පාතාල වෙඩික්කරු, ‘මෝල් කසුන්’ අත්අඩංගුවට
(18.03.2025 – 19:24 +0530 – hirunews.lk/sinhala)
මනුෂ්‍ය ඝාතන 04 සහ දෙදෙනකුට (02) තුවාල සිදුකර ඉන්දියාවට පලා ගොස් සැඟව සිටි ‘මෝල් කසුන්’ නමැත්තා මෙරටට පැමිණ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හෝමාගම, ගලවිල ප්‍රදේශයේදී අද (18) කළ වැටලීමකදී බවයි බස්නාහිර පළාත දකුණු දිශාව අපරාධ කොට්ඨාසය පැවසුවේ.
එම සැකකරු සන්තකයේ තිබී හොරෙයින් මත්කුඩු මිලිගෑම් 5,000 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මේ සැකකරු අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව භීතියට පත් කරමින් නීති විරෝධී කටයුතු සිදුකර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘මන්නා රමේෂ්’ නමැත්තාගේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කළ වෙඩික්කරු බවත් පොලිසිය පවසනවා.
2023 මැයි මස 12 වැනිදා අවිස්සාවේල්ල, තල්දුව හන්දියේ සුපිරි වෙළඳසලක් අසලදී පුද්ගලයන් දෙදෙනෙකු (2) තියුණු ආයුධවලින් කපා බරපතල තුවාල සිදු කිරීමට,
එම මස 26 වැනිදා තල්දූව, දේව ප්‍රතිමාව ඉදිරිපිටදී යතුරු පැදියකින් ගොස් ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීම හා
2023 සැප්තැම්බර් මස 20 වැනිදා තල්දුව, ගුරුපස්වලදී යතුරු පැදියකින් ගොස් තිරෝද රථයක ගමන් ගත් පුද්ගලයන් සිව් දෙනකුට (4) වෙඩි තබා තිදෙනෙකු (3) ඝාතනය කිරීමට මොහු සම්බන්ධ බවයි පොලිසිය පවසන්නේ.
මීට අමතරව තවත් අයකුට බරපතල තුවාල සිදු කිරීමද සැකකරු සිදු කර ඇති ප්‍රධාන අපරාධ බවයි පොලිසිය පවසන්නේ ෴
‘පොඩි ලැසී’ට ඇප ගන්න නීතීඥයන් දෙදෙනෙකු (2) ඉන්දියාවට
(18.03.2025 – 19:51 +0530 – hirunews.lk/sinhala)
ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ජනිත් මධුසංඛ’ නොහොත් ‘පොඩි ලැසී’ට නීති උපදෙස් සහ ඇප ලබා ගැනීමට නීතිඥයන් දෙදෙනෙකු (2) අද (18) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ, ‘පොඩි ලැසී’ ට එරෙහිව ඉන්දියාවට නීතිවිරෝධී ලෙස ඇතුලු වීම පිළිබද චෝදනාවක් පමණක් එල්ල වී ඇති බවයි.
ඉන්දියාව තුළදී තම සේවාදායකයා වෙනුවෙන් මේ වනවිටත් ඉන්දීය නීතිඥවරුන් කීප දෙනෙකු පෙනී සිටින බවත්, ඉන්දියාවේ දී ඇප ලැබුණත් ශ්‍රී ලංකාව තුළ ‘පොඩි ලැසී’ට ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක් පවතින බවත් ඔවුන් ප්‍රකාශ කළේ යැයි ‘හිරු ගුවන් තොටුපළ වාර්තාකරු’ ප්‍රකාශ කළා.
අදාළ නඩුව එළඹෙන මාර්තු 21 වැනිදා ඉන්දියාවේ මුම්බායි අධිකරණයේදී විභාග කිරීමට නියමිතයි.
+
මේ අතර, නාගලගම්වීදිය ප්‍රදේශයේ ඊයේ (17) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වන විට කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව 2023 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ‘සේදවත්තේ කසුන්’ට අයත් වත්තල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළ පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියකට පළිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
අදාළ ඝාතනය සඳහා ත්‍රිරෝද රථය පදවාගෙන විත් ඇත්තේ ඊයේ (17) වෙඩි වැදී තුවාල ලබා සිටින ‘නිපුණ ලක්ෂාන්’ හෙවත් ‘කොටියා’ නමැත්තා බවට ද කරුණු අනාවරණ වී තිබෙනවා.
මීට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරමකදී ඇතිවූ මුදල් ආරවුලක් ද මෙම වෙඩි තැබීමට හේතුවී ඇති බවට පොලිසිය සැක පල කරනවා.
ඊයේ (17) සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා තිබුණේ ‘මෝදර මිහිජය සෙවණ නිවාස සංකීර්ණයේ’ පදිංචිකරුවන් දෙදෙනෙකු (2) වන 22 හැවිරිදි ‘නිපුණ ලක්ෂාන්’ නොහොත් ‘කොටියා’ සහ 28 හැවිරිදි ‘ශාන් අහමඩ්’ නමැති පුද්ගලයින් දෙදෙනෙක් (2).
වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය අද (18) පෙරවරුවේ මාදම්පිටිය කුණු කන්ද අසළ දමාගොස් තිබියදී සොයාගත්තා.
තුවාල ලැබූ දෙදෙනා (2) සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘මෝදර නිපුණ’ගේ ගෝලයින බවටයි වාර්තා වුණේ ෴
‘තැඹිලි ලහිරු’ට සහ ‘බැකෝ සමන්’ට අධිකරණයෙන් විවෘත වරෙන්තු
(18.03.2025 – 13:15 +0530 – hirunews.lk/sinhala)
මිද්දෙනිය ත්‍රිත්ව (3) ඝාතනය මෙහෙයවූ බවට සැක කෙරෙන ඩුබායිහි සිටින ‘තැඹිලි ලහිරු’ සහ ‘බැකෝ සමන්’ යන පුද්ගලයින්ට අද (18) වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා ෴
අකුරැස්සේ මහදවල් රන් බඩු කොල්ලයක්
(18.03.2025 – 17:49 +0530 – hirunews.lk/sinhala)
අකුරැස්ස පොදු වෙළෙඳපොළ භූමියේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙදසැලකින් රන් මාල 03 කොල්ලකා පළායමින් සිටි අයෙකු වෙළෙදසැල් හිමියන් එක්ව අල්ලාගෙන තිබෙනවා.
වෙළෙදසැල් හිමියන් විසින් මෙසේ සැකකරු ලුහුබැඳ ගොස් අල්ලා ගෙන අද (18) පොලීසියට භාර දීමට කටයුතු කර ඇත්තේ.
සැකකරු වයස අවුරුදු 35 පමන වන නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු කඹුරුපිටිය යුද හමුදා ආබාධිතයන් රැකබලා ගන්නා ‘භිමන්සල මධ්‍යථානයේ’රාජකාරි කරන හමුදා සෙබලෙකු බවට සැක කෙරෙන බවයි පොලිසිය පවසන්නේ.
ඒ බව සනාත කරගැනීම සඳහා ප්‍රශ්න කිරීම් අරඹා තිබෙන බවයි අකුරැස්ස පොලීසිය කියා සිටියේ.
කෙසේ වෙතත් සැකකරු කොල්ලකා ගත් රන්මාල අස්ථානගතවී ඇති බවයි පැවසෙන්නේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴
පොහොර සහනාධාර සොරාගත් නිලධාරිනියක් ගැන පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
(18.03.2025 – 13:55 +0530 – hirunews.lk/sinhala)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 155 දෙනෙකුගේ පොහොර සහනාධාර ලෙස ලබාදුන් රුපියල් 2,934,310 ක් සොරගෙන ඇති බවට අනාවරණය වූ බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ අද (18) පාර්ලිමේන්තුවේදීයි.
එමෙන්ම මෙම සිද්ධියට අදාළ සාක්ෂි ඇති බවත්, ඒ අනුව එක් නිලධාරිනියක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
එම මුදල් වෙනත් අයගේ ගිණුම්වලට බැරවී ඇති බවත්, මේ සම්බන්ධ පරීක්ෂණ දිගටම පවත්වන බවත්, ඔහු පැවසුවා.
තවද, අදාළ පුද්ගලයන්ට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
+
කළ කළ දේ – පළ පළ දේ : ඇස් පනාපිටම පඩිසන් දුන් දිට්ඨධම්මවේදනීය කර්මය CCTV කැමරාවේ පටිගත වූ හැටි (18.03.2025)
+
පිළිකා රෝගීන්ට විකිරණ චිකිත්සක උපකරණ සැපයීමේ ව්‍යාපෘතියේ II අදියර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය
(18.03.2025 – 12:06 +0530 – hirunews.lk/sinhala)
අධිබල විකිරණ ශක්තිය සහිත උසස් ගුණත්වයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ සැපයීමේ ව්‍යාපෘතියේ II අදියර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
අද (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියා.
පිළිකා සත්කාරක සේවා සඳහා යොදා ගනු ලබන රේඛීය ත්වරක යන්ත්‍ර 14 ක් අදියර 2 ක් යටතේ සැපයීම පිණිස 2013 වර්ෂයේදී එක්සත් රාජධානියේ Elekta සමාගම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ගිවිසුමකට එළැඹුණා.
ඒ අනුව, එම ව්‍යාපෘතියේ I අදියර යටතේ ජාතික පිළිකා ආයතනයේ ‘රේඛීය ත්වරක යන්ත්‍ර’ 04 ක් ද මහනුවර ජාතික රෝහලේ යන්ත්‍ර 02 ක් ද, ගාල්ල ජාතික රෝහලේ 01 ක් ද, මඩකළපුව ශික්ෂණ රෝහලේ යන්ත්‍ර 01 ක් ද, යාපනය තෙල්ලිපලෙයි මුලික රෝහලේ යන්ත්‍ර 01 ක් ද වශයෙන් යන්ත්‍ර 09 ක් මේ වන විට ස්ථාපිත කර තිබෙනවා.
ශ්‍රී ලංකා පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ද සැලකිල්ලට ගනිමින්, ව්‍යාපෘතියේ II අදියර යටතේ රත්නපුර, බදුල්ල, හම්බන්තොට, අනුරාධපුර සහ කුරුණෑගල යන රෝහල් 05 සඳහා උසස් තාක්ෂණයෙන් යුත් ‘Infinity රේඛීය ත්වරක යන්ත්‍ර’ ස්ථාපිත කිරීමටත්, එම යන්ත්‍ර ස්ථාපික කිරීමට හැකි වන අයුරින් අදාළ රෝහල් තුළ බංකර ඉදි කිරීම සඳහා පියවර ගැනීමටත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ නිර්දේශ අමාත්‍ය මණ්ඩලය විසින් මෙසේ අනුමතකර තිබෙනවා ෴
රාජ්‍ය සේවයේ පත්කිරීම් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දිමක්
(18.03.2025 – 13:12 +0530 – hirunews.lk/sinhala)
රාජ්‍ය සේවයේ පත්කිරීම් යම් ක්‍රමවේදයක් යටතේ කටයුතුකරමින් සිටින බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අමත්‍යවරයා මේ පිළිබඳව දැනුම්දී සිටියේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.
මානව හිමිකම් කොමිෂම, පළාත් සභා ඇතුළු ආයතන 10 ක පුරප්පාඩු 7456 ක් ඇති අතර මේ වෙන විට එම බදවගැනිම් සිදුවන බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.
සමස්තයක් ලෙස 15,921 රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙන බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.
පුරප්පාඩු විමසා බලා, භාණ්ඩාගාරයේ හැකියාව අනුව අත්‍යවශ්‍ය පුරප්පාඩු බදවා ගැනීම් සිදුකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ.
+
“දැනෙන වැටුප් වැඩිකිරීමක් සිදුකර තිබියදීත් සෞඛ්‍ය සේවාව අඩපණ වෙන ආකාරයට තීරණ ගැනීම සුදුසු නෑ”
(18.03.2025 – 13:15 +0530 – hirunews.lk/sinhala)
ආණ්ඩුව පත් වී මාස 04 ක් වැනි කාලයක් ඇතුළත සෞඛ්‍ය සේවකයින්ට දැනෙන මූලික වැටුප් වැඩිකිරීමක් ලබා දී තිබියදී සෞඛ්‍ය සේවාව අඩපණ වෙන ආකාරයට තීරණ ගැනීම සුදුසු නොවන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.
ආණ්ඩුව අපහසුතාවය පත්වන ආකාරයට, දේශපාලන මත අනුව මෙසේ ක්‍රියා කරන ආකාරය සුදුසු නොවන බවත් මෙයින් අපහසුතාවයට පත්වෙන්නේ ජනතාව බවයි අමාත්‍යවරයා පවසන්නේ ෴
දේශබන්දුගේ නිවසේ භාණ්ඩ කිහිපයක් ගැන විමර්ශන
(18.03.2025 – 23:25 +0530 – hirunews.lk/sinhala)
පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන්ට අයත් හෝකන්දර නිවස අද (18) පස්වරුවේ පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.
ඒ, ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ’ නිලධාරීන් විසින්.
එම නිවසේ තිබූ සැක සහිත භාණ්ඩ කිහිපයක් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරන බවයි එම නිලධාරීන් පැවසුවේ.
+
මත්ද්‍රව්‍ය සිද්ධියකට ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ යටතේ රඳවා ප්‍රශ්න කිරීම නීතියට පටහැනි බවට තීන්දුවක්
(18.03.2025 – 13:55 +0530 – hirunews.lk/sinhala)
2020 වසරේ හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ යටතේ රඳවා ගෙන විමර්ශනය කිරීම සඳහා නිකුත් කරනු ලැබූ ‘රැඳවුම් නියෝගය’ සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තීන්දු කළා.
මෙම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රජය විසින් රුපියල් 100,000 ක වන්දියක් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවත් තීන්දුවේ සඳහන් වුණා.
එම සිද්ධිය සම්බන්ධයෙන් ‘පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය’ විසින් අත්අඩංගුවට ගන්නා ලද හේනගම, පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි කාංචනා ප්‍රියදර්ශනී මදුරප්පෙරුම නමැති කාන්තාවක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴