රුපියල් කෝටි 3 ක කංසා තෙල් පන්නන්න හැදූ රේගු පරීක්ෂකයෙකු අල්ලයි
රුපියල් කෝටි 3 ක කංසා තෙල් පන්නන්න හැදූ රේගු පරීක්ෂකයෙකු අල්ලයි
(15.03.2025 – 08:13 +0530 – hirunews.lk/sinhala)
රුපියල් කෝටි 3 කට අධික වටිනාකමින් යුත් කංසා තෙල් සහිත පාර්සලයක් නිදහස් කරගැනීමට උත්සහ කළ රේගු පරීක්ෂකයෙකු මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ කියා සිටියේ අමෙරිකාවේ සිට මාලඹේ ප්‍රදේශයේ පුද්ගලයකුගේ නමට මෙම පාර්සලය එවා තිබූ බවයි.
රේගු නිලධාරීන් නොමඟ යවමින් බලයලත් ලිපියක් සහිත රේගු පරීක්ෂකයෙකු එම කංසා තෙල් පාර්සලය ඉවත් කරගැනීමට උත්සහ කර තිබෙනවා.
එහිදී රේගු නිලධාරීන්ගේ සුපරීක්ෂාකාරී බව හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇති වී අතර අදාළ පාර්සලයේ කංසා තෙල් කිලෝග්‍රෑම් 3.2 ක් තිබී හමුවූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සදහන් කළේ.
මෙම සිද්ධියෙන් පසුව අදාළ රේගු පරීක්ෂකගේ වැඩ තහනම් කිරිමටද පියවර ගෙන තිබෙනවා ෴
රුපියල් 1500 ක අල්ලසක් ලබාගත් කොස්තාපල් අත්අඩංගුවට
(15.03.2025 – 06:40 +0530 – sinhala.adaderana.lk)
රුපියල් 1,500 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, එය ලබාගත් පොලිස් කොස්තාපලයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් කොස්තාපලයෙකි.
අඩිප්පල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ඊයේ (14) පස්වරුවේ බණ්ඩාරහේන කයිසර් බයිබල් දේවස්ථාන භූමිය තුළ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
පැමිණිලිකරුට විදේශගත වීමට අවශ්‍ය පොලිස් නිශ්කාෂණ වාර්තාව ලබාදීම සඳහා සුදුසු බවට නිර්දේශ කරනු ලබන වාර්තාව ලබාදීම වෙනුවෙන් පළමුවෙන් රුපියල් 2,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා පසුව ඉන් රු. 500 ක් අඩුකර රුපියල් 1,500 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමට කටයුතුකර ඇති බව සඳහන් වේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු හලාවත මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය ෴
දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මරුට
(15.03.2025 – 06:58 +0530 – hirunews.lk/sinhala)
මාවතගම – වෑඋඩ වතුයාය ප්‍රදේශයේදී ඊයේ (14) රාත්‍රී කාලයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී පුද්ගලයෙකුට පොල්ලකින් හා තියුණු ආයුධකින් පහර දී බරපතල තුවාල ලබා මාවතගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව මාවතගම පොලිසිය පවසනවා.
මරණකරු වයස අවුරුදු 45 ක් වූ වතුයාය, වෑඋඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරුගේ නිවසට ආසන්නයේ පිරිසක් එක්ව වයෝවෘද්ධ පුද්ගලයෙකුට පහරදීමට යාමේදී මරණකරු එය වැළැක්වීම සඳහා තම පුත්‍රයාද සමඟ ගොස් ඇති බවත්, එහිදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් එම පිරිස අතර සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු මෙම අපරාධය සිදුකර ඇති බවටත්, දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.
මෘත ශරීරය මාවතගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන ඇති අතර, මාවතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
තාමත් නොවිසිදුනු රුපියල් බිලියන 33 ක එදිරිසිංහලාගේ මහා මුදල් වංචාව. මේ ගේම ගැහුවේ මහා බැංකුවත් එක්ක එකතු වෙලා (14.03.2025)
+
බටලන්ද වාර්තාව නීතිපති හමුවට
(15.03.2025 – 08:42 +0530 – hirunews.lk/sinhala)
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ඉදිරියේදී දෙදින (2) පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට මෙන්ම එම වාර්තාව නීතිපතිවරයාට ඉදිරිපත් කිරීමටද නියමිත බව සභානායක අමාත්‍ය, බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති බටලන්ද කොමිෂන් සභා වාර්තාව ඊයේ (14) සභාගත කරමින්.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ‘අල් ජසීරා’ නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී බටලන්ද කොමිසමේ වාර්තාව යළි කරළියට පැමිණියා.
එහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවයි.
1980 දශකය අවසානයේ සිදු කරන ලද නීති විරෝධී මිනී මැරුම්, කෲර වධ හිංසාවට ලක් කිරීම්, අනීතිකව රඳවා තබා ගැනීම් සම්බන්ධයේ එක්සත් ජාතික පක්ෂයට චෝදනා එල්ල වූ අතර එවක පාලනය බිඳ වැටීමටද එය ප්‍රබල සාධකයක් බවට පත් වුණා.
1994දී බලයට පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ රජයෙන් බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාවක් පත්කළ අතර, එවක විපක්ෂ නායකව සිටි රනිල් වික්‍රමසිංහ ද එම කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා.
සාක්ෂි විභාගයෙන් අනතුරුව අදාළ වාර්තාව 1998 මැයි 05 වැනිදා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ලබා දී තිබුණද එවක රජය එම වාර්තාව සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් ගනු ලැබුවේ නැහැ.
මේ අතර, මෙම වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන ලෙස පාර්ශව රැසක් ඉල්ලා සිටියා.
එවන් පසුබිමකයි පිටු 208 කින් සමන්විත එම කොමිෂන් සභා වාර්තාව සභානායක අමාත්‍ය බිමල් රත්නායක ඊයේ (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ෴
+++
බටලන්දෙන් ජීවිතය ගලවා ගත් එකම සාක්ෂිකරුගේ ප්‍රබල අනාවරණය. අපේ උන්ට මැරෙනකං ගහද්දි රනිලුත් බටලන්දට ආවා (14.03.2025)
+++
පණ පිටින් කොල්ලෝ පිළිස්සූ හැටි | බටලන්ද වධකාගාරයේ අවි ගබඩා කරුගේ පාපොච්චාරණය (15.03.2025)
+
ග්‍රෑන්ඩ්පාස් ගැටුමකින් අයියා – මලෝ මරුට
(15.03.2025 – 10:01 +0530 – hirunews.lk/sinhala)
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර අද (15) උදෑසන ඇති වූ ආරවුලකදී තියුණු ආයුධයකින් පහරදී සහෝදරයන් දෙදෙනෙකු (2) මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ 22 හැවිරිදි හා 21 හැවිරිදි තරුණයින් දෙදෙනෙක් (2).
අදාළ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන සැකකරුවන් දෙදෙනෙකු (2) පොලිසිය සොයමින් සිටින බවටයි වාර්තා වෙන්නේ ෴
ගිනි අවියක් සමග ඇල්ලූ ‘ශාන් පුතා’ ඇතුළු තුන්දෙනාට (3) දින 07 ක රැදවුම් නියෝග
(15.03.2025 – 11:12 +0530 – hirunews.lk/sinhala)
ගිනි අවියක් සමගින් අත්අඩංගුවට ගැණුනු තරුණ පරපුරේ ජනප්‍රිය රැප් ගායක ‘ශාන් පුතා’, ඔහුගේ කළමණාකරුවෙකු සහ පොලිස් කොස්තාපලයා සම්බන්ධයෙන් දින 7 ක රැදවුම් නියෝග ලබාගෙන තිබෙනවා.
ඒ, ඔවුන් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකාර පොලිස් කොස්තාපලයා මාතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරමින් සිටි කාලයේ දී මෙම ගිනි අවිය සොරාගෙන රැප් ගායකයාට ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

+
මැදිරිගිරි අයියලාටත් තද වෙති.. සංගීත වේදිකාව කුඩු පට්ටම් කරති… ශිල්පීයෝ පැන දුවති..
(15.03.2025 – 09:20 +0530 – lankacnews.com)
පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකදී පෙක්‍ෂකයන් විසින් වේදිකාවට පහර දී තිබේ.
සංවිධායකයන් පොරොන්දු වූ පරිදි ගායකයන් සහභාගී නොවූ බව බවත් වේලාසන සංගීත සංදර්ශනය නතර කිරීමටත් විරෝධය පළ කරමින් මොවුන් මෙසේ හැසිරී ඇත.
වේදිකාව ඉදිරි සිටි පිරිස් විසින් වේදිකාව දෙසට දැඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර පොලිසිය එය නතර කිරීමට උපරිම උත්සාහයක් දැරුවද සැලකිය යුතු ලෙස එය සාර්ථක වී නැත.
ප‍්‍රහාරයෙන් වූ හානිය කොතෙක්දැයි මෙතෙක් වාර්තා වී නැත.
+
බටලන්ද වාර්තාවෙන් රනිල් බේරෙයි. අනුර හිර වෙයි – ඇමරිකානු වෙළෙඳපොළ අපට අහිමි වෙයිද ? – උදය ගම්මන්පිල (15.03.2025)
+
ඇමතිට උපදෙස් දුන් මාතර ගම්වැසියෝ.. (14.03.2025)
+
මගේ කන ලඟින් වෙඩි උණ්ඩය ගියේ , එදා බංකරයේ මුර තිබ්බේ මට, බොදු බලේ හාමුදුරුවෝ කියන කතාව (12.03.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴