක් පුද්ගලයෙකුට රුපියල් 10,000 බැගින් රුපියල් 20,000 ක දඩ මුදලක් නියම කරන ලදී.

එහිදී එම වෙළෙඳසැලේ සඟවා තබා තිබියදී සොයාගත් කීරි සම්බා සහල් කිලෝ 5 ඇසුරුම් 3,000 ක් ද නිලධාරීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත්කර තිබු අතර ඊයේ (18) අධිකරණය විසින් රුපියල් මිලියන 3.8 කට වැඩි වෙළෙඳපොළ වටිනාකමක් සහිත එම සහල් තොගය රාජසන්තක කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතට අනුව භාණ්ඩ තම සන්තකයේ තබාගෙන නොමැතිබව ප්‍රකාශ කළ අවස්ථාවක අදාළ වෙළෙන්ඳා වැරදිකරු වූවහොත් ඊට අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමට අධිකරණයට හැකියාවක් පවතී.

වෙළෙඳපොලේ සහල් වැඩි මිලට අලෙවිකිරීම සහ සඟවා තබාගැනීම සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකරනු ලබන වැටලීම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන අතර එහිදී සම්බා සහ කීරි සම්බා සහල් සම්බන්ධව වැඩි අවධානයක් යොමුකරමින් වැටලීම් සිදුකරන ලෙසත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙසත් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන් වේ ෴


වැලිකන්ද හිටපු OIC අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

(19.03.2025 – 11:53 +0530 – sinhala.adaderana.lk)

වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොළොන්නරුව අංක 02 මහෙස්ත්‍රාත් පොලීසියට ඊයේ (18) නියෝග කළේය.

ඒ වැලිකන්ද පොලීසිය විසින් මීට මාස කිහිපයකට පෙර ගවයින් 20 දෙනෙකු සමග සැකකරුවන් දෙදෙනකු (2) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම ගවයන් රජයේ ගොවිපොළකට භාරදීමට නියෝග කර තිබියදීත්, නැවත ජාවාරම්කරුවන් දෙදෙනාටම (2) විකිණීමේ සිද්ධියකට අදාළවය.

අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට විදෙස් ගමන් තහනමක් ද ලබා දුන් බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

අදාළ සිද්ධිය සම්බන්ධ වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට විරුද්ධව නිර්නාමික පෙත්සමක් මගින් පොළොන්නරුව මහෙස්ත්‍රාත්වරයාට කරුණු දැක්වීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයාද පෞද්ගලිකව ඒ පිළිබඳ සොයා බලා ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව එහි විමර්ශන කටයුතු සිදුකරන ලෙසට පොලිස්පතිවරයාට සහ උතුරු මැද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට මහෙස්ත්‍රාත්වරයා විසින් භාරදී තිබුණි.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය මගින් 18 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ප්‍රධාන සැකකරු වන වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයා සැඟව සිටින බවට උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය මගින් අධිකරණයට දැනුම් දී ඇත.

මෙම නඩුවට අදාළා පොලිස් ස්ථානාධිපතිවරයා එරෙහිව වරෙන්තුවක් නිකුත්කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද පොළොන්නරුව අංක 02 මහෙස්ත්‍රාත් පො‍ලීසියට මෙහිදී නියෝග කළේය ෴


ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත පාසල් අයදුම් කිරීම ගැන නිවේදනයක්

(19.03.2025 – 16:50 +0530 – sinhala.adaderana.lk)

2024 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ‘ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව’ මගින් නිකුත් කර ඇත.

එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා දී ඇති බව ‘අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය’ පවසයි.

පාසල්වල විදුහල්පතිවරුන් වෙත අදාළ අයදුම්පත්‍රය ලබා දී ඇති අතර එම අයදුම්පත්‍රය 05 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසලේ විදුහල්පති වෙතින් ලබාගෙන දෙමාපියන් විසින් නිසි පරිදි සම්පූර්ණ කළ යුතු වේ.

සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර විදුහල්පති වෙත නැවත භාර දිය යුතු අතර විදුහල්පති විසින් 2025.03.25 දිනට ප්‍රථම මාර්ගගතව අයදුම්පත්‍ර යොමු කිරීමට කටයුතු කල යුතු බවට නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත සුදුසුකම් ලද සිසුන්ගේ දෙමාපියන් වෙත සහ අදාළ විදුහල්පතිවරුන්ට අමාත්‍යාංශය දැනුම් දී තිබේ ෴


ග්‍රාම නිලධාරී වෘත්තිය අනතුරක? (19.03.2025)

+


JVP කට්ටිය ගිනි තියපු වී මෝල් ලිස්ට් එක දයා හෙළි කරයි – “අපි කැබ්වල තණකොළ ඇද්දේ නෑ” (19.03.2025)

+


‘බටලන්ද’ – රටේ ඒකීය භාවය වෙනුවෙන් දිවි පිදූ විරුවන් ‘බයිට් එකට ගන්න එපා’ (17.03.2025)

+

සංචාරක කර්මාන්තය අනතුරේ දමා Booking.com ට බදු ගහන්න ඇමති විජිතට ඇති උවමනාව විමල් හෙළිදරවු කරයි! (19.03.2025)

+


හොරණ නිවසක් තුළ අබිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක්

(19.03.2025 – 18:44 +0530 – hirunews.lk/sinhala)

හොරණ කිරිගල ප්‍රදේශයේ කාන්තාවක් අබිරහස් ලෙස කාමරයක මියගොස් ඇතැයි හොරණ පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ ‘255/23, සැනසුම් පියස, කිරිගල, හොරණ’ පදිංචි 51 හැවිරිදි දෙදරු මවක්.

ඊයේ රාත්‍රී (18) නිවසේ මෙම කාන්තාව තනිව සිට ඇති අතර උදෑසන සිය දියණිය 06:40 ට පමණ පැමිණ තිබෙනවා.

එහිදී නිවසේ ප්‍රධාන දොර සහා ජනෙල් වසා තබා ඇති අතර පිටුපස ජනේලයකින් නිවසට ඇතුල් වී බැලීමේදී මවගේ කාමරයේද දොර වසා තිබූ බවයි ඇය පවසන්නේ.

පසුව ඇය සිය සැමියාට දුරකථන ඇමතුමක් ලබාදී මේ පිළිබඳව සඳහන් කර ඇති අතර ඔහු මිත්‍රයෙක් ද කැඳවාගෙන විත් මව සිටි කාමරයට උඩින් පැන දොර විවෘත කර තිබෙනවා.

එහිදී අදාළ කාන්තාව බිම ඇද වැටි සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම පිරිස ගිලන් රථ සේවයට දන්වා ඇති අතර එම නිලධාරින් පැමිණ පරීක්ෂා කර දන්වා ඇත්තේ අදාළ කාන්තාව මියගොස් ඇති බවයි.

කෙසේ වෙතත් දියණිය පොලිසියට දන්වා ඇත්තේ මවගේ කාමරයේ දොර වැසීමට නොහැකි තත්ත්වයක තිබූ බවත් මවගේ මරණය ගැන සැක සහිත බවත්ය.

ඇය පොලිසියට පවසා ඇත්තේ සිය මවට අනියම් සම්බන්ධයක් තිබූ බවත් ඊයේ සවස (18) එම පුද්ගලයා විසින් මවට දුරකථන ඇමතුමක් ලබාදී ඇති බවත් ඉන් පසු මව හඬමින් සිට ඇති බවත් ය.

එමෙන්ම දින කිහිපයකට පෙර සාත්තරයක් බැලීම සඳහා මව ගිය අවස්ථාවේ දී කට්ටඩියා මියගිය කාන්තාවගේ පිට උඩට නැග පෑගූ බව මව දියණියට පවසා ඇති බවයි පොලිසියට පවසන්නේ.

සිද්ධිය පිළිබඳ හොරණ මූලස්ථාන පොලිසිය දැනුවත් කරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා ෴


වැලිගමදී සිසුවෙකුට අමානුෂික ලෙස පහර දෙයි

(19.03.2025 – 22:05 +0530 – hirunews.lk/sinhala)

වැලිගම, නගරයේදී මෙවර සාමාන්‍යපෙළ විභාගය සඳහා පෙනී සිට නැවත එමින් සිටි පාසල් සිසුවකුට තරුණයෙකු සහ තවත් පාසල් සිසුන් පිරිසක් අමානුෂික ලෙස පහරදී තිබෙනවා.

එම සිදුවීමට අදාළ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

කෙසේ පහරදීම සිදු කළ 16 හැවිරිදි පාසල් සිසුවා වැලිගම පොලිසිය භාරයට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා ෴


හෙරොයින් කිලෝ 29ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

(19.03.2025 – 22:18 +0530 – sinhala.adaderana.lk)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (Narcotics) විසින් සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 29 ක් ළඟ තබාගෙන සිටි 42 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසා සිටියේ, දික්වැල්ල, ඌරුගමුව ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 400 ක් පමණ වන බවත් පොලීසිය පවසයි ෴


බියර් කන්ටේනර් රථයක් පෙරළෙයි

(19.03.2025 – 15:45 +0530 – hirunews.lk/sinhala)

බීර ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රයිම් මුවර් රථයක් මාර්ගය හරහා පෙරලීමෙන් බාධා එල්ල වී තිබූ කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය මේ වන විට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, ඇහැළියගොඩ – මින්නාන ප්‍රදේශයේදී අද (19) පස්වරුවේ මෙම අනතුර සිදුවූ බවයි.

එම අවස්ථාවේදී ඇතැම් ප්‍රදේශවාසීන් මාර්ගයේ වැටී තිබූ බීර කෑන් රැගෙන ගිය බව ද ‘හිරු වාර්තාකරු’ සදහන් කළා.

+


ගමේ අහිංසක පොඩි මිනිසුන් තැලෙන හැටි.. – පූජ්‍ය බලංගොඩ කස්සප හිමි (18.03.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *