රිය අනතුරු අවම කරන්න ‘ස්පීඩ් ගන්’ පොලිසියට
(05.03.2025 – 08:36 +0530 – hirunews.lk/sinhala)
රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් නවීන තාක්ෂණයෙන් යුත් ‘ස්පීඩ් ගන්’ උපාංග 30 ක් පොලිසියට ලැබී තිබෙනවා.
රාත්‍රී කාලයේදී ද ඉතා සාර්ථක ලෙස භාවිත කළ හැකි මෙම උපාංගය තුළින් කිලෝමීටරයයි 1.2 ක් දුර දී වුවද මෝටර් රථය ග්‍රහණය කරගැනීමට හැකියාව ඇති බවයි රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණවල කියා සිටියේ.
තවද රිය ධාවනය කළ වේගය, රිය පදවන පුද්ගලයාගේ ඡායාරූපය සහ රථයේ අංකය ඇතුළු තොරතුරු රැසක් මේ හරහා ලබාගත හැකියි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, අධ්‍යක්ෂ රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර මනෝජ් රණවල මෙසේ පැවසුවා :
“2020 ඉදලා 2024 දක්වා ගත්තොත් මාර්ග රිය අනතුරු 11,617 ක් සිදු උනා. බරපතල රිය අනතුරු 33,259 ක් සිදු උනා, 12,322 ක් මැරුනා. 2025 අවුරුද්දේ පෙබරවාරි 26 වැනිදා වන විට 341 ක් මැරුනා. මේ මිය යන්නේ නිරෝගි මිනිස්සු.
මේ රිය අනතුරු අවම කර ගැනීමට තමයි මේ Speed Gun එක ගෙනාවේ. බොහොමයක් රිය අනතුරු වලට හේතුවක් වෙලා තියෙන්නේ අධික වේගය. මේ නවතම Speed Gun එක ගෙනාවේ අමෙරිකා එක්සත් ජනපදයෙන්. තක්ෂණය අතින් ඉහළම වේග මාපක යන්ත්‍රයක්. මේකේ ‘නයිට් විෂන්’ තියෙනවා. කිලෝ මීටර් 1 යි මීටර් 200 ක් දුරට වදිනවා.
මේ යන්ත්‍රයෙන් රියදුරාගේ ෆොටෝ එක, වාහනේ අංකය, වේගය සඳහන් වෙනවා. ඒ වෙලාවෙම ඒක පෙන්වන්න පුළුවන්. කාටත් නෑ කියන්න බෑ. මේ වීඩියෝ එක සාක්ෂියක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්. ලංකාව පුරාම මේක භාවිත කරනවා. දැනට 30 ක් ගෙනාවා. රුපියල් ලක්ෂ 33 ක් වෙනවා. දැනට කොට්ඨාස 30 කට බෙදලා දීලා තියෙනවා. තව 15 ක් ගෙන්න ඇනවුම් කරලා තියෙනවා. එතකොට කොට්ඨාස 45 ටම දෙන්න පුළුවන්.”
+
සම පැහැපත් කරන කිරිපිටි තොගයක් රේගු භාරයට
(05.03.2025 – 07:34 +0530 – hirunews.lk/sinhala)
රුපියල් ලක්ෂ දහ අටක් (18,00,000) වටිනා සිරුර පැහැපත් කිරිමට යොදා ගන්නා විටමින් අඩංගු කිරිපිටි ටින් තොගයක් සමග කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නීතිවිරෝධී ලෙස මලයාසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට ඊයේ (04) කිරිපිටි ටින් 179 ක් මෙරටට ගෙන්වා තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව කොටහේන ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.
අනෙක් පුද්ගලයා මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි රේගුව ප්‍රකාශ කළේ ෴
රුපියල් මිලියන 52 ක් වටිනා ‘කුෂ්’ සමග බැංකොක් සිට පැමිණ පුද්ගලයෙකු ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට
(05.03.2025 – 08:40 +0530 – hirunews.lk/sinhala)
රුපියල් මිලියන 52 ක වටිනාකමකින් යුත් කුෂ් 5kg 2g ක් සමග පුද්ගලයෙකු (1) ‘රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය’ මගින් කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අද (05) අලුයම 01:00 ට පමණ තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණි අවස්ථාවේ ඔහුගේ ගමන් මලු පරික්ෂා කිරීමේ දී එහි ආහාර පැකට්ටුවල සූකෂම ලෙස සඟවා මේවා රැගෙන විත් ඇති බවයි අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්, මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ කියා සිටියේ.
සැකකරු 34 හැවිරිදි අයෙකු වන අතර වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය ද සමඟ ‘පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය’ වෙත භාර දී තිබෙනවා.
+
‘යාල ජාතික වනෝද්‍යානයේ’ සීමිත මාර්ග සංඛ්‍යාවක් අද (05) පස්වරු 02 සිට යළි විවෘතයි
(05.03.2025 – 09:18 +0530 – hirunews.lk/sinhala)
පසුගිය 01 වැනිදා සිට වසා දැමීමට කටයුතු කළ ‘යාල ජාතික වනෝද්‍යානයේ’ සීමිත මාර්ග සංඛ්‍යාවක් අද (05) පස්වරු 2 සිට නැවත විවෘත කරන බව එහි උද්‍යාන නිලධාරීවරයා පවසනවා.
වැසි තත්ත්වය පහව යනතුරුයි ‘යාල ජාතික උද්‍යානය’ මෙසේ වසා දැමීමට කටයුතු කළේ.
පසුගියදා ඇද හැලුන් ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ‘යාල ජාතික උද්‍යානයේ’ මාර්ග බොහොමයක් ජලයෙන් යට වී ඇති බවත්, උද්‍යානය තුළ ඇති වැව් ඉවුරු කිහිපයක් කඩා ගෙන ගොස් ඇති බවත්, ‘යාල ජාතික උද්‍යානභාර’ මනෝජ් විද්‍යාරත්න පසුගියදා සඳහන් කළා.
වන සතුන්ගේ ආරක්ෂාව මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් උද්‍යානය වසා දැමීමට තීරණය කළ බවයි ඔහු සඳහන් කළේ ෴
ව්‍යාජ පොලිස් හැදුනුම්පතක් සන්තකයේ තබාගෙන සිටි කොස්තාපලයෙකු අත්අඩංගුවට
(05.03.2025 – 09:49 +0530 – hirunews.lk/sinhala)
සේවය අතහැර යාමේ නියෝග නිකුත් කර සිටි පොලිස් කොස්තාපලයෙකු ව්‍යාජ පොලිස් හැදුනුම්පතක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය පවසනවා.
මෙම සැකකරු බීමතින් යතුරුපැදියක් පදවමින් සිටියදී හලාවත කොට්ඨාශ රථවාහන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (04) මාරවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
සැකකරු තමා පොලිස් නිලධාරියකු බවට හැදුනුම්පත ඉදිරිපත් කර ඇති අතර, හැඳුනුම්පත සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත වැඩිදුර විමර්ශනය කිරීමේදී, සැකකරු ‘හැටන් පොලිස් ස්ථානයේ’ සේවය කරමින් සිටියදී සේවය හැරයාමේ නියෝග නිකුත් කර සිටි කොස්තාපලයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.
පොලිස් හැදුනුම්පතක් ව්‍යාජ ලෙස සකස් කිරීම සහ, බීමතින් යතුරුපැදියක් පැදවීමේ වරදට සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ ෴
වැලිගම වෙඩි තැබීම ගැන ඇප ලැබුණු පොලිස් ස්ථානාධිපතිගෙන් CIDයට ප්‍රකාශයක්
(05.03.2025 – 10:21 +0530 – hirunews.lk/sinhala)
වැලිගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා මේ වනවිට ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ට ප්‍රකාශයක් ලබා දෙමින් සිටින බවට වාර්තා වෙනවා.
ඒ, 2023 වසරේ දී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළවයි.
අත්අඩංගුවට ගත් ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව, ඊයේ (04) ඇප මත මුදා හරියා ෴
ජෙරම් ප්‍රනාන්දු දේවගැත්තාගේ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අධිකරණයෙන් නියෝග
(05.03.2025 – 10:22 +0530 – hirunews.lk/sinhala)
‘දේවගැති ජෙරම් ප්‍රනාන්දු’ට පවරා ඇති විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර නියෝගකර තිබෙනවා.
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල පසුගියදා සිදු කළ ඉල්ලීම සලකා බලා එහි නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කළා.
ජාතින් අතර ආගමික වෛරය පතුරවමින් දේශන සිදු කළ බවට අත්අඩංගුවට ගත් දේවගැතියාට මෙසේ විදේශ ගමන් තහනමක් පනවනු ලැබුවා.
ඔහුට විදේශ ආගමික වැඩසටහන්වලට සහභාගී වීමට වීසා අයදුම් කිරීමට විදේශ ගමන් තහනම ගැටලුවක් බව කියමින් එය ඉවත් කරන ලෙස අධිකරණයෙන් නීතිඥ මඩුල්ල ඉල්ලා සිටි අතර නීතිපති උපදෙස් සදහා නඩුව කල් තැබුණු බවයි ‘හිරු අධිකරණ වාර්තාකරු’ සඳහන්කර සිටියේ ෴
මාර්තු 08 වැනිදා සිට ‘ජෛව පද්ධති තාක්ෂණවේදයේ ප්‍රායෝගික පරීක්ෂණය’ ඇරඹේ
(05.03.2025 – 10:46 +0530 – hirunews.lk/sinhala)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ (2024) ජෛව පද්ධති තාක්ෂණවේදයේ ප්‍රායෝගික පරීක්ෂණ කටයුතු මාර්තු 08 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 75 කදී ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙනවා.
එමෙන්ම විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍රයෙහි ප්‍රායෝගික පරීක්ෂණය සඳහා පෙනී සිටිය යුතු දිනය හා ස්ථානය සඳහන්ව ඇති අතර, කිසිඳු හේතුවක් මත මෙම දිනය හා ස්ථානය වෙනස් නොකරන බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ ෴
සංචාරක ක්ෂේත්‍රයේ නිරතවන්නන්ට විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්
(05.03.2025 – 11:55 +0530 – hirunews.lk/sinhala)
සංචාරක ක්ෂේත්‍රයේ නිරතවන්නන්ට, සමාජ සුබසාධන වැඩසටහනක් සහ විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් මෙම වසර (2025) තුළ හඳුන්වා දෙන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද (05) පැවති පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර හේෂා විතානගේ මන්ත්‍රීවරයා නැගූ පැනයකට පිළිතුරු දෙමින්.
එහිදී හේෂා මන්ත්‍රීවරයා විමසා සිටියේ සංචාරයක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සහ එම කර්මාන්තය දිරිමත් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්නයි.
එයට පිළිතුරු වශයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන්කර සිටියේ සංචාරක ආකර්ෂණ ස්ථාන 100 ක් මේ වන විට හඳුනාගෙන ඇති බවත් එක ආකර්ෂණ ස්ථානයකට රුපියල් මිලියන 10 බැගින් වෙන්කර අවශ්‍ය පහසුකම් සලසන බවයි.
එමෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සංචාරකයින්ට විවේක මධ්‍යස්ථාන ඉදිකිරීමටද කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ ෴
අධිවේගයේ නවතා තිබූ මෝටර් රථයක පොලිස් ජීප් රථයක් ගැටීමෙන් තරුණයෙකු මරුට
(05.03.2025 – 12:08 +0530 – hirunews.lk/sinhala)
සහකාර පොලිස් අධිකාරිවරයෙකු ගමන් ගත් ජිප් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදී තවතා තිබූ මෝටර් රථයක ගැටීමෙන් ඊයේ (04) තරුණයෙකු මිය ගොස් ඇති බව අධිවේගී මාර්ග පොලිසිය පවසනවා.
එම අනතුරින් පොලිස් නිලධාරින් දෙදෙනෙකු (2) ඇතුළු වූ තවත් තිදෙනෙකු (3) තුවාල ලබා තිබෙනවා.
රාජ්‍ය බුද්ධි සේවයේ නැගෙනහිර පළාත භාර සහකාර පොලිස් අධිකාරීවරයා කොළඹ පැවැත්වෙන රාජකාරී කටයුත්තක් සඳහා සහභාගි වීමට පැමිණෙමින් සිටියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
ආපදාවට ලක්වීම හේතුවෙන් මෝටර් රථය අධිවේගී මාර්ගයේ අයිනේ නවතා තබා තිබියදී පොලිස් ජීප් රථය මෝටර් රථය පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි පොලිසිය පවසන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ රියදුරු රථයෙන් බැස එහි පිටුපස සිට ඇති අතර, රථයේ සිටි තවත් පුද්ගලයෙකු, සහකාර පොලිස් අධිකාරීවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් රථයේ ගමන් ගත් තවත් කොස්තාපල්වරුන් දෙදෙනෙකු (2) ද සිද්ධියෙන් තුවාල තිබෙනවා.
තුවාල ලැබූ සියලු දෙනා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි එක් (1) අයෙකු මියගොස් ඇත්තේ.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ කළුතර දකුණ පදිංචි 34 හැවිරිදි තරුණයෙක්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කැබ් රථය පැදවූ කොස්තාපල් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴
+
+
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී අප්‍රේල් මාසයේ මෙරට සංචාරයක
(05.03.2025 – 12:52 +0530 – hirunews.lk/sinhala)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම සංචාරය බොහෝ දුරට ලබන මස 05 වනදා පමණ සිදු විය හැකි බවයි.
මෙම සංචාරයේදී දෙරට අතර, ද්වීපාර්ශවික හා ආර්ථික සබඳතා පිළිබද සාකච්ඡා සිදු වනු ඇති බව අදාළ වාර්තා වැඩිදුරටත් සදහන් කළා.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයද මීට පෙර නිවේදනය කර තිබුණේ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක නිරත වීමට නියමිතව ඇති බවයි ෴
කොරියන් E-8 වීසා සඳහා කැබිනට් අනුමැතිය
(05.03.2025 – 14:08 +0530 – hirunews.lk/sinhala)
කොරියන් ඊ-එයිට් වීසා සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසනවා.
ඊයේ (04) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති මහජන දිනයේ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ, මෙම කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් කොරියාවට යැවීම සදහා මේ වන විට රජයේ මැදිහත් වී ඇති බවයි.
පසුගිය රජය සමයේ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර කැබිනට් අනුමැතියකින් තොරව ඊ-එයිට් වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් කොරියාවට යැවූ බවට චෝදනා එල්ල වුණා.
කෙසේ වෙතත්, මින් ඉදිරියට අතරමැදියන්ට මුදල් ගෙවීමකින් තොරව රැකියා සදහා පිටත්ව යෑමේ හැකියාව පවතින බවයි නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කියා සිටියේ ෴
රේගුවේ අකාර්යක්ෂමතා තුරන් කිරීමට නීති දැඩි කරන්නැයි ජනාධිපතිගෙන් උපදෙස්
(05.03.2025 – 15:25 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකා රේගුව තුළ ඇති අකාර්යක්ෂමතා තුරන් කිරීමට දැඩි නීති ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
රේගුවේ උසස් නිලධාරීන් සමඟ 2025 අයවැය සහ ආයතන ප්‍රතිව්‍යුහගත කරණය පිළිබඳව සාකච්ඡාවකදී ජනපතිවරයා මේ බව පැවසුවා.
යුගයට ගැළපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා රේගුව තුළ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කරන බවයි ජනාධිපති ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
රේගුවේ පවතින අකාර්යක්ෂමතාව, වංචා දුෂණ සහ ජනතාව තුළ පවතින අප්‍රසාදය පිළිබඳවද මෙහිදී සාකච්ජා කෙරුණා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) මේ සාකච්ඡාව පැවැත්වුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ෴
බණ්ඩාරගම පොලිසියේ නිලධාරියෙක් හදිසි අනතුරකට ලක්වෙයි
(05.03.2025 – 16:04 +0530 – hirunews.lk/sinhala)
බණ්ඩාරගම පොලිස් ස්ථානයේ රාජකාරි කරනු ලබන පොලිස් පරීක්ෂකවරයෙක් අද (05) දහවල් 12:30 ට පමණ රිය අනතුරකට ලක්ව තිබෙනවා.
ඔහු දිවා මුර සංචාරයේ යමින් සිටියදී අටුළුගම මහ පල්ලිය අසලදීයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ ඔහු බණ්ඩාරගම රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා හොරණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴