‘කෙසෙල්බද්දර පද්මේ’ට කමාන්ඩෝ බළකායක්?

‘කෙසෙල්බද්දර පද්මේ’ට කමාන්ඩෝ බළකායක්?


‘කෙසෙල්බද්දර පද්මේ’ට කමාන්ඩෝ බළකායක්?

(16.03.2025 – 20:39 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි හි සැඟව සිටින ‘කෙසෙල්බද්දර පද්මේ’ නමැති අපරාධකරු යටතේ හිටපු කමාන්ඩෝ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් පාතාල කණ්ඩායමක් සිටින බවට පොලිසිය තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ, ‘ගනේමුල්ලේ සංජීව’ ඝාතනය සැලසුම් කිරීම සම්බන්ධයෙන‍් අත්අඩංගුවට ගත් හිටපු කමාන්ඩෝ සාමාජිකයින්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීයී.

හමුදාවෙන් පළාගිය ඇතැම් කමාන්ඩෝ සාමාජිකයින් පාතාල කණ්ඩායම්වලට සම්බන්ධ වී සිදු කරන මනුෂ්‍ය ඝාතන පිළිබඳව විමර්ශන නිලධාරීන්ගේ වැඩි අවධානයක් යොමුවුණේ ‘ගනේමුල්ලේ සංජීව’ගේ ඝාතනයෙන් පසු හෙළි වූ කරුණු අනුවයි.

‘ගනේමුල්ල සංජීව’ ඝාතනයේ වෙඩික්කරු ලෙස ‘කමාන්ඩෝ සමිඳු’ නමැත්තා යොදා ගෙන තිබූ අතර ඩුබායි හි සැඟව සිටින ‘කෙසෙල්බද්දර පද්මේ’ගේ පාතාල කණ්ඩායම සමග සම්බන්ධව කටයුතු කරන මාලදිවයිනේ සිටින ‘කමාන්ඩෝ සලින්ත’ නමැත්තෙකු විසින් එම ඝාතනය සැලසුම් කර තිබුණා.

‘කමාන්ඩෝ සලින්ත’ විසින් වෙඩික්කරු තෝරාගැනීමේ මෙහෙයුම ‘කමාන්ඩෝ යොහාන්’ හෙවත් ‘යෝයෝ’ නමැත්තාට පවරා තිබූ අතර, ඒ අනුව ‘කමාන්ඩෝ සමිඳු’ සම්බන්ධ කරගෙන ඇත්තේ ‘යෝයෝ’ විසින් බවට මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

ඒ, ‘සංජීව ඝාතනයේ’ මහ මොළකාරිය ලෙස හඳුන්වන ‘ඉෂාරා සෙව්වන්දි’ගේ දුරකථන දත්ත ඔස්සේ කළ විමර්ශනවලදීයී.

‘සංජීව ඝාතනය’ට පෙර දින එනම් පෙබරවාරි 18 වැනිදා ‘සෙව්වන්දි’ විසින් එකම දුරකථන අංකයට අවස්ථා කිහිපයකදී ඇමතුම් ලබා ගෙන තිබූ අතර එම දුරකථන දත්ත ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කළා.

තලවතුගොඩ ප්‍රදේශයේ නිවසක් විමර්ශන නිලධාරීන් විසින් වටලනු ලැබුවේ ඒ අනුවයි.

එහිදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර එම පුද්ගලයා ද පළා ආ කමාන්ඩෝ සාමාජිකයෙකු බවත්, සේවා කාලය තුළ ‘වෙන්ටා’ යන නමින් ඔහු හඳුන්වා ඇති බවත් පොලිසිය අනාවරණය කරගත්තා.

කමාන්ඩෝ බළකායේ සිටි දක්ෂ වෙඩික්කරුවෙකු වන ‘වෙන්ටා’ ‘අයිස් මත්ද්‍රව්‍ය’ භාවිතයට තදින් ඇබ්බැහිවූවෙකු වන අතර ‘සෙව්වන්දි’ දුන් දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් ඔහු විමර්ශන නිලධාරීන් හමුවේ කරුණු හෙළිකර තිබෙනවා.

“සර්, ඔය කියන ‘සෙව්වන්දි’ ‘සංජීව ඝාතනය’ට කලින් දවසේ රෑ මට කතා කළා. එයා ‘අයිස් මත්ද්‍රව්‍යය’වලට ඇබ්බැහි වුණු කෙනෙක්. මට කතා කරලා ‘අයිස්’ ඉල්ලුවා. එයාට ‘අයිස්’ දෙන්න කියලා ‘සලින්ත’ තමයි කිව්වේ.”

‘වෙන්ටා’ නමැති මෙම හිටපු කමාන්ඩෝ සාමාජිකයා ‘කෙසෙල්බද්දර පද්මේ’ සතු කමාන්ඩෝ බළකාය පිළිබඳවත් තවත් කරුණු පොලිසිය හමුවේ අනාවරණ කර තිබෙනවා.

“සර්, ‘කෙසෙල්බද්දර පද්මේ’ සහ ‘කමාන්ඩෝ සලින්ත’ එක්ව ඝාතන සඳහා වෙනම කණ්ඩායමක් හදාගෙන ඉන්නේ. ඒකේ වැඩි හරියක් ඉන්නේ කමාන්ඩෝ බළකායෙන් පැනලා ගිය අය. ඒ අය ගොඩ දෙනෙක් ‘අයිස් මත්ද්‍රව්‍ය’වලට ඇබ්බැහි වෙලා. ඔවුන්ට ‘කමාන්ඩෝ සලින්ත’ නොමිලේ ‘අයිස්’ දීලා තියාගෙන ඉන්නවා. ඒ වගේම ඒ අයට ඕනේ සල්ලිත් දෙනවා. ‘සංජීව’ට ගැහුවා වගේ ගේම්වලට එයාලාව දානවා. ‘අයිස් පැකට්’ එකට ඕන දෙයක් කරන අයයි එතැන ඉන්නේ.”

කමාන්ඩෝ බළකායෙන් පළා ආ ‘කමාන්ඩෝ යෝයෝ’ වැනි තවත් ප්‍රබල වෙඩික්කරුවන් රැසක් ‘කෙසෙල්බද්දර පද්මේ’ගේ පාතාල කණ්ඩායමට සම්බන්ධව කටයුතු කරන බව ‘වෙන්ටා’ විසින් වැඩිදුරටත් පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

‘වෙන්ටා’ හෙළි කළ කරුණු ඔස්සේ විමර්ශන ආරම්භ කළ නිලධාරීන් ‘යෝයෝ’ නමැත්තා නේපාලය බලා පිටත්ව යාමට සූදානම්ව සිටියදී පසුගියදා අත්අඩංගුවට ගත්තා.

28 හැවිරිදි ‘කොමාන්ඩෝ යෝයෝ’ මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර වසර කිහිපයක සිටම ‘කමාන්ඩෝ සලින්ත’ගේ සමීපතමයෙකු ලෙස කටයුතු කරමින් ‘කෙසෙල්බද්දර පද්මේ’ගේ පාතාල කණ්ඩායමට එක්ව කටයුතු කරන අයෙක් බව විමර්ශන නිලධාරීන් එහිදී අනාවරණ කරගත්තා.

“සර්, මට දවසකට රුපියල් 10,000 වගේ ‘අයිස්’ ඕනේ. මට ‘අයිස්’ එවන්නේ මැලේසියාවේ ඉන්න ‘සලින්ත’. සල්ලි ඕනේ වුණාමත් දෙනවා. ඒවට හරි යන්න ඕනම දෙයක් කරනවා.” යනුවෙන් ඔහු පොලිස් නිලධාරීන්ට පවසා තිබුණා.

තමන් නේපාලය බලා පිටත්ව යෑමට හේතුව ද ඔහු මෙලෙස අනාවරණ කර තිබුණා.

“සර්, කමාන්ඩෝ සලින්ත මට තවත් කේස් එකක් භාරදුන්නා. ඒක මෙහෙ නෙවෙයි නේපාලයේ. ‘සලින්ත’ගේ අම්මයි නංගියි ඉන්නේ එහේ. එහේ ඉන්න මිනිහෙකුගෙන් එයාලට කරදරයි. ඉවරයක් කරලා දෙන්න කියලා ‘සලින්ත’ මට කිව්වා. මම ඒකට තමයි යන්න ගියේ.”

මෙවැනි පසුබිමක දැනට සේවයේ සිටින සහ සේවයෙන් පළාගිය කමාන්ඩෝ සාමාජිකයින් රැසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද විමර්ශන නිලධාරීන් සඳහන් කළා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල ඇතුළු නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ ද මැදිහත්වීමෙන් මේ පිළිබඳ ඉදිරි විමර්ශන සිදුකෙරෙනවා.

+

+


රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බව පෙරටුගාමීන් කියයි

(16.03.2025 – 22:06 +0530 – hirunews.lk/sinhala)

බටලන්ද පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පදනම් කරගෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය පාවිච්චිකර ආරම්භක ක්‍රියාමාර්ගයක් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ‘පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ’ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

+

+

+

+

+

බටලන්ද විතරක් නෙවෙයි දේහය දණහිසෙන් උඩට උස්සන්න නොදුන් අය ගැනත් හොයන්න – විජයගේ ඝාතනය ගැනත් හොයන්න (16.03.2025)

+

ජවිපෙ කෑලි 10 කට කැඩෙන්න යයි | අනුරගේ ප්‍රජා අයිතියත් බේරලා දුන්නේ අපි (16.03.2025)

+

බටලන්දේදී මරු කටට ගොස් 99 න් බේරුණු නීතිඥ වාරණ ආනන්ද ජයකොඩිගේ හෙළිදරව්ව (14.03.2025)

+

+


තැපැල් වර්ජනය අත්හිටුවයි

(16.03.2025 – 22:54 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ‘ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ’ අද (16) පස්වරු 04:00 ට ආරම්භ කළ වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ‘ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ’ හා ‘තැපැල් හා විදුලි සදේශ නිලධාරීන්ගේ සංගමය’ අද (16) පස්වරු 04:00 සිට පැය 48 ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළා.

ඒ අතරතුර මෙම ගැටලුව සම්බන්ධයෙන් වෘත්තිය සමිති නියෝජිතයින් හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අතර සාකච්ඡාවක් අද (16) පස්වරුවේ පැවැත්වුණා ෴


සීගිරිය නැරඹීමට ගිය විදෙස් ජාතිකයෙක් හෘදයාබාධයකින් මරුට

(16.03.2025 – 23:40 +0530 – hirunews.lk/sinhala)

සීගිරිය නැරඹීමට ගිය එංගලන්ත ජාතිකයෙකු හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 78 ක් වන පුද්ගලයෙක්.

ඔහුගේ ජීවිතය බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරූවද ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ ෴


මත් ජාවාරමක සුල මුල සොයා ගිය මාධ්‍යවේදියාට අත්වූ ඛේදනීය ඉරණම (16.03.2025)

+


හම්බන්තොටට ආ වාහනවලට අන්තිමට වෙන්න යන දේ මෙන්න – මිලත් නොසිතූ ලෙස වෙනස්වෙයි – ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (16.03.2025)

+


දේශපාලන ප්‍රබලයෙකුගේ අයුතු බලපෑම් නිසා රට හැරගිය රූමත් දේශපාලඥවරිය කවුද? – මිනීපෙට්ටියේ ලියුම්දාල බයකළා (16.03.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *