පාස්පෝට් අලුත් කරන්න විදෙස්ගත පුද්ගලයින් 26,000 කට අධික පිරිසක් පොරොත්තු ලේඛනයේ
පාස්පෝට් අලුත් කරන්න විදෙස්ගත පුද්ගලයින් 26,000 කට අධික පිරිසක් පොරොත්තු ලේඛනයේ
(10.03.2025 – 07:43 +0530 – sinhala.adaderana.lk)
නව විදෙස් ගමන් බලපත්‍ර අවශ්‍ය විදෙස්ගත පුද්ගලයින් 26,000 කට අධික සංඛ්‍යාවක් අයදුම්පත් යොමු කර ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්දා පවසයි.
විදේශයන් හී පවතින මෙරට තානාපති සහ මහකොමසාරිස් කාර්යාල වෙත එම අයදුම්පත් ලැබී ඇති අතර ඒවා වසර දෙකකට (2) ආසන්න කාලයක සිට ලැබී ඇති බව සඳහන්ය.
ඇතැම් පුද්ගලයින්ට තම විදෙස් ගමන් බලපත්‍රයේ කාලය ඉක්මවීම හේතුවෙන් ගැටලු රැසකට මුහුණදීමට ද සිදුවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
විදේශ ගතව සිටින ශ්‍රමිකයින්ට සහ අධ්‍යාපනය ලබන සිසුන්ට ද ඉදිරි කටයුතු කරගෙන යාමට ඒ හේතුවෙන් ගැටලු මතුවී ඇති බව සඳහන්ය.
එම ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දීම සඳහා විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යංශය සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡාවක් ද සිදුකර තිබේ.
කෙසේවෙතත් මේ මාසය අවසන්වීමට පෙර මෙම ගැටලුව හැකිතාක් දුරට විසඳීමට කටයුතු කරන බවද පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අර්බුදය නිර්මාණය කරනු ලැබුවේ වත්මන් ආණ්ඩුව නොවන බව ද අවධාරණය කළේය.
මේ අතර විදෙස් ගමන් බලපත්‍ර සකස් කිරීමේ දී සහ විදෙස් රැකියා සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමේ දී අතර මැදියන්ගේ සහාය ලබා නොගන්නා ලෙස ද නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි ෴
මාලිමාවට රැවටුණු ජනතාවගේ තේරීම සර්වජන බලයයි – උදය ගම්මන්පිල (09.03.2025)
+
Derana 360 | ආචාර්ය (වෛද්‍ය) චන්න ජයසුමන (10.03.2025)
+
මිලියන 175 ක් වටිනා හෂීස් තොගයක් සමඟ කැනේඩියානු කාන්තාවක් අත්අඩංගුවට
(10.03.2025 – 08:36 +0530 – hirunews.lk/sinhala)
රුපියල් මිලියන 175 ක් වටිනා ‘හෂීස් මත්ද්‍රව්‍ය’ තොගයක් සමගින් කැනේඩියානු ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපළේ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (09) අත්අඩංගුවටත් මෙම කාන්තාවගේ වයස අවුරුදු 20 ක්.
ඇය ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය බව ද විමර්ශනවලදී අනාවරණය හෙළිව තිබෙනවා.
ඇය සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා මෙම මත්ද්‍රව්‍ය කිලෝ 17 යි ග්‍රෑම් 57 ක් මෙරටට රැගෙන විත් ඇති බවයි සඳහන් වෙන්නේ.
සැකකාරිය වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දෙනු ලැබුවා ෴
මාදම්පේදී ඛේදවාචකය – ත්‍රීරෝද රථයේ 09 ක් ගිහින්
(10.03.2025 – 08:50 +0530 – hirunews.lk/sinhala)
හලාවත – කොළඹ මාර්ගයේ මාදම්පේ, ඉරට්ටකුලම ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී සිදුවු අනතුරකින් මව, බිළිදිය සහ තවත් කාන්තාවක් මියගොස් තිබෙනවා.
ඊයේ (09) රාත්‍රියේ සිද්ධිය වන අවස්ථාවේදී ත්‍රීරෝද රථයේ රියදුරු ඇතුලු පුද්ගලයින් නව දෙනෙකු (9) එහි ගමන් කර ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
රියදුරුට අමතරව පිටුපස අසුනේ කාන්තාවන් දෙදෙනෙකු (2), පිරිමින් දෙදෙනෙකු (2), පිරිමි දරුවන් දෙදෙනෙකු (2) සහ දැරියන් දෙදෙනෙකු (2) ගමන් කර ඇති අතර, ඔවුන් සියලු දෙනා හලාවත රෝහලට ඇතුළත් කෙරුණා.
සිද්ධියෙන් මියගිය මවගේ වයස අවුරුදු 32 ක් වන අතර බිළිදියගේ වයස අවුරුද්දක් (1) බවයි පොලිසිය සදහන් කළේ.
අනෙක් කාන්තාව 36 හැවිරිදි වියේ පසුවුණා. මොවුන් මිනුවන්ගොඩ සහ රාගම ප්‍රදේශවල පදිංචිකරුවන්. තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගී වී ආපසු යමින් සිටියදීයි ත්‍රීරෝද රථය මෙලෙස බස් රථයේ ගැටී ඇත්තේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම, ඊයේ (09) රාත්‍රියේ කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස ප්‍රදේශයේදී තවත් බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ රියදුරු සහ පිටුපස ගමන් ගත් පුද්ගලයෙකු (1) මියගොස් ඇති බව පොලිසිය සදහන් කළා.
සිද්ධියෙන් මියගියේ අවුරුදු 29 සහ 47 යන වයස්වල පසුවන දෙල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන්.
මීට අමතරව මොරටුව, හොරණ, පොළොන්නරුව සහ කිරි ඇල්ල ප්‍රදේශවල ඊයේ (09) දිනයේ සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 04 දෙනෙකු මිය ගියා. ඔවුන් අවුරුදු 19 ත් 64 ත් අතර වයස්වල පසුවන්නන් ෴
කාන්තාවන්ට අපහාස කරමින් වීඩියෝ සැකසූ යූටියුබ් ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට
(10.03.2025 – 09:53 +0530 – hirunews.lk/sinhala)
යාපනයේ තරුණියන්ව හා කාන්තාවන්ව උපහාසයට හා අපහාසයට ලක් කරමින් යූ ටියුබ් වැඩ සටහන් නිෂ්පාදන කරණ පුද්ගලයෙකු ඉලවාලී ගම්මානයේදී ගම්වාසීන් පිරිසක් විසින් අල්ලාගෙන ගෙන පොලීසියට බාරදී තිබෙනවා.
‘ක්‍රිෂ්ණා’ යන ආරූඩ නාමයකින් පෙනී සිටින මොහුව අත්අඩංගුවට ගන්නා විටද ඔහු කාන්තාවන් පිරිසක් වීඩියෝ ගත කරමින් සිට ඇති බවයි වාර්තා වෙන්නේ.
පසුගිය සතියේ මොහු විසින් යාපනයේ තරුණියන් පිරිසක්ව වීඩියෝ කොට නිපදවා සමාජ මාධ්‍යයට එක්කොට තිබූ වීඩියෝවක් නිසා එම තරුණියන් පිරිස දැඩි විවේචනයකට ලක් වූ අතර ඔවුන් මේ ප්‍රශ්නය නිසාම සමාජය හමුවේ දැඩි අපහසුතාවයකටද මුහුණ දෙනු ලැබුවා.
යාපනයේ ජනතාව අතර මෙම යූ ටියුබ්කරු සම්බන්ධයෙන් විශාල වි රෝධයක් ගොඩනැගී තිබූ අතර ඉලවාලී ප්‍රදේශයට ගොස් තවත් වැඩ සටහනක් වීඩියෝ කරමින් සිටියදී ගම්වාසීන් ඔහුව අල්ලා ගෙන පොලීසියට බාර දී තිබෙනවා.
ඉලවාලී පොලීසිය මොහුගෙන් ප්‍රශ්න කරගෙන යන අතර ඔහුට එරෙහිව යාපනයේ විවිධ පොලිස් ස්ථාන වල දමා ඇති පැමිණිලි සම්බන්ධයෙන්ද විමර්ශනයන් ආරම්හ කොට ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴
දේශබන්දු නීතිඥවරු මාර්ගයෙන් රිට් පෙත්සමක් යවයි
(10.03.2025 – 11:50 +0530 – hirunews.lk/sinhala)
2023 වසරේ මාතර වැලිගම ‘ඩබ්ලිව්. 15’ හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම පෙත්සම අද (10) අභියාචනාදීකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සඳහා කැඳවනු ලැබුවා.
එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ වග උත්තරකරුවන්ට නොතිසි ලබාදීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 12 වනදා කැඳවන ලෙසයි ෴
පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් තොගයක් පොළොන්නරුවෙන් අල්ලයි
(10.03.2025 – 12:08 +0530 – sinhala.adaderana.lk)
පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් ප්‍රවාහනය හා සන්තකයේ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු (2) විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
‘විශේෂ කාර්ය බළකා අරලංගවිල කඳවුරේ නිලධාරීන්’ හා ‘පොළොන්නරුව මහජන සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරීන්’ කණ්ඩායමක් සමඟ එක්ව ඊයේ (09) රාත්‍රියේ වැටලීම සිදුකර තිබුණි.

එහිදී පොළොන්නරුව පොලිස් වසමේ කර්මාන්තපුරය ප්‍රදේශයේදී පරිභෝජනයට නුසුදුසු පොල්තෙල්, ලොරි රථයකින් ප්‍රවාහනය කරන ලද සැකකරුවෙකු හා පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන්ව වැඩිදුර විමර්ශන සඳහා ‘පොළොන්නරුව මහජන සෞඛ්‍යය කාර්යාලය’ වෙත භාර දී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 41 හා 51 යන වයස්වල පසු වන පන්නල හා සන්දිවේලි ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
පොල්තෙල් ලීටර් 7,700 ක් අඩංගු යකඩ බැරල් 35 ක්, පොල්තෙල් ලීටර් 7,920 ක් අඩංගු යකඩ බැරල් 36 ක් හා පොල්තෙල් ප්‍රවාහනයට යොදා ගන්නා ලද ලොරි රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
‘පොළොන්නරුව මහජන සෞඛය කාර්යාලය’ මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴
වනඅලි ප්‍රහාරයකින් ධීවරයා ජීවිතක්ෂයට
(10.03.2025 – 14:19 +0530 – hirunews.lk/sinhala)
වනඅලියෙකු පහරදීමෙන් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කිරින්ද පොලිසිය පවසනවා.
මාගම, පට්ටියවෙලයාය ප්‍රදේශයේ පදිංචි (55) හැවිරිදි පුද්ගලයෙක් අනතුරින් මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
කිරින්ද, අදහලවැල්ල, අබලන් සපත්තු බෝක්කුව අසලදී මෙම වනඅලි පහරදීම සිදුව තිබෙනවා.
මෙම ධීවරයා මාගම ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිට ධීවර රැකියාවේ යෙදීමට කිරින්ද ධීවර වරායට පාපැදියකින් පැමිණෙමින් සිටියදී අද (10) අලුයම වනඅලියා පහරදී ඇති බවයි පොලිසිය පවසන්නේ.
ජීවිතක්ෂයට පත් ධීවරයාගේ දේහය දෙබරවැව මූලික රෝහලේ තැන්පත්කර තිබෙනවා ෴
කතරගම බස්නායක නිලමේ ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව CID යෙන් පිටව යයි
(10.03.2025 – 14:35 +0530 – hirunews.lk/sinhala)
කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර පැය 03 ක පමණ ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) පිටව ගොස් තිබෙනවා.
එම දේවාලයේ බස්නායක නිලමේ ඩීෂාන් ගුණසේකර ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (10) පෙරවරුවේ පැමිණියා.
ඒ කතරගම දේවාලයේ මුදල් වංචාවක් සිදු කර ඇති බවට සිවිල් ක්‍රියාකාරිකයෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පැමිණිල්ලකට අනුවයි.
මේ අතර කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩීෂාන් ගුණසේකර ගේ මාතර පිහිටි මහගෙදර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් හදිසි සෝදිසියකට ලක් කර තිබෙනවා.
ඊයේ (09) රාත්‍රී 11 ට පමණ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරගේ මාතර පිහිටි මහගෙදර මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වටලා හදිසි සෝදිසි කිරීමකට ලක් කළේ හිටපු පොලිස්පති දේශබන්දු එම නිවසේ සැඟව සිටින බවට ලද තොරතුරක් මතයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායම් දෙකක් (2) කොළඹ සිට මාතර බලා ගොස් එම සෝදිසි මෙහෙයුම සිදු කර ඇති බවයි පැවසෙන්නේ ෴
තාප්පයක් ළඟ දමා ගොස් සිටියදී බිළිදෙකු සොයා ගනී
(10.03.2025 – 15:28 +0530 – hirunews.lk/sinhala)
අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවසක් අසල තාප්පයක් ළඟ බිළිදෙකු දමා ගොස් තිබියදී සොයා ගෙන තිබෙනවා.
එම ප්‍රදේශයේ කාන්තාවක් තාප්පය අසල යමක් සෙලවෙන අයුරු දැක ඒ පිළිබඳව විපරම් කළ අවස්ථාවේදී මෙම බිළිදා සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පසුව ඇය විසින් මේ පිළිබඳව පොලිසිය දැනුවත් කර ඇති අතර පොලිසිය එම ස්ථානයට පැමිණ තිබෙනවා.
ඒ අනුව අදාළ බිළිදා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බවයි අම්බලන්ගොඩ පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් අප කළ විමසීමකදී අම්බලන්ගොඩ පොලිසිය පැවසුවේ එම බිළිදා නිරෝගීව සිටින බවත් දෙමාපියන් කවුරුන්ද යන්න පිළිබදව මේ වන තෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවත් ය ෴
‘ඉෂාරා සෙව්වන්දී’ ගැන බොරු තොරතුරු දුන් අයෙක් රිමාන්ඩ්
(10.03.2025 – 15:33 +0530 – hirunews.lk/sinhala)
‘ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය’ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ප්‍රධාන සැකකාරියක වන ‘ඉෂාරා සෙව්වන්දී’ නමැත්තිය පිළිබඳ අසත්‍ය තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි ලහිරු සම්පත් නමැති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණා.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ ‘කොළඹ අපරාධ කොට්ඨාශයේ’ නිලධාරීන් සඳහන් කළේ ‘ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය’ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ‘ඉෂාරා සෙව්වන්දි’ නමැති සැකකාරිය පිළිබඳව අසත්‍ය තොරතුරු මෙම සැකකරු විසින් පොලිසිය වෙත සිය දුරකථනය මාර්ගයෙන් සම්ප්‍රේෂණය කිරීමට කටයුතු කර ඇති බවයි.
මේ තුළින් ඔහු ‘පොලිස් පරීක්ෂණ නොමඟ යැවීමට’ කටයුතු කර ඇති බවත් ‘කොළඹ අපරාධ කොට්ඨාශයේ’ නිලධාරීන් චෝදනා කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අදාල සැකකරු ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා ෴
සාමාන්‍ය පෙළ පන්ති හෙට (11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
(10.03.2025 – 15:49 +0530 – hirunews.lk/sinhala)
අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පවත්වනු ලබන සියලුම උපකාරක පන්ති සම්මන්ත්‍රණ, වැඩමුළු සහ සමාජ මාධ්‍ය හරහා සහාය වීම ආදිය හෙට (11) වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.
ඒ අනුව එවැනි සියලුම කටයුතු හෙට (11) එනම්, අඟහරුවාදා රාත්‍රියේ සිට තහනම් කෙරෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු (17) වැනිදා ආරම්භ වීමට නියමිතයි.
ඒ අනුව 2024 අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන මාර්තු 26 වැනිදායින් අවසන් වීමටයි නියමිතව ඇත්තේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴