නිරාගමික අගමැතිනි සුදු සාරිය ඇඳගෙන අටපිරිකර අරගෙන යනවා.. – දිලිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..
නිරාගමික අගමැතිනි සුදු සාරිය ඇඳගෙන අටපිරිකර අරගෙන යනවා.. – දිලිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..
(17.03.2025 – 15:50 +0530 – lankacnews.com)
නිරාගමික අගමැතිනිය සුදු සාරිය ඇඳගෙන අටපිරිකර ගෙන එකත්පස්ව වඳින විට ඒ ගැන ආඩම්බරයක් දැනෙන බව ‘සර්වජන බලය’ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.
සංස්කෘතික අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලද ‘දේදුණු ජාතියක්’ යන්න සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළ ඔහු කියා සිටියේ ‘ශ්‍රී ලංකීය සභ්‍යත්වය සහිත ජාතියක්’ මිස ‘දේදුණු ජාතියක්’ මෙරටට අවශ්‍ය නැති බවයි.
පාර්ලිමේන්තුවේදී සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂයේදී ඒ මහතා මෙම අදහස් පල කලේය.
+
පාර්ලිමේන්තුව දෙවනත් කරමින් දිලිත් ජයවීර අද (17) කළ කතාව – “මට පහර දෙන්න ඕනේ නම් ගෞරවනීය විදියට පහර දෙන්න”
+
ඉංග්‍රීසියෙන් ලියුම් ලියලා අපිට කියලා අත්සන් කරගෙන දැන් අපි අමාරුවේ – ‘සණස සංවර්ධන බැංකුව’ ඉදිරිපිට විරෝධතාවයක් (17.03.2025)
+
නැවත රට ගිණි තියන්න අපි ඉඩ දෙන්නේ නෑ.. – පූජ්‍ය බලංගොඩ කස්සප හිමි (17.03.2025)
+
රාජගිරියේ දැවැන්ත සුදු අලියෙක් | රුපියල් බිලියන 2.4 ක් වතුරේ ගිය ව්‍යාපෘතිය මෙන්න (16.03.2025)
+
අඹුසැමි යුවළක් බියගන්වා කාර් රථය, මුදල් හා රන් භාණ්ඩ කොල්ලකයි
(17.03.2025 – 06:40 +0530 – sinhala.adaderana.lk)
කාර් රථයක්, මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (16) දහවල් කාලයේදී ත්‍රීකුණාමලය, සංඝමිත්තා වෙරළ තීරය අසල ඇති මුවන් නැරඹුම් ස්ථානයට අඹුසැමි යුවළක් පැමිණ ඇති අතර එම ස්ථානයට කාර් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු (3) විසින් මෙම අඹුසැමි යුවළට තර්ජනය කර බියගන්වා ඔවුන් පැමිණි කාර් රථය, මුදල් හා රන් ආභරණද කොල්ල කා පලා ගොස් ඇත.
පසුව ඒ සම්බන්ධයෙන් ත්‍රීකුණාමලය පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශන මෙහෙයුමේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව සඳහන් වේ.
පොලීසිය පැවසුවේ ඊයේ (16) සවස කින්නියා පාලම අසලදී ත්‍රීකුණාමලය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක දී මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ගත් බවය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 34 හා 35 වයස්වල පසුවන ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
කොල්ලකන ලද කාර් රථය, කොල්ලකරුවන් පැමිණි කාර් රථය හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු හා දේපළ අත්අඩංගුවට ගැනීමට ත්‍රීකුණාමලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
+
+
ග්‍රෑන්ඩ්පාස් ද්විත්ව ඝාතනයට සැකකරුවන් 08 ක් අත්අඩංගුවට
(17.03.2025 – 09:20 +0530 – hirunews.lk/sinhala)
ග්‍රෑන්ඩ්පාස්, ජබොස්ලේන් ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසලදී පසුගිය 15 වැනිදා තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු (2) ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 08 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව මෙම සැකාරුවන් ඊයේ (16) දින පස්වරුවේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 16 ත් 44 ත් අතර වයස්වල පසුවන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.
මොවුන් සන්තකයේ තිබී අපරාධයට යොදා ගත් බවට සැකකරන මන්නා පිහි 02 ක් හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴
බහුදින ධීවර යාත්‍රා 02 ක් ගිනි ගනියි
(17.03.2025 – 10:44 +0530 – hirunews.lk/sinhala)
බහුදින ධීවර යාත්‍රා 02 ක් අද (17) උදෑසන ගිනි ගැනීමටකට ලක්ව තිබෙනවා.
ඒ දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේදීයි.
වරායේ සිට මීටර් 200 ක් දුරින් නැංගුරම් ලා තිබියදීයි මෙම ගින්න හටගෙන තිබෙනවා.
ගිනි ගැනීමෙන් ජීවිත හානි කිසිවක් වාර්තා නොවී ඇති අතර ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ ෴
පොලිස්පති දේශබන්දුගේ රිට් පෙත්සම විභාගයකින් තොරව නිෂ්ප්‍රභ කෙරේ
(17.03.2025 – 10:59 +0530 – hirunews.lk/sinhala)
2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි ‘ඩබ්ලිව් 15’ හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ‘පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්’ විසින් ඉදිරිපත් කළ ‘රිට් පෙත්සමක්’ අභියාචනාධිකරණය විසින් අද (17) නිෂ්ප්‍රභ කළා.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ට නියම කළා.
දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් ඉකුත් 12 වනදා අභියාචනාදීකරණය හමුවේ සලකා බැලුනා.
එහි තීන්දුව අද (17) පෙරවරුවේ ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ අදාළ පෙත්සම විභාගයට ගැනීමකින් තොරව නිශ්ප්‍රභ කරන බවයි.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරුවරයා සඳහන් කළේ මෙහි පෙත්සම්කරු සාමාන්‍ය පුරවැසියෙකු නොව ඔහු රටේ පොලිස්පතිවරයා බවයි.
රටේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමේ වගකීම පෙත්සම්කරු වෙත පැවරී තිබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා එවැනි වගකිවයුතු පුද්ගලයකු අධිකරණ නියෝග මඟ හරිමින් කටයුතු කිරීම අනුමත කළ නොහැකි බව සඳහන් කළා.
මෙවැනි ක්‍රියා තුළින් නීතියේ ආධිපත්‍යයට මෙන්ම නීතිය කෙරෙහි තිබෙන මහජන විශ්වාසය බිඳ වැටීමටද හේතුවන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළා.
පහළ අධිකරණවලට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ තිබිය යුතු බව පෙන්වා දුන් විනිසුරුවරයා ඔවුන්ගේ කටයුතුවලට මැදිහත්වීමට ඉහළ අධිකරණ අපේක්ෂා නොකරන බවත් සඳහන් කළා.
මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ යම් ගැටලු සහගත තත්ත්වයක් තිබුණේ නම් ඔහු මුලින්ම කළ යුතුව තිබුණේ එම අධිකරණ නියෝගයට අවනත වී පසුව ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම බව සඳහන් කළ විනිසුරුවරයා එහෙත් පෙත්සම්කරු එම නීතිමය මූලධර්මය අනුගමනය කර නොමැති බවත් කියා සිටියා.
සමස්ත කරුණු විශ්ලේෂණය කර බැලීමේදී පෙත්සම්කාර පොලිස්පතිවරයා කටයුතු කළ ආකාරය තුළින් ඔහු පිරිසුදු දෑත් වලින් අධිකරණය හමුවට පැමිණි බවක් පෙනී නොයන හෙයින් ඔහුගේ පෙත්සම සහ අතුරු සහන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියා.
සියලු කරුණු සලකා බැලීමේදී මාතර මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව නීත්‍යානුකූල බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියා.
මේ අතර අද (17) පෙරවරුවේ දේශබන්දු තෙන්නකෝන්ගේ නීතිඥවරු විසින් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබුණා.
එම මෝසම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කියා සිටියේ මෙම සිද්ධියට අදාළ මාතර මහේස්ත්‍රාත් අධිකරණ නඩුවේ සම්පූර්ණ පිටපත ලැබුණේ ඉකුත් සිකුරාදා බවත් එය අද (17) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කළ බවත් සඳහන් කළා.
ඒ අනුව මෝසම සම්බන්ධයෙන් කරුණු සලකා බලන තෙක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තබන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළා.
එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් දැඩි විරෝධය පළ කළා.
මෙවැනි ඉල්ලීම් වලට ඉඩ නොදෙන ලෙසත් අදාළ මෝසෙම ප්‍රතික්ෂේප කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීම් කළා.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ මෝසම ඉවත දමමින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවා.
එමෙන්ම පෙත්සම්කරුට අධිකරණය මගහැර සඟවී සිටීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයින් පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් මාතර මහේස්ත්‍රාත්වරයාට වැඩිදුරටත් නියෝග කළා ෴
පොල්දූව වටරවුමේ සත්‍යග්‍රහයකට අධිකරණයෙන් නියෝගයක්
(17.03.2025 – 12:05 +0530 – hirunews.lk/sinhala)
පොල්දූව වටරවුම අවට අද (17) සිට සිකුරාදා (21) දක්වා පැවැත්වීමට නියමිත විරෝධතාව සහ සත්‍යග්‍රහයට අදාලව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, මාර්ග භාවිතා කරන මහජනතාවට හා පදිකයින්ට අවහිර බාධා වන සේ කිසිම මාර්ගයක් හරස් කර විරෝධතා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා නොකිරීමටත්, මහජන නියෝජිතයින්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාදයන් උල්ලංඝනය වන අයුරින් හා රාජකාරි යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි සඳහා කිසිදු බාධාවක් වන අයුරින් උද්ඝෝෂණය කිරීම තහනම් කර තිබෙනවා.
තවද, කිසිදු අවස්ථාවක මාර්ගය අවහිර කරමින් පෙළපාලි පැවැත්වීමද, පොල්දූව වටරවුම ආශ්‍රිතව හෝ එම මාර්ගය හා මාර්ගය දෙපස කිසිඳු ඉදිකිරීමක් සිදු කිරීමද මෙම නියෝගය මගින් තහනම් කර තිබෙනවා.
‘ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ’ ජාතික සංවිධායක ධම්මික මුණසිංහ, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ දකුණු පළාත් සභාපති රසික ප්‍රසාද්, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ මධ්‍යම පළාත් සභාපති සුමිත් රත්නායක, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ක්‍රියාකාරී සාමාජික එස්.එම්.එල්.රංවල යන පිරිස එම අධිකරණ නියෝගයට අදාලව වග උත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා ෴
කොස්තාපල්ට තුවාල කළ ‘වෙලේ සුදා’ගේ සහෝදරයා අත්අඩංගුවට
(17.03.2025 – 14:30 +0530 – hirunews.lk/sinhala)
බඩෝවිට ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධකින් පහරදී තුවාල කර පලාගොස් සිටි ‘සමන් කුමාර’ නොහොත් දැනට බන්ධනාගාරගතව සිටින ‘වෙලේසුදා’ නමැත්තාගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බොරැල්ල ප්‍රදේශයේ සැඟව සිටියදී ගල්කිස්ස මුලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩයමක් විසින් ඔහු අත්අඩංගුවට ගත්තා.
එම සිද්ධිය සම්බන්ධයෙන් ‘වෙලේ සුදා’ නමැත්තාගේ සහෝදරයාගේ බිරිය ද ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 2 ක් විමර්ශන සිදුකළා.
ගල්කිස්ස මුලස්ථාන පොලිසියේ කණ්ඩායමක් සහ දෙහිවල පොලිසියේ කණ්ඩායමක් මෙසේ සැකකරු අත්අඩංගුවට ගැනීමේ විමර්ශනවලට දායක වුණා.
පසුගිය දිනෙක මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සැකකරුවකු පැමිණෙන බවට පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා.
ඒ අනුව බඩෝවිට පොලිස් මුරපොළේ රාජකාරි කරමින් සිටි ගල්කිස්ස මුලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු පරීක්ෂා කිරීමට පියවර ගත් බව පැවසෙනවා.
එහිදී එම සැකකරු දැනට සිරදඬුවම් විඳින ‘සමන් කුමාර’ නොහොත් ‘වෙලේ සුදා’ නැමැත්තාගේ සහෝදරයා බවට අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.
මේ අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු පලායාමට සුදානම් වී තිබෙනවා.
එහිදී කොස්තාපල්වරයකු ඔහු අල්ලා ගැනීමට යාමේදී ඇති වූ පොර බැදීමකදී සැකකරු සන්තකයේ තිබූ තියුණු ආයුධයකින් කොස්තාපල්වරයකුගේ උදරය සහ අත කැපීමට ලක්කර තිබෙන බවයි පැවසෙන්නේ.
එහිදී තුවාල ලැබූ කොස්තාපල්වරයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමට ඊයේ (15) බඩෝවිට 3 වැනි අදියර ප්‍රදේශයේ වැටලීමක් සිදු කර තිබෙනවා.
එහිදී සැකකරු පොලිසිය මග හරිමින් පලා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරුවයි බස්නාහිර පළාත් දකුණු නියෝජ්‍ය පොලිස්පති ගයන්ග මාරපනගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කළේ ෴
මිදිගම – පාතේගම ප්‍රදේශයේ වෙඩි තැබීමට හේතුව පෞද්ගලික ආරවුලක්
(17.03.2025 – 14:39 +0530 – hirunews.lk/sinhala)
මිදිගම – පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසට වෙඩි තැබීම පෞද්ගලික ආරවුලක්, මත සිදු වුවක් බවට පොලීසය සැක මතු කරනවා.
අදාල වෙඩි තැබීම මිලි මීටර 9 වර්ගයේ පිස්තෝල ගිනි අවියකින් සිදු කර ඇති අතර, වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ නිවසේ හිමිකාරිය සහ ඇයගේ කුඩා දරුවන් 4 දෙනෙකු සිට ඇති අතර ඉන් කිසිවෙකුට හානියක් සිදුව නැහැ.
නිවසේ ඉදිරිපස ජනේලයකට සහ බිත්තියකට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබු බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
වෙඩි තැබීමට ලක්වූ නිවස හිමි කාන්තාවගේ සොහොයුරා විසින් පසුගිය වසරේ ද වෙඩි තැබීමේ සිදුවීමකට අනුබල දීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, මෙතෙක් ඔහු අත්අඩංගුවට ගෙන නැහැ ෴
+++
මිදිගම වෙඩිල්ලට සැකපිට තිදෙනෙකු (3) අත්අඩංගුවට
(17.03.2025 – 15:02 +0530 – hirunews.lk/sinhala)
වැලිගම බටවල පාතේගම ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට අද (17) අලුයම වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනකු (3) අත්අඩංගුවට ගත් බව මිදිගම පොලිසිය පවසනවා.
මිදිගම පොලිස් වසමේ පාතේගම ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට අද (17) අලුයම 02:10 ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.
ඒ සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති අතර, වෙඩි ප්‍රහාර පහක් (5) තබා තිබූ අතර එහිදී නිවසේ සිටි කිසිවෙකුටත් හානි සිදුව නැහැ.
කෙසේ නමුත් වෙඩි ප්‍රහාරවලින් නිවසේ දොර ජනෙල් වලට හානි සිදුව තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට සැකපිට පුද්ගලයන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මිදිගම පාතේගම ප්‍රදේශයේ පදිංචි වයස 28, 40, 41 වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලිසිය, වැලිගම පොලිසිය ඇතුළු පොලිස් ස්ථාන කිහිපයකින් පරීක්ෂණ මෙහෙයවනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴