පිරමීඩ ජාවාරමේ යෙදුණු තුන්දෙනෙකු (3) රක්ෂිත බන්ධනාගාරයට
(15.03.2025 – 14:30 +0530 – hirunews.lk/sinhala)
‘නීති විරෝධී පිරමිඩ ආයෝජන ක්‍රමයක්’ පවත්වාගෙන යමින් රුපියල් බිලියන 1.5 කට අධික මුදලක් අනිසි ලෙස පරිහරණය කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් ‘ස්මාර්ට් වින්’ නමැති පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරු තුන්දෙනා (3) ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, ඔවුන් ඊයේ (14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
‘වල්ලපට්ටා පැල රෝපණය කිරීමේ ව්‍යාපෘතියක්’ පවත්වාගෙන යන බව සඳහන් කරමින් එක් පැළයක් සඳහා රුපියල් 30,000 ක මුදලක් තැන්පතුකරුවන්ගෙන් ලබාගෙන ඇති බවට ඔවුන්ට චෝදනා එල්ල වුණේ.
එසේම, මෙම සමාගම ශ්‍රී ලංකා මහා බැංකුවේ අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙසයි පවත්වාගෙන ගොස් ඇත්තේ ෴
2026 වසරේ නොමිලේ පාසල් නිල ඇදුම් ලබා දෙන්න චීනය එකඟ වූ බව විදේශ ඇමති කියයි
(15.03.2025 – 12:41 +0530 – hirunews.lk/sinhala)
2026 වර්ෂයේදී නොමිලේ පාසල් නිල ඇදුම් ලබා දීමට චීන රජය එකඟ වූ බව විදේශ ඇමති විජිත හේරත් පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (15) පාර්ලිමේන්තුවේදීයි ෴
රුපියල් තුන්දහසේ (3000) වැඩිහිටි දීමනාව මාර්තු 20 වනදා සිට
(15.03.2025 – 13:21 +0530 – hirunews.lk/sinhala)
අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන්ට හැර මෙතෙක් දීමනා ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් මේ මස 20 වනදා සිට තැපැල්, උප තැපැල් කාර්යාල හරහා රුපියල් තුන්දහසේ (3000) මාසික දීමනාව ගෙවීමට කටයුතු කරන බව ‘ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය’ සදහන් කළා.
අස්වැසුම පවුල්වල සිටින වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සදහා පසුගිය වසරේ (2024) නොවැම්බර් මාසයේ සිට ‘සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය’ විසින් ඍජුවම එස්.එල්.අයි.පී.එස්. ක්‍රමය හරහා අස්වැසුම් ගිණුම්වලට අදාළ දීමනා ගිණුම් ගත කර තිබෙනවා ෴
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරක්ෂාව ගැන සොයන්න කමිටුවක්
(15.03.2025 – 14:17 +0530 – hirunews.lk/sinhala)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් ත්‍රි පුද්ගල (3) කමිටුවක් පත් කර තිබෙනවා.
එම කමිටුවේ සභාපති ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර කටයුතු කරන අතර, එහි සෙසු සාමාජිකයින් වන්නේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ පාලන අංශයේ ඩබ්.යු.කේ. කෲස් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන නිලධාරී ඕ.බී.ජේ ද සිල්වා යි.
ඒ අනුව එහි වාර්තාව මේ මස 24 වනදාට පෙර අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලබාදෙන ලෙසයි දැනුම් දී ඇත්තේ ෴
නුගේගොඩදී පහර දීමකින් සිසුන් දෙදෙනෙකුට (2) තුවාල
(15.03.2025 – 14:28 +0530 – hirunews.lk/sinhala)
උසස් පෙළ සිසුවෙක් (1) ඇතුලු දෙදෙනෙකුට (2) එල්ල කළ ප්‍රහාරයක් නිසා ඔවුන් දෙදෙනාම (2) තුවාල ලබා තිබෙනවා.
නුගේගොඩ ප්‍රසිද්ධ උපකාරක පන්තියක් ඉදිරිපිට පිහිටි සුපිරි වෙළඳසැලක රථගාලේ දී පහරදීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
පහරකෑමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනා (2) ශ්‍රී ජයවර්ධන රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එම සිසුන් දෙදෙනා (2) තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවන් බවත් එක් අයෙක් මෙවර අපොස උසස්පෙළ සඳහා පෙනී සිටින සිසුවෙක් බවයි පැවසෙන්නේ ෴
නීති විද්‍යාලයේ වාර්ෂික පොත් ප්‍රදර්ශනය 17 ඇරඹෙයි
(15.03.2025 – 16:54 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ වාර්ෂික පොත් ප්‍රදර්ශනය ලබන 17 සිට 20 දක්වා පැවැත්වෙනවා.
නීතිය, අධ්‍යාපනය, කලාව සහ සාහිත්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය කරමින් පොත් දහස් ගණනක් මෙවර පොත් ප්‍රදර්ශනයට එක් වීමට නියමිතයි.
මේ අතර විදෙස් පොත්පත් අළෙවි කුටියක්ද පැවැත්වෙන බවයි සංවිධායක මණ්ඩලය පවසන්නේ.
මෙරට ප්‍රධාන පොත් ප්‍රකාශකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්‍රදර්ශනයේදී නීති ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ලේඛකයන් රැසකගේ පොත්පත් ලබා ගැනීමේ අවස්ථාව අවස්ථාව ලැබෙනවා.
මෙම ප්‍රදර්ශනය එළඹෙන 17 වැනිදා පෙ.ව. 10:00 ට විවෘත වන අතර එතැන් සිට පුරා දින හතරක් (4) පැවැත්වීමට නියමිතයි.
එම දිනවලදී පෙ.ව. 09:00 සිට ප.ව. 05:00 දක්වා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන අතර එය ‘ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සිංහල සංගමයේ’ මෙහෙයවීමක් ෴
දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිදගෙන් ප්‍රකාශ ගනී
(15.03.2025 – 17:10 +0530 – hirunews.lk/sinhala)
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිදගෙන් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
හෝකන්දර පිහිටි නිවසේදී මෙම ප්‍රකාශය ලබාගෙන ඇති අතර, දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් වාර්තා වී නැහැ.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය පෙබරවාරි මස 27 වැනිදා නියෝගයක් නිකුත් කර තිබුණා.
ඒ, 2023 වසරේ වැලිගම – පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකින් ‘කොළඹ අපරාධ කොට්ඨාසයෙය්’ නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තවත් නිලධාරියෙකු තුවාල ලැබීමේ සිද්ධියට අදාළවයි ෴
තැපෑල පැය 48 ක සංකේත වැඩ වර්ජනයක්
(15.03.2025 – 17:26 +0530 – hirunews.lk/sinhala)
‘තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය’ සහ ‘ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ’ නියෝජනය කරන සියලුම වෘත්තීය සමිති එකාබද්ධ සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වනවා.
හෙට (16) සවස 04:00 සිට (18) වැනිදා මධ්‍යම රාත්‍රී 12:00 දක්වා පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමටයි සූදානම් වන්නේ.
වෘත්තීය සමිති නියෝජිතයන් එකාබද්ධව කොළඹදී අද (15) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි ඔවුන් මේ බව ප්‍රකාශ කළේ ෴
මෝටර් රථයක් ප්‍රපාතයකයට පෙරළෙයි
(15.03.2025 – 19:13 +0530 – hirunews.lk/sinhala)
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් ප්‍රපාතයකයට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ කුයිල්වත්ත ප්‍රදේශයේ දී අද (15) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මහනුවර සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මෙසේ පෙරළී ඇති බවයි පැවසෙන්නේ.
අනතුර සිදුවන් අවස්ථාවේ දී මෝටර් රථයේ රියදුරු පමණක් ගමන්කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරින් මෝටර් රථයට බරපතළ හානි සිදුව තිබෙන අතර රියදුරාට කිසිදු හානියක් නොමැති බවයි පොලිසිය කියා සිටියේ.
මේ අතර මෝටර් රථයේ වූ හදිසි කාර්මික දෝෂයක් අනතුරට හේතුව බවයි හැටන් පොලිසිය සඳහන් කළේ ෴
බටලන්දෙන් එළියට ආ ඇඟ හිරිවැටෙන සාක්ෂිය
(15.03.2025 – 20:12 +0530 – hirunews.lk/sinhala)
සභානායක බිමල් රත්නායක විසින් ඊයේ (14) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ‘බටලන්ද කොමිෂන් සභා වාර්තාව’ පිළිබඳව බොහෝ පාර්ශ්වවල දැඩි අවධානය යොමු වී තිබෙනවා.
‘බටලන්ද කොමිසම’ හමුවේ සාක්ෂි ලබා දුන් 35 වැනි සාක්ෂිකරු ‘හිරු ප්‍රවෘත්ති’ සමග සිය මතකය අවදි කළේ එවන් පසුබිමකයි.
1988 ජනවාරි 01 දින සිට 1990 දෙසැම්බර් 31 දක්වා කාලයේ රජයේ පොහොර සමාගමට අයත් ‘බටලන්ද නිවාස සංකීර්ණයේ’දී එවක පැවති රජය විසින් නීත්‍යානුකූල නොවන ආකාරයට පුද්ගලයින් රඳවා තබා ගැනීම මෙන්ම ඝාතනය කිරීම, කෲර වධ හිංසාවට ලක් කරමින් වදකාගාරයක් පවත්වාගෙන ගිය බවට ‘එක්සත් ජාතික පක්ෂය’ ප්‍රමුඛ එවක ආණ්ඩුවට දැඩි චෝදනා එල්ල වුණා.
එවක පාලනය බිඳ වැටීමට ද ‘බටලන්ද වදකාගාරය’ ප්‍රබල සාධකයක් වූ අතර, 1994 දී බලයට පත්වූ ‘චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය’ ‘බටලන්ද වධකාගාරය’ සම්බන්ධයෙන් ‘පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාවක්’ පත් කළේ මැතිවරණ වේදිකාවේ ලබා දුන් ප්‍රධාන පොරොන්දුවක් ඉටු කරමින්.
එම කොමිසම හමුවේ 82 කුගෙන් සාක්ෂි සටහන් කර ඇති අතර, ‘එක්සත් ජාතික පක්ෂයේ’ නායක රනිල් වික්‍රමසිංහ, ජෝසප් මයිකල් පෙරේරා, ජෝන් අමරතුංග යන අයද එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදී තිබෙනවා.
අවසන් වරට එම කොමිසම හමුවේ 82 වැනි සාක්ෂිකරු ලෙස සාක්ෂි ලබා දී ඇත්තේ ‘එක්සත් ජාතික පක්ෂයේ’ නායක රනිල් වික්‍රමසිංහයි.
අදාළ වාර්තාව වසර 27 කට පසුව ඊයේ (14) දිනයේදී පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණා.
අදාල වාර්තාවේ තවත් වෙළුම් 28 ක් පවතින අතර, එම වාර්තාව ප්‍රධාන නිර්දේශ පහකින් (5) සමන්විත වනවා.
පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පිට පිටම උල්ලංඝණය කර ඇත්දැයි හඳුනාගනු ලබන පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීමේ ස්වරූපයෙන් වූ සුදුසු දඬුවම් එම පුද්ගලයින්ට පැමිණවීමට අවශ්‍ය අතිරේක බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරීම එහි ප්‍රධාන නිර්දේශයක්.
මේ අතර, ‘බටලන්ද කොමිසම’ හමුවේ 35 වැනි සාක්ෂිකරු ලෙස සාක්ෂි ලබා දුන් ‘උදය චන්ද්‍ර ලියනගේ’ අප සමග ඒ පිළිබඳව අදහස් පළ කළා.
+
සූදුවට සල්ලි ගන්න රුපියල් ලක්ෂ 20 ක් කප්පම් ඉල්ලූ පුතුට මව්පියන්ගෙන් ඇප
(15.03.2025 – 20:15 +0530 – hirunews.lk/sinhala)
තම මව්පියන්ගෙන් රුපියල් ලක්ෂ 20 ක කප්පම් මුදලක් ඉල්ලු 19 හැවිරිදි තරුණයෙකු සහ තවත් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පියාගේ ලොරි රථය සමග තමාවද අතුරුදන් වූ බව අඟවමින් අදාළ පුත්‍රයා මෙම කප්පම් සිද්ධිය සැලසුම් කර ඇති බවයි හෙළි වී ඇත්තේ.
19 හැවිරිදි තම පුත්‍රයා සහ ලොරි රථය අතුරුදන්ව ඇති බව පවසමින් මවක සහ පියෙකු පසුගිය 06 වැනිදා සපුගස්කන්ද පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.
තරුණයා සහ ලොරි රථය අතුරුදන්වීමෙන් පසු එම මව්පියන් වෙත විවිධ දුරකථන අංක ඔස්සේ ඇමතුම්ද ලැබී තිබුණා.
එසේම, අතුරුදන් වූ බව පැවසෙන පුත්‍රයා ද මව්පියන්ට දුරකථන ඇමතුමක් දී ඇති අතර ඔහු දන්වා ඇත්තේ තමා සහ ලොරි රථය පැහැරගෙන ගිය බවයි.
තමාව සහ ලොරි රථය නිදහස් කිරීමට රුපියල් ලක්ෂ 20 ක කප්පම් මුදලක් කප්පම්කරුවන් විසින් ඉල්ලා සිටින බව ද ඔහු එම ඇමතුමෙන් දැනුම් දී තිබෙනවා.
මෙම ඇමතුම සම්බන්ධයෙන් මව්පිය යුවල යළි සපුගස්කන්ද පොලිසියට පැමිණිලි කිරීමටයි කටයුතු කර ඇත්තේ.
පසුව, දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ සිදුකළ විමර්ශනවලට අනුව සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත් අතර, අතුරුදන් වූ බවට පැමිණිලි කර තිබූ 19 හැවිරිදි පුත්‍රයා ද මහරගම ප්‍රදේශයේ සැඟව සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔහුගෙන් ප්‍රශ්න කිරීම්වලදී ඔහු හෙළි කර ඇත්තේ තමන් අන්තර්ජාලය හරහා මුදල් ඔට්ටු දැමීමට පුරුදුවී ඇති බවයි.
ඒ සඳහා මුදල් අවශ්‍ය බැවින්, මව්පියන් නොමග යවා මුදල් ලබා ගැනීමට කටයුතු කළ බව ද ඔහු පවසා තිබෙනවා.
ලොරි රථයේ , ලියකියවිලි සහ ඔහුගේ පියාගේ හැඳුනුම්පත ද රැගෙන නිවසින් පිටත්ව ගොස් ඇති එම තරුණයා තම පියාගේ රුවට සමාන පුද්ගලයෙකු සමග ගොස් මාකොළ ප්‍රදේශයේ රථවාහන අලෙවිකරන ආයතනයකට ලොරි රථය අලෙවි කර තිබෙනවා.
ඔහු එහිදී සඳහන් කර ඇත්තේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන තම මවගේ සැත්කමක් සඳහා මුදල් අවශ්‍ය බැවින් ලොරි රථය හදිසියේ විකිණීමට කටයුතු කරන බවයි.
පසුව එම මුදල් යොදවා ඔහු අන්තර්ජාලයේ මුදල් ඔට්ටු දමා ඇති අතර, එම ඔට්ටු පරාජය වීම නිසා තමාට නැවත නිවසට යා නොහැකි තත්ත්වයක් උද්ගත වූ බව ද තරුණයා පොලිසියට පවසා තිබුණා.
පසුව සැකකාර තරුණයා ඇතුළු තිදෙනෙකු (3) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.
කෙසේ වෙතත්, ඔහුගේ මව්පියන් යළි මෝසමක් මගින් අධිකරණයට කරුණු දක්වා තම පුතු ඇප මත නිදහස් කරගෙන ඇති බවයි වාර්තා වුණේ.
+
ගිලන්රථය බූදලය කරගත් ඇඹ්ලිපිටිය රෝහල් ලොක්කාගේ පැටිකිරිය එළියට ගත් ‘හිරු CIA’ අනාවරණය
(15.03.2025 – 21:16 +0530 – hirunews.lk/sinhala)
රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට රෝහල සතුව පවතින ගිලන් රථ අවභාවිතා කරමින් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල් අධ්‍යක්ෂවරයා එම ගිලන් රථ තම පවුලේ සාමාජිකයන්ගේ ගමනාගමන කටයුතු සදහා යොදා තිබෙනවා.
‘හිරු සී.අයි.ඒ.’ මෙම අනාවරණය සිදුකරන්නේ එම රෝහලේ අධ්‍යක්ෂවරයාගේ දුෂිත ක්‍රියාකලාපයට එරෙහිව උද්ඝෝෂණද ක්‍රියාත්මක වන පසුබිමකයි.
ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂවරයා අත්තනෝමතික සහ සදාචාරාත්මක නොවන ක්‍රියාවල නිරත වන බව පවසමින් වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීය සමිති එකමුතුව පසුගියදා විරෝධතා පාගමනක් හා උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුනා.
රෝහලේ අධ්‍යක්ෂවරයා හා රෝහල් කාර්ය මණ්ඩලය එකිනෙකාට චෝදනා එල්ල කර ගන්නා පසුබිමක ‘හිරු සී.අයි.ඒ.’ වෙත ලැබුනු රහසිගත තොරතුරක් වුයේ රෝහලේ ගිලන් රථ අවභාවිතයක් සිදු වන බවයි.
අප ඒ සම්බන්ධයෙන් ද රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් විමසා සිටියා.
මොකක්ද ඇම්බියුලන්ස් අවභාවිත කරනවා කියන්නෙ ඩොක්ටර්?
“එහෙම අවශ්‍යතාවක් නැහැ.. මට පෞද්ගලික පරිහරණයට රජය විසින් දීලා තියනවා ඩ්‍රයිවර් කෙනෙක් එක්කම වාහනයක්.. මගේ ළමයි දෙන්නා පල්ලා…”
“කිසිම වාහනයක් මගේ පෞද්ගලික වැඩකට යවල නැහැ.. මම ඒක බොහොම වගකීමෙන් කියනවා..”
රෝහල් අධ්‍යක්ෂවරයා එලෙස දිවුරා පැවසුව ද සිකුරාදා දිනවල රෝහල් අධක්ෂවරයාගේ පවුලේ සාමාජිකයන් කොට්ටාවේ සිට ඇඹිලිපිටියට රැගෙන යාමටත්, නැවත සඳුදා දිනවල කොට්ටාව නිවසට ඔවුන් ගෙන ඒමටත් භාවිත කරන්නේ රෝහල සතු ගිලන්රථයි.
රජය මගින් රෝහල් අධ්‍යක්ෂවරයාට රථයක් වෙන්කර ඇති පසුබිමක රෝගී ජනතාවගේ අවශ්‍යතා සදහා ඇති ගිලන් රථ මෙලෙස අවභාවිත කිරීම කොතරම් යුක්ති සහගත ද?
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙලට මුවා වී ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂවරයා සිදුකරන මෙම වැඩපිළිවෙල ‘සෞඛ්‍ය අමාත්‍යාංශය’ අනුමත කරනවාද?
මෙම ගිලන් රථ අවභාවිතය ගැන ‘හිරු සී.අයි.ඒ.’ ඉදිරියේදීත් අවධානයෙන්.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴