අනුරාධපුර වෛද්‍යවරියට අතවර කළ සැකකරුගේ නිවසින් ජීව අත්බෝම්බයක් සොයාගනී
අනුරාධපුර වෛද්‍යවරියට අතවර කළ සැකකරුගේ නිවසින් ජීව අත්බෝම්බයක් සොයාගනී
(14.03.2025 – 10:23 +0530 – hirunews.lk/sinhala)
අනුරාධපුර වෛද්‍යවරියට අතවර කළ සැකකරු පදිංචිව සිටි නිවසේ තිබූ ගමන් මල්ලක තිබූ පාත්තරයක සඟවා තිබූ ජීව අත්බෝම්බයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
සැකකරු පදිංචිව සිටි ගල්නෑව ප්‍රදේශයේ නිවස පරීක්ෂා කිරීමේදී පාත්තරයක්, වටාපතක් සහ සිවුරක් බහාලු මල්ලක තිබී මෙම ජීව අත්බෝම්බය විමර්ශනය කළ පොලිසිය සොයා ගෙන තිබුණා.
එම නිවාස පරික්ෂා කර ඇත්තේ, එම සැකකරු විසින් පැහැර ගනු ලැබූ වෛද්‍යවරියගේ ජංගම දුරකථනය සෙවීම සඳහා බවටයි වාර්තා වෙන්නේ.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ 32 හැවිරිදි පුහුණු වෛද්‍යවරියක් රෝහල් භූමියේ පිහිටි නිල නේවාසිකාගාරයේදී නාදුනන පුද්ගලයෙක් තියුණු ආයුධයක් පෙන්වා බියවද්දවා ඇයව දූෂණය කර තිබුණේ ඉකුත් සඳුදා (10) රාත්‍රියේයි.
ඉන් අනතුරුව පලාගිය සැකකරු බදාදා (12) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ ගල්නෑව ප්‍රදේශයේ සැඟව සිටියදී.
අත්අඩංගුවට ගැනුණු සැකකරු ඊයේ (13) දිනයේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර සැකකරු පැය 48 ක රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමි වුණා.
සැකකරු අද (14) පෙරවරුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කෙරුණේද මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් අනුවයි.
පොලිසිය විසින් තමන්ට පහරදුන් බවට සැකකරු අධිකරණය හමුවේ පැවසීම හේතුවෙන් ඔහුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර අධිකරණ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටයි නියෝග කෙරුණේ.
සැකකරුට සැඟවී සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාවට ඔහුගේ සහෝදරිය සහ ඇයගේ අනියම් ස්වාමිපුරුෂයා බවට සැක කෙරෙන පුද්ගලයෙකුද ඊයේ (13) දිනයේ අත්අඩංගුවට ගත් අතර ඔවුන් දෙදෙනා මේ මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළා.
මෙම සැකකරු කලක් චීවරධාරියෙකු ලෙස පෙනීසිට ඇති බවත් වාර්තා වී තිබුණා.
+++
අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ තනතුර වෛද්‍ය H.M.U.I කරුණාරත්නට
(14.03.2025 – 15:10 +0530 – hirunews.lk/sinhala)
වහාම ක්‍රියාත්මක වන පරිදි, අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා වෙනුවට, එම තනතුරේ රාජකාරී ආවරණයට පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය H.M.U.I කරුණාරත්න පත් කර තිබෙනවා.
මෙම පත්කිරීම සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් අද (14) පෙරවරුවේ සිදුකර තිබෙනවා ෴
+++
අනුරාධපුර රෝහල් සිද්ධියේ ප්‍රධාන සැකකරුට අධිකරණයෙන් දුන් නියෝගය
(14.03.2025 – 17:42 +0530 – hirunews.lk/sinhala)
අනුරාධපුර ශික්ෂණ රෝහල් සිද්ධියේ ප්‍රධාන සැකකරු මාර්තු 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් නියෝග කරනු ලැබුවා.
මේ අතර, එදිනම ඔහු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴
+++
අනුරාධපුර නගරයේ ආරක්ෂාවට සවිකළ cctv පද්ධතිය අකර්මණ්‍ය වී ඇති බවට චෝදනා
(14.03.2025 – 21:49 +0530 – hirunews.lk/sinhala)
අනුරාධපුර නගරයේ ආරක්ෂාව සඳහා සවිකළ cctv පද්ධතිය මේ වන විට අකර්මණ්‍ය වී ඇති බවට ජනතාව චෝදනා කරනවා.
මේ හේතුවෙන් නගරයේ ආරක්ෂාවට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවයි ඔවුන් පවසන්නේ ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී අනුරාධපුර පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ වසරකට වැඩි කාලයක් මෙම කැමරා පද්ධතිය අක්‍රිය වී ඇති අතර ඒවා පිළිසකර කිරීමට පියවර ගන්නා බවයි.
මේ අතර අනුරාධපුර රෝහලේ අදාළ වෛද්‍යවරිය එම සිදුවීමට මුහුණ දුන් ස්ථානයද තවමත් රාත්‍රී කාලයට පවතින්නේ මෙවන් අනාරක්ෂිත තත්ත්වයක බව වෛද්‍යවරියක් විසින් පෙන්වා දී තිබෙනවා ෴
ජනප්‍රිය රැප් ගායක ‘ශාන් පුතා’ අත්අඩංගුවට
(14.03.2025 – 10:26 +0530 – hirunews.lk/sinhala)
ජනප්‍රිය රැප් ගායක ‘ශාන් පුතා’ නැමැත්තා මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් සමග අද (14) අත්අඩංගුවට තිබෙන බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසනවා.
ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, මීගොඩ, අරලිය උයන ප්‍රදේශයේදීයි.
ඔහුට මෙම ගිනි අවිය ලබා දුන් බව කියන මන්නාරම පොලිස් කොට්ඨාශයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපලයෙක් සහ සැකකාර රැප් ගායකයාගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.
සැකකාර පොලිස් කොස්තාපලයා මාතර, කොටවිල පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි කාලයේ දී මෙම ගිනි අවිය සොරාගෙනවිත් මොහුට ලබා දී තිබෙනවා.
කොස්තාපලයා මන්නාරම පොලිස් කොට්ඨාශයට ස්ථාන මාරුවක් ලැබීමෙන් ගිය පසුවයි මෙම ගිනි අවිය පිළිබඳව තොරතුරු වාර්තා වී ඇත්තේ.
ඒ අනුවයි මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
+++
පිස්තෝලයක් සමග අත්අඩංගුවට ගත් ජනප්‍රිය රැප් ගායකයා රඳවාගෙන ප්‍රශ්න කෙරේ
(14.03.2025 – 19:53 +0530 – hirunews.lk/sinhala)
ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගත් තරුණ පරපුරේ ජනප්‍රිය රැප් ගායකයා, ඔහුගේ කළමනාකරු සහ පොලිස් කොස්තාපලයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බව පොලිසිය ප්‍රකාශ කළා.
මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ නිවසේදී සැකකරු අත්අඩංගුවට ගැනුණේ මිලිමීටර් 09 වර්ගයේ ගිනිඅවියක්, මැගසිනයක් සහ උණ්ඩ 10 ක් සමගයි. පොලිසිය පැමිණෙන විටත් ඔහු යම් මත්ද්‍රව්‍යයක් භාවිත කර සිටි බවයි පොලිසිය සදහන් කළේ.
සැකකාර රැප් ගායකයාට මෙම ගිනි අවිය ලබා දුන් බවට අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම පොලිසියට අනුයුක්තව සේවය කර සිටි පොලිස් කොස්තාපලයෙක්.
එම පොලිස් කොස්තාපල් මාතර – කොටවිල පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි කාලයේ දී මෙම ගිනි අවිය සහ උණ්ඩ පොලිසියෙන් සොරාගෙන රැප් ගායකයාට ලබා දී තිබෙනවා.
එම පොලිස් ස්ථානයේ තිබූ පිස්තෝලයක් සහ උණ්ඩ 10 ක් සහිත මැගසිනයක් අස්ථාන ගත වී තිබුනේ පසුගිය 06 වනදා සිටයි.
ඔහු මන්නාරම පොලිස් ස්ථානයට ස්ථානමාරුවක් ලබා ගොස් තිබුණේ එම සිද්ධියෙන් දින 02 කට පසුවයි. සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමේදී මෙම පොලිස් කොස්තාපලයා ගිනිඅවිය ඉනෙහි සඟවා ගන්නා ආකාරය නිරීක්ෂණය වී තිබුණා.
ඒ අනුවයි අදාළ විමර්ශන ක්‍රියාත්මක කෙරුණේ ෴
කාන්තාවක් ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට
(14.03.2025 – 07:20 +0530 – hirunews.lk/sinhala)
එරගම – අරෆා නගර් ප්‍රදේශයේ දී පෙබරවාරි 19 වැනිදා තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් එරගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණා.
ඒ අනුව මෙම අපරාධය සිදු කල සැකකරු අපරාධයෙන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් වැලිකන්ද පොලිස් වසමේ කටුවන්විල ප්‍රදේශයේ සැඟව සිටියදී එරගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පසුගිය 12 වැනිදා සවස් කාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44 ක් වන අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
එරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
මව පිළිස්සීමට අනුබල දුන් තවත් අයෙක් අත්අඩංගුවට
(14.03.2025 – 07:45 +0530 – hirunews.lk/sinhala)
දඹගල්ල පොලිස් වසමේ කොළොන්කඳපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ දී පසුගිය 11 වැනිදා කාන්තාවක් පුළුස්සා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් දඹගල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණා.
ඒ අනුව මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු ඊයේ (13) සවස් කාලයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 35 ක් වූ ආණමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු (2) හා සැකකාරියන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇති අතර, දඹගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
මුතූර් ප්‍රදේශයේ නිවසක සහෝදරියන් දෙදෙනෙකු (2) ඝාතනය කෙරේ
(14.03.2025 – 08:51 +0530 – hirunews.lk/sinhala)
මුතූර් – දාහානගර් ගම්මානයේ නිවසක තිබී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කළ කාන්තාවන් දෙදෙනෙකුගේ (2) මළ සිරුරු අද (14) අලුයම සොයාගෙන තිබෙනවා.
පොලිසිය සදහන් කළේ, අවුරුදු 68 සහ 74 යන වයස්වල පසුවන සහෝදරියන් දෙදෙනෙකුගේ (2) සිරුරු මෙලෙස සොයා ගත් බවයි.
අවිවාහක කාන්තාවන්වන මොවුන් විශ්‍රාමික පාසල් ගුරුවරියක් සහ හෙද නිලධාරිනියක් බව සදහන්.
මොවුන් දෙදෙනා (2) තනිවම නිවසේ රැදී සිට ඇති අතර, ඝාතනයට හේතුව සහ ඝාතකයින් පිළිබද තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ ෴
+
මුතූර් ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකු (2) ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව ඔවුන්ගේ මිණිබිරිය අත්අඩංගුවට
(14.03.2025 – 17:23 +0530 – hirunews.lk/sinhala)
මුතූර් – දාහානගර් ගම්මානයේ දී කාන්තාවන් දෙදෙනෙකු (2) කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් එක් කාන්තාවකගේ මිණිබිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴
වැලිවේරියේ වෙඩි තැබීම ගැන තවත් තොරතුරු එළියට
(14.03.2025 – 21:32 +0530 – hirunews.lk/sinhala)
ගම්පහ වැලිවේරිය ඇබරලුව මාර්ගයේ සිදුකළ වෙඩි තැබීමකින් සංචාරක මගපෙන්වන්නෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ වෙඩි වැදුණු පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තාගෙ ආධාරකරුවෙකු වන අතර වෙඩි තැබීම සිදුකර ඇත්තේ ‘ගනේමුල්ලේ සංජීව’ගේ පාර්ශ්වයෙන් බවට සැක කරන බවයි.
ගම්පහ වැලිවේරිය ඇබරලුව මාර්ගයේ අරලිය ගස් දෙක හන්දිය ආසන්න ප්‍රදේශයේදි වෙඩි තැබිමක් සිදුව තිබුණේ ඊයේ (13) රාත්‍රී 08:00 පමණ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු ගම්පහ දිස්ත්‍රික් මහා රෝහලට ඇතුළත් කෙරුණා.
වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා සංචාරක මග පෙන්වන්නෙකු වශයෙන් මෙන්ම මෝටර් රථ රියැදුරෙකු ලෙස සේවය කර ඇති අතර ඊයේ (13) පස්වරුවේ එම මෝටර් රථයේ හිමිකරුට දුරකථන ඇමතුමක් ලැබී තිබුණේ වැලිවේරිය ප්‍රදේශයට කූලි ගමනක් යාම සඳහා පැමිණෙන ලෙසයි.
ඒ අනුව අදාළ රථයේ හිමිකරු විසින් රථයේ රියදුරුව වැලිවේරිය ප්‍රදේශයට පිටත් කර තිබුණා.
අදාළ වෙඩි තැබීම සිදුව තිබුණේ එම මෝටර් රථය වැලිවේරිය ඇබරලුව ප්‍රදේශයට ලඟාවීමත් සමගයි.
එම වෙඩි වැදුණු පුද්ගලයා අදාළ මෝටර් රථයෙන්ම ගම්පහ මහරෝහලට ගොස් තිබෙනවා.
පලාගිය වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 4 ක් විමර්ශන සිදු කරනවා.
පොලිසිය සැකකරන්නේ වෙඩි වැදුණු පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැතාගේ ආධාර කරුවෙකු බවටයි.
ඒ අනුව මෙම වෙඩි තැබීම පසුගියදා ඝාතනය කෙරුණු අපරාධ කල්ලි නායක ‘ගනේමුල්ල සංජීව’ගේ පාර්ශ්වයෙන් සිදු කරන්නට ඇති බවට ද පොලිසිය සැක පළ කරනවා.
මෙම වෙඩි තැබිමේ සිද්ධිය ඝාතනයට ලක් වු අපරාධ කල්ලි නායක ‘ගනේමුල්ල සංජිව’ගේ පාර්ශවය සහ ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගේ පාර්ශවය අතර සිදුවු තුන්වන (3) වෙඩි තැබීමේ සිද්ධියයි ෴
මත්වතුරෙන් මත් වී පොලිසියට වෙට්ටු දැමූ තරුණයෙකු අත්අඩංගුවට
(14.03.2025 – 11:40 +0530 – hirunews.lk/sinhala)
මත්වතුර පානයකර මිතුරන් සමග උපන්දිනය සමරා නිවස කරා යන ගමනේදී වාහනයක් හප්පා පොලිස් අණට අවනත නොවී අධිවේගී මාර්ගය ඔස්සේ පලායාමට තැත් කළ 20 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බවට බණ්ඩාරගම පොලිසිය පවසනවා.
බණ්ඩාරගම පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් සැරයනයෙකු සහ කොස්තාපලයෙකු බණ්ඩාරගම නගරයේ රාත්‍රී රථවාහන රාජකාරියේ යෙදී සිටියදී මෝටර් රථයක් පානදුර දෙස සිට බණ්ඩාරගම නගරය දෙසට පැමිණෙන අයුරු දුටු පොලිස් නිලධාරීන් එය නැවැත්වීමට සංඥා කර තිබෙනවා.
ඒ සමගම මෝටර් රථයේ රියදුරු පොලිස් නිලධාරීන්ට මඟහැර හොරණ දෙසට අධික වේගයෙන් මෝටර් රථය ධාවනය කරන්නට වූයෙන් පොලිස් නිලධාරීන් සිය යතුරුපැදියෙන් මෝටර් රථය හඹා යන්නට වූ අතර, වීදාගම හන්දියේදී ද පොලිසියේ අණ නොතකා ධාවනය කර තිබෙනවා.
ඊට ද අවනත නොවූ රියදුරු අනෙකුත් වාහනවලටද අනතුරුදායක ලෙස මෝටර් රථය බණ්ඩාරගම හොරණ මාර්ගයේ අධික වේගයෙන් පදවා, ගැලණිගම අධිවේගී පිවිසුමට යොමුවන මාර්ගයට යොමු කර ඒ ඔස්සේ මෝටර් රථය අධික වේගයෙන් ධාවනය කළ බවයි පොලිසිය සඳහන් කළේ.
එසැනින් ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ද එහි පසුපස හඹා යමින් ගැලණිගම පිවිසුමේ සිටි පොලිස් නිලධාරියාට ඉදිරියෙන් නවතා තිබෙන වාහනය ඉදිරියට නොගෙන නවතාගන්නා ලෙස දැනුම්දී තිබෙනවා.
ඒ අනුව, මෝටර් රථය පැදවූ 20 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ඒමෙන් අනතුරුව මෝටර් රථය තුළ සිට අනෙක් තරුණයන්දෙදෙනා (2) ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තම මිතුරාගේ උපන්දිනයට ඔහුගේ ඇරයුම මත පානදුරට පැමිණ මත්වතුර සාදයක් පැවැත්වූ බවට පාපොච්චාරණය කර තිබෙනවා.
සැකකරු පැදවූ මෝටර් රථය අළුබෝමුල්ල පොලිස් වසමේදී තවත් මෝටර් රථයක ගැටීමෙන් සැකකරු පැදවූ මෝටර් රථයේ ඉදිරිපසට හා බඳට හානි සිදුව තිබෙනවා.
සාකකාර මෝටර් රථය ධාවනය කළ රියදුරු මත්වතුර පානය කර සිටින බව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ශ්වශන පරීක්ෂණ නලයක්ද භාවිතා කළ බවයි පොලිසිය සඳහන් කළේ.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴